Watch Trailer

I'm Game (2026) Sinhala Subtitles | මගේ නොවන මගේ අත [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

ආයුබෝවන්, බොහෝ දෙනෙක් බලා ගෙන හිටපු නවතම මලයාලි චිත්‍රපටයක් එළියට ආවා. උපසිරැසිය මෙන්න. බලා ගෙන ඉන්න ඇත්තෙ බොහෝ විට කාලෙකට පස්සෙ සුපිරි තරුවක් මේකෙන් එළි බහින නිසා වෙන්න ඕනෙ. දුල්කර් සල්මාන් තමයි මේක නිශ්පාදනය කරමින් ආපසු අප අතරට එන්නෙ. මේක ඔහුගෙ 40 වන චිත්‍රපටය. ඉතිං මේක දුල්කර් හිතපු තරම් ප්‍රේක්ෂකයා අතරට ගිය එකක් නම් නෙමෙයි. විශේෂයෙන් වාණිජ අතින් ගොඩ ගිය RDX අධ්‍යක්ශණය කරපු නාහස් හිදායත් තමයි මේකත් කලේ. ඒ උනාට බජට් එකෙන් බාගයක් වගේ තමයි මේක උපයා ගෙන තියෙන්නෙ. ඒක ටිකක් අසාධාරණයි කියල හිතෙන්නෙ කතාව ඒ තරම්ම නරක නැති නිසා. විශේෂයෙන්ම අමුතුම ප්ලොට් එකක් තියෙන්නෙ. බොහෝ විට මේක ඕනෙවට වඩා දිගට ඇදුන (විනාඩි 173) අනවශ්‍ය විදිහට ක්‍රිකට් තරඟ එකතු කරපු ටිකක් අනුමාන කල හැකි ආකෘතියක් නිසා වෙන්න ඇති. ඒ උනාට සමස්ථයක් හැටියට අපූරු චිත්‍රපටියක්. බෝරිං නම් ටිකක් ෆෝවඩ් කරල බලන්න.

තමන්ගෙ ශරීරයේ අවයවයක් තමන්ගෙ අණට අකීකරු වෙලා ක්‍රියා කරනව නම් මොන ප්‍රශ්ණයක් ඇති වෙයිද? විශේෂයෙන්ම මේ අවයවයට නම් ලොකු බලපෑමක් කරන්න පුළුවන්. මේ කතාවට පාදක වෙන්නෙ ඒක, ධනවතෙකුගෙ නාස්තිකාර පුත්‍රයෙක් සූදු අන්තුවෙක් ගැටුමකින් පස්සෙ අනතුරකට ලක් වෙනවා. ඔහුගෙ දකුණු අත ඉවත් කර නව අතක් බද්ධ කරනවා. ඉතිං ඒ අත ඔහුට කීකරු නෑ. ඒ මොකද කියල මේක බලන්න. ක්‍රීඩා සම්බන්ධ ඔට්ටු ඇල්ලීම් මේ කාලෙ හරි ජනප්‍රියයි. ඒවා කොතරම් නීති විරෝදී උනත් හැම රටකම මහා පරිමාණයෙන් ක්‍රියාතක වෙනවා වගේම ක්‍රීඩාවටත් යම් බලපෑමක් කරනවා. ඉතින් මේකේ ඉන්දියානු ප්‍රැන්චයිස් ක්‍රිකට් ලීගයක ඔට්ටු ඇල්ලීම සහ තරඟ පාවා දීම ගැනත් කතා කරනවා. ඒ නිසා මේක අත අරින්න එපා බලන්න කියලයි කියන්නෙ.

දුල්කර් සමග ඇන්තනි වාගීස්, මිස්කින්, කයාදු ලෝහාර් ගඩාලි, කදීර්, විනේ ෆෝට් වැනි විවිධ නළු නිළි කැලක් මෙහි සිටිනවා, බොහොමයක් මලයාලි නොවන අය නිසා මම නම් එතරම් දන්නෙ නෑ. විශේෂයෙන්ම මෙහි ඩේවිඩ් ලෙස දමිළ නළු මිස්කින්ගේ චරිතය නම් කැපී පෙනුනා කියල මට හිතෙනවා. එහෙනම් නැඅත හමු වෙමු. 

ආයුබෝවන්

Rank: Legend
Ratings
Reviews
0

Subtitles by

BANDULA K

Legend

View profile
Subtitles
362
Downloads
1.6M
Readers' rating
No reviews yet

Write a review of BANDULA K →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

140 downloadsDownload Subtitles71 KB

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.