Watch Trailer

Constantine City of Demons (2018-) [S01 : E01-E05] Sinhala Subtitles | යක්ෂයින්ගෙන් පිරුණු නගරයක [සිංහල උපසිරසි සමඟ]

ජෝන් කොන්ස්ටන්ටින් කියන්නේ කවුද කියලා අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැහැනෙ. මොකද අපිට ලස්සන සජීවිකරණ කතාමාලාවක් දකින්න ලැබුණා NBC නාලිකාවෙන්. අවාසනාවට ඒ කතාමාලාව නැවතුනා. පස්සේ කාලෙක අපිට Arrow, DC’s Legends of Tomorrow වගේ කතාමාලා වලින් පවා කොන්ස්ටන්ටීන්ව දැකගන්න ලැබුණා. ඊටත් පස්සෙ Justice League Dar…

ජෝන් කොන්ස්ටන්ටින් කියන්නේ කවුද කියලා අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැහැනෙ. මොකද අපිට ලස්සන සජීවිකරණ කතාමාලාවක් දකින්න ලැබුණා NBC නාලිකාවෙන්. අවාසනාවට ඒ කතාමාලාව නැවතුනා. පස්සේ කාලෙක අපිට Arrow, DC’s Legends of Tomorrow වගේ කතාමාලා වලින් පවා කොන්ස්ටන්ටීන්ව දැකගන්න ලැබුණා. ඊටත් පස්සෙ Justice League Dark (2017) ඇනිමේෂන් චිත්‍රපටයෙන් පවා හොද කතාවක් දැකගන්න ලැබුණා. හේතුවක් නැතුවම සුපිරි වීරයින්ටත් වඩා පස්සෙ කාලෙක මේ චරිතෙට අපි හුගක් ආදරේ කරන්න ගත්තා. මොකද එයාගෙන් අපි දැක්කෙ අමුතුම වෙනසක්. ඒ වෙනස නිසාම ප්‍රේක්ෂකයින් තවත් කතාසමයක් ඉල්ලලත් තිබුනා. ඒත් ලැබුණේ නම් නැහැ. මොකද කීයටවත් NBC නාලිකාවෙන් නම් එහෙම දෙයක් වෙන්නෙ නැහැ.

ඕක CW ලා කලා නම් අනිවාර්යෙන්ම නෑමක් මිස ගොඩ යෑමක් නැහැ. ඒත් නිතරම වගෙ CW නාලිකාවේ කතාමාලා අතරට මැට් රයන්ව ජෝන් හැටියට ගෙන්නන නිසාම මේ අය තීරණය කලා කොන්ස්ටන්ටීන්ව දම්මලා කෙටි ඇනිමේෂන් කතාමාලාවක් නිර්මාණය කරන්න. මේ නිවේදන පවා අපි මංසල හරහා දැනුවත් කලා. Vixen පළමු හා දෙවන කතාසමය කියලා කෙටි ඇනිමේෂන් කතාමාලාවක් අරගෙන ආවා මතක ඇති කියලා හිතනවා. අන්න ඒ විදිහටම තමයි මේ කතාමාලාව විකාශය වුණේ. CW ලගේ ඒකාබද්ධ තැනක් තමයි CW seed කියන්නේ. මේක හරහා කතාමලාවන් විකාශය වෙන්නේ අන්තර්ජාලය හරහායි.  කතාමාලාව නම් කරලා තියෙන්නේ “Constantine City of Demons” කියලයි. වෝනර් බ්‍රදර්ස් වගේම බලු රිබන් එක්කාසුවෙන් තමයි මෙදාපාර නිෂ්පාදන කටයුතු වෙන්නෙ. Justice League: Gods and Monsters (2015), Batman: The Killing Joke (2016) වගේ එදාමෙදා කාලයේදී නිකුත් වුනු DC කොමික් පදනම් වෙලා නිර්මාණය වුනු චිත්‍රපට වගේම වගේ කතාමාලා නිර්මාණය කරන්නට දායක වුණු “Sam Register” තමයි මෙහි විධායක අධ්‍යක්ෂකවරයාගේ කරතව්‍ය සිදු කරලා තියෙන්නේ. ඒවගේම මෑතකදී ආරම්භ වුණු Krypton කතාමාලාව නිර්මාණය කල David S. Goyer වගේම තව ඇමරිකානු චිත්‍රපට රචකයෙක් වගේම DCTV වල ඇතැම් කතාමාලාවන් නිර්මාණය කරන්නට දායක වුණු “Greg Berlanti” වගේම “Sarah Schechter” නම් කාන්තා පාර්ශවයේ කෙනෙකුත් මේ කතාමාලාව නිර්මාණය කරන්න දායක වෙලා තියෙනවා. IMDb දර්ශකය තුල මේ වෙද්දී 9.3/10 ක අගයක් ලබාගෙන තියෙනවා. ඒවගේම තමයි ජෝන් කොන්ස්ටන්ටීන්ගේ චරිතය වෙනුවෙන් “Matt Ryan” හඩකැවීමෙන් දායක වීමක් වෙලා තියෙනවා. අනික තමයි මේකේ හරියටම කොටස් ගණන කියන්න නම් දන්නේ නැහැ. කෙටි වෙබ් කතාමාලා සාමාන්‍යයෙන් ගොඩක් ඇදගෙන යන්නේ නැහැ. බොහෝදුරට කොටස් දහයකින් නිමාවෙන්න ඉඩතියෙනවා. මොකද අද අරගෙන ආව කොටස් පහම එකවර විකාශය වෙලා තියෙනවා. කොටස් පහකින් නම් කොහොමටවත් ඉවර වෙන්න විදිහක් නැහැ. Animation, Fantasy, Horror කියන කැටගරි වලට අයත් වෙන මේ කතාමාලාව විනාඩි 5-6 අතර කාලසීමාවකට අයත් වෙනවා. මාර්තු 24 වැනිදා ඒ කියන්නේ ඊයේ දවසෙදි තමයි විකාශය වෙලා තිබුණේ.

මම කලිනුත් කිව්වනේ කොන්ස්ටන්ටින් ගැන අමුතුවෙන් කියාදෙන්න ඕන නැහැ කියලා. මේ කොටස් පහ ඇතුලෙ තියෙන්නේ ජෝන් පොඩි කාලෙ ඉදලා එකට හැදුනු වැඩුණු එකම යාලුවා චැස් ජෝන් ඉන්න දිහාවට එනවා එයාගෙන් උදව් ඉල්ලගෙන. එයාගෙ දුවට පොඩි අකරතැබ්බයක් වෙලා. එයා විශ්වාස කරනවා එයාගේ දුවට වෙලා තියෙන දේ සාමාන්‍ය දෙයකට එහා ගියපු දෙයක් නිසා ඇතිවුණු දෙයක් වෙන්න ඇති කියලා. අවුරුදු ගාණකට පස්සෙයි චැස් මේ විදිහට ජෝන්ව හොයාගෙන ඇවිත් තියෙන්නෙත්. අනික මේ දෙන්නා අතර ලොකු ඉතිහාසයක් තිබිලත් තියෙනවා. චැස්ගෙ දුවට මොන වගේ දෙයක්ද වෙලා තියෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්. ජෝන් ගැන මතක නැත්තම් කොන්ස්ටන්ටීන් කලින් විකාශය වුණු කතාමාලාවේ මුල්ම කොටසට ලබා දුන්නු ලිපියත් කියවලාම ඉන්නකො.

එහෙනම් ඉතින් මං අදට සමුගන්නවා. ලබන්නා වූ සතියෙ සුපර්නැචුරල් තුලින් ආයෙමත් මුණගැහෙමු. ජය!


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

2,455 downloadsDownload Constantine.City_.of_.Demons.S01.Baiscopelk.com_.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

2,455 downloadsDownload Subtitles22 KB

19 comments

  1. kickass

    ela thx ..castlevania puluwannam sinhala sub karanna

  2. ruchiraav

    adoo tanx bng

  3. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    Castlevania (TV Series 2017– ) පුලුවන්නම් සබ් දෙන්න බලන්න
    ජය වේවා!

  5. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    ඔයාලගේ ලින්ක් දෙන සයිට් එක වැඩ නැ නේ??

  6. sachintha

    Sub ekata thanks sahoo
    Jaya

  7. JL Fernando.

    Thanks Bro.

  8. subodha

    Thanks

  9. podda

    niyamai sahoooo!!! ada thamai dekke. aniwa belilka thamai. subata thanks

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. nirosha

    sabata thanks. meka digatama denna kiyala suba pathanawa

  12. raviz

    great work........thanks....!

  13. Gayan_madushanka_

    Thanks bro

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. SANRIDER

    elama saho..thanks

  16. akashadhithya

    thanks...........!!!!!!!!!!!

  17. toonmo

    thx bro,

  18. Hgkp

    Me mula sub tika na ne.

  19. Anonymous

    Thanks for sub !