Watch Trailer

Amazon (1999) E07 Sinhala Subtitles | දුක්බර වලෙහි රැයවල් 3ක් [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

පහුගිය කොටස පටන්ගත්තේ ටිකක් කලබලකාරී දර්ශනයකින්. අපේ කණ්ඩායමේ අය කතා වෙනවා කොහොමහරි මේ වරම් ලැබූවන්ගේ ගමෙන් පැනලා යන්න ඕනේ කියලා. දොස්තර මහත්තයා දන්නවා ගඟ පහළ ඔරුවක් තියෙන බව, ඒකෙන් බේරිලා යන්න අවස්ථාවක් තියෙන බව මෙයාලා දකිනවා. දොස්තර මහත්තයයි, ජිමීයි, ඇන්ඩෘ‍යි තමයි මේ ගමන යන්නේ. මෙහෙම ගිහින් බලධාරීන් හොයාගෙන අනිත් අයව බේරගන්න නැවත එන්න තමයි මෙයාලගේ අදහස.

ඉතින් මෙයාලා තීරණය කරනවා රහසින් පර්වතයක් උඩින් නැගලා කෙළින්ම ගඟ දිහාට යන්න. මේ අය පැනලා යනකන් ආරක්ෂකයින්ව නොමග යවන්න අපේ ගෑනු ටික බාරගන්නවා. ඇඳුම් ගලවලා හරි අවධානය වෙනස් කරන්නයි මෙයාලා ලෑස්ති වෙන්නේ. සයිලස් කියන මුරකරුවට අපේ පියා 64 මායම් දානවා, පොරත් මේකට අහුවෙනවා. ඉතින් පියයි කෙරනුයි මුරකරුවන්ව දිගටම රවට්ටගෙන ඉන්නවා.

1


කොහොමහරි දෙන්නෙක් පර්වතයෙන් පැනලා ගියා කියලා නගරේ අයට මාට්‍ටු වෙනවා. මෙයාලා අතුරුදහන් වුණ අයව හෙව්වත්, මේ අතරේ කැලේ ඉන්න "වනචාරීන්" කට්ටියක් කඳවුරට කඩා පනිනවා. ඒ එයාලගේ මැරුණු රණකාමීන් 3 දෙනා වෙනුවෙන් පළිගන්න, මේ පිටස්තරයින්ව යක්ෂයෝ 3 දෙනෙක් විදියට සලකලා මරලා දාන්න. මේ වෙලාවේ ලොකු සටනක් ඇතිවෙනවා. දෙගොල්ලොම ගහගන්නවා, අන්තිමට දෙයියන්ගේ නාමයෙන් වනචාරීන්ට ගහලා එයාලව පන්නගන්නවා.

හැබැයි මේ සටනේදී බේලම් කියන තරුණ පූජකවරයාට දරුණු විදියට තුවාල වෙනවා. මිනිහා මැරෙන්නමයි යන්නේ. ඒත් අපේ දොස්තර කෙනී ඉක්මනටම ක්‍රියාත්මක වෙලා උල් බටයක් වගේ දෙයක් පාවිච්චි කරලා පපුව තද කරලා ලොකු වෛද්‍ය කර්මයක් කරනවා. බේලම්ගේ ජීවිතේ බේරෙනවා. මේක දැකලා ගමේ ප්‍රධාන පූජකතුමා ඇතුළු හැමෝම පුදුම වෙනවා. මරණය පරදවපු මේක "ශුද්ධ වූ ත්‍යාගයක්" එහෙමත් නැත්නම් හාස්කමක් කියලා මෙයාලා හිතනවා. ඒ නිසා මේ පිටස්තරයෝ යක්ෂයෝ නෙමෙයි කියන එකත්, එයාලා ළඟ ඉන්න පොඩි ළමයා තමයි "දේවවැකිකරු" කියන එකත් මෙයාලා තදින්ම විශ්වාස කරන්න ගන්නවා.

2


මේ එපිසෝඩ් එකේ අන්තිම ටිකේ නම් තියෙන්නේ හරිම දුක හිතෙන වගේම කේන්ති යන සිදුවීමක්. කණ්ඩායමේ ඉන්න දොස්තරයි මහත්තයයි, රූපවාහිනී තරඟයක් දිනපු හාදයයි තීරණය කරනවා අනිත් අයව දාලා එයාලා දෙන්නා විතරක් පැනලා යන්න. අනිත් අයට යන්න අමාරු නිසා "අපි ගමක් හොයාගෙන ගිහින් අනිත් අයට උදව් අරන් එමු" කියලයි මෙයාලා කතා වෙන්නේ. ඉතින් මේ දෙන්නා පාන්දරම කෑමබීම බඩු මුට්ටුත් අරගෙන, ගමේ අහිංසක මනුස්සයෙකුටත් ගහලා අර ඔරුවත් අරගෙන පැනලා යනවා. උදේ නැගිටලා බලද්දී කට්ටියට තේරෙනවා මුන් දෙන්නා එයාල‍ට හොරා ගිහින් කියලා.

3


ඔරුවෙන් යන මේ මෝඩයෝ දෙන්නා හිතන්නේ දැන් බේරුණා කියලා. හැබැයි ගොඩබිම ඉන්න ගමේ අය කෑගහලා කියනවා "ඔතනින් යන්න එපා, ගංඟාව ගලා බසින්නේ ලෝකයේ අවසානයට!" කියලා. මුන් දෙන්නා හිතන්නේ අරගොල්ලෝ තමන්ව අල්ලගන්න කෑගහනවා කියලා, ඒ නිසා නතර කරන්නේ නැතුව දිගටම හබල් ගහගෙන යනවා. අන්තිමට මෙයාලට තේරෙනවා ගඟ කෙළවර වෙන්නේ ලොකු දියඇල්ලකින් (ලෝකාන්තයක් වගේ) කියලා, ඒත් එතකොට පරක්කු වැඩියි. අන්තිමට ඔරුව පෙරළිලා යනවා, ඔරුවේ අයිතිකාරයා වෙන ගමේ ඉන්න අහිංසක ජේකබ් කියන කෙනා මැරෙනවා. ජේකබ්ගේ නෝනා තමන්ගේ සැමියාගේ මිනිය ළඟ අඬන තැනින් තමයි මේ කොටස ඉවර වුනේ.

4

Rank: Platinum
Ratings
Reviews
0

Subtitles by

UD Shehan

Platinum

View profile
Subtitles
235
Downloads
454.7K
Readers' rating
No reviews yet

Quality and clarity are what matter most in my translations. I work hard to bring you a seamless and enjoyable viewing experience. Drop a comment if you like my work!

Write a review of UD Shehan →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.