Watch Trailer

Ninja Kamui [S01 : E06] Sinhala Subtitles | සයොනාරා…! [සිංහල උපසිරසි]

Ninja Kamui [S01 : E06] Sinhala Subtitles අද දවස ඇතුළතම ඔන්න එහෙනම් Ninja Kamui කතා මාලාවේ 6 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසිත් අරගෙන ආවා. සුපුරුදු පරිදි කලින් එපිය සාරාංශගත කරලා ඉමු එහෙනම්. පසුගිය කතාංගයෙන්… නින්ජා සංවිධානය එක්ක එකතුවුණු අවුසා සමාගම, හිගාන්ට අවුසා නගරයට ඇතුළ් වෙන්න දෙන්න තීරණය කරනවා…

Ninja Kamui Sinhala Subtitles

අද දවස ඇතුළතම ඔන්න එහෙනම් Ninja Kamui කතා මාලාවේ 6 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසිත් අරගෙන ආවා. සුපුරුදු පරිදි කලින් එපිය සාරාංශගත කරලා ඉමු එහෙනම්.

පසුගිය කතාංගයෙන්…

නින්ජා සංවිධානය එක්ක එකතුවුණු අවුසා සමාගම, හිගාන්ට අවුසා නගරයට ඇතුළ් වෙන්න දෙන්න තීරණය කරනවා. ඒ, එයාලගේ නවතම මූලාකෘතියට අවශ්‍ය දත්ත, හිගාන් සටන් කරන ආකාරය අධ්‍යනය කිරීමෙන් ලබාගන්නා බලාපොරොත්තුව ඇතුව. හිගානුත් මාස්ටර් යමාජි හෙවත් නින්ජා සංවිධානයේ නායකයාගෙන් පළිගන්න බලාපොරොත්තුවෙන් මේ මර උගුලට මැදිවෙනවා.

මේ අතරේ මයික් මොරිස්, අර අවුසා සමාගමේ ක්‍රියාකාරකම් ගැන ලැයිස්තුව ඩාක් වෙබ් එකේ පවත්වාගෙන යන සයිට් එකේ ඇඩ්මින්ගේ තැනට ගිහින් එයා ලවා අවුසා සමාගම හැක් කරවනවා. ඒකෙ තියෙන “බවුන්ඩ්” කියන ෆයිල් එක ඇතුළේ එයාට, තමන්ගේ සහායිකාව (ගෝලයා) වන එමා ගේ නමත් හම්බවෙනවා. මොරිස් සැක කරන විදියට මේ “බවුන්ඩ්” කියන්නේ අවුසාවල ඔත්තුකාරයින්ගේ නම් ලැයිස්තුවක්. ඒ කියන්නේ එමා කියන්නෙත් ඔත්තුකාරියක්ද?

එයාලට තව දුරටත් ඒක පරීක්ෂා කරලා බලන්න වෙන්නේ නෑ, මොකද අවුසා සමාගමේ කුලී මිනීමරුවෝ එයාලව මරන බලාපොරොත්තුවෙන් එතනට කඩාවදින නිසා. කොහොමහරි අවුරුදු ගාණක FBI අත්දැකීම් පාවිච්චි කරලා මොරිස්, සයිට් ඇඩ්මින්වත් අරගෙනම එතනින් පිටවෙලා, එයාලගෙන් බේරෙන්න සමත්වෙනවා.

හිගාන් ගේ තත්වේ නම් මීට වඩා දරුණුයි. අවුසා infiltrate කරන තැන්වලදී සුපිරිම සටන් ජවනිකා ටිකක් බලාගන්න පුළුවන් වෙන්න ඇති නේ. මොනවා කරලාවත් නවත්තන්න බෑ කියලා හිතෙන මේ යක්ෂයාව අන්තිමේදී “ලිල්” සහ අවුසා සමාගමේ තාක්ෂණයෙන් හදපු නවීන යාන්ත්‍රික ඇඳුම් ඇඳගත්ත නින්ජාවරු වට කරනවා. හිගාන්ගේ රහස් කලාවෙන්වත් එයාට උපකාරයක් ලැබෙන්නේ නෑ. අන්තිමේදී සටනින් පරාද වෙලා තමන්ගේ හිටපු-මිත්‍රයා වන සායි විසින්ම බෙල්ල කපන්න හදනකොටම, ඒ නින්ජාවරු අතර හිටිය රෝස පාට යාන්ත්‍රික ඇඳුමකින් යුතු නින්ජාවරියක් එයාගේ ජීවිතේ බේරගන්නවා. එතනින් තමයි එපිසෝඩ් එක ඉවර වෙන්නේ.

ඉතින් කවුද මේ කෙනා? කවුද හිගාන්ට උදව් කරපු “අබිරහස් පුද්ගලයා”? ඒවගේම ඇයි එමාගේ නම අර “බවුන්ඩ්” ලයිස්තුවේ තිබුණේ? මේ ප්‍රශ්නවලට උත්තර අද එපිසෝඩ් එකෙන් හොයාගන්න පුළුවන් වෙයි.

අම්මෝ… එපිසෝඩ් තුනක් අරගෙන ඇවිත් මහන්සි. ඉතුරු එපිසෝඩ් තුනත් හැකි ඉක්මනින් දෙන්නම් ඈ. ඉවසලා ඉඳිමු. එහෙනම්, 7 වෙනි එපිසෝඩ් එකෙන් හමුවෙමුකෝ. හැමෝටම සුබ දවසක්. පීස් ✌️.

Ninja Kamui Sinhala Subtitles

 

Ninja Kamui

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි PSA WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,492 downloadsDownload Ninja-Kamui-S01-E06-Sinhala-Subtitles.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Previous BT1All BT1Next BT1

 

Ninja Kamui Sinhala Subtitles

Subtitles

1,492 downloadsDownload Subtitles14 KB

6 comments

  1. Nami

    Thanks. Mechchara ikmanata denawataa

  2. heveez

    Supiri mchn ❣️

  3. Tharusha Rawimal

    Thanks mchn

  4. Tharusha Rawimal

    Thanks mchn

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Akila Dilhara

    Thanks for Sub...❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.