Watch Trailer

Avatar: Seven Havens [S01 : E09] Sinhala Subtitles | දූතයෝ - දෙවනි කොටස [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

ආයුබෝවන්, ඔන්න අද Avatar: Seven Havens කතාමාලාවෙ අවසන් කොටස් හතර නිකුත් වුණ දවසෙ, අටවෙනි කතාංගය දුන්නු හැටියෙම අනිත් අතට දඩිං බිඩිං ඩෝං ගාලා ඔන්න නවවෙනි කතාංගයත් අරගෙන ආවා. ප්‍රමාද වීම් මධ්‍යයෙ කට්ටියගෙන් කෙරෙන දොස්, ගෙරහිලි, චෝදනා හමුවෙ. 

කලින් කොටස ටිකක් මතක් කරගෙනම අද කොටස බලමු,

ඔන්න මේ වෙද්දි එලෝරාව භාරයෙ තමා මුහුණු නැත්තන්ගෙ රැජින ඉන්නෙ. ඉතිං මේ වෙද්දි එලෝරාවෙ පාලිකාව එහෙමත් නැත්තම් චෑන්ස්ලර් විසින් අනිත් ක්ෂේමභූමි වල ජනයාට එලෝරා වලට පැමිණෙන්න ආරාධනා කරනවා. ඉතිං මේ හැම ක්ෂේමභූමියකම පාලකයින් ඇවිදින් චෑන්ස්ලර් එක්ක කතා කරමින් සමුළුවක යෙදී ඉද්දී අනික් ක්ෂේමභූමි වල ධවල නෙළුම් සංවිධානයෙ අය කාර්තික් සමඟ කතා බහ කරමින් ඉන්නවා ඇවටාර්ව පරීක්ෂණ කිහිපයකට යොදවා ඇයගෙ පුහුණුව කොයිතාක් දුරට සාර්ථකද යන්න බලන්න. ඉතිං මේ සංවාදය වහලයක් මුදුනේ ඉඳලා පවී සහ නිෂා අහගෙන ඉන්නවා. ඉතිං පවීට ඕන වෙනවා තමන්ගෙ ඇමුණුම් කටුවෙ තියෙන සංකේතය අයිති කම්කරුවව හොයාගෙන යන්න, ඔවුන් මාර්ගෙන් දෙමව්පියන් ගාවට යන්න පුලුවන් වෙයි කියල අදහසින්. ඉතිං නිෂා ඒ අදහස ප්‍රතික්ෂේප කරද්දී පවී තනියම එතනින් පිටවෙලා යනවා. නිෂාට සිද්ධ වෙනවා ධවල නෙළුමෙ අනිත් අය ඉදිරියේ තමන්ගෙ හැකියාවන් ඔප්පු කර පෙන්නන්න ඔවුන් කරන ලද පරීක්ෂණ හමුවෙ. ඉතිං වායු පාලනයේදි හැර අනිත් පරීක්ෂණ වලදි නිෂා අසමත් වෙනවා. පසුව ඔවුන් තීරණය කරනවා නිෂාව වෙනම අරගෙන යන්න, එලෝරා වලින් පිටතට. මේ අතර කෝකියෙක් ලෙස සැරසී ඉන්න යුකීව ජේ විසින් දකිනවා, ඒ ගැන විමසන්න යන ජේව මුහුණු නැත්තන් විසින් වට කරද්දි ජේ කොහොමහරි අනතුරු අඟවන නළාව නාද කරනවා. එතනින් පසුව හිර භාරයේ ඉන්න මුහුණු නැත්තන්ගෙ රැජිනවත් කවුදෝ බේරාගන්නවා. සමුළුව මැදට ඇය එන්නෙ, තමන්ව තමන්ගෙ රැජින බේරගත්තායි පවසමින්. එතකොට අවසානයෙ අපිට පෙන්නනවා මුහුණු නැත්තන්ගෙ සැබෑම රැජින වෙන්නෙ අගම් කියලා.

ඉතිං කතාවෙ හොඳ ට්විස්ට් එකක් එක්ක ඔන්න ඔතනින් තමා ඉවර වෙන්නෙ. ඒවගේම මේ කොටසෙත් මුල ඉඳන් බලපු හැමෝම ආස කරන විදිහෙ ලස්සන ෆ්‍රේම්ස් කිහිපයක්ම බලාගන්නත් ලැබෙනවා. ඉතිං එහෙනම් අදට ගිහින් එන්නම්. පරක්කු වෙද්දි බනිනවා වගේම සබ් ගේනකොටත් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්නෙපා.

හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!

Rank: Gold
Ratings
Reviews
0
සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

2 comments

  1. Ishan Kavinda

    තැන්ස් අයියේ සබ් එකට♥️

    Reply
  2. Sandaru

    Thanks

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.