උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
හලෝ හැමෝටම මේ අරන් ඇවිත් තියෙන්නෙ බෙන් 10 සීසන් 2 එපිසෝඩ් 5ටයි 6ටයි සබ් එකපස්වැනි කොටසේදී බෙන්, ගුවේන් සහ කෙවින් එකතු වෙලා අත්හදාබැලීමක් කරන්න ගිහින් ටෙලිපෝටර් පෑඩ් එකක් සම්පූර්ණයෙන්ම විනාශ කරගන්නවා. ඒක හදාගන්න තාක්ෂණික දක්ෂතා තියෙන එයාලගේ පරණ යාළුවෙක්ව හොයාගෙන ගියාම, ඩීඑන්ඒලියන්ලා විසින් ලොකු කුමන්ත්‍රණයක් වෙනුවෙන් එයාව පැහැරගෙන ගිහින් කියලා දැනගන්න ලැබෙනවා. පාළු නගරයක් ඇතුළේ අද්භූත ආවරණයකින් හංගලා හදන මේ භයානක පිටසක්වල කඳවුරට කඩාපැනලා යාළුවව බේරගන්න යන කණ්ඩායමට උන්ගේ දැවැන්තම ඉදිකිරීමක් සහ ලොකු සතුරන් පිරිසක් මැද අමාරු මෙහෙයුමකට මුහුණ දෙන්න වෙනවා.
හයවැනි කොටසට එද්දී ෆොරෙවර් නයිට්වරුන්ගේ (Forever Knights) පැත්තෙන් ලොකු අවුලක් පටන් ගන්නවා. කලින් පරාජය වෙච්ච නයිට්ලා අභ්‍යවකාශ යානා හදන්න පිටසක්වල තාක්ෂණයක් පාවිච්චි කරන්න හදන අතරතුර, එයාලගේ ඇස ගැටෙන්නේ බෙන් සහ ජූලිට සම්බන්ධ හරිම සුවිශේෂී, හැඩතල මාරු කරන්න පුළුවන් පිටසක්වල සතෙක් වෙතටයි. ජූලි මේ සතාව තමන්ගේ සුරතලෙක් වගේ ආදරයෙන් බලාගන්න උත්සාහ කරද්දී, නයිට්වරු ඌව පැහැරගෙන ගිහින් විනාශකාරී ආයුධයක් විදිහට පාවිච්චි කරන්න හදන නිසා ජූලිටත් මේ සටනට කෙලින්ම මැදිහත් වෙන්න සිද්ධ වෙනවා.
මේ කොටස් දෙකෙන්ම පිටසක්වල ආක්‍රමණයේ තියෙන රහසිගත සැලසුම් තවදුරටත් හෙළිදරව් වෙන හැටිත්, ආදරය සහ මිත්‍රත්වය වෙනුවෙන් කරන කැපකිරීම් එක්ක කතාව තවත් වේගවත් සහ ත්‍රාසජනක වෙන හැටිත් හරිම ලස්සනට බලාගන්න පුළුවන් එහෙනන් ඊලඟ එපිසෝඩ් එක වෙනකන් ජය වේවා !
- Ratings
- Reviews
- 0
- Subtitles
- 36
- Downloads
- 25.2K
- Readers' rating
- No reviews yet

Subtitles
- #Ben 10 Sinhala Sub
- #Ben 10: Alien Force Season 2
- #Ben 10: Alien Force Season 2 Sinhala Sub
- #Ben 10: Alien Force Season 2 Sinhala Subtitles
- #Ben 10: Alien Force Sinhala Sub
1 comment
Sandaru

Thanks