බයිස්කෝප් එකේ ඇඩ්ඩින් අයියලා හැමෝටමත්, හැමදාමත් අපිට සබ් අරගෙන එන බයිස්කෝප් උපසිරැසිකරුවෝ හැමෝටමත්, බයිස්කෝප් සයිට් එකත් එක්ක එකතු වෙලා සබ් ගන්න, කමෙන්ට් කරන ඔයාලා හැමෝටමත් 2015 අවුරුද්ද ටිවි සිරියස්, ෆිල්ම් වලින් පිරි ඉතිරි යන සුභ නව වසරක් වේවා… . . ! ඔන්න ඉතින් 2015 අවුරුද්දේ මගේ පළවෙනි සබ් එක ව…

බයිස්කෝප් එකේ ඇඩ්ඩින් අයියලා හැමෝටමත්,
හැමදාමත් අපිට සබ් අරගෙන එන බයිස්කෝප් උපසිරැසිකරුවෝ හැමෝටමත්,
බයිස්කෝප් සයිට් එකත් එක්ක එකතු වෙලා සබ් ගන්න, කමෙන්ට් කරන ඔයාලා හැමෝටමත්
2015 අවුරුද්ද ටිවි සිරියස්, ෆිල්ම් වලින් පිරි ඉතිරි යන
සුභ නව වසරක් වේවා… . . !
ඔන්න ඉතින් 2015 අවුරුද්දේ මගේ පළවෙනි සබ් එක විදියට මම අද ඔයාලට කතා මාලාවක් සම්පුර්ණයෙන්ම ගෙනාවා. මේක Animated Cartoon කතා බලන අයට නම් මේක සුභම සුභ ආරංචියක් වේවි. ඔක්කොටම කලින් අද මුලින්ම ටිකක් විතර පදුර වටේ තලලා ඉන්නම්කෝ. 😀
මුලින්ම කියන්න ඕනි අද දවස මට නම් ගොඩක් විශේෂ දවසක්. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි මේ උපසිරසිත් එක්කම 2013 දෙසැම්බර් 10 වෙනිදා පටන් ගත්ත මගේ උපසිරැසිකරණ ජිවිතයේ පළවෙනි අවුරුද්ද වගේම , බයිස්කෝප් අඩවියේ මගේ 100 වැනි උපසිරසත් සම්පුර්ණ වෙනවා. එදා කම්මැලි කමට Lagaan ෆිල්ම් එකට උපසිරසයක් හදලා පටන් ගත්ත මේ ගමන මේ තරම් දුර ගෙනියන්න පුලුවන් වෙයි කියලා මම කවදාවත්ම හිතුවේ නෑ. මේ හැම දෙයක්ම මට කරන්න ධෛර්ය ශක්තිය දුන්නේ ඔයාලයි. ඉතින් මම දෙන සබ් බාගෙන වගේම මාව කමෙන්ට් වලින් දිරිමත් කලාට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි(රිප්ලයි කලේ නැති වුනාට ඔයාලා දාන හැම කමෙන්ට් එකක්ම මම කියවනවා :D). ඒ වගේම බයිස්කෝප් සයිට් එකේ ඇඩ්මින්ලා වුන වාසල අයියා, හසන්ත අයියා, විකි අයියා, රොයිලි අයියා වගේම සමීර සහෝටත් මේ වෙනකන් මට දුන්න හැම උදව්වක් වෙනුවෙන්ම මම ගොඩක් ස්තුති වන්ත වෙනවා. ඒ වගේම ගෙදර ඉන්ටනෙට් බිල් ගෙවලා, ලයිට් බිල් ගෙවලා වගේම සබ් එකක් දාන වෙලාවට තේ එක පවා ගෙනත් දීලා තව තව ගොඩක් උදව් කරලා මට සහයෝගය දුන්න මගේ අම්මිවයි තාත්තිවයි මම මෙතනදි මතක් කරනවා වගේම ඒ දෙන්නට මම ගොඩක් ස්තුති කරනවා. 🙂
ඒ වගේම මෙතනදි විශේෂයෙන් මතක් කරන්න ඕනි “වරුණ රංගජිත්” අයියාව. මාව මුහුනට මුහුණ හම්බවුනේ නැති වනුත් බයිස්කෝප් අඩවියෙන් දැන අදුනාගැනිම හින්දා ලොකු කැපකිරිමක් කරලා එයාගේ වියදමින් මට ටිවි සිරියස් කියපයක් දාලා ඩිවිඩ් ගොඩක් දුන්නා. ඒ උදව්වට මම මෙතනදි වරුණ අයියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒකෙ තිබුන කතාව ගැන අපි අනාගතයේදි සලකා බලමුකෝ නේද අයියේ? 😀
වෙනසකටත් එක්ක මගේ උපසිරස 100 ඇතුලත තියෙන දේවල් ගැන පොඩි සාරාංශයකුත් කියලම යන්න හිතුවා. 🙂
- Lagaan (1) – 1800+
- Arrow Season 1 (23) – 11200+
- Arrow Season 2 (23) – each 10000+
- Arrow Season 3 (08) – each 9000+
- Flash Season 1 (08) – each 5000+
- Sherlock [S02: E03] (01) – 2000+
- Transcendence (01) – 8400+
- Veeram (01) – 3800+
- Plans: Fire & Rescue (01) – 3800+
- 24 : Season 4 (24) – 200+
- Guardians of the Galaxy (01) – 13000+
- The Book of Life(2014) (01)-1000+
- Tron : Uprising (19) – …

කවදාවත් නැතිව අනං මනං විස්තර ගොඩක් කිවා නේද? හරි දැන් අපි මේ කතා මාලාව දිහාට හැරෙමු. 2012 මැයි 20 Disney XD නාලිකාවේ විකාශය කරන්න පටන් ගත්ත මේ ටිවි සිරියස් එක හදලා තියෙන්නේ Walt Disney Studios ආයතනයයි. ඒ වගේම මේ කතාව imdb දර්ශකයේ 8.3 වගේ ඉතා ඉහල අගයක් ලබාගෙන තියෙනවා. මාර්වල් සහ DC අයගේ කතාවලට කොටුවෙලා ඉන්නේ නැතිව වෙනසකටත් එක්ක මේ වගේ නිර්මාණයකුත් බැලුවොත් හොදයි කියලයි මම නම් හිතන්නේ. මොකද මේ කතා මාලාව නම් වෙනස්ම මාතෘකාවක් දිගේ යන වෙනස්ම කතාවක් වගේම ආසාවෙන් එකදිගටම බලන්න පුලුවන් කියලා මම බය නැතිව කියනවා. 🙂
Tron Legercy (2010) චිත්‍රපටිය ඔයාලා බලන්න ඇති නේද. ඒ කතාව බලපු නිසා තමයි මටත් මේ ට්‍රෝන් කතා මාලාව ගැන ආසාවක් ආවේ. කතාව මෙහෙමයි. ෆ්ලින් කියන්නේ පරිගණක ක්‍රිඩා නිර්මාතෘ කෙනෙක්. එයා අමුතුම වර්ගයේ ගේම් එකක් හදනවා. ඒක සාමාන්‍ය ගේම්වලට වඩා එහා ගියපු එකක්. ඒ ගේම් එක ඇතුලේ වැඩසටහන්වල රාජ්‍යයක් තියෙනවා. ඒ රාජ්‍යයට කියන්නේ ජාලය කියලයි (Grid). මේ ගේම් එක වැඩි දියුනු කරන්න ෆිනුත් වැඩසටහනක් විදියට මේ ගේම් එක ඇතුලට යනවා. ඒ වගේම එයා ගේම් එක ඇතුලේ ඉන්නේ නැති අතරතුර මේ ගේම් එකේ දියුණුව වෙනුවෙන් ක්ලූ කියලා එයාගේම වැඩසටහනේ අනුපිටපතක් ඇති කරනවා. ඒ වගේම මේ අයගේ ආරක්ෂාව බාරව ඉන්නේ ට්‍රෝන් කියන වැඩසටහනයි.
කොහොම හරි බලයට තියෙන කෑදරකම නිසා ක්ලූ අනිත් අයත් එක්ක එකතු වෙලා කැරැල්ලක් ගහලා ෆ්ලින්ට පිටුපාලා එයාව පන්නලා දාලා, ට්‍රෝන්ව මරලා ජාලයේ පාලනය අතට ගන්නවා. දැන් ජාලය ක්ලුගේ යටතේ දරුණු විදියට පාලනය වෙනවා. ඔය අතරතුර ජාලයේ එක කොනක තියෙන ගරාජයක ඉන්න බෙක් කියන කොල්ලෙක් මේ ක්ලූගේ පාලනයට විරුද්ධ වෙන්න තනියම සටනක් ගෙනියනවා. ඒ අතරතුර බෙක් කොටුවෙනවා. හැබැයි ක්ලූගේ ආරක්ෂකයොන්ට නම් නෙවෙයි. එයා හීනෙන්වත් නොහිතපු කෙනෙක්ට. හැමෝම මැරිලා ඇති කියලා හිතපු ට්‍රෝන් ජිවතුන් අතර.. . . බෙක්ගේ වැඩ ගැන දැනගත්ත ට්‍රෝන් එයාව වැඩවලට හවුල් කරගන්නවා. මැරුණ ට්‍රෝන් ආපහු ආවේ කොහොමද? එතකොට ට්‍රෝන් සහ බෙක් එකතු වෙලා ක්ලූගේ පාලනයට විරුද්ධව මොනවා කරයිද? එයාලා දෙන්නට තනියම මේ සටන ගෙනියන්න පුලුවන් වෙයිද කියලා බලන්න මේ කතාව බාගෙන බලන්නකෝ…. . .
ප.ලි.- ඒ වගේම ඔයාලා මේ වෙද්දි බලලා තියෙන, දැනට සයිට් එකේ සිංහල සබ් දාලා නැති සුපිරි ටිවි සිරියස් තියෙනවා නම් ඒවගේ නම් කමෙන්ට් කරගෙන යන්න. අනාගතයේදි ඒවා ගැනත් සලකලා බලන්නම්කෝ… . . . 😀
එහෙනම් මේ අවුරුද්දේ තවත් උපසිරසියකින් හමුවෙනකන් බයිස්කෝප් සයිට් එකත් එක්ක එකතුවෙලා ඉන්න ඔයාලා හැමෝටම ජය… . . . !
Complete Season 01 මෙතනින් බාගන්න
1,543 downloadsDownload TRON-Uprising-Complete-Season-01.rar162 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/kawidu-gimhana-e1420383610560.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
108 comments
thilan
නලින්
සුභ පැතුම් කවිදු මල්ලි මේ ආවා වගේ දිගටම නිර්මණකරනයේ යෙදෙන්න කියලා සුභ පතනවා..
ඉතිං මේ අවුරුද්ද වාසනාවන්ත සුභ නව වසරක් වේවා..
ජය වේවා!
darshana
supiri pathum saho... animation nam aniwaryen balanwa..
Oyata suba alulth awruddak wewa.. sub ekata thanks...“චූටී මල්ලි”
බයිස්කෝප්වාසීන්ට හා බයිස්කෝප්ලොලීන්ට
උදා වූ 2015 වසර
කිරියෙන්,පැණියෙන් හා බයිස්කෝප් වලින්
පිරී ඉතිරී යන
සුභ නව වසර වේවා !!!!!!!sajeevi
සියළු දෙනාටම සුභ අළුත් අවුරුද්දක් වේවා !!!
උණුසුම් සුභ පැතුම් 100 වන උපසිරැසියට.
ගොඩක් ස්තූතියි උපසිරැසි මාලාවටම.kushan charith
පැතුම් සහෝ මුලින්ම 100 ට සුබ පතනවා මුලු හදවතින්ම අපි වෙනුවෙන් කලය වැය කරමින් කරන මේ දේට,,,,,,,ඒ වාගෙම කරගෙන යන සියලු කටයුත්තක්ම සාර්තකවෙන්ඩ කියල wish කරනවා,,,,,,,,,පුලුවන්නම් Grimm tv series එකට sub දෙන්ඩ බලන්ඩ......ජයෙන් ජය වේවා....!෴෴
රවිඳු නිපුන්
කඩයිම පැනීම වෙනුවෙන් හදපිරි සුබ පැතුම්!!!
ඒ වගේම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!
දීර්ඝ ගමනක් යමු!!!
උපසිරැසියටත් බොහොම ස්තූතියි!ජගත්
100 වෙනි උපසිරසියට සුබ පැතුමි පුලුවන්නමි දිගටම මෙි වගේ කාටුන් අරන් එන්න
බයිස්කොප් එකේ හැමෝටම සුබම සුබ අලුත් අවුරැද්දක් වෙිවා
“චූටී මල්ලි”
නව වසරට හොද ආරම්භයක්
එල එල මත්කනෙ මුල් කාලෙ ආපු ගල්මුල්
එක එක ගොබ්බයන්ගෙන්
ඔයා උන්ට නියම පිලිතුරක් තමා මේ අද දිලා
තියෙන්නෙ මචන්
ඉක්මනටම දෙසියා කෙනෙක් වේවා කියනවා
ඒවගෙම මන් ඉල්ලා සිටිනවා බ්‍රෙකින්ග් බෑඩ් කතාමාලාව
ගැන සලකා බලන්න කියලා
සබට තුති
ඔබට ජය.....-----------------------------------------------------
උදා වූ 2015 වසර ඔබට
කිරියෙන්,පැණියෙන් හා බයිස්කෝප් වලින්
පිරී ඉතිරී යන
සුභ නව වසර වේවා !!!!!!!Kalindu wasuka
අපේ බයිස්කෝප් අඩවියේ ඔයාලා හැමෝටම සුභ නව වසරක් වේවා ! කියලා ප්‍රාර්ථනාකරනවා
එවගේම කවිදු සහෝටත් සුභපතනවා 200 වන උපසිරසත් ඉක්මනටම ලබදෙන්න ශක්තිය ධෛර්්‍ය හා කාලය ලැබේවා !Keshan Wasala
එල කොල්ලෝ :D ඔන්න මගෙන් උණුසුම් සුබ පැතුම් ඒ වගේම මේ ලැබුවා වූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ වසරක් වේවා !! කියලත් ප්‍රර්ථනා කරනවා ඔයාටත් බයිස්කෝප් එකේ සියලුම සහෝදර,සහෝදරියන්ටත්...
මෙන්න සහෝ මේකේ සබ් එකත් ගත්තා වෙලාවක් අවා ගමන් බලනවා ඒ වගේම බ්‍රේකින් බෑඩ් කතා මලාව පුළුවන් නම් දෙන්න කියලත් කියනවා .... :D එහෙනම් ජය වේවා !! <<<>>>2015>>>> :Dthisal
හැමොටම සුබ අලුත් අවුරුද්දක් එල කිරි වගෙ සපිරි සුපිරි බඩුවක් ගෙනත් තියෙන්නෙ එල 100ට සුබ පැතුම් 200ත් ගහමු තැන්ක්ස් සබට
Ruchira
සියළු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
ඒ වගේම 100 වෙනි sub 1ට හදවතින්ම අපි සුබ පතනවා......
මේ කරන්නා වූ කුසල කර්මය....
දිගින් දිගටම කරගෙන යාමට අවශ්‍ය ශක්තිය හා දිරිය ලැබෙන්න යැයි,
අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !අනේ පුලුවන්නම් Grimm tv series 1ට sub දෙන්නකෝ..........
LORD RAM
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)
තරුෂ දිනුජය
සියවෙනි උපසිරැසියට උනුසුම් සුභපැතුම්.
අපි ජන්වාරි 21වෙනිදා වෙනකම් බලන් ඉන්නෙ Arrow new episode එක එනකම්.
සහෝට ජයවේවා!
ඉදිරියටත් දිගටම උපසිරැසි කරන්න හැකියාව ලැබේවා!nuwan
subama suba nawa wasarak wewa...
kalinga
පට්ට සුභ පැතුම් දිගටම සබ් දෙමු!
widuranga
thanx saho sub ekata...
sudeera
සුබ පැතුම් සහො ගොඩක් වටින සබ් ටිකක් දිලා තියෙනවා දිගටම දෙන්න හොදේ
lk
maxaaaaa
#YasmikaSH
බොහොම ස්තූතියි සහෝ උපසිරසි නිර්මාණයට. ඉක්මණින්ම 150 ගහන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා.
ඔබට ජය෴
kanthaDLA
සියළු දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!pradeep
ඔයාට සුභ පතනවා සහෝ හදවතින්ම.!
සුභ අලුත් අවුරුද්දක් වේවා.Dilshan kalinga
100 ට සුබපැතුම් සහෝ.....
ඉක්මනටම 200ත් අරගෙන එන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.#ChalinduDeshan (කිනා)
ඵට්ට පට්ට.
ඔන්න අලුත් අවුරුද්දේ මගේ පළවෙනිම කමෙන්ට් එකත් උබට.
ලෙසටම එල.
ඉක්මනටම 150ත් ගහමු බං.
ජයමවේවා!SIRAJ(සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි ඇරෝ මල්ලි.
සුපිරියි.
ඉක්මනටම 100 වෙනි සබ් එක දෙන්න ලැබූනු එකට සුබ පතනවා.
එ වගේම 200 වෙනි සබ් එකත් ඉක්මනට දෙන්න ලැබේවා!
සියලු වැඩ කටයුතු සාර්ථක වේවා!
(පහුගිය ටිකේ ඇරෝ එකට කමෙන්ට් නොකරන්න නොහැකි උනේ මට එ කතාව බලන්න නොහැකි උනු නිසා.එකට සමාවෙන්න සහෝ.)
ආයෙත් 100 වෙනි සබ් එකට සුබ පතනවා!
ජයෙන් ජය වේවා!
එ වගේම ජයග්‍රාහී සුබම සුබ නව වසරක් වේවා!!!Saketha Pulasthi
ලැබුවාවූ 2015 නව වසර බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ ඇඩ්මින්තුමන්ලා ඇතුලු සියලුම උපසිරසි නිර්මාණකරුවන්ටත් වෙබ් අඩවියට පැමිණෙන සියලු දෙනාටමත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන
:) සුබම සුබ නව වසරක් වේවා.. :)Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :) Lost එකට සබ් දෙන්න IMD rating සුපිරියට තියෙනව
ශාන් විමුක්ති [විමා]
සුභ අලුත් අවුරුද්දක් වේවා කට්ටියටම
අලුත් අවුරුද්දෙම 100 ගහල සෙල්ලම් නෑ නේ
උණුසුම් සුභ පැතුම් කවිඳු සහෝ
එහෙමනම් ඉතින් තව ඉදිරියට යමු නේ :DTharindu
මුලින්ම මේ ලැබුවා වූ 2015 නව වසර බයිස්කෝප් අඩවියේ හැමෝටම සුබම සුබ නව වසරක් වේවා....!
එහෙනම් 100 වෙනි උපසිරසට මගේ උණුසුම් සුබ පැතුම් ඇරෝ සහෝ... :)
තව තවත් ඉදිරියට මේ වගේ උපසිරස ලබා දෙන්න ශක්තිය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.
මේ කතාවත් එල වගේ.... :)
නියමයි...
ජය වේවා...!kavinda
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.
කේ.යූ.ජී. උදාර
නියමයි කවිඳු..........
අලුත් අවුරුද්දෙ දි ම මේ වැඩ අල්ලල තියෙන්නෙ යසට. එහෙනම් ඔන්න මාත් සුබ පතනවා. දිගට ම මේ සත් කාර්යය කරගෙන යාමේ හැකියාව ලැබේවා!!!
සිංහල සබට බොහොම ස්තූතියි.Pamoda Dilranga
Niyamai saho...aniwa download karanawa...puluwannam roswell tv series akata sub denna balanna..
සංජය
නියමයි කවිඳු සහෝ... උපසිරසි 100ක් ගෙනෑම වෙනුවෙන් උණුසුම් සුබ පැතුම්!!! දිගටම මෙහෙම උපසිරසි ලබා දෙන්න ශක්තිය ලැබේවා.
Nicol Vishan
අපි වෙනුවෙන් මෙච්චර කාලයක් පුරාවට සබ් 100 ගෙනාවට බොහොමත් පින් සහෝ.. ඉදිරියටත් මේ විදියට ගිගටම සබ් දෙන්න ශක්තිය මේ අවුරුද්ද පුරාවටම ලැබෙන්න කියල මූලු හදවතින්ම පතනවා සහෝ..... ඒ වගේම බයිස්කෝප් එකේ ඉන්න හැමෝටමත් සුතු පැතුම් ඉෂ්ට සිද්ද වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් කියල සුබ පතනවා . :D
වරුණ රංගජිත් (වරූ)
නියමයි... නියමයි... කවිඳු මල්ලි කියන්න වචන නෑ...
100 කඩයිමට ආවා කියන්නේ කොල්ලා...
සුපිරිම සුපිරි...
අනික අමතකම නොවන දවසකනේ ඔයා ශතකය වාර්තා කළේ නේ...
ඉතින් ඔයා ගොඩක් ටීවී සීරියස් වලටනේ සබ් කලේ නේ..
ඉතින් ටීවී සීරියස් බලන අපේ අයට ලොකු සතුටක් ගේන්න ඇති ඔයා..
ඒකට ගොඩක් සතුටුයි..
ඔයා ලිපියේ විශේෙෂයෙන් මාවත් මතක් කරලා තිබ්බා...
ගොඩක් ස්තූතියි ඒකට..
අනේ මම පුංචි උදව්වක් විතරයි කළේ..
අනිවා ඒකටත් ඉදිරියට සබ් දෙන්න බලමුකෝ අපි නේ ඒක ගොඩක් ආය ආස එකක්..
ඉතින් ඉක්මනින්ම 200 කඩයිමටත් යන්න ලැබේවායි මම හදවතිවන්ම සුබ පතනවා...
අනිවා ඉක්මනින්ම ඔයාට එතනට යන්න පුළුවන්..
ඉතින් ලැබුවා වූ 2015 වසර සුබම සුබ ටීවී සීරීයස් ඉතිරී යන පැතුම් මල්ලිගේ සියළු පැතුම් ඉටුවන...
වාසනාවන්ත සුබ නව වසරක් වේවා...!!!
ජයෙන් ජය...me
Thanks & wish you all the best. Keep up the good work :-)
කවිදු ශාවින්ද
100 වෙනි උපසිරසියට මගේ උණුසුම් සුබ පැතුම්.....
තව තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය ලැබේවා....
Lost Tv Series එකටත් පුළුවන්නම් සබ් දෙන්න
ජය වේවා...!!කැලුම් ගුණසේකර
එළ එළ. 100ට මගෙනුත් උණුසුම් සුභපැතුම් සහෝ.
asan
patta machan
MENUKA
SIYALUDENATAMA SUBAMA SUBA NAWA WASARAK
UPASIRESI 100 K GENAEMA PILIBADAWA STHUTHI KARANAWA
PULUWANNAM TRANSFORMERS PRIME ANIMATION EKATA SUB DENA LESA ILLA SITINAWADCD Weerawardhana
Thanks bro... :-) Ikmaninma 1000 gahanna lebenna kiyala suba pathanava :-)
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
බයිස්කොප් වාසි සියලුම දෙනාට සුබම සුබ නව වසරක් වේවා... !
100ත් ගැහුවා නේ ඉක්මනින්ම.
කිසිම Site එකකින් දීලා නැති Person of Interest (2011-) එක දෙන්න බලන්න.
Action නිසා බලන කට්ටියත් වැඩි වෙයි. :-D
ජය වේවා. !Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……100ට උණුසුම් සුභපැතුම්..........
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
පලමුවෙන්ම සුබ පතනවා 100 වෙනි කඩඉමට.
සීයලා වැඩි වෙන්න වෙන්න සයිට් එකට හොඳයි නෙව. :)
මටත් කිහිප දෙනෙක්ම කිව්වා දෙසීයා වෙන්න කියලා. ඒවා කරන්න වෙයිද දන්නේ නෑ.
ඒත් සහෝට පුළුවන් දෙසීයා කෙනෙකුත් වෙන්න.Black Mirror එකට සබ් දෙන්න.
සීසන් තුනක් වුනාට එක සීසන් එකකට දෙන්නේ එපි 3ක් විතරයි.මම කරන්න බැළුවත් ඒකට වෙලාව මදි වගේ.
සහෝට පුළුවන් නම් ඒකත් කරන්න.සතුටින් පිරි, ගුනයෙන් ඉතිරි.
සෞභාග්‍ය වෑහෙන සුබ නව වසරක් වේවා !!!ආයු -බෝ -වේවා !!!
නුවන්ත දුලාන්
100 වෙනි කඩඉමට පැමිණි ඔබට සුභ පතනවා!!!!
ඒවගේම සුභ නව වසරක් වේවා!!!!Dimuthu
යාලුවා මේ කනම් සුපිරි කතාවක්.. මම කොටස් 4 ක් එක දිගට බැලුවා.. නියමයි.. ස්තුතියි...
විකියා
උණුසුම් සුභ පැතුම් සහෝ
දිගටම සබ් දෙමු
ජය වේවා!!!
Ishan
Suba pethum saho...
lakshan
100 වෙනි උපසිරසියට සුබ පැතුමි සතුටින් පිරි, ගුනයෙන් ඉතිරි.
සෞභාග්‍ය වෑහෙන සුබ නව වසරක් වේවා !!!saliya
wish U for 100 sub
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බයිස්කෝප් එකේ ඇඩ්ඩින් අයියලා හැමෝටමත්,
හැමදාමත් අපිට සබ් අරගෙන එන බයිස්කෝප් උපසිරැසිකරුවෝ හැමෝටමත්,
බයිස්කෝප් සයිට් එකත් එක්ක එකතු වෙලා සබ් ගන්න, කමෙන්ට් කරන ඔයාලා හැමෝටමත්
2015 අවුරුද්ද ටිවි සිරියස්, ෆිල්ම් වලින් පිරි ඉතිරි යන
සුභ නව වසරක් වේවා… . . !
උපසිරැසියටත් thanku wewa