Watch Trailer

Pocahontas (1995) Sinhala Subtitles | වන වඳුලේ අහිංසකාවිය [සිංහල උපසිරැසි සමඟ]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

සුබ දවසක් හැමෝටම! අද මම අරගෙන ආවේ Disney සම්භාව්‍ය ඇනිමේෂන් චිත්‍රපටයකට සිංහල උපසිරැසියක්. ඒ තමයි Pocahontas (1995). මේක 2D අනිමේෂන් ෆිල්ම් එකක්. Mike Gabriel සහ Eric Goldberg එකතුවෙලා අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එක Animation / Adventure / Drama / Musical ගණයට තමයි අයිති වෙන්නේ. මේ වෙද්දී IMDb දර්ශකයේ 6.7ක හොඳ අගයක් අරගෙන ලෝකය පුරා ප්‍රේක්ෂකයන්ගේ නොමඳ ආදරය දිනාගන්න මේ ෆිල්ම් පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම මේ ච්ත්‍රපටයට ඔස්කාර් (Oscar) සම්මාන දෙකකුත් දිනා ගැනීමට හැකි වුණා. ඒවා තමයි,


* Best Original Musical or Comedy Score
* Best Original Song - "Colors of the Wind"

Colors of the Wind අහල නැති කෙනෙක් නැතුව ඇති, මොකද මේ ෆිල්ම් එකටත් වඩා ඒ ගීතය අදටත් ජනප්‍රියයි. මේ ෆිල්ම් එකට උපසිරැසි කරන්නත් හේතු වුණේ මේකෙ තියෙන ගීත සහ අනිමේෂන් ස්ටයිල් එකත් මාරම ලස්සන නිසා.. 

17 වන සියවසේ ඇමරිකාවේ වර්ජිනියා ප්‍රදේශයේ ජීවත් වූ, ස්වදේශික ඇමරිකානු (Native American) කුමරියක් වන 'පොකාහොන්ටස්' වටා මේ කතාව ගලාගෙන යනවා. බ්‍රිතාන්‍ය ජාතික නැවියන් සහ ගවේෂකයින් පිරිසක් රන් හෑරීමට ඇමෙරිකාවට එනවා, මේ ගවේෂක කණ්ඩායමේ නායකයා වන 'ජෝන් ස්මිත්'. දවසක් ජෝන්ට අහම්බෙන් පොකාහොන්ටස්ව මුණ ගැහෙනවා. ඉතිං මේ හමුව ආදරයකට පෙරළෙනවා. ඒ අස්සෙ ඉංග්‍රීසි ආණ්ඩුකාරයා රත්තරං හොයන්න මුළු පරිසරයම හාරලා විනාස කරනවා. මේ නිසා මේ රතු ඉන්දියානුවන් කලබල වෙලා, දෙගොල්ලො අතර යුද්දයක් පටන් ගන්න හදනවා. කොහොම හරි පොකහොන්ටස්ගෙයි, ජෝන්ගෙයි ආදර හුටපටයත් මේ යුද්ධෙට මැදි වෙනවා.. තව නම් කියන්නෙ නෑ. ඔයාල බලලම ඉන්නකෝ.....

(ආ තව දෙයක් පොකහොන්ටස් කියන්නෙ ඇත්තම ස්වදේශික ඇමරිකානු කුමාරිකාවක්, හැබැයි මේ ෆිල්ම් එකේ වගේ ඇයගේ ජීවිතය එච්චර සුන්දර එකක් නම් වුණේ නෑ,  ඉංග්‍රීසි ජාතිකයන් විසින් පොකාහොන්ටස් ප්‍රාණ ඇපයට ගන්නා ලද අතර, සිරභාරයේ සිටි කාලය තුළ ඇය ක්‍රිස්තියානි ආගම වැළඳගත් අතර, ඇගේ නම "රෙබෙකා" (Rebecca) ලෙස වෙනස් කරගත්තා. ඇය ජෝන් රොල්ෆ් නම් ඉංග්‍රීසි දුම්කොළ වගාකරුවෙකු සමඟ විවාහ වුණා, එය ස්වදේශිකයන් සහ ඉංග්‍රීසීන් අතර කෙටිකාලීන සාමයක් ඇති කිරීමට හේතු වුණා.  වයස අවුරුදු 21 හෝ 22 වැනි කුඩා වියේදීම බඩවැල් ආශ්‍රිත රෝගයකින් හෝ වසංගත රෝගයකින් ඇය අභිරහස් ලෙස මිය ගියා. ඇයගේ සැබෑ කතාව ආදර කතාවකට වඩා යටත්විජිතකරණයේ සහ සංස්කෘතික ගැටුම්වල බිල්ලක් බවට පත් වූ අහිංසක තරුණියකගේ ඛේදනීය ඉතිහාසයකි. )

 එහෙනම් තවත් උපසිරැසිකින් හමුවෙමු.........

Rank: Bronze
Ratings
Reviews
0
Subtitles
8
Downloads
0
Readers' rating
No reviews yet

Write a review of A.I.Siriwardhana →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.