Watch Trailer

Avatar: The Last Airbender [S02 : E01] Sinhala Subtitles | කොහේ හරි ආරක්ශිත තැනක් [සිංහල උපසිරසි]

Avatar: The Last Airbender [S02 : E01] Sinhala Subtitles ඉතිං කට්ටිය මොකෝ වෙන්නේ… මේ පේනවනේ බරටම වැඩ අප්පා. Netflix එකෙනුත් හෙන ආතල් වෙලාවකට ගන්නේ, මොකද මෙහෙම එකපාරම සේරම එපි ටික අතෑරියම අපි එපැයි ශනික සබ් ගහන්න. එහෙම බෑ හරිය, දවසට එක ගානේ දෙන්න ෆුල් ට්‍රයි එක දෙන්නම් හොඳේ. මේ ඇවිල්ලා Avatar – The…

Avatar: The Last Airbender Sinhala Subtitles

ඉතිං කට්ටිය මොකෝ වෙන්නේ… මේ පේනවනේ බරටම වැඩ අප්පා. Netflix එකෙනුත් හෙන ආතල් වෙලාවකට ගන්නේ, මොකද මෙහෙම එකපාරම සේරම එපි ටික අතෑරියම අපි එපැයි ශනික සබ් ගහන්න. එහෙම බෑ හරිය, දවසට එක ගානේ දෙන්න ෆුල් ට්‍රයි එක දෙන්නම් හොඳේ. මේ ඇවිල්ලා Avatar – The Last Airbender Live Action සීරිස් එකේ දෙවෙනි සීසන් එකේ පළවෙනි එපියේ සබ් එකයි. මේකේ කතාව නොඳන්න කෙනෙක් නැතුව ඇති මොකද ඉස්සර ආව ඇනිමේශන් එකේ කතාවම තමා මේකෙත් යන්නේ, වෙනසකට තියෙන්නේ මාර ඉක්මනින් කතාව යනවා මේකේ. කෝකටත් කියලා පොඩි හෑල්ලක් දාන්නම් යටින් සීසන් එකේ උන දේවල් ගැන නැත්තන් නිකං හෙලුවෙන් වගේනි…

කතාවේ පසුබිම:

ලෝකේ ජාති හතරක් තියෙනවා (Fire, Water, Earth, Air). හැබැයි ඔක්කොම අවුල් කරලා තියෙන්නේ “Fire Nation” එකෙන්. උන් ලෝකෙම අල්ලගන්න හදනවා. මේ ජාති හතරෙන් අයට තමන්ගේ මූලද්‍රව්‍ය පාලනය කරන්න (Bending) පුළුවන්. හැබැයි මේ ඔක්කොම බැලන්ස් කරලා ලෝකේ ආරක්ෂා කරන්නේ “Avatar” කියන කෙනා. කතාව මෙහෙමයි පටන් ගන්නේ…

Avatar ගේ ආගමනය:

අපේ කතානායකයා Aang. පොර තමයි අලුත්ම Avatar. හැබැයි පොරට ලෝකේ බේරගන්න බැරි වෙලා අවුරුදු 100ක් අයිස් කන්දක් ඇතුලේ හිරවෙලා ඉන්නවා. ඔය අතරේ Fire Nation එකෙන් Airbender ලා ඔක්කොම නැති කරලා දානවා (Genocide එකක්). අවුරුදු 100කට පස්සේ Sokkaයි Kataraයි කියන Water Tribe එකේ සහෝදර සහෝදරියෝ දෙන්නෙක් Aang ව අයිස් බෝලයක් අස්සෙන් හොයාගන්නවා.

ගමන:

දැන් Aang ට තේරෙනවා පොරට අයිති වගකීම. පොරට ඕනි Avatar කෙනෙක් විදියට මූලද්‍රව්‍ය හතරම (Air, Water, Earth, Fire) ඉගෙනගෙන මේ විනාශකාරී Fire Nation එක නවත්තන්න. ඉතින් Sokkaයි Kataraයි එක්ක මෙයා එක්ක ලෝකේ වටේ යනවා.

ප්‍රධාන සතුරා (Zuko):

මේ අතරේ Zuko කියන Fire Nation කුමාරයා එනවා Avatar ව අල්ලගන්න. පොරට ඕනි Avatar ව අල්ලලා තමන්ගේ තාත්තා (Fire Lord Ozai) ඉස්සරහා ආයේ පිළිගැනීමක් ලබාගන්න. Zuko එක්ක එයාගේ මාමා Iroh ඉන්නවා. Iroh නම් පට්ටම චරිතයක් (මගේ Personal Favorite චරිතයක්), අනිත් අය වගේ නෙවෙයි.

සීසන් 1 එකේ අවසානය:

මුළු සීසන් එකම යන්නේ Aang ට වෝටර් බෙන්ඩින් (Water bending) ඉගෙනගන්න උතුරු ධ්‍රැවයට (Northern Water Tribe) යන්න හදන එක වටේ. අතරමගදී ගොඩක් වික්‍රමාන්විත දේවල් වෙනවා, අභියෝග වලට මූණ දෙනවා. අන්තිමට උතුරු ධ්‍රැවයේදී Fire Nation එකෙන් කරන ලොකු ප්‍රහාරයකට මුහුණ දීලා, Aang ලා ඒක බේරගන්න හැටි තමයි සීසන් එකේ ක්ලයිමැක්ස් එක.

කෙටියෙන්ම කිව්වොත්:

මේක පට්ට Adventure කතාවක් ආය ඉතිං Animation එක බලපු අය දන්නවා ඒක කොච්චර සුපිරියක්ද කියලා. “Avatar” කෙනෙක් විදියට Aang තමන්ගේ වගකීම තේරුම් ගන්න හැටි, යාළුවෝ සෙට් එක එකතු වෙන හැටි සහ Fire Nation එකේ කුමන්ත්‍රණ ගැන තමයි පළවෙනි සීසන් එකේ සිද්දිය වුනේ. සුපුරුදු විදිහට මම මේ දෙවෙනි සීසන් එකේ පළවෙනි එපිය ගැන කියන්න යන්නේ නෑ, කතාවට Spoil වගේ නිසා. එහෙනම් බලන්න කියලා ආරාධනා කරනවා Animation එක තරම් නැති උනාට මේකේ VFX, CGI එහෙම දීලා තියෙනවා ලෙසටම ආය මඳි නොකියන්නම.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,218 downloadsDownload Avatar-The-Last-Airbender.S02E01.zip27 KB

width=

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                   Previous BT1All BT1Next BT1

 

Subtitles

2,218 downloadsDownload Subtitles27 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි සහෝ මේ සීරිස්එකට සබ්දෙන්න පටං ගත්තට

  2. Tharidu Sagara Sadalu

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.