උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
හලෝ හැමෝටම අද මම ගේන්න යන්නෙ හැමෝම බලන් හිටපු Ben 10 Alian Force එකට සිංහල සබ් එක.මේක ටිකක් පරක්කු උනාට අමතක කරලා දාපු සීරීස් එකක් නෙමෙයි. ඒවගේම මේකෙ හම්බෙන ජීවීන් ගැන පොඩි විස්තරයක් ගේන්නත් බලාපොරොත්තු වෙනවා.
මන් මේ විස්තරය අපි හැමෝටම ප්රශ්නයක් වෙලා තිබ්බ තැනකින් පටන් ගන්නම් මේකෙ මුලදි ගෑන්ඩ්පා මැක්ස් නැත්තන් අපි හැමෝම දන්න බෙන්ගෙයි ගුවේන්ගෙයි සීයා කියනවා එයාගාව omitrix එක නැත්තන් බල ඔරලෝසුව තියනවා කියලා එයා කියන්නෙ ඇත්තක් නෙමෙයි. අපිට ඒ ගැන තව සැක හිතෙන්නෙ බෙන් 10ගෙ ඔරලෝසුව තිබ්බ එකට වඩා මේ කතාමාලාවෙදි වෙනස් වෙන හින්ද ඇත්තටම ඒක වෙන්නෙ බෙන් 10 ඔරිජිනල් සීරීස් එකේ අන්තිමට බල ඔරලෝසුව ඩැමේජ් වෙන හින්ද බෙන් මේකෙ මුලදි ඒක රීබූට් කරනකොට නැතුව මේක අලුත් බල ඔරලෝසුවක් නෙමෙයි පරන එකම තමයි
දෑන් අපි බලමු මේකෙ ඉන්න පිටසක්වලයො ගෑන පොඩි විස්තරයක්. මේකෙ ඉන්න පිටසක්වලයො මන් අපි පොඩි කාලෙ හම්බෙන නම් වලින්ම හදුන්වන්නම් එතකොට හැමෝටම ලේසි හින්ද. අපිට මුලින්ම හම්බෙන ජීවියා තමයි Swamp Fire නැත්තන් ගස් ගිනියා මෙයා Methanosian(මෙතනෝසියන්) වර්ඟයේ ජීවියෙක් ඒවගේම මෙයාගෙ මවු ග්රහලෝකෙ තමයි Methanos කියන්නෙ මෙයාගෙ ශක්තීන් විදිහට මෙයාට ගින්දර විදින්න,ගස් පාලනය කරන්න,බෝම්බ දාන්න,නැවත වැඩෙන්න,ශක්තිය වගේම ගෑස් පාලනය කිරීමේ හැකියාවක් තියනවා කොටින්ම කිව්වොත් බෙන් 10 විශ්වයේ ඉන්න ශක්තිමත්ම ජීවීන්ගෙන් කෙනෙක් තමා මෙයා මෙයාගෙ මේ ශක්තීන් වගේම මෙයාට දුර්වලතා තියෙනවා දැඩි සීතලේදි මෙයාගෙ ශක්තිය අඩු වෙනවා වගේම ලොකු පාරක් වැදුනම නිකන් චප්ප වෙන්නම වගේ මෙයා නැවත වැඩෙන්න ටික කාලයක් ගත වෙනවා ඒ කොහොම උනත් මෙයා ගොඩක් ශක්තිමත් ජීවියෙක් කියලා අපිට හිතාගන්න පුලුවන්

ඊළගට අපි කතා කරමු echo echo නැත්තන් සද්දේ සද්දේ ගැන එයා පැවත එන්නෙ Sonorosian(සොනොරෝසියන්) කියන ජීවීන් කොට්ටාශයෙන් ඒවගේන එයාගෙ මවු ග්රහලෝකෙ තමයි Sonorosia කියන්නෙ එයාගෙ ශක්තීන් ගැන කිව්වොත් එයාට එයාගෙ සද්දෙන් සොන්ක් බූම් ඇති කරන්නත් කෝල්නකරනය වෙන්නත් ඉක්මනින් තැන තැන ගමන් කරන්නත් හැකියාව තියෙනවා ඒවගේම දුර්වලතා ගැන කිව්වොත් එයාට සද්දෙ උරාගන්න හෝ සද්දෙ ඇහෙන්නැති හතුරොත් එක්ක සටන් කරන්න බෑ ඒ වගේම අතින් පයින් සටන් කරන්නත් බෑ කොටින්ම කිව්වොත් හතුරා ලගට ආවොත් එයා ඉවරයි මොනාඋනත් එයාගෙන් බෙන් ලොකු වැඩ ටිකක්නම් කර ගන්නවා

ඊලඟට කතා කරන්න යන ජීවියා තමයි Humungousaur නැත්තන් මහා උරඟ දැවැන්තයා කියන්නෙ එයා පැවත එන්නෙ Vaxasaurian(වෙක්සේරියන්) කියන ජීවීන් කොට්ටාශයෙන් ඒවගේම එයාගෙ මවි ග්රහලෝකෙ Vaxasauria කියන ග්රහලෝකෙ එයාගෙ ශක්තීන් කිව්වොත් විශාල ශක්තිය,විශාල වීමෙ හැකියාව,නැට්ටෙන් පහර දීමේ හැකියාව වගේම සම ඉතාම ඝනකම නිසා තුවාල වෙන්න තියන හැකියාවත් ගොඩක් අඩුයි දුර්වලතා කිව්වොත් පොඩි පොඩි තැන් වල රින්ගන්න බැරි වීම,මැජික් ප්රහාර වලට මුහුනදෙන්න බැරි වීම වගේම වේගය හදුන්වන්න පුලුවන් මොනාඋනත් මෙයත් බෙන්ගෙ ආසම ජීවියෙක් කියලා කියන්න පුළුවන්

අදට මේ ඇති ඊලග එපි වල හම්බෙන අලුත් අලුත් ජීවීන් එක්ක එයාලගෙ පොඩි විස්තරයකුත් ගේන්නම් එහෙනම් ඊලග එපිය වෙනකම් ජයවේවා.
- Ratings
- Reviews
- 0
- Subtitles
- 20
- Downloads
- 25.2K
- Readers' rating
- No reviews yet

Subtitles
- #Ben 10 Sinhala Sub
- #Ben 10: Alien Force S01 Sinhala Sub
- #Ben 10: Alien Force S01 Sinhala Subtitles
- #Ben 10: Alien Force Season 1 Sinhala Sub
- #Ben 10: Alien Force Season 1 Sinhala Subtitles
- #Ben 10: Alien Force Sinhala Sub
5 comments
යොහාන් සම්පත්

ස්තූතියි සහෝ...
දිගටම කරගෙන යමු 🤍