උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
මේ කොටස පටන් ගන්නේ පූජකවරු ජිමීගෙන් නඩු අහන තැනකින්. ජේකබ් කියන මනුස්සයට පහර දීලා එයාව මරණයට පත් කළා කියන චෝදනාව තමයි ජිමීට එල්ල වෙන්නේ. නමුත් ජිමී කියන්නේ ජේකබ් මැරුනේ පිරානා මාළුවෝ කාලා කියලා සහ තමන් බෝට්ටුවක් විතරයි හොරකම් කරන්න හැදුවේ කියලා. නඩු අහන පූජකවරු කණ්ඩායමේ අය හිතන්නේ අහසින් කඩා වැටුණු (යානය කඩා වැටීම) ජිමී ඇතුළු පිරිස යක්ෂයන් කියලා. මෙයාලා ඇත්තටම ස්වර්ගයෙන් ආවා නම්, "නැතිවුණු වචනය" මොකක්ද කියලා පූජකවරු ජිමීගෙන් අහනවා. ජිමී ඒ ගැන මුකුත් දන්නේ නැති නිසා කෝල් පූජකතුමා මිනිහව දවස් 3ක් කෑම බීම නැතුව "දුක්බර වල" කියන අඳුරු වලකට දාන්න නියෝග කරනවා.
මේ අතරතුර ඇන්ඩෘ ඇතුළු පිරිස පෲඩන්ස් කියන සමාජයෙන් කොන් කරපු කාන්තාව (මෙයාව යක්දෙස්සි කියලත් හඳුන්වනවා) හරහා මේ වරම් ලැබුවෝ කියන ආගමික කණ්ඩායමේ රහස් ටිකක් හොයාගන්නවා. මේ පෲඩන්ස් කියන විදිහට මේ කණ්ඩායම තදින්ම විශ්වාස කරන්නේ තමන් තමයි දේවපියාණන්ගේ අවසන් දරුවන් (වරම් ලැබූ අය) කියලා. මේ ගැන ෆැල්ක්නර් ජෝන් තවත් විස්තර කියනවා. අතීතයේදී දෙවියන් කෝප වී ලෝකයට මහා ජල ගැල්මක් එවූ අවස්ථාවේදී, ඔවුන්ගේ මුතුන් මිත්තන් නැවක් හදාගෙන මේ ඇමසන් වනාන්තරයේ තියෙන "පොරොන්දු දේශයට" ඇවිත් තියෙනවා.
ජිමීට වතුර ටිකකුයි ඉටිපන්දමකුයි දෙන්න ඕනේ නිසා ඇන්ඩෘයි කැරනුයි, ෆැල්ක්නර් ජෝන්ගේ උදව්වෙන් අර වල ළඟට යනවා. ඒත් එතනට එන බේලම් ඇන්ඩෘවයි කැරන්වත් ඒ අඳුරු වලටම තල්ලු කරලා දානවා. මේ වෙද්දිත් ඇතුළේ ඉන්න ජිමී ගොඩක් අමාරු තත්වයක තමයි ඉන්නේ කුසගින්නේ හාමත්වෙලා. ඇන්ඩෘ කල්පනා කරලා බලද්දී මිනිහට තේරෙනවා මේ වල ජල ඛාදනයෙන් හැදුණු එකක් කියලා. ඒ නිසා දිය ඇල්ලක් ළඟින් තියෙන විවරයක් හරහා එළියට යන්න මිනිහා පාරක් හොයාගන්නවා.
වලෙන් එළියට එන මේ තුන්දෙනාට අහම්බෙන් ගුහාවක් හමුවෙනවා. මේක පූජකවරුන්ට පමණක් බලන්න පුළුවන් "ශුද්ධ වූ බිත්තිය" සහිත ගුහාවක්. මෙතන 1570 සිට 1632 දක්වා කාලයේ ජීවත් වුණු අයගේ නම් සහ ඇටසැකිලි සිය ගාණක් මෙයාලා දකිනවා. එයාලා නැව් වලින් ආපු අය බවට ඇන්ඩෘ අනුමාන කරනවා. මේ ගුහාවේ බිත්ති වල බයිබලයේ මුල් පේළි ("මුල් කාලයේදී දෙවියන් වහන්සේ අහස සහ පොළව මැව්වා...") කියලා ලියලා තියෙනවා. මේ තමයි අර පූජකවරු කියන "නැතිවුණු වචන". ඉතුරු කොටස් භූමිකම්පාවක් වගේ ස්වභාවික විපතකින් විනාශ වෙලා කියලා ඇන්ඩෘ හිතනවා.
කොහොමහරි මේ ශුද්ධ බිත්තිය දැක්ක නිසා පූජක කණ්ඩායමේ නායකයින් ඇන්ඩෘ ඇතුළු පිරිසව අල්ලගෙන මරණයට පත් කරන්න හදනවා. තමන්ව බේරගන්න වෙන විකල්පයක් නැතිම තැන, ඇන්ඩෘ බයිබලයේ එන "ස්වර්ගයේ වැඩසිටින අපගේ පියාණනි..." කියන යාච්ඤාව හයියෙන් කියන්න පටන් ගන්නවා. තමන්ට නැතිවුණු වචන ටික මේ ආගන්තුකයන් දන්න බව දැකලා ප්‍රධාන පූජකතුමා ලොකු පුදුමයකට පත්වෙනවා. අන්තිමට ඇන්ඩෘ පූජකතුමාට කියනවා, දරුවෙකු මෙයාලව මෙහෙයවන බවට ලියවිලා තියන නිසා ඒ නැතිවුණු වචන ආපහු ලබාගන්න තමන්ට උදව් කරන්න පුළුවන් කියලා.

- Ratings
- Reviews
- 0
- Subtitles
- 236
- Downloads
- 454.7K
- Readers' rating
- No reviews yet
Quality and clarity are what matter most in my translations. I work hard to bring you a seamless and enjoyable viewing experience. Drop a comment if you like my work!

Subtitles
- #David Oyelowo
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Rashida Jones
- #Rebecca Ferguson
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #UD Shehan
- #උපසිරැසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet. Yours will be the first.
