බයිස්කෝප් සිංහලෙන්! මුලින්ම මේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය ගැන දැනගත්තේ උසස් පෙළ කරන කාලේ ඉස්කෝලේ යාළුවෙක්ගෙන්. ඒ දවස් වලත් චිත්‍රපට පිස්සුව ලොකුවටම තිබුණත්, සිංහල උපසිරැසි කියන දේ ගැන ලොකුවට දැනීමක් තිබුනේ නැහැ. සිංහල උපසිරසියක් එක්ක මොනවහරි බැලුවා නම් ඒ බැලුවේ ටීවී එකෙන් තමයි ඉතිං. හැබැයි, දවසක…

බයිස්කෝප් සිංහලෙන්! මුලින්ම මේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය ගැන දැනගත්තේ උසස් පෙළ කරන කාලේ ඉස්කෝලේ යාළුවෙක්ගෙන්. ඒ දවස් වලත් චිත්‍රපට පිස්සුව ලොකුවටම තිබුණත්, සිංහල උපසිරැසි කියන දේ ගැන ලොකුවට දැනීමක් තිබුනේ නැහැ. සිංහල උපසිරසියක් එක්ක මොනවහරි බැලුවා නම් ඒ බැලුවේ ටීවී එකෙන් තමයි ඉතිං. හැබැයි, දවසක් දා 3 Idiots චිත්‍රපටය බලන්න ලෑස්ති වෙනකොට නිකමට වගේ අර ඉස්කෝලේ යාළුවා කියපු වෙබ් අඩවිය ගැන මතක් වුණා. ඒ නිසාම බයිස්කෝප් සිංහලෙන් කියන මේ සයිට් එකට නිකමට වගේ ගොඩ වැදිලා බැලුවා. එදා ඒ විදියට නිකමට වගේ ගොඩ වැදිලා බලපු ගමන තමයි, එදා හීනෙන් වත් නොහිතපු විදියට අද වෙද්දී මේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ ඇඩ්මින්වරයෙක් වීම දක්වාම ඇවිල්ලා තියෙන්නේ. මාසෙකටත් වැඩිය දඟලලා දඟලලා බොහොම අමාරුවෙන් පළවෙනි උපසිරැසිය ඉවරකරනකොට නිකමටවත් හිතුවේ නැහැ මේ වගේ ගමනක් නම් යන්න ලැබේවි කියලා. ඒත්, කතාවක් තියෙනවා, මහ සාගරයක් වුනත් එක සැරේටම හැදෙන්නේ නැහැ. වතුර බිංදුවෙන් බිංදුව එකතු වෙලා තමයි සාගරයක් වුනත් හැදෙන්නේ. දවසින් දවස ගතවෙලා ගියා. උපසිරසියෙන් උපසිරැසිය මගේ ගිණුමට එකතු වුණා. මටත් නොදැනීම මේ උපසිරැසිකරණය කියන දේ ඇඟට එන්නත් වුණා කිව්වොත් මං නිවැරදියි. මීට අවුරුදු තුනකට ඉහතදී පටන්ගත්ත මේ උපසිරසිකරණ ජීවිතේ තවත් වැදගත් සන්ධිස්ථානයක් වෙත පා තබන්න තමයි අද මේ සූදානම් වෙන්නේ. උපසිරැසි ශතකය!
අපි හැමෝගෙම ජීවිතේ වැදගත් අවස්ථා තියෙනවා. උපසිරැසිකරුවෙක් විදියට සියවෙනි කඩයිමට ලඟා වීමට ලැබීම ජීවිතේ ලැබිච්ච ලොකුම භාග්‍යයක් විදියට තමයි මං නම් සළකන්නේ. පිට ඉඳන් බලන කෙනෙක්ට මේක විකාරයක් වගේ පේන්න පුළුවන්. හැබැයි, මේ උපසිරැසිකරණයෙන් කොච්චර නම් හිතට සතුටක්, සැනසීමක් ලැබෙනවද කියලා දන්නේ උපසිරැසිකරුවෙක්ම හෝ ඒ පිළිබඳව හොඳටම දන්නා කෙනෙක් විතරයි. අපි පැය ගාණක්, දවස් ගාණක් මහන්සි වෙලා කරන උපසිරසියකින්, ජීවිතේට වත් දැකලා නැති මිනිස්සු දස දහස් ගාණක් විනෝදයක්, සැනසීමක් ලබනවා නේද කියලා මතක් වෙනකොට උපසිරසියක් වෙනුවෙන් අපි වෙච්ච මහන්සිය කොහෙන් ගියාද කියලා නැහැ. ඒ වගේම තමයි, ඒ උපසිරසියක් වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර වලින් ලැබෙන සතුට මෙච්චරයි කියලා මිළ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. සල්ලි වෙනුවෙන් මිනිස්සු නොකරන දෙයක් නැති මේ ලෝකයේ, මිනිසුන්ගේ සතුට වෙනුවෙන් කිසිඳු ආර්ථික ලාභයක් නොලබා, හුදෙක්ම විනෝදය වෙනුවෙන් පමණක් සිදුකරන්නා වූ මේ උපසිරැසිකරණය නිසාවෙන්, කවදාහරි ජීවිතයේ අවසාන මොහොතෙදි පවා පසුගිය ජීවිත කාලය දිහා ආපහු හැරිලා බලනකොට, ගතවෙච්ච කාලය ගැන හරිම උපේක්ෂාවෙන් බලන්න පුළුවන් වේවි කියලා හිතනවා.
කවුරුහරි අහන්න පුළුවන් අවුරුදු තුනක් තිස්සේ මේ උපසිරසිකරණයෙන් මොනවද ඔයාට ලැබිච්ච ලාභය කියලා. ඔව්, ලාභයක් ලැබුණා. මිළ කරන්න බැරි තරමේ මහාර්ඝ දෙයක්. ඒ තමයි, බයිස්කෝප් සහෝදරත්වය! සහෝදරත්වය කිව්වට මේක හරියට ලේ සම්බන්ධයකටත් එහා ගියපු බැඳීමක් හා සමානයි. සමහර අයව ජීවිතේටම දැකලා, හම්බවෙලා තියෙන්නේ වතාවක් දෙවතාවක් වෙන්න පුළුවන්. හැබැයි, ජීවිත කාලයක් පුරාවට දැන හැඳිනගෙන ඉඳපු අයටත් වඩා, ජීවිතේටම දෙතුන් වතාවක් දැකපු මේ අය ජීවිතේට නැතුවම බැරි අය වෙලා හමාරයි. මේ සහෝදර සහෝදරියන් සමගින් එකට ගතකරපු මොහොතවල් ජීවිතේට අමතක නොවේවි. ලංකාවේ හතර දිග් බාගේ විසිරිලා ඉන්න පිරිසක් මේ වගේ සහෝදරත්වයේ බැම්මෙන් බැඳිලා ඉන්නේ, පෙර සංසාරයේ බැඳීමක් නිසාදෝ කියලත් වෙලාවකට නොහිතෙනවා නෙමෙයි. සමහරවිට පිට ඉඳන් බලන කෙනෙක්ට මං මේ කියන දේ නොතේරෙනවා වෙන්නත් පුළුවන්. ඒත්, මේ පිළිබඳව යන්තම් හෝ කරුණු කාරණා දන්න කෙනෙක් නම් මං මේ කියන කාරණාව හොඳට තේරුම් යන්න ඇති.
මේ සහෝදරත්වයට අමතරව උපසිරැසිකරණයෙන් ලැබුණු තවත් ප්‍රතිලාභයක් තමයි, මිනිස්සු කියන්නේ කවුද කියන එක ගැන යම් තරමකින් හෝ දැනුමක් ලැබුණා. මෙතන, යම් තරමකින් කියලා කියලා තියෙන්නේ, මිනිසා කියන්නේ කිසිම විදියකින් මෙන්න මෙහෙමයි කියලා සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න අමාරු කොට්ඨාශයක් නිසා. මොකද, මේ ඉන්නවා, මේ වෙනස් වෙනවා. මෙහෙම කියන්න හේතුවක් තමයි, කොච්චර හොඳ දෙයක් කළත්, ඒ දේට අපහාස කරන්න, මඩ ගහන්න, කකුලෙන් අදින්න බලාගෙන ඉන්න මිනිස්සු පිරිසක් කොහෙත් ඉන්නවා. ඇත්තටම හිතාගන්න අමාරුයි මිනිස්සු ඇයි හොඳ දෙයක් කරනකොටත් ඒ දේට බාධා කරන්නේ කියලා. නමුත්, මේ දේවල් කියන්නේ අත්දැකීමෙන්. වෙබ් අඩවියේ ඇඩ්මින්වරයෙක් වුනාට පස්සේ මේ වගේ සිදුවීම් අනන්ත අප්‍රමාන අත්දැකීම් ලැබුණා.
කවදාවත් වචනෙකින් හරි සහයෝගයක් නොදීපු අය තමයි පොඩ්ඩ ඇත්නම් බනින්න බලාගෙන ඉන්නේ. තත්පර කීපයක් වැයකරලා කවදාවත් එක වචනෙකින් හරි උපසිරැසිකරුවා දිරිමත් නොකරපු අයම තමයි, තමන්ට මොකක්හරි ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නේ විසඳගන්න දිගට හරහට කමෙන්ට් කරලා, ඒත් හරිගියේ නැත්නම් සයිට් එකට මේල් පවා දාන්නේ. මුදල් ප්‍රශ්න නිසා පසුගිය කාල වකවානු වල වෙබ් අඩවිය වැටිච්ච වෙලාවල් වල හිනාවෙලා දැක්කේ නැහැ වගේ හිටපු අයම තමයි, දැන්වීම් දාලා වෙබ් අඩවියේ වියදම් ආවරණය කරගන්නකොට ඒකට ආඩපාලි කියන්නේ. කාට හෙනගහලා ගියත් කමක් නැහැ, උඹලා මේක වෙලාවට කලාවට හරියටම කරන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා වගේම, වැඩේ කොච්චර ඉක්මණට, ලස්සනට කළා වුනත් අගුණ කියන්න බලාගෙන ඉන්න පිරිසකුත් නොඉන්නවා නෙමෙයි. වෙබ් අඩවිය තුල කමෙන්ට් කිරීම පාලනය කිරීමෙන් පසුව මේ දුර්ජන පිරිස කරළියේ දැකගන්න අමාරු වුනත්, කාටවත් නොපෙනී තිරය පිටිපසට වෙලා උපරිම අඩු රේටින්ග් එකක් හරි වෝට් කරලා කුරිරු සතුටක් ලබන පිරිසක් දැනුත් ඉන්නවා කියලා සක්සුදක් සේම දන්නවා.
ඒ වගේම කියන්න ඕනේ, කොපි කිරීම කලාවක් නම්, ලංකාවේ තරම් පිකාසොලා වෙන කොහෙවත් නැතුව ඇති. තමුන්ගේම කියලා දෙයක් කරගන්න හැකියාවක් නැති, ඒ නිසාම අනුන්ගේ පහනින් එලිය බලන අය අපි අතර අනන්ත අප්‍රමාණ ඉන්නවා. තමන්ට තනියම දෙයක් කරගන්න බැරි උදවියට අපි කියන්නේ දුබලයෝ කියලා, එහෙමත් නැත්නම් බෙලහීනයෝ කියලා. මෙන්න මේ වගේ බෙලහීනයෝ දෙදෙනෙක් කරගෙන යන උපසිරැසි වෙබ් අඩවි දෙකක් මේ වෙද්දී ලංකාවට බිහිවෙලා තියෙනවා. වෙබ් අඩවි දෙකක් කියලා කිව්වට, ඇත්තම කියනවා නම් මේ වෙද්දී ලංකාවේ පවතින ප්‍රධාන සිංහල උපසිරැසි වෙබ් අඩවි කීපයටම මේ වෙබ් අඩවි දෙක උවදුරක් වගේම පිළිලයක්. අපි මහන්සි වෙලා උපසිරැසි කරලා වෙබ් අඩවියේ පළකරලා අනිත් පැත්ත හැරෙන්න නැහැ, සියළුම කතෘ අයිතීන් වෙනස් කරලා මේ උපසිරැසි ඉහත කියපු පිළිල වෙබ් අඩවි දෙකේ පළවෙනවා. මෙයින් එක් වෙබ් අඩවියක අයිතිකාරීත්වය දරන්නේ, පහුගිය සමයේ බොහොම ආන්දෝලනයට ලක්වෙච්ච ලංකාවේ බොහොම ප්‍රසිද්ධ ගායකයෙකුගේ නමක මුල් කොටස දරණ සල්ලිකාර හිඟන්නෙක්. (හිඟන්නෙක් කියන එක ඇත්තටම නම්බුකාරයි, මොකද හිඟන මනුස්සයෙක් කවදාවත් අනුන්ගේ දේවල් හොරෙන් කඩා වඩා ගන්නේ නැහැ, ඉල්ලලා ගන්නවා මිසක්) අනිත් කෙනා, තමන්ගේ පිළිල වෙබ් අඩවියට හරියාකාර තීම් එකක් වත් දාගන්න හැකියාවක් නැති හිඟන්නෙක්.
ඇත්ත තිත්තයි. මේවා කියනකොට සමහරුන්ට රිදේවි. ඒත්, මේ තමයි ගොඩක් දෙනෙක් නොදන්න තිත්ත ඇත්ත. මේවා කියන්න කියන්න මගේ මේ විශේෂ අවස්ථාවේ ලිපිය අවලස්සන වෙනවා වුනත්, මේවා නොකියා බැහැ. ඒ වගේම, කාගේවත් හිත් රිදුනා කියලා මේවා නොකියා ඉන්නත් බැහැ. වදින උන්ට වැදියන් කියලා, කියන්න තියෙන දේ කෙලින්ම කියලා දාන එක තමයි මගේ පුරුද්ද.
නමුත්, කියන්නත් සතුටුයි, මේ වගේ දුර්ජන පිරිසක් අතරේ, ඒ පිරිසට වඩා සිය දහස් ගුණයක් පිරිසක් ඉන්නවා මේ කරන කර්තව්‍ය අගය කරන්න. අනේක විධි බාධක කම්කටොලු මධ්‍යයේ අප වෙබ් අඩවියට ශක්තියක් වෙමින්, නිරන්තරයෙන් උපසිරැසිකරුවන් දිරිමත් කරමින්, වරදක් දුටු තැන මහත්මා ගුණයෙන් ඒ වරද පෙන්වා දෙමින්, ආරම්භයේ පටන් මේ දක්වා මෙම වෙබ් අඩවිය පවත්වාගෙන යෑමට අත්වැලක් වූ ඒ සහෘද සියලු දෙනාටම ස්තුතිය පළකිරීමට මෙය අවස්තාවක් කරගන්නවා. මොකද කියනවා නම්, අවස්ථාවාදී දුදනන් අතරේ මේ වෙබ් අවකාශයට ශක්තියක් වුනේ ඔබයි. ඔබගේ දිරිගැන්වීම් තමයි උපසිරැසිකරුවන් වන අප හට ලැබුන අමෘතය වූයේ. ලොකු වේවා, පොඩි වේවා, ඔබ විසින් එන්නත් කරන ලද ඒ ජීවය නිසා තමයි මේ බයිස්කෝප් වෘක්ෂය අද වන විට මහා දැවැන්ත වෘක්ෂයක් බවට පත් වී සියල්ලන්ටම සෙවණ සපයන්නේ.
මේ සියවෙනි කඩයිම ගැන කියනවා නම්, මගේ පැත්තෙන් ගත්තාම තරමක් සුවිශේෂී සන්ධිස්ථානයක් වෙනවා. මොකද, මේ උපසිරැසි සියය ඇතුලත එකම එක රූපවාහිණි කතාංගයක් හෝ අඩංගු වෙන්නේ නැහැ. දැනුවත් තරමින්, බයිස්කෝප් වෙබ් අඩවිය තුල අසංක අයියට පස්සේ මේ ආකාරයෙන් මේ කඩයිම පහුකරලා ගියපු එකම කෙනා මං වෙන්න ඕනේ. ඉදිරි කඩයිම් වලට යන්න හැකියාවක් ලැබුනොත්, බොහෝ දුරට ඒත් චිත්‍රපට වලින්ම විතරක් වෙන්න පුළුවනි. ඒ වගේම, මේ උපසිරැසි සියය ඇතුලත එකිනෙකට වෙනස් භාෂා 14ක් ඇතුලත් වෙනවා. මේ දේවල් කිව්වේ ආඩම්බරකමට වත්, පුරාජේරුව පෙන්වන්න වත් නෙමෙයි. මේ තමයි අවුරුදු තුනකට වඩා වෙච්ච මහන්සිය වෙනුවෙන් ලැබිච්ච නිරාමිස සතුට. ජීවිතයේ අවසාන මොහොත දක්වාම මේ නිරාමිස සතුට බොහොම අහිංසක විදියට හදවතේ රැව් පිළිරැව් දේවි.
මෙතුවක් කාලයක් මුළුල්ලේ මේ පැමිණි ගමන් මගෙහිදී බොහෝ දෙනෙක් උදව් උපකාර කරලා තියෙනවා. බයිස්කෝප් සහෝදර සහෝදරියන්ගෙන් වගේම ප්‍රේක්ෂක ඔබ සැමගෙන් ලැබුණු ධෛර්‍යය, දිරි ගැන්වීම තමයි මේ කඩයිම කරා ලඟා වීමට මූලිකම උත්ප්‍රේරකය බවට පත් වුනේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ, සහෝදර ඇඩ්මින් මණ්ඩලයේ රොයිලි අයියා, හසන්ත අයියා, අසංක අයියා, හේවා, විමා, සමීර (කරුණේ), සමීර (ඩොකා), නලීන් අයියා, සුධීර, යශෝධ, සමන් (පූසා), නිර්මාණි, චාමර යන සහෝදර සහෝදරියන්ව විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මීට අමතරව දුකේදී, සැපේදී එකට ඉඳපු අනෙකුත් සහෝදර සහෝදරියන් රාශියක් ඉන්නවා. නම් ගම් වශයෙන් නම් සඳහන් කරන්න අපහසුයි. මොකද කියනවා නම්, නම් ගම් වශයෙන් සඳහන් කරනවා නම් සියයකට අධික නම් ගම් සංඛාවක් මෙතන සඳහන් කරන්න වෙනවා. වැරදීමකින් හරි එක නමක් හරි මගහැරුනොත් සිත් රිදවීමක් වෙන්න පුළුවන්. ඒ නිසා, පොදුවේ හැම දෙනාටම ස්තුතිය පළකරන්නම්. (ඒ හැරෙන්න, “මූ දැන් ඇඩ්මින්නේ. දැන් අපිව මතක නැහැ. අපේ නම් කිව්වේ නැහැ. ඔහොම තමයි, ඉහලට යනකොට වෙනස් වෙනවා” කියලා නම් කියන්න එපා. එදා ඉඳපු කෙනාම තමයි අද ඉන්නෙත්. කිසිම විදියකින් වෙනස් වෙලා නැහැ. 😀 )
හරි, එහෙනම් මේ කතාව ඉවරයක් කරන්න මේ තමයි වෙලාව. අන්තිමට මෙහෙම කියලම කතාව නවත්වන්නම්. කඩයිමක් පහුකරලා සමහරු උපසිරැසිකරණයෙන් ඈත් වෙනවා. සමහරවිට කාර්‍යබහුල වීමත් සමග නිසා වෙන්න ඇති. දෙතුන් දෙනෙක් මගෙනුත් ඇහුවා සීයෙන් පස්සේ උපසිරැසිකරණයෙන් ඈත් වෙන්නේ නැහැ නේද කියලා. ඒ වෙලාවේ මං ඒ අයට කිව්වේ, සියවෙනි උපසිරැසියෙදී මං එකට හරි උත්තරේ දෙන්නම් කියලා. මෙන්න මේක තමයි මගේ උත්තරේ…
“බයිස්කෝප් වෙබ් අඩවිය කියන්නේ හරියට මගේ ගෙදර වගෙයි. බයිස්කෝප් සහෝදර සහෝදරියන් කියන්නේ හරියට මගේ පවුලේ සාමාජිකයෝ වගෙයි. ඉතිං, ගෙදරයි, පවුලේ අයවයි දාලා වෙන කොහේ කියලා යන්නද?”

පුරාවෘත වල සඳහන් වෙන ආකාරයට හිමිකො කියන පළවෙනි ජපන් රැජිණිය, අඳුරු මායාවන්ගේ ආනුභාවයෙන් තමන්ගේ අධිරාජ්‍යය පාලනය කරපු බලවත් මන්ත්‍රකාරියක්. මිනිසුන් වශී කරගෙන හිත පාලනය කිරීම සඳහා පවා ඇයට හැකියාව තිබිලා තියෙනවා. ඇයගේ අතේ පොඩි ස්පර්ශයකින් මරණය සහ ව්‍යසනය පතුරුවා හරින්න හැකියාව ඇයට තිබිලා තියෙනවා. මේ හිමිකො රැජිණට මිනිස්සු කියන්නේ මරණයේ මාතාව කියලා. ඇයගේ හැම කතාවක්ම අවසන් වෙලා තියෙන්නේ රුධිර ගංගා ගලා යෑමෙන්. අවසානයේ, ඇයගේ මේ රුධිර වැගිරීම් ඉවරයක් වුනේ ඇයගේම ජෙනරාල්වරු විසින් ඇයව අරගෙන ගිහිල්ලා වළ දාලා තියෙනවා, අනතුරුදායක, යක්ෂයගේ මුහුදේ මැද්දට වෙන්න තියෙන, මනුෂ්‍ය වාසයක් නැති යැමටායි කියන දූපතේ. මේ දූපතේ එක්තරා ස්ථානයක පිහිටි කඳුකරයක පතුළට වෙන්න තමයි ඇයගේ නෂ්ටාවශේෂ වළලලා දාලා තියෙන්නෙ.
නමුත්, අතිශය ඉපැරණි, රහසිගත සිතියමකට අනුව මෙම හිමිකො රැජිණ, සිය ශාපය ඉවත්කර ඇයව නිදහස් කරන තෙක් බලාසිටින බවට තිබූ සටහනක් නිසා, එක්තරා පුද්ගලයෙක් මෙම අබිරහස් දූපත සොයා වසර ගණනාවකට පෙර පිටත්ව යනවා. මෙයට මූලික හේතුව වන්නේ, අද්භූත බලයන්ගේ පාලනය ලබාගෙන, එමගින් මනුෂ්‍ය වර්ගයාගේ ඉරණම තීරණය කිරීමට සූදානමින් සිටිනා “ත්‍රිත්වය” නම් පැරණි හමුදා සංවිධානයක් විසින් මෙම හිමිකො රැජිණගේ සොහොන් ගැබ විවර කර එහි අඩංගු බලයන්ගෙන් ලොව පාලනය කිරීමට සූදානම් වීමයි. කෙසේ නමුත්, මෙම බිහිසුණු සොහොන් ගැබ විවර කිරීම එතරම් ලෙහෙසි පහසු කර්තව්‍යයක් වෙන්නේ නම් නැහැ. මුලින්ම සිද්ධවෙනවා, ප්‍රචණ්ඩ සැඩ පහරවල් වලින් සහ මාරාන්තික ගල් පර වලින් ආරක්ෂා වෙලා තියෙන යැමටායි දූපතට පැමිණෙන්න. කුමන ආකාරයකින් හෝ එම යැමටායි දූපතට පැමිණියත්, ඔවුන්ට සිදුවෙනවා සොහොන් කොත තිබෙන්න කුමන ස්ථානයකද කියා නිශ්චිතවම දැනගැනීමට. එම අසීරු කර්තව්‍යයත් කුමන ආකාරයකින් හෝ ජයගතහොත්, ඔවුනට සිදුවෙනවා හිමිකොගේ බරපතල පරීක්ෂණ වලට මූණ දෙන්න.
- පළමු අභියෝගය – ආත්මයන්ගේ විවරය පහුකර යෑම
- දෙවන අභියෝගය – දිවිගලවා ගැනීම සඳහා හිමිකොගේ මුහුණත් වලට යාඥා කිරීම
- තෙවන අභියෝගය – හිමිකොගේ මෙහෙකාරියන් දහසකගේ හමුදාව පසුකර යෑම
- සිව්වන අභියෝගය – සොහොන් ගැඹ වෙත ගොස් හිමිකොගේ ශාපය මුදාහැරීම
මෙම අභියෝගයන් හට මුහුණදී, ඒවා ජයගෙන, ත්‍රිත්වය නම් සංවිධානයට ලොව විනාශ කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට ඉඩ නොදීම සඳහා මෙම දූපත බලා ගමන් කල ඉහත කී පුද්ගයලා වසර හතක කාලයක් ගත වූ පසුවත් නැවත සිය ගම රට බලා පැමිණියේ නැහැ. නමුත්, නොසිතූ පරිදි ලද හෝඩුවාවන් කීපයක් ඔස්සේ, වසර හතකට පසුව ඉහත කී පුද්ගලයාගේ දියණිය සිය පියාගේ අඩි සටහන් ඔස්සේ ඔහුව සොයා යනවා. තරුණ ගැහැණු ළමයෙකු හට මෙතරම් මාරාන්තික, බිහිසුණු අභියෝගයන් හට මුහුණදී දිවි ගලවා ගැනීමට හැකියාව ලැබේවිද? මාරාන්තික ත්‍රිත්වයේ ග්‍රහණයෙන් ඇය ලෝකය මුදවා ගන්නේ කෙසේද? වසර හතකට පෙර අතුරුදහන් වූ සිය ආදරණීය පියා සොයාගැනීමට ඇයට හැකියාව ලැබේවිද?
ලාරා ක්‍රොෆ්ට්! මෙහෙම කිව්වට ගොඩක් දෙනෙක්ට එක සැරේම මතක් වෙන එකක් නැහැ. ඒ නිසා මං මෙහෙම කියන්නම්කො. Tomb Raider. ඔන්න එතකොට නම් නොදන්න කෙනෙක් ඉන්න බැහැ. ලොකු කුඩා කා අතරත් බොහොම ප්‍රසිද්ධියට පත්වෙච්ච සුප්‍රකට Tomb Raider පරිඝනක ක්‍රීඩා මාලාවේ සුරූපී වීර කාන්තා කොමික් චරිතය තමයි ලාරා ක්‍රොෆ්ට් කියන්නේ. ඇත්තටම කවුද මේ ලාරා ක්‍රොෆ්ට් කියන්නේ? මුලින්ම පොඩ්ඩක් ඒ ගැන විස්තර දැනගමුකො.
නම – ලාරා ක්‍රොෆ්ට්
පුරවැසිභාවය – බ්‍රිතාන්‍ය
උපන් දිනය – 1968 පෙබරවාරි 14 (මෙම චිත්‍රපටය තුල කතාව වර්තමානයට ගෙන ඇත)
උපන් ස්ථානය – විම්බ්ල්ඩන්, ලන්ඩනය
රුධිර කාණ්ඩය – AB-
උස – මීටර් 1.8
බර – කිලෝ 59.7
හිසකෙස් වර්ණය – තඹ පැහැති
ඇස් වර්ණය – දුඹුරු පැහැති
ජෛවීය තොරතුරු – 34D-24-35 / 86-60-89
ඇඳුමේ ප්‍රමාණය – 8
පවුලේ සාමාජිකයන් – ඇබින්ග්ඩන් හි 10 වෙනි අර්ල්වරයා (රිචඩ් ජේම්ස් ක්‍රොෆ්ට් – පියා), ඇබින්ග්ඩන් හි ආදිපාදතුමිය (ඇමෙලියා ක්‍රොෆ්ට් – මව)
විවාහක/ අවිවාහක බව – අවිවාහකයි (ෆරින්ග්ඩන් හි අර්ල්වරයා සමගින් විවාහ ගිවිසගෙන සිටි මුත් ඔහු මියගොස් ඇත)
ප්‍රියතම ආයුධය – 9-mm Twin Colt 45s
ප්‍රියතම චිත්‍රපට – Deliverance, Aguirre, Wrath of God
ප්‍රියතම ආහාරය – Beans on toast
ප්‍රියතම වාහනය – Norton Streetfighter මෝටර් බයිසිකලය
ක්‍රීඩා – නිදහස් කඳු නැගීම, ඔරු පැදීම, ඉලක්කයට වෙඩි තැබීම, දුනු ශිල්පය, බොක්සින්, අශ්වයින් පැදීම, බයිසිකල් පැදීම
මෙන්න මේ විදියට තමයි ලාරා ක්‍රොෆ්ට් කියන චරිතයේ මූලික කරුණු ටික කෙටියෙන් දක්වන්න පුළුවන් වෙන්නේ. සමහර අවස්ථා වලදී ඉහත දක්වලා තියෙන සමහර කරුණු වල සුළු සුළු වෙනස්කම් සිදුකරලා තිබුණා අවස්තාව අනුව. තරුණියක් කිව්වම බොහොම සියුමැලි, සුකොමාල කෙනෙක් විදියට තමයි සළකන්නේ. හැබැයි, මේ ලාරා ක්‍රොෆ්ට් කියන කොමික් කාන්තා චරිතය නම් කිසිසේත්ම සියුමැලි, සුකොමාල චරිතයක් නම් නෙමෙයි. සටන් කළාවේ ප්‍රවීණයෙක්, මාරාන්තික ආයුධ හැසිරවීමේ නිපුණයෙක්, අතිශය භයානක වික්‍රමාන්විත ක්‍රියා සඳහා අතිශයින් යෝග්‍ය චරිතයක් සහ අනුකම්පා විරහිත ඝාතකයෙක් ලෙසට තමයි කොමික් පොත පතෙහි ලාරා ක්‍රොෆ්ට් ගැන හඳුන්වා දෙන්නේ.
කොහොමද මේ ලාරා ක්‍රොෆ්ට් කියන චරිතය බිහිවෙන්නේ?
Core Design නම් ආයතනයේ Toby Gard නිර්මාණය ශිල්පියාගේ මූලිකත්වය මත 1996 වර්ෂයේ ඔක්තෝම්බර් මස 25 වන දින තමයි මේ ලාරා ක්‍රොෆ්ට් කියන චරිතය බිහිවෙන්නේ. ඒ, Tomb Raider නම් පරිඝනක ක්‍රීඩා වැඩසටහන වෙනුවෙන්. මේ තමයි පරිඝනක ක්‍රීඩා ලොවෙහි විප්ලවයක් ඇති කරපු, ලොව පළමු Tomb Raider පරිඝනක ක්‍රීඩා වැඩසටහන. මෙම වීඩියෝ ක්‍රීඩා වැඩසහටන සඳහා ප්‍රථමයෙන් පිරිමි චරිතයක් යොදාගැනීමට තීරණය කර තිබුණත්, පසුව කාන්තා චරිතයක් යොදාගැනීමට තීරණය කර තිබෙන අතර, මෙම කාන්තා චරිතයේ නම ලෙස ප්‍රථමයෙන් යෝජනා වී තිබුනේ “ලෝරා කෘස්” යන නමයි. පසුව මේ නම “ලාරා ක්‍රොෆ්ට්” ලෙස වෙනස් කර තිබෙනවා. පහත දක්වා තිබෙන ජායාරූපයෙන් දැකබලා ගන්න පුළුවනි ලොව පළමු Tomb Raider වීඩියෝ ක්‍රීඩා වැඩසටහනෙහි දර්ශණයක්.

Core Design ආයතනයේ මූලිකත්වය මත මේ ආකාරයෙන් ලාරා ක්‍රොෆ්ට් චරිතය ලොවට හඳුන්වා දුන්නත්, පසුකාලීනව Crystal Dynamics (පෙර Core Design ආයතනයමයි), Nixxes Software, Ubisoft යන ආයතන සඳහා මෙම කොමික් චරිතයේ අයිතිය හිමිවී, වර්තමානය වන විට මෙම චරිතයේ අයිතිය නැවතත් හිමිව තිබෙන්නේ Crystal Dynamics ආයතනය හටයි. ක්‍රම ක්‍රමයෙන් වැඩි දියුණු වෙමින් පැමිණි මෙම Tomb Raider ක්‍රීඩා වැඩසටහන වර්තමානය වන විට අතිශය දියුණු ඉහළම මට්ටමේ ග්‍රැෆික් තාක්ෂණයන් භාවිතා කරනු ලබනවා. පහත රූපයෙන් දැකබලා ගැනීමට හැකියාව ලැබෙනවා අවසානයට නිකුත් වූ Rise Of The Tomb Raider වීඩියෝ ක්‍රීඩා වැඩසටහනෙහි දර්ශනයක්.

ඒ වගේම, 1996 වර්ෂයේදී ප්‍රථම වතාවට ලොවට හඳුන්වා දුන් මෙම විශ්මිත වීඩියෝ ක්‍රීඩා වැඩසටහනෙහි වර්තමානය වන විට වීඩියෝ ක්‍රීඩා වැඩසටහන් 18ක් නිකුත්කොට තිබෙන අතර, මේ වන විට මෙම ක්‍රීඩාව එකිනෙකට වෙනස් ප්ලැට්ෆෝර්ම් 25ක් මත ධාවනක කිරීම සඳහා පහසුකම් සපයා තිබෙනවා. ඒ වගේම, මෙම Tomb Raider ක්‍රීඩා වැඩසටහන් වල පිටපත් මිලියන 58ක් මේ වන විට ලොව පුරා අලෙවි වී තිබෙනවා වගේම, ලොව වැඩිම අලෙවි වාර්තාවක් තැබූ වීඩියෝ ක්‍රීඩා වැඩසටහන් අතුරින් එකක් වෙනවා.

Shadow of the Tomb Raider

මේ කියන්න හදන්නේ, පරිඝනක ක්‍රීඩා කරන Tomb Raider රසිකයන් වෙනුවෙන් සුභ ආරංචියක්. ඔන්න, Crystal Dynamics ආයතනය නිළ වශයෙන්ම දැනුම් දීලා තියෙනවා, Tomb Raider ක්‍රීඩා වැඩසටහන් මාලාවේ නවතම සංස්කරණය, මේ වර්ෂයේ (2018) සැප්තැම්බර් 14 වෙනිදා නිළ වශයෙන් නිකුත් කරනවා කියලා. කාරණා කීපයක් නිසා මේක විශේෂයි. එකක් තමයි, Shadow of the Tomb Raider කියන්නේ 2013 වර්ෂයේ නිකුත් වෙච්ච Tomb Raider ක්‍රීඩා වැඩසටහනේ දෙවැනි sequel එක. මේ චිත්‍රපටයට පදනම් වෙන්නේ 2013 වර්ෂයේ නිකුත් වෙච්ච ඒ ක්‍රීඩා වැඩසටහන. ඉතිං, ඒ නිසා හැමෝටම තේරෙනවා ඇති, හරිනම් මේ චිත්‍රපටයේ ඉදිරි කොටස් වලට මේ ඉදිරියේ නිකුත්වීමට තියෙන Shadow of the Tomb Raider ක්‍රීඩා වැඩසටහන පාදක වෙන්න ඕනේ බව. මේ කාරණාව යම් තරමකට සනාථ කරමින්, චිත්‍රපටය නිකුත් වෙච්ච මාර්තු 16 වෙනිදා, Square Enix ආයතනය විසින් Shadow of the Tomb Raider ක්‍රීඩා වැඩසටහනේ පළමු පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කරනු ලැබුවා.
ඔබ දන්නවාද…
- Tomb Raider වීඩියෝ ක්‍රීඩා වැඩසටහන නිර්මාණය කිරීම සඳහා පදනම් වී තිබෙන්නේ ඉන්ඩියානා ජෝන්ස් සහ ජුරාසික් පාක් යන චිත්‍රපට බව?
- ලාරා ක්‍රොෆ්ට් යන චරිතය සඳහා ගිනස් ලෝක වාර්තා හයක් තිබෙන බව?
- චිත්‍රපටයක් සඳහා සාර්ථකව යොදාගත් ලොව ප්‍රථම වීඩියෝ ක්‍රීඩා චරිතය වන්නේ ලාරා ක්‍රොෆ්ට් බව?
- ලාරා ක්‍රොෆ්ට් යන චරිතය Sex Symbol එකක් ලෙස යොදාගන්න බව?
- බ්‍රිතාන්‍ය තුල ලාරා ක්‍රොෆ්ට් යන නමින් වීදියක් නම් කර ඇති බව?

- වීඩියෝ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රමුකතමයන් හට පමණක් ලබාදෙන The Walk of Game තරුවකින් ලාරා ක්‍රොෆ්ට් හට පුද දී ඇති බව?

ඒ වගේම, Tomb Raider කියන වීඩියෝ ක්‍රීඩාව පාදක කරගනිමින් කොමික් පොත් මාලාවක් පවා නිකුත් වෙලා තිබෙනවා.
වීඩියෝ ක්‍රීඩා ක්ෂේත්‍රය තුල ලැබූ අතිමහත් ජනප්‍රියත්වය නිසාවෙන්ම 2001 වර්ෂයේදී ප්‍රථම වතාවට Tomb Raider යන නාමය සිනමා ලොව ආක්‍රමණය කිරීමට පෙළඹුණා. චිත්‍රපටයේ නම Lara Croft: Tomb Raider. ඇමරිකානු ඩොලර් මිලියන 115 ක ධනස්කන්ධයක් වියපැහැදම් කරමින් නිෂ්පාදනය වෙමින්, ඇමරිකානු ඩොලර් මිලියන 274.7ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් පිහිටුවද්දී, චිත්‍රපටය තුල ලාර ක්‍රොෆ්ට් චරිතය සඳහා පණ පොවන ලද්දේ සුරූපී ඇන්ජලීනා ජොලී විසිනි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ, The Mechanic (2011) සහ The Expendables 2 (2012) අධ්‍යක්ෂණය කරනු ලැබූ Simon West විසිනි. IMDB දර්ශකයේ 5.8ක අගයක් ලබාගැනීමට මෙම සිනමා සිත්තමට හැකියාව ලැබී තිබුණා.
පළමු චිත්‍රපටයෙන් ලද සාර්ථකත්වය නිසාම 2003 වර්ෂයේදී දෙවැනි චිත්‍රපටයකුත් එළිදැක්වීමට නිෂ්පාදකයින් කටයුතු කරනු ලැබුවා. චිත්‍රපටයේ නම Lara Croft Tomb Raider: The Cradle of Life. ඇමරිකානු ඩොලර් මිලියන 95ක ධනස්කන්ධයකින් නිෂ්පාදනය කරන ලද මෙම සිනමා නිර්මාණය ඇමරිකානු ඩොලර් මිලියන 156.5ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තබද්දී, ලාරා ක්‍රොෆ්ට් චරිතය සඳහා සුපුරුදු පරිදි පණ පොවන ලද්දේ සුරූපී ඇන්ජලීනා ජොලී විසිනි. IMDB දර්ශකයේ 5.5 ක අගයක් ලබාගැනීමට මෙම සිනමා සිත්තමට හැකියාව ලැබී තිබුණා.
දීර්ඝ නිහැඬියාවකට පස්සේ, ඒ කියන්නේ ආසන්නව වසර 15කට පස්සේ තමයි ප්‍රධාන Tomb Raider චිත්‍රපටයක් ප්‍රේක්ෂකයන් හමුවට මේ ආකාරයට පැමිණෙන්නේ. 2007 වර්ෂයේදී තමයි මුලින්ම දූසමාන ආරංචියක් පැතිරිලා ගියේ, මේ තුන්වෙනි Tomb Raider චිත්‍රපටයක් නිකුත් වෙන්න තියෙනවා කියලා. හැබැයි, මේ කාරණාව නිළ වශයෙන් තහවුරු කරනු ලැබුවේ 2009 වර්ෂයේදී. ඒ වගේම, මේක රීබූට් චිත්‍රපටයක්. 2013 වර්ෂයේදී නිකුත් වෙච්ච Tomb Raider වීඩියෝ ක්‍රීඩා වැඩසටහන පාදක කරගනිමින් තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය වෙලා තියෙන්නේ. චිත්‍රපටය නිළ වශයෙන් නිකුත් වුනේ 2018 මාර්තු මස 16 වෙනිදා. ලාරා ක්‍රොෆ්ට් චරිතය සඳහා රංගනයෙන් දායක වෙන්නේ Tulip Fever (2017), The Light Between Oceans (2016), Jason Bourne (2016), The Man from U.N.C.L.E. (2015), Ex Machina (2015) වැනි විශිෂ්ඨ සිනමා නිර්මාණ රැසක් සඳහා රංගනයෙන් දායක වූ, 29 හැවිරිදි සුරූපී Alicia Vikander විසිනි.
සියුමැලි තරුණියක් රළු චරිතයක් දක්වා පරිවර්තනය කිරීම.
කාන්තාවක් කිව්වම අපිට නම් එක සැරේටම සිහිවෙන්නේ බොහොම සියුමැලි චරිතයක් විදියටයි. ඒත්, ඉහත විස්තර ටික කියවගෙන ආවා නම් දැනටම දැනුවත් ඇති මේ ලාරා ක්‍රොෆ්ට් කියන්නේ මොනවගේ රළු චරිතයක්ද කියලා. ඉතිං, Alicia Vikander වගේ බොහොම කෙට්ටු, සියුමැලි තරුණියක් එක සැරේම කොහොමද මේ ලාරා ක්‍රොෆ්ට් වගේ රළු චරිතයක් සඳහා පණ පොවන්නේ? ලෝ ප්‍රකට Vogue සඟරාවේ මාර්තු මස කලාපයේ මුල් පිටුව සිය රූපයෙන් සරසවමින් Alicia Vikander මෙන්න මෙහෙම ප්‍රකාශ කරලා තිබුණා.
ලාරා ක්‍රොෆ්ට් බවට පත්වෙන්න කෙටි ක්‍රම නැහැ!
මෙම Tomb Raider චිත්‍රපටය වෙනුවෙන් ලාරා ක්‍රොෆ්ට් චරිතය සඳහා අනුගත වීම සඳහා ඇය සිය පුහුණුවීම් ආරම්භ කරන ලද්දේ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ආරම්භ වීමට මාස හතකට පෙර සිටයි. ඇයගේ පෞද්ගලික පුහුණුකරුවා වන්නේ, Magnus Lygdback. විශේෂත්වය තමයි, මේ Magnus Lygdback තමයි වොන්ඩර් වුමන් චරිතය තුලින් ඉමහත් ප්‍රසිද්ධියට පත් Gal Gadot සහ සුප්‍රකට ගායිකාවක වන Katy Perry ගේ පෞද්ගලික කායවර්ධන පුහුණුකරුවා වන්නේ.

චිත්‍රපටය වෙනුවෙන් ජීවිතයේ ප්‍රථම වතාවට ඇයට සිදුවුණා අවි ආයුධ හැසිරවීම, සටන් කලාව (මික්ස් මාර්ෂල් ආට්ස්), ධාවනය සහ කඳු තරණය යන ක්ෂේත්‍රයන්හි පුහුණුවීම් වල යෙදීමට. ඒ වගේම, ශරීරයේ හැඩය පවත්වාගෙන යෑම සඳහා බැලේ නර්තන ශිල්පය හැදෑරීමට සිදුවී තිබෙනවා. එමෙන්ම, ශරීර ශක්තිය වර්ධනය කරගැනීමටද සිදුවුණා. ඒ වගේම, ඇයගේ ආහාර රටාවේ විශාල වෙනසක් සිදුකරමින් ඇයට සිදුවුණා දිනකට ආහාර වේල් 5ක් ලබාගැනීමට. (ප්‍රෝටීන් ආහාර ලෙස වැඩි වශයෙන් බිත්තර, මාළු සහ මුහුදු ආහාර, MCT ඔයිල්, අලිගැටපේර, මේදය ලබාගැනීම සඳහා පොල් තෙල් සහිත ආහාර, වැඩි වශයෙන් එළවලු වර්ග) චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කිරීමත් සමගම දෛනිකව ඇය පාන්දර 4ට අවදි වී, වෙරල තීරය තුල පූර්ණ ශරීර ව්‍යයාම සැසියන් සහ කේප්ටවුන් හි සාරවත් වනාන්තර තුල පුහුණු සැසියන් සඳහා සහභාගී වී තිබුණා. මීට අමතරව ජිම් එකේ ඇය වෙනමම සිය ශරීරය නඩත්තු කිරීමේ අභ්‍යාස කරගෙන ගොස් තිබෙනවා. මෙම අතිශය දුෂ්කර කැපවීම් සියල්ලෙහි අවසාන ප්‍රතිඵලය කුමක් කියලද හිතන්නේ?

හිතුවොත් මේ ලෝකේ කරන්න බැහැ කියලා දෙයක් නැහැ කියන කියමන සනාථ කරමින්, මාස හතක අතිශය දුෂ්කර කැපකිරීමකින් පසුව Alicia විසින් සිය මාංශ පේශි රාත්තල් 12කින් වැඩි කරගනු ලැබුවා. ඒ වගේම ඇයගේ පෙනුම නිසැකවම ඔබට පුදුමයට පත් කරාවි. ශරීර අභ්‍යාස කරන කෙනෙක් නම් දන්නවා ඇති සික්ස් පැක් එකක් හදාගන්න කොච්චර නම් අමාරුද කියලා. විශ්වාස කරන්න, මේ සියුමැලි තරුණිය මාස හතක් ඇතුලත ස්භාවික ආකාරයට “එයිට් පැක්” එකක් හදාගත්තා. ඒ වගේම, මාර්ෂල් ආට්ස්, ධාවනය, කඳු තරණය, අවි ආයුධ හැසිරවීම යනාදී බොහෝ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණත්වය ලබාගැනීමටද සමත් වුණා. වෙනත් වචන වලින් කියනවා නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ලාරා ක්‍රොෆ්ට් බවට පරිවර්තනය වුණා.
ඒ වගේම, විශේෂයෙන් කියන්න ඕනේ, ලොව සුපතල ක්‍රියාදාම, ඇඩ්වෙන්චර් නළු නිළියන් විසින් එම දර්ශන වලට වෙනත් ආදේශක ශිල්පීන් යොදාගනිද්දී, මේ පොඩි කෙල්ල සම්පූණ චිත්‍රපටය තුලම ක්‍රියාදාම, ඇඩ්වෙන්චර් දර්ශන සඳහා නොබියව ඇය විසින්ම රංගනයෙන් දායක වුනේ, ලාරා ක්‍රොෆ්ට් චරිතය සඳහා සුදුසුම චරිතය ඇය බවට මුළු ලොවටම පසක් කර දෙමිනි. ලාරා ක්‍රොෆ්ට් චරිතය සඳහා සුදුසු වන්නේ ඇන්ජලිනා ජොලී මිස ඇලීෂියා නොවන බවටත්, පෙර චිත්‍රපට ද්විත්වය තුල ඇන්ජලිනා දක්වන ලද රංගන කුසලතාවය අසලකට හෝ ඒමට ඇලීෂියා හට නොහැකි බවටත්, චිත්‍රපටය නිකුත්වීමට පෙරාතුව පුරසාරම් දෙඩු සිනමා විචාරකයින් හට ඇලීෂියා විසින් හොඳවයින් කනේ පාරක් ගසන්නේ, චිත්‍රපටය තුල ලාරා ක්‍රොෆ්ට් චරිතය සඳහා අති විශිෂ්ඨ මට්ටමේ සාධාරණයක් ඉෂ්ඨ කරමින්.
ඇමරිකානු ඩොලර් මිලියන සියයකට ආසන්න ධනස්කන්ධයක් වියපැහැදම් කරමින් නිෂ්පාදනය කරන ලද මෙම සිනමා සිත්තම, මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 269ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් සමගින්, 2018 වර්ෂයේ මේ දක්වා වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපට නාමාවලියේ 10 වෙනි ස්ථානය සිය නමට වෙන්කර ගැනීමට සමත් වෙද්දී, IMDB දර්ශකය තුල 6.8ක අගයක්ද, Rotten Tomatoes හි 49% මනාප ප්‍රතිශතයක්ද, ගූගල් පරිශීලකයින්ගේ 88% ක මනාප ප්‍රතිශතයක්ද ලබාගැනීමට සමත්කම් දක්වලා තියෙනවා. Action, Adventure, Fantasy යන කාණ්ඩ නියෝජනය කරමින්, 2018 වර්ෂයේ මාර්තු මස 16 වැනි දින නිළ වශයෙන් තිරගතවීම ආරම්භ කරන ලද මෙම සලරුව අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, Cold Prey (2006), The Wave (2015) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරන ලද Roar Uthaug විසිනි. ඉදිරියේ නිකුත් වීමට නියමිත Ant-Man and the Wasp (2018) සහ Maze Runner: The Death Cure (2018), G.I. Joe: Retaliation (2013), Lincoln (2012), Cowboys & Aliens (2011), Predators (2010) වැනි විශිෂ්ඨ සිනමාපට රාශියකින් සහ Six රූපවාහිණි කතා මාළාව තුලින් ජනප්‍රියත්වයට පත් Walton Goggins, Geostorm (2017), Warcraft: The Beginning (2016), Chinese Zodiac (2012) වැනි චිත්‍රපට තුල රංගනයෙන් දායක වූ Daniel Wu සහ, The Square (2017), Pride (2014), John Carter (2012), The Awakening (2011), Johnny English Reborn (2011), Punisher: War Zone (2008), Hannibal Rising (2007), 300 (2006) ආදී සිනමා නිර්මාණ තුලින් ඔබ හමුවට පැමිණි Dominic West යනාදීන් මෙම සලරුව තුල සෙසු ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනු ලබනවා.
ඒ වගේම, විශේෂයෙන්ම කියන්න ඕනේ මේ තමයි රීබූට් සීරීස් එකක ආරම්භය. මොකද, Tomb Raider කියන්නේ පැය දෙකක චිත්‍රපටයක් තුලින් පෙන්නලා ඉවර කරන්න පුළුවන් ජාතියේ කතාවක් නෙමෙයි. මේ ලබාගෙන තියෙන්නේ ආරම්භයක් විතරයි. චිත්‍රපටය ආවසානයේ තමයි නියම ලාරා ක්‍රොෆ්ට් කරළියට පැමිණෙන්නේ. අවසානයේ තමයි ඇය දැනගන්නේ, ඇයට කොච්චර නම් බලයක්, ශක්තියක් තියෙනවද කියලා. කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා. ඒ වගේම, චිත්‍රපටය අවසානයේ පොඩි ඉඟියක් දෙනවා, මේක මෙතනින් ඉවරයක් වෙන්නේ නැහැ, තව හොඳ හොඳ සෙල්ලම් ඉස්සරහට තියෙන්නේ කියලා. ඒ නිසා, ප්‍රේක්ෂක ඔබ සූදානම් වෙලා ඉන්න, ඊළඟ චිත්‍රපට කීපයේදී ඔබට බලාගැනීමට හැකියාව ලැබේවි, ජීවිතේට අමතක නොවන අන්දමේ අති දැවැන්ත Action/Adventure චිත්‍රපට පෙළක්.
මං හිතන්නේ, චිත්‍රපටය නරඹන්න කියලා අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැතිවේවි. මොකද, Tomb Raider කියන නාමය බහුතරයක් අපිට ඒ තරමටම හුරු පුරුදු නාමයක් බවට පත්වෙලා හමාරයි. එහෙනම්, නැවත අලුත් සිනමා නිර්මාණයකින් හමුවෙමු. ජය!
♪ I’m a survivor
I’m not gon’ give up
I’m not gon’ stop
I’m gon’ work harder
I’m a survivor
I’m gonna make it
I will survive
Keep on survivin’ ♪
ප. ලි. – මේ උපසිරැසි ලබාදෙන්නේ HD-TC පිටපතකට. චිත්‍රපටය නිකුත් වෙච්ච දවසේ ඉඳලම එක එක විදියේ පිටපත් නම් නිකුත් වුණා. හැබැයි, එක්කෝ ඒ පිටපත් නැරඹීමට තරම් ගුණාත්මක තත්වයක තිබුනේ නැහැ. එහෙමත් නැත්නම්, තැනින් තැන සමහර කොටස් අඩු වෙලා තිබුණා. ඔන්න අද උදේ පාන්දර (අප්‍රේල් 21) තමයි මේ අඩුපාඩු මගහැරගෙන පළවෙනි හොඳ පිටපත අන්තර්ජාලයට නිකුත් වුණේ. ඒත්, විශේෂයෙන්ම කියන්න ඕනේ, මේක ගෙනාවේ හදිසිම අයට විතරයි. තව දුරටත් ඉවසගෙන ඉන්න අමාරුම අයට කිසි ප්‍රශ්නයක් නැතුව මේක බලන්න පුළුවන්. 1, 2, 3, 4, 5 මේ ස්ක්‍රීන්ෂොට් වලින් බලාගන්න පුළුවන් උපසිරැසිය දීලා තියෙන වීඩියෝ පිටපතේ ගුණාත්මක භාවය පිළිබඳව. නැවත වතාවක් කියනවා, මේක හදිසිම අයට විතරයි. හොඳ පිටපත් නිකුත් වෙන පිළිවෙලට සුපුරුදු පරිදි උපසිරැසිය යාවත්කාලීන කරලා ලැබේවි. ඒ වගේම, විශේෂයෙන්ම මතක තියාගන්න, “රස හඳුනන්නෝ… BR ම නරඹන්නෝ” කියලා. 😀

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා යාවත්කාලීන කරන ලදි.
77,161 downloadsDownload Tomb-Raider-2018-BR.zip106 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Sisila-Prasad-Lab-Color-Profile.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
445 comments
kanchana777
Ravindu Rukshan
සහෝ ඔයා Earth X එකේ කෙනෙක්ද??
මං හිතන්නෙ ඊටත් එහා ගියපු ලෝකෙක කෙනෙක් වෙන්නැතිLakshitha
අම්මො බං ඒක.........
kanchana777
ado bn sira tibba pirate bay eke 1min ynna kalin un eka ain krla.
Kulanjana Maduranga
welldone….Hat off Respect Bro….Great work & Lot of thanks SISILA saho.wish u’r great future…..
Kulanjana Maduranga
aniwa bamak thama.....ela...lipiyath supiri....
praveen ranasinghe
100වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ!!
උබේ සබ් නම් කියල වැඩක් නෑ..සයිට් එකේ ඉන්න හොදම උපසිරැසිකරුවෙක් විදියටයි මං උබව දකින්නෙ…සුපිරි ෆිල්ම් ගොඩකට උබ ඉස්සර උපසිරැසි කලා මතකයි..ඔය film පිස්සුව මටත් ගහන්න උබ හේතුවක් වුනා..එහෙනම් ඊලග කඩයිමටත් යමු….ජයවේවා!!! සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…Shashika mendis
film pissuwa thawusegen mata bo una! sisila saho oya thmai mewta waga kiyanna oni :-D a uba ape hith wala inna charithayak nisa! let's salute big boss :-*
Rasitha Pradeep
100 වැනි කඩ ඉමට සුබ පැතුම් සිසිල අයියේ....
උපසිරැසියටත් බොහොම ස්තූතියි....
ලිපියත් සුපිරියි....Ravindu Rukshan
100 වෙනි කටයිමට හදවතින්ම සුභ පතනවා....ඒවගේම සබ් එකටත් ස්තූතියි හැබැයි ඉතින් Bluray එනකම් ඉවසමි....
Ravindu Rukshan
මෙතනින් නොනැවතී ඉදිරි කටයිම් වලටත් යන්න ලැබේවා කියා පාර්ථනා කරනවා
Prabodha Madhusankha Hettiarachchi
Suba pathuma sisila bro 100 wana subtitle ekata. Loku wistarayak ekka thank bro...
Tharindu_Vidusha
100වැනි කඩ ඉමට සුභ පැතුම්....!!
ලිපියත් සුපිරිම සුපිරියි.....
උපසිරැසියට ස්තූතිය....!!Lakshitha
මුලින්ම 100 කඩ ඉමට සුභ පතනවා. ලිපිය ගැන කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ........100 වෙනුවෙන් හරිම එක තමයි තෝරාගෙන තියෙන්නෙ. ෆිල්ම් එක ගැන කියනවා නම් release කරපු පලවෙනි දවසෙම lectures කට් කරගෙන ගිහින් බැලුවා......එහෙමයි කියලා ආයේ නොබලා ඉන්නවද? නෑනේ.....BR ආපු ගමන් update කරමු............
thushan06403
බොහොමත්ම පින්. 200 කඩඉමට ඉක්මනින්ම ලංවෙන්නට හැකියාව ලැබේවා. බුදු සරණයි සහෝ
nirodha uthpala
Me lipiya dakkahama hetenne brrip baluwe nattan vadak ma na kiyalai harry .sisila sahoge 100 ta mage avanka meavuwa eaka bro thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
darshana100
me karana kapa veemata godak stuthi obata wana kisima adaviyakin ogollo wage hodata sub denna na aka viwadayak na kohewat yana gas gambo kiyana awa ganan ganna apa pala athi rukatane gal ganne taruwan saranai oyata baiscop siyalu denata
ඉසුරු සම්පත් සිරිසේන
මෙතන කමෙන්ට් එකකින් ඔයා ගැන අමුතුවෙන් වර්ණනා කරන්න ඕනිම නැහැ අයියේ. ඔයා උපසිරසි කරපු වෙනස්ම විදිහෙ චිත්‍රපටි බොහොමයක් පුද්ගලිකවම් බලපු කෙනෙක් විදිහට උපරිම ගුණාත්මක බවකින් උපරිම නිවැරදිතාවයෙන් උපසිරසි කරන කෙනෙක් විදිහටයි මම නම් ඔයාව දකින්නෙ. චිත්‍රපටියක් බලද්දි උපසිරසියෙන් චිත්‍රපටියේ කතාව බලන කෙනාගේ හිතට කාවදින විදිහට උපසිරසි ගන්වන උපසිරසිරසිකරුවන් විදිහට මම දකින කීපදෙනාගෙන් ඔයත් කෙනෙක්. ඔයාව අඳුරගත්තු දා ඉඳන් උපසිරසිකරණය ගැන නොයෙක් දේවල් කියාදීල කරපු දිරිගැන්වීම වලට ගොඩක් ස්තුතියි අයියේ. ලොකු බලාපොරොත්තුවක් තියෙනවා රූපවාහිනී කතාමාලාවක උපසිරසියක් අරන් එනව දකින්න. ඒ ගැනත් පොඩ්ඩක් හිතල බලන්නකො එහෙනම්.
100* වෙනි කඩයිමට සුබ පැතුම් අයියේ!!
~ඔබට ජය~~geeganagamage
100 වැනි කඩ ඉමට සුබ පැතුම් බොහොම ස්තුතියි.
kavika supun
ගොඩක් වෙලාවට අයියා සබ් කරපු ෆිල්ම් තමයි හොයාගෙන බලන්නේ අයියා සබ් කරන ෆිල්ම් ඉතින් කියන්න දෙයක් නෑනේ
100 කඩයිමට සුබපැතුම් අයියා!!maheshakya
elaaaa bro.... 100 subapathum
ලහිරු ප්රසාද්
100 වෙනි උපසිරැසිය වෙනුවෙන් හදවතින්ම සුබ පතනවා සිසිල අයියේ...
ෆිල්ම් 100 ක් කියන්නෙ ආයෙ ඉතිං ලේසි පහසු වැඩක් නෙවෙයි ඒක හොදාකාරව දන්නවා.
ඉතිං ඉස්සරහටත් ෆිල්ම් වලින්ම දකින්න ලැබේවා කියලා පතනවා....!!!
උපසිරැසි ජීවිතේ වගේම පෞද්ගලික ජීවිතේත් වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා පතනවා...!!!!
හිඟන සයිට් ගැන කතා නොකර ඉන්න තරමට හොදයි මම කියන්නෙ, තේරුමක් නැ.
එහෙනම් උපසිරැසියටත් බොහෝම ස්තූතියි...!!! BR ආවම බලමු.
ජය වේවා.....!!!!piumal123
100 වැනි කඩ ඉමට සුබ පැතුම් සිසිලයෝ , 200 ඉක්මණින් දෙමු ...
sayuru_tharanga
100 kadaimata suba pathum saho....ilaga kadaimath saarthakawa ikmanin sampurna karanna labenna oni..upasirasiyta thank you
Kawi Jayasinghe
Suba pethum sahooo 200 gahamuu aa
Dilruk
Thanks saho. Digatama upasiresi denna hakiwewai kiyala hadawatinma suba pathanawa
Dimuthu Nisansala
Thank you bro..
ශසිත් සඳරුවන්
ශතකෙට සුභපැතුම් සිසිල. තවත් අධිවේගී සබ් මැෂින් එකක් කියලා කිව්වොත් හරි. ඒකටම හරියන ලිපිය. ලිපි ලිව්ල්ලෙන් නම් උඹට වඩා ලියපු එකෙක් නැතුව ඇති. අල ගියතැන් මුල ගියතැන් හැම එකම ලියනවා. සමහර වෙලාවට ෆිල්ම් වල ලිපිය බලාගෙන යනකොට ගෙස් කරන්න පුලුවන් මේක සිසිලයාගේ කියලා. :P ඒ වගේම මේ ලිපිය වෙන්න අැති බයිස්කෝප් ඉතිහාසයේ දිගම ලිපිය. උඹේ සබ් වලින් නම් ඉතින් සෑහෙන ෆිල්ම් බලලා තියේ. සබ ගැන ඉතින් කියන්න දෙයක් නෑ. සුපිරි. එහෙනම් මේ සබටත් තුති කිව්වා. දිගටම සබ් දෙමු ආ.. ඔබට ජය!
LC Nanayakkara
ස්තුතියි.. සහ සුභපැතුම්
bimbi
සුභපැතුම් සහෝ !
ලිපියනම් කියල වැඩක් නෑ පරිගණක ක්‍රීඩා සෙල්ලන් කරල තිබ්බට මෙච්චර ලාරා ක්‍රොෆ්ට් ගැන විස්තරයක් දැන ගෙන තිබුනෙ නෑ අවංකවම
බුකියෙත් මගෙ මිත්‍රයෙක් හැටියට උබ ගැන ආඩම්බරයි බන්
ලංකාවෙ උන්ගෙ හැටිනෙ වැඩක් කරද්දි බාධා කරනෙක ඒගැන හිතන්න එපා වැඩිය
මේ ලස්සන සෙස්සි කෙල්ල ඉන්න චිත්‍රපටිය නොබල කොහොමදMenaka Niroshan
Suba Pethum Saho 100ta..
Thank You Very Much...krishanmadusanka
sub ekata thanks saho.pacific rim 2 eke hchd rip eka nikuth wela thiyeddi aparade bn mekata sub dunne.kamak thanks
krishanmadusanka
oya kiwwath wage br enakanma innawa.pacific rim 2 ekatath sub denna hoda hchd rip ekak thiyenawa
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
100 වෙනි උපසිරසියට සුබ පැතුම්!
web-dl එකක් ආවහමම බලනවා...Pasindu Amarasinghe
100වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා!!
ඔයාගෙ සබ් වගේම ලිපි ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ මොකද ඒ තරම්ම සර්ව සම්පූර්ණයි නෙ...
ඉතින් තව තවත් ඉස්සරහට යන්න සුභ පතනවා....Fanta
Sub akata thankzz bn ....adoo pacific rim 2 akee korean copy awith bn....akatath sub dennakoo bn....
Harsha_Sandaruwan_75
Thanks Machan (Y)
Helili Hemamali
සිසිලයියා 100 වෙනුවෙන් කරන්න හිතාගෙන හිටපු ෆිල්ම්ස් සේරම වගේ අනික් අයගෙ කඩයිම් වලට පරිත්‍යාග කර පිනෙන් 100 වෙනුවෙන් අයියට සුපිරිම චිත්‍රපටියක් ලැබිලා වගේ.
ෆිල්ම්ස් 100 කින්ම කඩයිම පැන්නා කියන්නේ ඉතින් අයියා දස්සයා කියලා තවත් කියන්න දෙයක් නෑ. උපසිරැසි වල ගුණාත්මක බව ගත්තත් ආයේ කියන්න අඩුවක් නෑ. නිහතමානි කමත් එහෙමයි. ඉතින්, සුබ පැතුම් සමගින් මේ ගමන තවත් ඉදිරියට යන්න වාසනාව, ශක්තිය පතනවා.Shan Ashok
ow nangi
Maduwantha
Torrent link aka puluwannam denne..
Bobby
Thank you very much sisila.
darshana90
Tanx for sub
blueray eka enakalma innawa balanna.....
pasific rim 2 HC-HD COPY ekak awit tiyenawa. ekatat sub dennako ikmanata.......
darshana90
good luck!!!
max rock
patta. thanks lot bro. well done
Shan Ashok
තැන්ක්ස් ඔය මේ කරන දෙයට සිසිල් මල්ලි .මන් ඔයාගේ සුබ වලට ගොඩක් කැමැති .please මේකෙ MR BONES ,HOT TUB TIME MACHINE,BRUNO ,BAD santa ,BORAT movies , Jim Carrey actor ගේ නියම comedy movies ,will ferell ,kevin hart ගෙ නියමෙට හිනා යන ෆිල්ම්ස් තිබ්බ please හොද movie ටිකක් දෙන්න tava දෙන්න .ටව sub දෙනකොට නියමෙට aekata ගැලපෙන original හිනා යන වචන දාන්න movie aeka හොදටම රස විදින්න .ඔබට සුබ අනාගතයක්
Shan Ashok
තැන්ක්ස් ඔය මේ කරන දෙයට සිසිල් මල්ලි .මන් ඔයාගේ sub වලට ගොඩක් කැමැති .please මේකෙ MR BONES ,HOT TUB TIME MACHINE,BRUNO ,BAD santa ,BORAT movies , Jim Carrey actor ගේ නියම comedy movies ,will ferell ,kevin hart ගෙ නියමෙට හිනා යන ෆිල්ම්ස් තිබ්බ please හොද movie ටිකක් දෙන්න tava දෙන්න .ටව sub දෙනකොට නියමෙට aekata ගැලපෙන original හිනා යන වචන දාන්න movie aeka හොදටම රස විදින්න .ඔබට සුබ අනාගතයක්
Shan Ashok
තැන්ක්ස් ඔය මේ කරන දෙයට සිසිල් මල්ලි .මන් ඔයාගේ sub වලට ගොඩක් කැමැති .please මේකෙ MR BONES ,HOT TUB TIME MACHINE,BRUNO ,BAD santa ,BORAT movies , Jim Carrey actor ගේ නියම comedy movies ,will ferell ,kevin hart ගෙ නියමෙට හිනා යන ෆිල්ම්ස් තිබ්බ please හොද COMEDY movie ටිකක් දෙන්න tava දෙන්න .ටව sub දෙනකොට නියමෙට aekata ගැලපෙන original හිනා යන වචන දාන්න movie aeka හොදටම රස විදින්න .ඔබට සුබ අනාගතයක්
shihara_joker
Thanks for sub....peter rabbit ekata sub denne nedda saho...?????????
Isaac
Thank u very much. Issarahath supiriyatama sub krnna kyla wish krnwa elama... wish u all the best for ur 100 th sub..
Ayesh Prashan
100ta subha pathum
H_anuru
Thank you bro
HARSHANA9211
thanks....
James DC
100 වෙනි කඩයිමට හදවතින්ම සුභ පතනවා සහෝ. සයිට් එකේ මං දැකපු දක්ශම උපසිරසිකරුවෙක්. ඒ වගේම ඇඩ්ම්න්වරයෙකු ලෙස සයිට් එකට විශාල සේවාවක් සපයන කෙනෙක්. ඉදිරි කඩයිම් වලටත් ඉක්මනින්ම යාමට හැකිවේවා කියා ප්‍රාර්ථනා කරනවා සහෝ.
gihan perera
Thanks bro...ekmanata bluray eka danne balanne...god bless you and good luck...
සනිඳු ලක්ඛිත
මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ අයියේ. මුලින්ම 100 වෙනි කඩඉමට හදවතින්ම සුබ පැතුම් සිසිල අයියේ.. ලිපිය කියවලාම පිස්සු වගේ. මං හිත්තන්නේ බයිස්කෝප් එකේ දිගම ලිපිය (ඒ නැතත් මං කියවපු දිගම ලිපිය). සිසිල අයියා සබ් එක කලා කිව්වා ආයේ සුපිරි සබ් එකක් වගේම සුපිරි ලිපියකුත් බලාගෙන තමයි හැමෝම ඉන්නේ. ඒ තරම් මරු. චිත්‍රපට වලින්ම 100ක් කරනවා කියන්නේ එසේ මෙසේ දෙයක්ද. කොහොමත් අයියා මෙතනින් උපසිරැසි කරන එක නවත්වන්නේ නෑ කියලා හොදටම දන්නවා. ඒම කරන්න හිතුනත් කරන්න එපා. ඒ තරම් හොදටම උපසිරැසි කරන කෙනෙක් තමා සිසිල ප්‍රසාද් කියන්නේ.. ඉතිං තව තවත් උපසිරැසි කරන්න වගේම ජිවිතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අයියේ. මේ ෆිල්ම් එකත් එනකම් බලාගෙන හිටපු එකක්. කරුමෙට හෝල් එකක් බලන්න බැරි උනා. අනිවා BR 1080p එකකින්ම තමා මේකනම් බලන්න ඕනි. අමාරුවෙන් උනත් ඉවසන් ඉන්නවා ඒ වෙනකම්. චිත්‍රපටයකට මිනිස්සු මේ තරම් කැපවීම කරනද කියලා අහනකොටත් ගොඩක් අය පුදුම වෙනවා. ඒක ඒ අයගේ රැකියාව උනත් ඊට වඩා ලොකු කැපවීමක් එයලා කරනවා. ඒම බලද්දී ඔයලා ඊට වඩා ලොකු කැපවීමක් කරනවා අයියේ. සත පහක ලාභයක් නැතුව දවස් ගනන් මහන්සි වෙලා උපසිරැසි කරලා අපිට අරන් එනවා. ස්තුතියි කියනවට වඩා බොහොම පිං කියලා තමයි කියන්න ඕනි හරිනම්..එහෙනම් BR එකක් ආව ගමන් බලමු.. ජය වේවා! බුදුසරණයි..!
Praneeth priyadarshana
Tks n congrtz bro.....
diyakawa
my congrats macho,good job
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/Tomb-Raider-2018-Front-Pic.jpg)


thz bro sub ekata. bro Tomb Raider 2018 720p BrRip x264 eka awilla.