Watch Trailer

Avatar: Seven Havens [S01 : E07] Sinhala Subtitles | යටින් ඇති සැඟවුණු දේ [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

ආයුබෝවන්, ඉතිං ඔන්න මේ අරගෙන එන්නෙ Avatar: Seven Havens සීරිස් එකෙ හත්වෙනි කතාංගයට උපසිරැසි. කලින් එපියෙදි සඳහන් කරා මීළඟ කතාංගයන්ට උපසිරැසි අරගෙන එන්නෙ බයිස්කෝප් සෝන් ඉවෙන්ට් එකෙන් පසුවයි කියලා. ඉතිං වෙලාවක් ලැබුණු වෙලාවෙම උපසිරැසි පුලුවන් ඉක්මනට ගේන්න හිතුවා. හිතුවා වගේම ඔන්න ගෙනාවා.

කලින් කොටස ටිකක් මතක් කරගෙනම අද කොටස බලමු,

හයවෙනි කොටසෙදි සිද්ධ වුනේ විෂමතාවෙ බලපෑමත් එක්ක එලෝරාව මධ්‍යයෙ හරියෙ වෙන්න විෂමතා පළිඟු වගයක් ඉහලට වැඩෙමින් තියෙනවා. ඉතිං මේකට චෑන්ස්ලර් විසින් භට කණ්ඩායමේ ධාතු-පාලකයන්ව යොදාගෙන රෑ එලිවෙනකං මේ පළිඟු වැඩෙන එක මර්ධනය කරන්න යොදාගෙන තිබුනත්, තමන්ට කිසිඳු නිදහසක් නැතුව දිගටම වැඩ තියෙන එකට භට කණ්ඩායමේ කීප දෙනෙක්ම චෑන්ස්ලර් සමඟ මේකට අමනාපයෙන් ඉන්නෙ. ඉතිං ඔය අතරෙම ටාලාත් අනතුරක් සිද්ධ වෙනවා. පවීගෙ කකුලේ වේදනාවත් එක්ක කාර්තික් ඇයව දොස්තර ජියා වෙත යොමු කරනවා. ඒ අතර කාර්තික් රෝහලේ පීඩිතයන්ගෙ කුටියට යන්නෙ කමාන්ඩර් බූටාන්ගෙ සැපදුක් විමසීමට. ඉතිං මෙතනට නිෂා සහ පවී ආවට පස්සෙ පීඩිතයන් සියල්ලම එකවර කලබල වී මොවුන් පසුපස පන්නන්න ගන්නවා. එක් වතාවකුත් විෂමතාවට මුහුණ දුන් නිසා පවී සහ නිෂා නිර්භයව විෂමතාව ස්පර්ශ කරනවා. ඒකෙන් ඔවුන්ට ඔවුන්ගෙ මව සහ පියාගෙ යම් මතකයක කොටසත් අනාවරණය වෙනවා. පසුව පවී සහ නිෂා තීරණය කරනවා ඔවුන්ට මොකක්ද වුනේ කියලා කොහොම හරි හොයාගන්න ඕනෙ කියලා.

ඉතිං ඔන්න ඔය විදිහට තමා කලින් කොටසෙදි සිදුවීම් ටික සිද්ධ වුනේ. එහෙනම් ඔය ටික මතක් කරගෙනම කතාව බලන්න. අනිත් දෙකත් පුලු-පුලුවන් ඉක්මනට ගේන්න උත්සහ කරන්නම්. ඉල්ලනකොටම ගේන්න උපසිරැසි අතේ තියාගෙන නැති හින්දා සිදුවන ප්‍රමාද වීම් ගැන කණගාටුයි!!!

හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!

Rank: Gold
Ratings
Reviews
0
සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

6 comments

  1. Dasun Lakruwan

    Supiri....💥

    Reply
  2. Pasindu Kalhara

    Thanx ayye ❤️.... ituru dekath puluwan ikmanin ooni 😁

    Reply
  3. Pasindhu induwara

    තැන්ස් මචන් සබ් එකට❤️අපි දන්නවා මචන් උබ වැඩ අස්සේ මෙකට සබ් ගෙන්නේ කියලා🥲එකට එකෙන්ම respect ❤️එවගේම සබ් එක අතේ තියාගෙන ඉන්නෙත් නැ කියලා දන්නෝ..මචන් උබට සබ් එක ගෙන්න අමාරු නම් වැඩ අස්සේ වෙන එකෙක්ට දියන් ගෙන්න..අර ben 10 දෙන කොල්ලා සබ් ඉක්මනට ගෙනවා♥️පොරට දෙන්න

    Reply
  4. Sandaru

    Thanks ruka

    Reply
  5. Nethuja Dilshan

    Avatar the last airbender එකටයි The legend of korra එකටයි සබ් දිලා තියෙන්නේ බයිස්කොප් එකෙන් විතරයි..මන් දන්න සිංහල සබ් දෙන Website 14 විතර තියේ එවගෙන් මෙක විතරයි දිලා තියෙන්නේ.එකයි අපි මෙච්චර respect කරන්නේ♥️Avatar seven havens එකට සබ් දෙන්න ගත්තේ ඔක්තොම්බර් 6 ඉදන්.එත් අද වෙනකන් 8 වෙනි 9 වෙනි එපිසොඩ් එකට සබ් ගෙන්න බැරි උනා නේ🥲මන් දැක්කා cineru එකෙන් Avatar seven havens එකට සබ් ගෙනල්ලා තියනෝ ඒ ඔක්තෝබර් 23 ඉදන් මේ වෙනකොට එපිසොඩ් 9 සබ් දිලා🥲එත් එකෙන් ගන්නේ නැතුව මෙක එනකන් බලන් ඉන්නේ එක නිසා ඉක්මනට දියන් මෙක..කරන්න බැරි වෙන කටහරි දෙන්න.එපා වෙලා තියෙන්නේ🥲

    Reply
    1. රුක්ෂාන් ඛාන්Rank: GoldSubtitle author

      මුල ඉඳන් උපසිරැසි දෙනකොට ආසාවට කමෙන්ට් එකක් දාලා නෑ. මොකක් හරිම කරුමයක් වෙලා සබ් එක ගේන්න පොඩ්ඩක් පරක්කු උනාම වෙනම වෙලාවක් වෙන් කරලා බණ කියලා හෑලි ලියන්න නං ඕන තරම් අය ඉන්නවා 😅

      Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.