උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
ආයුබෝවන් බයිස්කෝප් මිතුරනි!!
ඔන්න එහෙනම් මේ සැරේ මම සිංහල උපසිරැසි අරගෙන ආවේ ආදරය, රාජකීය බල අරගල සහ ෆැන්ටසි ලෝකයක අපූර්වත්වය එකට මුසුවුණු කොරියානු කතාමාලාවක් වෙන The Remarried Empress එක්කයි. ජනප්‍රිය වෙබ්ටූන් කතාව ඇසුරින් නිර්මාණය වුණු මේ කතාව, රජ මාලිගාවක ලස්සන පිටුපස සැඟවිලා තියෙන සංකීර්ණ සබඳතා අතරට අපිව අරගෙන යනවා.
imdb Rate-8.2/10
My drama list- 8.3/10
කතාවේ ප්‍රධාන චරිතය තමයි නැවියර්. නැගෙනහිර අධිරාජ්‍යයේ රැජිණිය වන ඇය බුද්ධිමත්, ගෞරවාන්විත, තමන්ගේ වගකීම් හොඳින් හඳුනන කෙනෙක්. හැබැයි රටක් ඉදිරියේ ශක්තිමත්ව පෙනී සිටින කෙනෙකුට වුණත්, තමන්ගේ පෞද්ගලික ජීවිතයේ හැම දෙයක්ම පාලනය කරන්න පුළුවන්කමක් නැහැ. සෝවියෙෂු රජු සමඟ ඇගේ සම්බන්ධයට අලුත් අභියෝග මතුවෙද්දී, මාලිගාව ඇතුළේ තියෙන බැඳීම් දිහා වෙනස් විදිහකට බලන්න ඇයට සිද්ධ වෙනවා.
ආදරයත් රාජකාරියත් එකිනෙකට ගැටුණොත් මොකද වෙන්නේ? තමන් ආදරය කරන අය වෙනුවෙන් ඉවසන එකේ සීමාව කොතැනද? කිරුළක් දරාගෙන ඉන්න අතරේ තමන්ගේ ආත්මගෞරවය රැකගන්නේ කොහොමද? නැවියර්ගේ කතාව දිගහැරෙන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්නත් එක්කයි.
මෙහි නැවියර් ලෙස Shin Min Ah, සෝවියෙෂු ලෙස Ju Ji Hoon, හයින්රි ලෙස Lee Jong Suk සහ රෂ්ටා ලෙස Lee Se Young රංගනයෙන් එකතු වෙනවා. කොරියානු කතාමාලා බලන යාළුවන්ට නම් මේ නම් ටිකත් හොඳට හුරු ඇති


රාජකීය පසුබිමක දිගහැරෙන ආදර කතා, චරිත අතර සංකීර්ණ බැඳීම් සහ බලය වෙනුවෙන් සිදුවෙන ගැටුම් බලන්න කැමති නම්, මේ කතාවත් ඔයාලගේ අවධානය දිනාගනීවි. ඉස්සරහට වෙන දේවල් ගැන වැඩිය කියලා කතාවේ කුතුහලය මම නැති කරන්න යන්නේ නැහැ.
එහෙනම් ඊලග එපියෙන් හමුවෙමු
ජය වේවා!!

- Ratings
- Reviews
- 0

Subtitles
- #The Remarried Empress S01 Sinhala Sub
- #The Remarried Empress S01 Sinhala Subtitles
- #The Remarried Empress Sinhala Sub
- #The Remarried Empress Sinhala Subtitles
0 comments
No comments yet. Yours will be the first.
