Watch Trailer

Amazon (1999) E10 Sinhala Subtitles | යුධ ගිනිදැල් ඇවිලෙයි [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

පහුගිය කොටස පටන් ගද්දිම අපේ කට්ටියට හිතාගන්න බැරි දෙයකට මුහුණ දෙන්න වෙනවා. එයාලා උදේ නැගිටලා බලද්දි මුළු නගරයම හිස් වෙලා, කවුරුවත් පේන්න නෑ. මේ ගැන හොයලා බලද්දි මෙයාලට අමුතු සිතියමක් වගේ එකක් හම්බවෙනවා. ඒ සිතියමේ සියොන්, බැබිලෝනියාව, ජේකබ්ගේ ඉණිමග වගේ බයිබලයේ එන නම් තියෙනවා. මෙයාලා තේරුම් ගන්නවා මේ ගමේ 'වරම් ලැබූ අය' එයාලගේ 'රක්ත දේවතාවිය' (Blood Angel) වෙනුවෙන් 'අරාරත්' කියන තැනට ගිහින් කියලා.

1 (3)

ඔහොම හොය හොය යද්දි මෙයාලට අතුරුදහන් වෙලා හිටපු අපේ දොස්තර කෙනඩි මහත්තයව පණපිටින් හම්බවෙනවා. හැබැයි මිනිහා ඉන්නේ ගොඩක් අමාරු තත්ත්වෙක. මිනිහගේ අස්ථි බිඳිලා, තුවාල වල කීඩෑවෝ පිරිලා, උණත් හැදිලා දුර්වල වෙලයි ඉන්නේ. පුදුමේ කියන්නේ දොස්තරට තුවාල වෙලා තියෙන්නේ සතෙක්ගෙන් හරි ඊතලයකින් හරි නෙමෙයි, වෙඩි උණ්ඩයකින්.



2 (4)
මේ අතරේ විල්ට සර්පයෙක් දෂ්ට කරනවා. කොල්ලා සිහියත් හරියට නැතුව ගොඩක් අමාරුවෙන් ඉන්නේ. මෙතනට එකපාරටම වනචාරීන් ඇවිත් කියනවා විල් ජීවත් වීම ප්‍රතික්ෂේප කරනවා වගේ කියලා, ඒ නිසා එයාලට කරන්න තියෙන්නේ දෙවියන්ගෙන් අයදින එක විතරයි කියලා එයාලා කියනවා.

දොස්තර කෙනඩිට ටිකක් සිහිය ආවම මිනිහා කියනවා තමන්ට කවුදෝ වෙඩි තිබ්බා කියලා, ඒ වගේම එයාලා ළඟ තුවක්කු තිබුණා කියන්නේ එයාලා බාහිර ලෝකයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ශිෂ්ට සම්පන්න පිරිසක් වෙන්න ඕනේ කියලා මිනිහා අනුමාන කරනවා. හැබැයි දොස්තරටත් හරියටම මතක නෑ තමන්ව කවුද එතනට ගෙනත් දැම්මේ කියලා, මඩ ගාගෙන හිටපු සතෙක් වගේ කෙනෙක් තමන්ට උදව් කළා කියලා මිනිහා කියනවා.

3 (3)

ඇන්ඩෘලා වරම් ලැබූ අයව හොයාගෙන යද්දි කෝල් පූජකතුමා ඇතුළු සියලුම ගමේ පිරිස හමුවෙනවා. මේ පූජක කණ්ඩායම දැන් ලොකු යුද්ධයකට ලෑස්ති වෙනවා. ඒකට හේතුව ටැල්බට් (ඇන්ඩෘ) කියන ආගන්තුකයා එයාලගේ ඔළුවලට දාලා තියෙනවා විල් ගාව නැතිවුණු වචන තියෙනවා, එයා තමයි දේවවැකිකරු කියලා. රක්ත දේවතාවිය ගායනා කළාට පස්සේ, දේවපියාණන් රක්ත දේවතාවිය හරහා කතා කළා කියලා තීරණය කරන මේ පූජක කණ්ඩායම, දේවවැකිකරු වූ පිරිමි දරුවාව (විල්ව) බේරගන්න යුද්ධෙකට යන්න තීරණය කරන තැනින් තමයි මේ කොටස ඉවර වුනේ.



4 (4)

Rank: Platinum
Ratings
Reviews
0

Subtitles by

UD Shehan

Platinum

View profile
Subtitles
238
Downloads
454.7K
Readers' rating
No reviews yet

Quality and clarity are what matter most in my translations. I work hard to bring you a seamless and enjoyable viewing experience. Drop a comment if you like my work!

Write a review of UD Shehan →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.