Watch Trailer

Broken But Beautiful [S01 : E01 & E02] Sinhala Subtitles | විරහව සොඳුරුයි ප්‍රේමයට වඩා!! [සිංහල උපසිරැසි සමග] (18+)

ඉතින්… මේ වැලන්ටයින් එක කොහොමද? කොහොමද දවස ගතවෙන්නේ? තමන්ගේ ආදරවන්තයා, ආදරවන්තිය එක්කමද? නැත්තම් තනියමම සාමාන්‍ය දවසක් විදිහටද? පහුගිය වැලන්ටයින් එකත් එක්ක බලද්දී, මේ අවුරුද්දෙත් ඔයා ඉන්නේ එයා එක්කමද ඉන්නේ? නැත්තම් වෙන කෙනෙක් එක්කද? එහෙමත් නැත්තම් තනියෙන්ද? ගිය අවුරුද්දේ ආදරවන්තයා, ආදරවන්තිය මේ අවු…

ඉතින්… මේ වැලන්ටයින් එක කොහොමද?
කොහොමද දවස ගතවෙන්නේ?
තමන්ගේ ආදරවන්තයා, ආදරවන්තිය එක්කමද?
නැත්තම් තනියමම සාමාන්‍ය දවසක් විදිහටද?

පහුගිය වැලන්ටයින් එකත් එක්ක බලද්දී,
මේ අවුරුද්දෙත් ඔයා ඉන්නේ එයා එක්කමද ඉන්නේ?
නැත්තම් වෙන කෙනෙක් එක්කද?
එහෙමත් නැත්තම් තනියෙන්ද?
ගිය අවුරුද්දේ ආදරවන්තයා, ආදරවන්තිය 
මේ අවුරුද්ද වෙද්දී බිරිඳ හෝ සැමියා වෙලාද?
උත්තරේ ‘ඔව්’ උනත්, 
තව ප්‍රශ්නයක් ඉතුරු වෙනවා…
බිරිඳ හෝ සැමියා උනේ ඔයාගෙමද?
නැත්තම් වෙන කෙනෙක්ගෙද?

අදටත් දන්නැද්ද දාලා ගියේ ඇයි කියලා?
බස් ටිකට් එකේ ඉඳන් හැම මතකයක්ම තියන් හූල්ලනවද?
අමතක කරනවා කියලා හිතුවත් අමතක කරන්න බැරිද?
වෙන කෙනෙක්ගේ අතේ එල්ලිලා යනවා දකිද්දී
පපුව හිර වෙනවා වගේද?
දවස් ගණන් නොකා නොබී ඉඳලා සුසුම් හෙලනවද?

ජීවිතේ එහෙමයි
ආදරේ එහෙමයි, සුන්දරයි
විරහව ඊටත් වඩා සුන්දරයි..
හා නැද්ද?
හැමදේටම ඔහේ යන්න දෙන්න
කාලය හැම දෙයක්ම විසඳයි

 

#B3 කියන්නේ ඔය උඩ කියපු කාටත් රහ විඳින්න පුළුවන් අපූරු ආදර කතාවක්. ගිය අවුරුද්දේ වැලන්ටයින් දවස මුරාත් සහ හයාත් එකතු වෙලා #Ask_Laftan_Anlamaz එක්ක හැඩ කරා මතකයිනේ. ඔන්න මේ අවුරුද්දේ #B3 එක්ක වීර් සහ සමීරා එනවා ඔයත් එක්ක වැලන්ටයින් එක සංකේතවත් කරන්න. පුරා අඩ හෝරාවන් 11ක් ඇතුළත එයාලගේ හිතේ කතන්දරේ දැකබලාගන්න අද ඉඳන් ඔයාලට පුළුවන් වෙනවා. පසුගිය වසරේ නොවැම්බරයේ නිකුත් වෙච්ච මේ ආදර කතන්දරේ ඉන්දියානු ප්‍රේක්ෂකයන් බොහොම ආදරෙන් තමා වැළඳගත්තේ. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8.7 ක් වගේ දැවැන්ත අගයකුත් හිමි කරගන්න තරම් වාසනාවන්ත වෙලා තියෙනවා. මේ පළමු කොටස් දෙක නැරඹුවට පස්සේ ඒ ගැන ඔයාලත් සහතික වෙයි. එහෙනම් ඉඩ දෙන ගමන්, මීළඟ කොටස් දෙකත් අරන් එන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. නරඹපු අයගේ අදහස් දැනගන්න මනාපයි.

ප.ලි : දීලා තියෙන ටොරන්ට් එක ගන්න අයටයි මේ පණිවිඩය. ඒ ටොරන්ට් එකේ සමහර කොටස් නම් කරලා තියෙනවා වැරදියි. අදාළ කොටස් මාරු කරලා දාලා තියෙන්නේ. ඉතින් විනාඩි 1.4ක්  විතර වීඩියෝ එක ෆෝවර්ඩ් කරලා බලලා ඒ මොන කොටසද කියලා සැකහැර දැනගෙන උපසිරැසිය එක්ක බලන්න කියලයි කියන්න තියෙන්නේ.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Web පිටපත් සඳහා අදාළ වේ.

3,210 downloadsDownload Broken-But-Beautiful-S1-E01-E02.zip27 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

PHOENIX

Subtitles

3,210 downloadsDownload Subtitles27 KB

25 comments

  1. Soori

    බොහෝම ස්තුතියි උපසිරැසියට මයුර සහෝ....
    සබ ගත්තා. එපිය බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකට දායි කියලා හිතනවා.
    සබ් එකෙන් ඒ ගැන හිතා ගන්න බැරි නිසා..

    එහෙනම් සුබ වැලන්ටයින් දිනයක් වේවා මයුර සහෝට....!!!

  2. රොයිලි

    මයුරත් වැලන්ටයින් සමරනවා වගේ. :P බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. ශසිත් සඳරුවන්

    වැලන්ටයින් දවසේ තනිකඩ අපගේ පුංචි හිත් රිදවනවට බොහොම ස්තූතියි. :P
    කමක් නෑ. ලව් ස්ටෝරියක් බලා සැනසෙමි.

  4. Imeshamadu

    Thenks for sub

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. Ayesh Prashan

    Thank You

  7. Kushan Charuka

    Thank u BRO sub එකට බලමු හයාත් මුරාත් වගේම අපිට මේ කතාවටත් ආදරේ හිතෙයිද කියලා...

  8. maikee

    thanx. lassani katawa. mn beluw kotas deka. anit ewage sub eka dennako.

  9. Kulanjana Maduranga

    subata thanks

  10. bimbi

    ආදර කතා සීරිස් එකක් දෙන එකනම් පට්ට වටිනවා .....
    ගිය පාර දුන්න තුර්කි සීරිස් එකත් නැගලා ගියා නෙහ්
    මේකත් ලොවෙත්‍ බලනවා
    දිගටම දෙමු ඇ !

  11. crazy_chamikim

    Ammooo loku deyak..balaagena indiye.....mama kalin comment karalath thibuna mekata sub denna kiyalaa..thanks brooo..

  12. ushan

    bohoma sthuthi oyata godaaaaaak

  13. Chamindu Madhushan

    පට්ට බන් සබ් එක එලට තිබුනා තෑන්ක්ස් මචන්. ඊලග කොටස් ටිකත් එනකන් ඉවසිල්ලක් නෑ. පුළුවන් වෙලාවක ඉක්මනට දෙන්න මචන්. ජයවේවා..!!

  14. MAALnath

    Thanks ................good luck ......................

  15. Krishainfer

    Thanx. Next episodes please.

  16. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති මයුර සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  17. maduranga kapilarathne

    Thanks mchn.Next episodes please!!

  18. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  19. suranuwan

    thanks ....

  20. BTC

    thanks bro..

  21. TharakaWAS

    Thanks for sub...!!!

  22. mali2017

    සුපිරි film එකකට සුපිරි sub එකක් දුන්නාට ස්තුතියි...

  23. DulajAeshan

    season 2 awilla! Subs denne neddooooo

  24. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  25. Ayesh

    Season 2 eketh sub dendako

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.