Watch Trailer

Illegal – Justice, Out of Order (2020) [S01: E01] Sinhala Subtitles | අවනිතියේ ආරම්භය නොහොත් පිස්සු ලෝයර් නෝනාගේ දිල්ලි ආගමනය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! මුළු මහත් ලෝකයටම මේ උද්ගතව ඇති මරාන්තික කොව්ඩ් 19 වෛරස තත්වය හේතුවෙන් බොහොමයක් දෙනා නිවෙස් වලට වී ඇතැයි සිතනවා. එසේ නම් මේ සූදානම නිවෙස් වලට වී සිටින ඔබගේ සිනමා රසවින්ඳනයට අලුත් යමක් එකතු කරන්නයි.රජයෙන් සහ සෞඛ්‍ය සේවා අංශ විසින් ලබාදී ඇති උපදෙස් න…

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! මුළු මහත් ලෝකයටම මේ උද්ගතව ඇති මරාන්තික කොව්ඩ් 19 වෛරස තත්වය හේතුවෙන් බොහොමයක් දෙනා නිවෙස් වලට වී ඇතැයි සිතනවා. එසේ නම් මේ සූදානම නිවෙස් වලට වී සිටින ඔබගේ සිනමා රසවින්ඳනයට අලුත් යමක් එකතු කරන්නයි.රජයෙන් සහ සෞඛ්‍ය සේවා අංශ විසින් ලබාදී ඇති උපදෙස් නිසිලෙස පිළිපදිනා ලෙසට බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායම වෙනුවෙන් නැවතත් මතක් කරන අතර ඔබ වෙත ගෙන එන නවතම හිංදි Web Series එක ගැන විස්තර කිරිමටයි මේ සූඳානම. මීට පෙරදි Asur නම් වෙබ් කතා මාලාව නිර්මාණය කල VootSelect නම් අන්තර්ජාලය හරහා ටෙලිකතා චිත්‍රපට නිකුත් කරන (උදාහරණ Netflix සහ Amazon Prime වැනි) ආයතනය විසින් නිර්මාණය කරන ලද කොටස් 10 යුත් වෙබ් කතා මාලාවක් මැයි මස 12 වෙනිදා නිකුත් කලා. ඒ තමයි Illegal – Justice, Out of Order (2020)

නිතිය , නීතියේ දෙවගන, උසාවිය සහ පෙරකදෝරු මහත්වරුන් සහ පුදුමකිරීම්.. මේ සේරම අපි චිත්‍රපටි වල සහ ඇති තරම් දකින දේවල්. ඒ වගේම ලස්සනට ගලාගෙන යන උසාවි කතා, හදිසි සාක්ෂි මතු කිරීම් වගේ දේවල් වලට අපි හුරු පුරුදුයි. ඒත් අද ඉදල අපි මේ ගේන්න යන වෙබ් කතා මාලාව එහෙම එකක් නෙමේ. කොටස් 10කින් තියෙන මේ කතාවේ කතා කරන්නේ ලෝයර් කෙනෙකුගේ එහෙම නැතිනම් නීතීඥ මහතුන්ගේ සහ මහත්මීන්ගේ භූමිකාව. ඇත්ත වශයෙන්ම ප්‍රෙක්ෂකයෙක් උසාවිය හා සම්බන්ධ කතාවකින් courtroom drama එකකින් බලාපොරොත්තු වෙන සියලුම දේ මෙහි අන්තර්ගත කර තිබෙන අතරම සෑම කතාංගයක් තුලම කුතුහලය දනවන ජවනිකා වලින් පිරී තිබෙනවා. මෙහිදි ඔබට මුලින්ම යම් කරුණක් ගැන මතක් කලයුතු වෙනවා එනම් ඔබට මතක ඇති Pink චිත්‍රපටය වගේම එහි දමිළ ප්‍රති නිර්මාණය වෙන Nerkonda Paarvai (2019) සහ Badla (2019) යන චිත්‍රපටයන්. ඔබ මේ කතා මාලාවෙන් එම චිත්‍රපටයන් හි තිබු තිරපිටපත හා සංසන්දනය කරමින්ම පමණක් මෙය බැලීමට තීරණය කර සිටිනවා නම් ඔහොමම නවතින්න,. ඒ මතකය ගුලිකරලා කොහේ හරි මුල්ලකට දාන්න. දාල අලුත් ආරම්භයක් එක්ක මේක බලන්න පටන් ගන්න. මම එහෙම කියන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි, මේ නව යුගයක නව ආරකින් යුත් කතාමාලාවෙන් අවදානය යොමු කරලා තියෙන්නේ අධිකරණය ගැන නීතීය ගැන සහ නීතීඥයින් ගැන හා අධිකරණ ශාලාවක කෙරෙන තර්කයන් ගැන. ඒ විතරක්ම නෙමේ. නඩුවක් ඇසීමේදි උසාවියෙන් පිටත සිදුවන ක්‍රියාවලිය ගැනත් හරි අපුරුවට මේකේ කියනවා.අනිකුත් චිත්‍රපටයන් හි මෙන් ඉබේ මතුවෙන සාක්ෂිකරුවන්,ක්‍රියාදාමයන් පිරි දර්ශණ ආදි දේවල් මෙහි අන්තර් ගතකර නොමැති නිසා හුදෙක්ම යථාර්තය කුමක්ද යන්න ප්‍රේක්ෂකයාට අවබෝධ කර දීමට නිර්මාණය කල අය උත්සහ කර තිබෙනවා.

එතකොට රසවත්කම නැත්නම් කම්මැලිකම ? එහෙම බොරින් වෙයි කියල හිතනවද ? අපෝ පොඩ්ඩක්වත් නැහැ. ඒ ගැන නම් සැකයක් තියාගන්න එපා. ලෝයර් කෙනෙකට කේස් එකක් එහෙම නැතිනම් නඩුවක් ලැබෙන තැන ඉදල නඩුව හැසිරෙන පැති ටිකයි, සාක්ෂි වලට කතා කරන විදියයි වගේ ඒකි මේකි නොකී හැම දෙයක්ම ලස්සනට ගලපලා තියෙනවා. ඒ වගේම තමයි නීතීය අවනීතිය ගැන ප්‍රේක්ෂකයාට හොඳ අවබෝධයක් සහ සමාජීය පණිවුඩ රැසක්ම ලබාදෙන මේකේ අධ්‍යක්ෂණය Sahir Raza විසින සිදු කර තිබෙනවා. ප්‍රධාන චරිතය වෙනුවෙන් ලස්සන සුන්දර සුකුමාල Neha Sharma ( Youngistaan – 2014 , Tanhaji – 2020 , Tum Bin 2 – 2016 ) නේහාරිකා සිං චරිතයට පණ පොවද්දී Piyush Mishra, Akshay Oberoi,Kubbra Sait සහ Satyadeep Mishra යන නළු නිලියනුත් මෙහි රඟදක්වනවා.

දැන් එහෙනම් අපි පලවෙනි කොටස පැත්තට හැරෙමු.
නේහාරිකා සිං කියන්නෙ යොවුන් වියෙ පසුවන බොහොම සත්‍යගරුක නීතීඥයෙක් බැංගලූරයේ පදිංචිව සිටින ඇය හදිසියේම ඇය සේවය කරන නීතී සේවා ආයතනය විසින් සේවයෙන් ඉවත් කර දමනවා. එපමණක් නොව ඇයට තවත් නීතී සේවා ආයතයන්හි සේවයට යාමට නොහැකි වෙන ලෙසට ඔවුන් කටයුතු කරනු ලබනවා.ඒ ඇයි එහෙම උනේ? ඔය අතරම ඇය දිල්ලියේ තිබෙන තවන් ප්‍රසිද්ධ ප්‍රවීන නීතීඥයකුට අයත් නීතී සේවා ආයතනයක සම්මුඛ පරික්ෂණයක් සඳහා සහභාගී වන අතර එම සම්මුඛ පරික්ෂණයෙන් ඇය සමත් වෙනවා. නමුත් ඇයට එහි සේවය කිරිමට නම් දැනට සිටින බැංගලූර් නඟරය හැරදා දිල්ලියට යාමට සිදුවන බව නීතී සේවා ආයතනය විසින් පවසනවා. මුලදි දිල්ලියට යාමට නෙහාරිකා අකමැතිවෙන අතර ඇයගේ මවගේ මැදිහත් වීම සහ මව විසින් ඇයට කරුණා පහදා දීමෙන් පසුව කෙසේ හෝ ඇය දිල්ලි නඟරයට යන ඇයගේ ප්‍රථම රාජකාරිය ලෙස අවුරුදු පහලවක ඉතිහාසයක් ඇති අමුතුම ආකාරයේ නඩුවක් ආයතනය විසින් ඇයට භාරදෙනවා. එතනින් එහාට මොකද වෙන්නේ ?
සිතු පතු වෙනස දිල්ලියේදී ඇයට ලැබෙයි ද? නැත්නම් ජිවිතේ ඇයව මොන වගේ මාර්ගයකට යවයි ද?

නව යුගයේ නීතීය පිළිබඳව කතා කරන මෙම කොටස් 10ක් තියෙන කතාමාලාව ඔබ වෙතනට ගෙන එන්නට මම එක්ක මයුර සුරාජ්, ශසිත් සදරුවන් වගේම දසන් බුද්ධික කියන අය එකතුවෙලා ඉන්නව. එසේ නම් ඉක දිගට දින දහයක් පුරා දිග හැරෙන මෙම කතා මාලාව නැරඹීමට ඔබටත් ආරාධනා කර සිටිනවා.

එහෙනම් දෙවැනි කොටසින් හමුවෙමු…
කඳ සුරිඳු පිහිටයි…!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,662 downloadsDownload Illegal-S01E01.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

2,662 downloadsDownload Subtitles24 KB

15 comments

  1. Kavinu

    සබට තුති අයියේ!

  2. Prabodha20

    ස්තුති ඔබට...

  3. Cs.Master

    Sub ekata tnx.
    Big bang theory kiyala tv serious ekak තියෙනවා සුපිරි .පුළුවන් nam sub දෙන්න.eka episode ekak balalama තීරණය කරන්න

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Tharushaperera

    Sub ekata thanks
    E wagema Paatal Lok series ekatath sub dennako

  6. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  7. නිරෝෂ්

    ස්තුතියි සහෝ.බලමු

  8. Anonymous

    thank you bro ikmnta iithuru tikath denna ♥

  9. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උඋපසිරසට...කතාවේ plot එකනම් සෑහෙනන් හිතට ඇල්ලුවා. අරගෙනම බලමුකෝ කොහොමද කියලා. ජය වේවා..බුදුසරණයි...!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Chandima Prasad

    thanks sub ekata...supiri kathawak

  12. melinda

    thank you

  13. tharidu16

    thanks machiii

  14. Anonymous

    Thanks bro

  15. nisha

    film ekata subtitle match wenne naha.