Watch Trailer

Classroom of the Elite [S04 : E16] Sinhala Subtitles | උපායේ වෙස් මුහුණු [සිංහල උපසිරසි]

Classroom of the Elite Season 04 Sinhala Subtitles තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. එකිනෙකාගෙ පුද්ගලික අරමුණු එක්ක විසඳන්නෙ කොහොමද කියල…

Classroom of the Elite Season 04 Sinhala Subtitles

තම තමන්ගෙ නොයෙක් පෞද්ගලික අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ගෙ අවට ඉන්න අයව සූක්ෂම විදිහට Manipulate වෙන හැටි බලාගන්න ලැබෙන නියම High School ඇනිමෙ කතා මාලාවක් තමයි Classroom of the Elite කියල කියන්නෙ. එකිනෙකාගෙ පුද්ගලික අරමුණු එක්ක විසඳන්නෙ කොහොමද කියල හිතාගන්න බැරි විදිහෙ ප්‍රහේලිකා, පරික්ෂණ වටේ කැරකෙන විදිහෙ කතාවක් වුනු මේ Classroom of the Elite Season 4 හි 16 කොටසේ සිංහල උපසිරැසිය එක්කයි මේ එකතු වෙන්නෙ. ඒ අනුව මේක තමයි Season 4 හි අවසාන කොටස. මේ සීසන් එකේ දැන් කතාව උච්චතම අවස්ථාවට ඇවිල්ලයි තියෙන්නෙ.

අයනොකෝජිගේ පිටිපස්සෙන් අනිත් හැම වසරකම අය පස්සෙන් එද්දි, තමන්ට උදව්වක් ගන්න පුලුවන් හැමෝගෙන්ම උදව් අරගන්න අයනොකෝජි පියවර ගත්තා. මොකද එයා මේ දූපත් පරික්ෂණයට තනි කෙනෙක් විදිහටයි සහභාගී උනේ. ඒ උදව්වල එක අවස්ථාවක් විදිහට රියුඑන් සහ පළමු වසරේ දරුණු ශිෂ්‍යයෙක් එක්ක අසීරු සටනක් සිද්ධ වුනා. ඒ අතරේ ශිෂ්‍ය සංගම් සභාපතිත් තමන්ට බාධා වෙන අයව අයින් කරගෙන යන්න පියවර ගන්න ගමන් තමයි තිබුනෙ. ඒ ලැයිස්තුවෙත් අයනොකෝජි හිටියා. මේ දේවල් අතරේ අයනොකෝජිව පාසලෙන් නෙරපීමේ සැලැස්ම තාමත් අවසන් නෑ. ඔහුට දූපතේ අවසන් එදිරිවාදියා විදිහට මුණ ගැහෙන්නෙ කවුද? දූපත් පරික්ෂණය අවසාන වෙන්නෙ කොහොමද? වැඩි ලකුණු අරන් ඉස්සරහට යන්නෙ කවුද? අඩු ලකුණු අරන් පාසලෙන් නෙරපෙන්නෙ කවුද? මේ අවසාන කොටසෙදි මොකද වෙන්නෙ? නරඹන්න මේ කොටස.

ඒ අනුව මේ කොටසින් Classroom of the Elite Season 4 අවසාන වෙනවා. ඒ අවසානය එක්ක ප්‍රේක්ෂකයන්ට ලැබුනු හොඳ ආරංචිය තමයි Season 5 හි නිෂ්පාදන කටයුතු ආරම්භ වෙන බවට තහවුරු කරපු එක. මේ Season 4 හි සිංහල උපසිරැසි නිර්මාණය උනේ Classroom of the Elite S04 1080p BILI WEB-DL AAC2.0 H.265 (Youkoso Jitsuryoku Shijou Shugi no Kyoushitsu e, Multi-Subs) කියන torrent පිටපතටයි. කොටින්ම ඕනිම web පිටපතකට මේ උපසිරැසිය ගැලපේවි. කතාව සහ උපසිරැසි ගැන ඔයාගෙ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් නිකුත් වුනු කාලයක Classroom of the Elite Season 5 තුළින් හමුවෙමු. Happy Anime!

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

• Episode Name – For a Certain Future
• Released Date – 2026.06.24
• IMDB Rating – 9.6 (at 2026.06.25)

Classroom of the Elite Season 04 Sinhala Subtitles

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

276 downloadsDownload Classroom-of-the-Elite-S04-E16-Sinhala-Subtitles.zip19 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1Next BT1

 

Subtitles

276 downloadsDownload Subtitles19 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.