උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
ආයුබෝවන් ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ඔයාලට Avatar: Seven Havens පස්වෙනි කතාංගය. බහුතරය දෙනා දැන් මේ වෙද්දි මේ සීරිස් එක දිහා ආශාවෙන් බලන්නෙ ATLA බලපු අතීත කාමයත් ආවර්ජනය කර ගන්නා බලාපොරොත්තුවත් ඇතුව. තාමත් ඉතිං ස්ටෝරිය මිඩ්-ෆ්ලෝ එකක තමා ගලාගෙන යන්නෙ.
ඉතිං ඔන්න කලින් කොටස එහෙමත් නැත්තම් හතරවෙනි කොටස බලපු ඔයාලා මේ වෙද්දිත් දන්නවා මුහුණු නැත්තන් කියලා කල්ලියක් එලෝරාවල ධාන්ය ගබඩාවලට පහර දෙනවා සහ මංකොල්ල කනවා කියන වග. ඊට අමතරව ඔවුන් එලෝරාවල ගොවිපලෙන් කැමෝඩිලෝ කියන සත්තුන්ව පැහැරගෙන යනවා. ඒ අතර පවීව බේරගන්න නිෂාට ඇයගෙ අනෙක් හැකියාවක් වන වායු පාලනයත් දෙවරක් නොහිතාම පාවිච්චි කරනවා. ඒ වෙලාවෙ අවාසනාවකට වගෙ භට කණ්ඩායමෙ එක් ආරක්ෂකයෙක් මැය එකවර මූලධාතූන් දෙකක් පාලනය කර හැටි තමන්ගෙ ඇස් දෙකෙන්ම දකිනවා. ඉතිං ඒ මොහොතේ ඉඳන්ම ඔහුට වැටෙනවා එහෙම එකවර මූලධාතූන් කීපයක් පාලනය කරන්න පුළුවන් එක් අයෙකු පමණයි ලෝකෙටම ඉන්නෙ ඒ වෙන කවුරුත් නෙවෙයි ඒ ඇවටාර් කියන වග. එතනින් ඔහු සෑහෙන කම්පනයකට පත්වෙනවයි අනතුරුව කතාංගය එතනින් අවසන් වෙනවා. අද යන්නෙ එතනින් පසුව කොටස, මුළු එලෝරාව පුරාම ඔහු මේ ‘ඇවටාර් නැවත පැමිණිලා’ කියන ආරංචිය පතුරවනවා. එතනින් පසුව පවීට සහ නිෂාට එන බලපෑම, කාර්තික්ට වෙන බලපෑම, භට කණ්ඩායමට වෙන බලපෑම වගේ දේවල් කීපයක් තමයි අද කොටසින් බලාගන්න ලැබෙන්නෙ.
ඉතිං ඔයිට වඩා යමක් කියන්න බලාපොරොත්තුවක් නෑ. ඊලඟ කතාංගයෙනුත් පුළුවන් ඉක්මනට හමුවෙමු. එතකං දැනට ගිහින් එන්නම්.
හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!

- Ratings
- Reviews
- 0
- Subtitles
- 125
- Downloads
- 544K
- Readers' rating
- No reviews yet

Subtitles
- #Avatar: Seven Havens S01 Sinhala Sub
- #Avatar: Seven Havens S01 Sinhala Subtitles
- #Avatar: Seven Havens Sinhala Sub
- #Avatar: Seven Havens Sinhala Subtitles
2 comments
Ishan Kavinda
![Avatar: Seven Havens [S01 : E05] Sinhala Subtitles | ඉතුරු වූ තැනැත්තා [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/10/bi-cb84bfb4a279063f96c84294.webp)
තැන්ස් මචන් සබ් එකට..වැඩ අස්සේ මෙකට සබ් දෙනවට ගොඩක් ස්තුතියි❤️