Watch Trailer

Amazon (1999) E09 Sinhala Subtitles | රක්ත දේවතාවිය [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

පෙර කොටසින්...

වනචාරී ගමේ ගෝත්‍රිකයන්ගේ විශ්වාසයේ හැටියට, කොළු ගැටයෙක් පිරිමියෙක් බවට පත්වෙනවා නම් ඒ කොළු ගැටයා මිය යන්න ඕනේ. මේ නිසා විල්ට කිසිම කෑමක් බීමක් නැතුව කැලෑවේ තනියම මරණයත් එක්ක සටන් කරන්න සිද්ධ වෙනවා. මේ සටනින් දිනලා තමයි මෙයාට නියම පිරිමියෙක් විදිහට නැවත ඉපදෙන්න පුළුවන් වෙන්නේ.

මේ අතරේ කෝල් පූජකතුමා ඇතුළු නගරයේ සභාව රැස්වෙලා විල් ගැන හොයලා බලන්න ෆැල්ක්නර්ව යවන්න තීරණය කරනවා. නමුත් මේ ගමන නිසා වනචාරීන් එක්ක කිසිම යුද්ධයක් ඇති කරගන්න එපා කියන එක පූජකතුමා තදින්ම මතක් කරනවා. කොහොම වුණත් ෆැල්ක්නර් විල්ව ඉල්ලුවාම ගෝත්‍රිකයෝ කියන්නේ විල් දැන් එයාලගෙන් කෙනෙක්, ඒ නිසා එයාව දෙන්න බෑ කියලයි. නගරයේ අය දැනගන්නවා විල් දැන් වනචාරියෙක් වෙලා කියලා.

1 (2)


මේ කොටසේ වෙන ලොකුම සිදුවීම තමයි ඇන්ඩෘට හොඳටම උණ හැදිලා අසනීප වෙන එක. මේ ආසාදනය පැතිරෙයි කියන බයට නගරයේ අනිත් අය මිනිහව කැලේට ගිහින් දාන්න හැදුවත්, කැරන් මිනිහව දාලා යන්න කැමති වෙන්නේ නෑ. මේ වෙලාවේ ගමේ ඉන්න දොස්තර ඇවිත් ඇන්ඩෘගේ පපුවෙන් කූඩල්ලෝ වගේ සත්තු ජාතියක් තියන්න ගන්නවා. මේකට කෙරන් කැමති වෙන්නේ නෑ, මිනිහව පන්න ගන්නවා. පස්සේ පියා ඇන්ඩෘව පෲඩන්ස් ගාවට අරන් යනවා. පෲඩන්ස් යම් පානයක් ඇන්ඩෘට බොන්න දුන්නට පස්සේ ටිකකින් ඇන්ඩෘගේ හදවත නැවතිලා මිනිහා මැරුනා කියලා හැමෝම හිතනවා.

2 (3)

හැබැයි මළවුන් වෙනුවෙන් කරන යාදින්නකින් පස්සේ, හැමෝම පුදුම කරමින් ඇන්ඩෘ ආපහු පණපිටින් නැගිටිනවා! මිනිහා කියනවා මරණින් ආපහු එන්න තමන්ට ගොඩක් සටන් කරන්න වුණා කියලා. ඒ වගේම මිනිහා "ඒ යහපත් රාත්‍රිය මෘදුව නොයන්න, ආලෝකය නිවී යාමට එරෙහිව කෝපයෙන් සටන් කරන්න" කියලා අපූරු කවියකුත් කියනවා.

3 (2)

පස්සේ ඇන්ඩෘ තේරුම් ගන්නවා පෲඩන්ස් දුන්න 'මදර්වර්ට්' කියන පැළෑටි සාරය නිසා තමන් ඇත්තටම මැරුණේ නෑ කියලා. ඒකෙන් වුණේ හරියට රෝමියෝ සහ ජුලියට් නාට්‍යයේ වගේ මරණයේ පෙනුම ලබාදෙන එක විතරයි කියලා මිනිහා පැහැදිලි කරනවා. මේ 'මැරිලා' හිටපු වෙලාවේ මිනිහා හීනෙන් ලස්සන දියඇල්ලක් මුදුනේ විල් ඉන්නවා දැකලා තියෙනවා. කතාව ඉවරවුණේ ඇන්ඩෘ අර හීනෙන් දැකපු තැනටම ගිහින් "විල්!" කියලා කෑගහන කුතුහලය පිරුණු දර්ශනයකින්.

4 (2)

Rank: Platinum
Ratings
Reviews
0

Subtitles by

UD Shehan

Platinum

View profile
Subtitles
237
Downloads
454.7K
Readers' rating
No reviews yet

Quality and clarity are what matter most in my translations. I work hard to bring you a seamless and enjoyable viewing experience. Drop a comment if you like my work!

Write a review of UD Shehan →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.