ටැමිල් රොකර්ස් පලවෙනි කොටසෙන් ටැමිල් රොකර්ස් කියන්නෙ මොකක්ද කියලා වගේම මෙයාලා මොනවද කරන්නෙ කියලා විස්තර කෙරුණා. ටැමිල් රොකර්ස් කියන්නෙ චිත්‍රපට මංකොල්ල කා තමන්ගේ වෙබ් අඩවියට අප්ලෝඩ් කරන කණ්ඩායමක්. ඒ වගේම මෙයාලා චිත්‍රපටියක් රෙකෝඩ් කරලා පිටට නිකුත් කරන ආකාරය ගැන පැහැදිලි කිරීමකුත් දැනගන්නට ලැබුණා මත…

ටැමිල් රොකර්ස් පලවෙනි කොටසෙන් ටැමිල් රොකර්ස් කියන්නෙ මොකක්ද කියලා වගේම මෙයාලා මොනවද කරන්නෙ කියලා විස්තර කෙරුණා. ටැමිල් රොකර්ස් කියන්නෙ චිත්‍රපට මංකොල්ල කා තමන්ගේ වෙබ් අඩවියට අප්ලෝඩ් කරන කණ්ඩායමක්. ඒ වගේම මෙයාලා චිත්‍රපටියක් රෙකෝඩ් කරලා පිටට නිකුත් කරන ආකාරය ගැන පැහැදිලි කිරීමකුත් දැනගන්නට ලැබුණා මතක ඇති. නළු ආදිත්‍යාගේ තාත්තාට නිෂ්පාදක මදී තමන්ගේ චිත්‍රපටය ටැමිල් රොකර්ස් නෙවෙයි වෙනත් කිසිම ආකාරයකින් පිටට දාන්න බැහැයි කියාම කීවත් ටැමිල් රොකර්ස් ‘ගරුඬා’ චිත්‍රපටයේ ආරම්භයේ ඇති සටන් ජවනිකාවක් පොදු ස්ථානවලට පිට කරනවා. ඒ වගේම නිවේදනයක් නිකුත් කරමින් හරියටම චිත්‍රපටය නිකුත් වීමට දවසකට කලින් ගරුඬා පිට කරන්න ටැමිල් රොකර්ස් බලාගෙන ඉන්නවා. ණයට සල්ලි අරගෙන පරෙස්සමින් වියදම් කරලා චිත්‍රපටිය තැනුව නිෂ්පාදක මදීට, එයාගේ චිත්‍රපටියේ කොටසක් ප්‍රසිද්ධියේ තිරයක(LED/LCD වැනි) දකින්න ලැබීමෙන් මහත් කේන්තියක් වගේම බියක් ඇති වෙනවා. ටැමිල් රොකර්ස් මීට කලින් නිකුත් කල චිත්‍රපටියක නිෂ්පාදකවරයෙක් චිත්‍රපටයේ ආදායම් තව දුරටත් සතුටුදායක නොවන නිසා, තමන් යෙදවූ මුදල ආපසු ලබාගන්නටත් බැරි නිසාවෙන්ම සියදිවි නසාගත්තා. ටැමිල් රොකර්ස් කී පරිදිම චිත්‍රපටය නියම පිටපතින්ම ප්‍රසිද්ධියේ විකාශනය කලොත් නිෂ්පාදක මදීටත් ඉතිරි වෙන්නේ ඒ විකල්පයම තමයි. ගරුඬා චිත්‍රපටයේ රඟන ප්‍රධාන නළු ආදිත්‍යාගේ වෘත්තීය ජීවිතයේ මේ චිත්‍රපටය මායිම් ලක්ෂ්‍යක් වෙලා තියෙන තත්වයකයි තිබෙන්නේ. නිෂ්පාදක මදී/මදිඅලගන් මේ ටැමිල් රොකර්ස්ලව අල්ලා ගන්න පොලිස් ඉහළ නිලධරයෙකු යටතේ පොලිස් නිලධාරී රුද්‍රාව මේ පරීක්ෂණයට යොදවනවා. රුද්‍රාගේ පෞද්ගලික ජීවිතය නීරස එකක් වෙලයි තිබුණේ. රුද්‍රාගේ බිරිඳ මිය යෑමට පෙර කණ්ඩායමක් විසින් ඇයව පැහැරගෙන තිබුණා. ඉහළ නිළධාරියා විසින් ඈගේ පැහැර ගැනීමටත්, මේ ටැමිල් රොකර්ස් පරීක්ෂණයටත් ඇති සම්න්ධයක් ගැන ඉඟියක් දෙනවා. කොහොමින් හරි දෙගිඩියාවෙන් හිටිය ACP රුද්‍රා මේ පරීක්ෂණය බාර ගන්නවා. ඒ වගේම රුද්‍රා ටැමිල් රොකර්ස් හසු කරගැනීමට පොටක් සාදා ගන්නවා.
ටැමිල් රොකර්ස් ඉන්දීය සිනමාවට අති මහත් වසංගතයක් කියලත් ඒ වගේම තවත් පැත්තකින් සේවාවක් කරනවා කියලත් මම පලවෙනි කොටසේ ලිපියෙදි කිව්වා. ඒ විදිහට ටැමිල් රොකර්ස්, සිනමාවට හෙනහුරා වුණ අවස්ථා අප්‍රමාණව තියෙනවා. ඉන් කිහිපයක් විදිහට කිව්වොත්, Biriyani (2013) චිත්‍රපටයට සුපුරුදු පරිදි සංගීතය සැපයුවේ අධ්‍යක්ෂක වෙන්කට් ප්‍රභූගේ මල්ලි වුණ (බාප්පගෙ පුතා) යුවන් ශංකර් රාජා. යුවන් සංගීත අධ්‍යක්ෂණය කල සියවැනි චිත්‍රපටිය තමයි බිරියානි. ඒ වෙනුවෙන් චිත්‍රපටයේ ගීත එලි දැක්වීම උත්සවශ්‍රීයෙන් ගන්නට යුවන්ගේ උපන්දිනය දවසට යොදාගෙන තිබුණා. ටැමිල් රොකර්ස් අත පය බැඳගෙන පාඩුවෙ බලාගෙන ඉඳීවිද? යුවන්ගේ උපන්දිනයට දවස් 10ක් කලින්ම ටැමිල් රොකර්ස් බිරියානි චිත්‍රපටයේ එකක් නෑර සියලුම ගීත පිටට එලි දක්වනවා. Sony Music තමයි බිරියානි චිත්‍රපටයේ සංගීත හිමිකම ලබාගෙන තිබුණේ. මේ කතා මාලාව OTT නිකුත් වෙන්නේත් Sony එකේම SonyLiv ඔස්සේ.
ඒ වගේම 2.0 (2018) චිත්‍රපටියට ඉන්දියානු සිනමාවේ එතෙක් වැය නොකල වැඩිම වැඩිම මුදල යට කරද්දි ටැමිල් රොකර්ස් 2.0 චිත්‍රපටය කොල්ල කා පිට කරයි කියන බය ශංකර්ටත් තිබුණා. එහෙම වෙද්දි 2D වල චිත්‍රපටි නේද පිටට දාන්නෙ, මම 3D වලින් චිත්‍රපටිය හදනවා කියලා වැඩේට බැස්සා. ඒත් තමිල්නාඩුවේ 3D සිනමාහල් සීමිත නිසා අකැමැත්තෙන් හරි අනෙක් සිනමාහල් වෙනුවෙන් 2D රෑගත කිරීමකුත් කරනවා. මේ විදිහට 3D, 2D දෙආකාරයට නිකුත් කලත් ටැමිල් රොකර්ස් කලට වේලාවට චිත්‍රපටය නම් නිකුත් කලා. ඒ වගේම චිත්‍රපටියේ ටීසර් පටයත් කාටත් කලින්ම දුන්නේත් ටැමිල් රොකර්ස්ම තමයි.(අභ්‍යන්තර ප්‍රදර්ශනයකදී කැමරාවෙන් රෙකෝඩ් කල වීඩියෝවක්) එහෙම කියලා ඉ.රු. කෝටි 800 පහු කරපු 2.0 චිත්‍රපටියේ ආදායමට නම් සැලකිය යුතු තරම් පහරක් එල්ල වුණේ නැහැ. ඉදිරියටත් අධි වියදම් චිත්‍රපටි මේ කොල්ල කෑම් කරන සයිට් වලින් එලියට දැම්මත්, චිත්‍රපටය නැරඹීමට සුදුසුයි නම් අනිවාර්යයෙන්ම චිත්‍රපටයේ ආදායමට බලපෑමක් වෙන්නෙ නැහැ කියන එක සනාථයි. RRR (2022), Bahubali : The Beginning (2015), Bahubali : The Conclusion (2017), KGF : Chapter 2 (2022) වගේ ඉ.රු. කෝටි 500 පසුකල විශාල චිත්‍රපටි පවා මේ මංකොල්ල කෑම් කරන වෙබ් අඩවිවලින් පිට කෙරුණා.
කොහොමින් හරි Sarkar (2018) චිත්‍රපටිය පිට කිරීමත් එක්ක ටැමිල් රොකර්ස් එක්ක විජේ රසිකයන් වෛර බැඳගත්තා කිව්වොත් නිවැරදියි. Darbar (2020) චිත්‍රපටිය මංකොල්ල කා පිට කිරීමෙන් අනතුරුව ‘මේ චිත්‍රපටිය දන්න හැමෝටම ශෙයාර් කරලා පෙන්නන්න. කවුරුවත් ෆිල්ම් හෝල්වලට යන්න එපා. මේ චිත්‍රපටියේ ආදායම් නැති කරලම දාන්න’ වැනි අදහසකින් වට්ස්’අප් මැසේජ් එකක් දාලා තිබුණා.(ලයිකා ප්‍රඩක්ෂන් එකෙන් දුන්න මාධ්‍ය හමුවක ප්‍රකාෂයකයි මෙහෙම තිබුණේ.)
නළු කාර්ති නම් කිව්වෙ ඒ විදිහට චිත්‍රපටියක් බලනව නම් වැරදිකාර හැඟීම එක්ක චිත්‍රපටිය බලන්න කියලයි. චිත්‍රපටිය හොඳයි වගේ නම් අසරණ මනුස්සයෙක්ට අපේ නමින්(චිත්‍රපට කණ්ඩායම) රු. 100ක් හරි දෙන්න කියලයි.
ඒ වගේම නළු විෂාල් සභාපති ඡන්දෙට ආවෙත් ටැමිල් රොකර්ස් නැත්තටම නැති කරලා දානවා කියලයි. ඒ වගේම විටින් විට ප්‍රසිද්ධියේ අභියෝග කරලා ටැමිල් රොකර්ස්ලාව අල්ලගන්නවා කියලා තරයේම ප්‍රකාෂ දුන්නා. ටැමිල් රොකර්ස් අල්ලන්න ගියපු විෂාල්ට අන්තිමේදි අහුවුණේ නම් ටැමිල් ගන් වෙබ් අඩවියේ ඇඩ්මින්. ඒ සිද්දිය පලවෙනි කොටසේ ලිපියෙන් කිව්වා මතක ඇති. ඉතින් කාලයත් යද්දිම විෂාල්ට ටැමිල් රොකර්ස්ලගෙ වල්ගේ වත් අල්ලගන්න බැරි වෙනකොට හතර වටින්ම විෂාල්ව විහිළුවට ගත්තා. ටැමිල් රොකර්ස් නමින් අද නැති වුණත් වෙනස් ස්වරූපයන් වලින් තවමත් සුපුරුදු ක්‍රියාවලිය නිදහසේ කරගෙන යනවා.
දැනට 1,2 කොටස් වලට උපසිරැසි මම ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා. මේ කතා මාලාවට මාත් එක්ක ඔෂධ ධනංජය අයියා වගේම, රවිඳු හෙෂාන් අයියාත් සම්බන්ධ වෙනවා. ඔෂධ අයියා 3,4 කොටස් මීලඟට ඔයාලා වෙනුවෙන් අරගෙන එනවා. එයාත් කාර්යබහුල වෙලා ඉද්දි තමයි සැරින් සැරේ ඔයාලට උපසිරැසි අරගෙන එන්නෙ. අනිවාර්යයෙන්ම එයාලටත් ඔයාලගේ ස්තූතිය ලබා දෙන්න. මේ කතා මාලාවේ තවත් කොටසක උපසිරැසියකින් මම ආයෙත් හමුවෙන්නම්. බයිස්කෝප් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ස්තූතියි!
බුදු සරණයි! දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා අදාළ වේ.
1,866 downloadsDownload Tamil-Rockerz-S01-E02.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
9 comments
Kantha_DLA
Naveen
උපසිරසියට තුති
oshanda
thanks malliya...
Anonymous
Thanks for sub
Kushan
Sub akta thanks
Buddhika Lakmal (laKMal)
ලිපිය මරැ මචං...
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Naveen Mbr
හැමෝටම ස්තූතියි!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tamil Rockerz [S01 : E02] Sinhala Subtitles | එකට ගැටෙන පළිගැනීම් දෙකක්. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/09/Tamil-Rockerz-2022–-.jpg)


ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!
ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
නියම සිංහලයන්ගේ සිරිතකි ........!!