උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
ඔන්න කාලෙකට පස්සේ තවත් සිංහල උපසිරැසියක් එක්ක බයිස්කෝප් එක්ක එකතු වෙන්න මට අවස්ථාවක් ලැබුණා. ❤️ මේ පාර මම ඔයාලට අරගෙන ආවේ පහුගිය මාසයේ අන්තිම සතියේ Netflix හරහා නිකුත් වුණු LEGO One Piece Mini Series එකේ පළවෙනි එපිසෝඩ් එකයි. 🏴☠️
මම හිතනවා ඔයාලා One Piece ෆෑන් කෙනෙක් නම්, මේ වෙද්දී Netflix එකේ One Piece Live-Action කතා මාලාවේ සීසන් දෙකම බලලා ඇති කියලා. එහෙනම් දැන් ඔයාලට පුළුවන් ඔයාලා ආස කරන Luffy, Zoro, Nami, Usopp, Sanji වගේම Chopperවත් LEGO Characters විදිහට බලාගන්න! 😍 ඇත්තටම කිව්වොත් මේක එපිසෝඩ් දෙකකින් සමන්විත හරිම පොඩි Mini Series එකක්.
🧱 මොකක්ද මේ LEGO One Piece කියන්නේ?
මේ Mini Series එක ගැන කෙටියෙන්ම කියනවා නම්, ඔයාලට මතක ඇතිනේ One Piece Live-Action සීසන් 2 අවසානයේදී Chopper ස්ට්රෝ හැට් කල්ලියට එකතු වුණු විදිහ. ඉතින්, මේ කතාවේදී අලුතින් කණ්ඩායමට එකතු වුණු Chopperට Usopp විසින් එයාලගේ One Piece හොයාගෙන යන ගමනේ මුල ඉඳන් සිද්ධ වුණු දේවල් කියලා දෙනවා.
දැන් ඔයාලට හිතෙයි, “ආයෙත් පරණ කතාවමද? Live-Action එක බැලුවනේ!” කියලා. 😅 එහෙම හිතලා මේක මඟහරින්න නම් එපා! මොකද මේ පාර අපිට ඒ සුපුරුදු කතාව දකින්න ලැබෙන්නේ LEGO Style එකෙන්. ඒ විතරක් නෙවෙයි, LEGO Moviesවල තියෙන ඒ අපූරු හාස්යයත්, විහිළුත් එකතු වුණාම මේක වෙනස්ම විදිහේ අත්දැකීමක් වෙනවා. ඔයාලා මීට කලින් LEGO Movie එකක් හරි බලලා තියෙනවා නම්, ඒවයේ තියෙන ආතල් එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ! 😂
☠️ පළවෙනි එපිසෝඩ් එකෙන් මොනවද බලාගන්න පුළුවන්?
පළවෙනි එපිසෝඩ් එකෙන් අපිට බලාගන්න පුළුවන් වෙන්නේ ලුෆීට මුහුදු කොල්ලකරුවෙක් වෙන්න තියෙන හීනය ගැනත්, ඒ හීනය සැබෑ කරගන්න යන ගමනේදී එයා කොහොමද තමන්ගේ ස්ට්රෝ හැට් කණ්ඩායම එකතු කරගන්නේ කියන එක ගැනත් තමයි.
කෙටියෙන්ම කිව්වොත්, One Piece Live-Action සීසන් 1 එකේ සිදුවීම් ටික Usopp විසින් Chopperට කියන විදිහට LEGO Style එකෙන් ආයෙත් රසවිඳින්න ඔයාලට පුළුවන්. හැබැයි මේ පාර ඒ සුපුරුදු වික්රමාන්විතයන් එක්ක LEGOවලටම ආවේණික වුණු විහිළුත් එකතු වෙලා තියෙන නිසා, පරණ කතාව වුණත් අලුත්ම අත්දැකීමක් වෙයි කියලා හිතනවා. 😉
ඉතින්, ඔයාලත් One Piece ෆෑන් කෙනෙක් නම් මේ LEGO වික්රමාන්විතයත් අනිවාර්යයෙන්ම බලන්න. බලලා ඉවර වෙලා ඔයාලගේ අදහස්, කැමතිම කොටස් එහෙම කමෙන්ට් එකකින් කියාගෙන යන්නත් අමතක කරන්න එපා!
එහෙනම් දෙවැනි එපිසෝඩ් එකේ සිංහල උපසිරැසියත් හැකි ඉක්මනින් බයිස්කෝප් එකට අරගෙන එන බලාපොරොත්තුවෙන්, දැනට මම සමුගන්නම්.
හැමෝටම ජය වේවා! බයිස්කෝප් එක්කම ඉන්න!
- Ratings
- Reviews
- 0
- Subtitles
- 5
- Downloads
- 25.6K
- Readers' rating
- No reviews yet

Subtitles
- #Lego One Piece S01 Sinhala Sub
- #Lego One Piece S01 Sinhala Subtitles
- #Lego One Piece Season 1 Sinhala Sub
- #Lego One Piece Sinhala Sub
0 comments
No comments yet. Yours will be the first.
