උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
සුබ දවසක් හැමෝටම! ඔන්න මම අද ගමෙරා Heisei Trilogy එකේ පළවෙනි ෆිල්ම් එක වෙන Gamera: Guardian of the Universe (1995) චිත්‍රපටියට සිංහල උපසිරැසි අරගෙන ආවා. මේ කයිජු ගැන නම් ලංකාවේ ගොඩක් අය දන්නෙත් නැතුව ඇති.. හැබැයි ඉතිං ඔයා මොන්ටර් ෆිල්ම් පිස්සෙක්නම් අනිවාරෙන්ම දැන ගන්න ඕනෙ කයිජු කෙනෙක් තමා මේ ගමෙරා කියන්නෙ.ජපානෙ විනාස කරන්න එන ගොඩ්සිලා වගේ නෙමේ, ගමෙරා කියන්නෙ ජපානෙ වගේම මුළු පෘථිවියේම ආරක්ෂකයා.. එතකොට මේ ගමෙරට විශේෂ හැකියාවන් කීපයක්ම තියෙනවා.
1. Plasma Fireball (ප්ලාස්මා ගිනි බෝල)
2. Ultimate Plasma (අවසාන ප්ලාස්මා ප්‍රහාර)
3. Magma Blaster (මැග්මා ප්‍රහාර)
4. Vanishing Fist / Banishing Fist (ශක්තිමත් ගිනි හස්ත ප්‍රහාර)
5. Electromagnetic Shockwave (විද්‍යුත් චුම්බක කම්පන තරංග)
6. Plasma Roller (ප්ලාස්මා භ්‍රමණ ප්‍රහාර)
7. Flight — පියාසර කිරීම
8. Super Speed — අධික වේගය
9. Underwater Mobility — දිය යට ගමන් කිරීම
10. Spinning Flight — කැරකෙමින් පියාසර කිරීම
තව මේ ගමෙරට මනුස්සයෙක් එක්ක Bond එකක් ඇති කරගන්නත් පුළුවන්. විශේෂයෙන්ම පුංචි ළමයි එක්ක. හරියට Monstervrse එකේ Kong වගේ.
ගමෙරා Heisei Trilogy එකට අයිති ෆිල්ම් 3 තමයි,
*Gamera: Guardian of the Universe (1995)
*Gamera 2: Attack of Legion (1996)
*Gamera 3: Revenge of Iris (1999)
Gamera Heisei Era Movie Trilogy

Gamera's Trilogy from Evolution (ෆිල්ම් 3නේ ගමෙරගෙ පරිණාමය පිළිවෙලින්, වම->දකුණ)

හරි දැං මේ පළවෙනි ෆිල්ම් එක ගැන කිව්වොත්, Shusuke Kaneko විසින් අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එක Action / Adventure / Sci-Fi / Kaiju ගණයට තමයි අයිති වෙන්නේ. මේ වෙද්දී IMDb දර්ශකයේ 7.3/10 ක ඉහළ අගයක් අරගෙන තියෙනවා. කතාව පටන්ගන්නෙ පැසිෆික් සාගරයේ අද්භූත ලෙස පාවෙන ප්ලූටෝනියම් අඩංගු අතහැර දැමූ දූපතක් (Plutonium Atoll) සහ ඒ මත ඇති අභිරහස් ඵලකයක් (Amulet)
සොයාගැනීමත් එක්කයි. ඒ එක්කම ජපානයේ පාළු දූපතකින් මිනිස්සු කන භයානක පියාඹන කයිජු වර්ගයක් වන 'ගියෝස්' (Gyaos) නමැති පුරාණ වඳවී ගිය සත්ව කොට්ඨාසයක් අවදි වෙනවා. මේ බිහිසුණු තර්ජනයෙන් පෘථිවිය බේරගන්න අතීත ඇට්ලැන්ටිස්වරු විසින් නිර්මාණය කරපු, පෘථිවියේ ආරක්ෂකයා වන 'ගමෙරා' අවදිවෙනවා. ආයෙ ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.. ගමෙරා පෘථිවිය බේරගන්න මේ රාක්ෂයොත් එක්ක සටන් කරනවා.. එහෙනම් ඉතුරු ටික ඔයාලට භාරයි.. ෆිල්ම් එක බලන්න.
Movie No01: Gamera: Guardian of the Universe (1995)

පරණයි කියල ෆිල්ම් එක අතහරින්න එපා.. මොකද මේ ෆිල්ම් එකෙන් පස්සෙ තාම සුපිරිම වැඩ ටික පටන් ගන්නෙ.. ෆිල්ම් එකෙන් ෆිල්ම් එකට කතාව වගේම ගමෙරගෙ ලුක් එක, Kaiju Villainsල, ෆිල්ම් වල Quality එකත් වැඩිවෙනවා. එහෙනම් 2වෙනි කොටසටත් ඉක්මනට සබ් අරගෙන එනකම් යාළුවෝ හැමෝටම සුභ දවසක් වේවා!
- Ratings
- Reviews
- 0
- Subtitles
- 9
- Downloads
- 0
- Readers' rating
- No reviews yet

Subtitles
0 comments
No comments yet. Yours will be the first.
