“දේශපාලනය” කතා කරන්න නම් අමිහිරි මාතෘකාවක්.. ඒත් මේක චිත්‍රපටියක්… දේශපාලනය, සල්ලි… ඔබ හිතන්නේ මේ දෙක එකිනෙකට සම්බන්ධ දෙයක්ද? නැද්ද? සංවාදයට විවෘතයි… හැබැයි, සිස්ටම් එක එක්ක බලද්දී… දේශපාලඥයින්, ව්‍යාපාරිකයින් සහ මහ ජනතාව. ඔය හැම කොට්ඨාශයකම පොදු කාරණේ මොකද්ද කියල බැලුවොත්… එහෙමත් නැත්නම් ඔය හැම පාර…

“දේශපාලනය” කතා කරන්න නම් අමිහිරි මාතෘකාවක්..
ඒත් මේක චිත්‍රපටියක්…
දේශපාලනය, සල්ලි…
ඔබ හිතන්නේ මේ දෙක එකිනෙකට සම්බන්ධ දෙයක්ද? නැද්ද?
සංවාදයට විවෘතයි…
හැබැයි, සිස්ටම් එක එක්ක බලද්දී…
දේශපාලඥයින්, ව්‍යාපාරිකයින් සහ මහ ජනතාව.
ඔය හැම කොට්ඨාශයකම පොදු කාරණේ මොකද්ද කියල බැලුවොත්…
එහෙමත් නැත්නම් ඔය හැම පාර්ශවයකම පැවැත්මේ මූලික අවශ්‍යතාව මොකද්ද බැලුවොත්..
කටට එන එකම උත්තරේ “සල්ලි”… කියල කෙනෙක්ට කියන්න පුළුවන්.
හැබැයි..
මෙහෙම කිව්වම කෙනෙක්ට කේන්ති යන්නත් පුළුවන්,
ඔව් ඒක සාධාරණයි…
කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ සිස්ටම් එකේ පොදු සාධකය,
සල්ලි නෙවෙයි මහ ජනතාව කියලා..
එක අතකට කල්පනා කරලා බැලුවම.,
ඒකෙත් ඇති වැරද්දක් නෑ..
ඔව්..
දේශපාලඥයෙක් වෙන්න නම් ඡන්ද දායකයෙක් ඉන්න ඕන..
ව්‍යාපාරිකයෙක් වෙන්න නම් පාරිභෝගිකයෙක් ඉන්න ඕන.
රූපවාහිනී නාලිකාවක් පවතින්න නම් නරඹන්නෙක් ඉන්න ඕන.
කොටින්ම කිව්වොත්..
මුදලාලි කෙනෙක් වෙන්න නම් බඩු ගන්න කෙනෙක් ඉන්න ඕන..
බඩුගන්න මනුස්සයෙක් හිටියොත් තමයි..
මුදලාලිට “සල්ලි” හම්බවෙන්නේ.
නැත්නම් ඉතින් මුදලාලිට හුලං තමයි…
ඔය කොයි දේශපාලඥයත්,
කොයි ව්‍යාපාරිකයත්,
කොයි මුදලාලිත්,
වැජඹෙන්නේ
මහ ජනතාව දෙන හිඟමනෙන්..
නොතේරුණාට,
මහ ජනතාව කියන්නේ රටක ප්‍රභල සාධකයක්.
දේශපාලනේ ගත්තොත්…
දේශපාලඥයෙක්ට අවුරුදු පහක් බලය තියෙනවා.
ඒත් මහ ජනතාවට එකම එක දවසක් බලය තියෙනවා
ඒ තමයි “ඡන්දය දවස”.
දේශපාලනයට එන්නෙත් මිනිස්සු,
ඡන්දේ දෙන්නෙත් මිනිස්සු,
මිනිස්සු මිනිස්සුම තමයි, හැබැයි ගති, විවිධාකාරයි.
හොඳ මනුස්සයෙක් තෝරන්න වෙන්නෙත්,
මිනිස්සුන්ටමයි.
වැරදි මනුස්සයෙක් තේරුවොත් වරදින්නේ,
මිනිස්සුන්ටමයි,
දවසක් එනවා..
මනුස්සයෙක් තෝරගන්න.
එදාට,
හරි මනුස්සයාව තෝරාගන්න..
දකුණු ඉන්දීය දමිළ සිනමාවේ තවත් බැලිය යුතුම සිනමාපට නිර්දේශ කිරීම් අතර ඉහලින්ම තිබෙනා චිත්‍රපටයක්..! ජාත්‍යන්තර සිනමා දර්ශකයේ මනාප 9000 ඉක්මවමින් 7.6/10 ක අගයක් වාර්තා කරන සිනමා සිත්තමක්..! දේශපාලනයේ ඇති කළු පැල්ලම්,ඡන්ද අවභාවිතාව, ගොවියන් පෙලා අනිසි ලෙසින් ලාභ උපයනා බහුජාතික සමාඟම් මාෆියාව ගැන මැනවින් කියැවෙනා චිත්‍රපටයක්..!
A.R.Murugadoss ගේ අධ්‍යක්ෂණයෙන් හා A.R.Rahman ගේ සංගීතයෙන් ශ්‍රිලාංකීය චිත්‍රපට ත්‍රිත්වයක් වන” ඔබ නැතුව ඔබ එක්ක” ,” පුරහඳ කළුවර,” ඉර මැදියම” යන සිනමාපටයන් පවා සංස්කරණය කල A.Sreekar Prasad ගේ සංස්කරණයෙන් හැඩගැන්වී 2018 නොවැම්බර් 6 දීවාලි සතිය අතරතුර මින් පෙර නොවූ විරු අයුරින් අඟහරුවාදා දිනක ලොවපුරා රිදී තීරයන් 3400 ක තිරගතවීම ආරම්භ කරනු ලැබූවා.එමෙන්ම දමිල ජනතාව වාසය කරන රටවල් අසූවක රිදී තීරයන් 1200 ක එදින මෙම චිත්‍රපටය තිරගතවීම ආරම්භ කරනු ලැබුවා. ඒ වනවිට චිත්‍රපටියේ විදේශීය බෙදා හරින්නන් මෙම චිත්‍රපටය පෝලන්තය, මෙක්සිකෝව, පිලිපීනය, නවසීලන්තය, යුක්රේනය, රුසියාව සහ අප්‍රිකානු මහද්වීපයේ රටවල් කිහිපයක් වැනි නව සිනමා වෙළඳපලවල් වෙත නිකුත් කරනු ඇති බවට සහතික කර තිබුනා. එමෙන්ම කේරල ප්‍රාන්තයේ සිනමා රසිකයින් විජේගේ රුව සහිත අඩි 175 ක් උසැති කටවුට් එකක් නිර්මාණය කරමින් නළුවෙකු වෙනුවෙන් එම නගරයේ තැනු උසම කටවුට් එක නිර්මාණය කරනු ලැබ තිබෙනවා. වෙළඳ උපක්‍රමයක් විදිහට දිවාලි සමය තුල තිරගතවීම ආරම්භ කරනු ලැබූ මෙම චිත්‍රපටය පලමු දිනයෙන්ම තමිල්නාඩු ප්‍රාන්තය තුල ඉන්දියානු රුපියල් කෝටි 30 ක ආදායමක් උපයමින් මින් පර එම වාර්තාවට හිමිකම් කියූ ‘Baahubali 2‘ චිත්‍රපටය තබා තිබූ වාර්තාව බිඳ හෙලනු ලැබූවා. එමෙන්ම ‘Sanju 2018‘ චිත්‍රපටය තබා තිබු වාර්තාවක්ද ඇතුළුව බොක්ස්ඔෆිස් වාර්තා රැසක් තම නම ඉදිරියේ සටහන් කරගත් සර්කාර් ඉන්දියානු රු. කෝටි 100 ආදායමේ සීමාව පසු කරනු ලැබුවේ දින දෙකකින්. සර්කාර් චිත්‍රපටයට විශේෂ වූ කාරණා කිහිපයක් පහතින් මෙසේ දක්වන්නම්.
- චිත්‍රපට සහතික කිරීමේ මධ්‍යම මණ්ඩලය(CFBC) විසින් සර්කාර් චිත්‍රපටය U/A (වයස අවුරුදු 12 ට අඩු නම් දෙමාපිය අධීක්ෂණය යටතේ නැරඹිය යුතු) කාණ්ඩය යටතේ සහතික කරනු ලැබුවා. මෙය මෙම කාණ්ඩයෙන් සහතික වූ විජේගේ දෙවන චිත්‍රපටය වන අතර අනෙක වන්නේ Mersal 2017 චිත්‍රපටයයි.
- සර්කාර් යනු විජේගේ දැවැන්ත වශයෙන් විදේශීය බෙදාහැරීමක් කල චිත්‍රපටය වන අතර එය විදේශීය රටවල් අසූවක රිදීතිර 1200 ක තිරගත කරනු ලැබුවා.
- පෝලන්තය, මෙක්සිකෝව, පිලිපීනය, නවසීලන්තය, යුක්රේනය, රුසියාව සහ අප්‍රිකානු මහද්වීපයේ රටවල් කිහිපයක දමිළ චිත්‍රපටයක් තිරගත කල ප්‍රථම අවස්ථාව මෙයයි..! එයද සර්කාර් චිත්‍රපටය වීමද විෂේශත්වයකි.
- චිත්‍රපට රචක, වරුන් රාජේන්ද්‍රන් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ A.R.Murugadoss එරෙහිව අයිතිය උපුටා ගැනීම සම්බන්ධයෙන් නඩුවක් ගොණුකර තිබෙනවා. ඒ මෙම සර්කාර් චිත්‍රපටයේ කතාවම සහිත පිටපත තමන් 2007 වසරේදී ලියාපදිංචි කර ඇති බව පවසමින්. අවසානයේ නිතිය ඉදිරියේ සර්කාර් චිත්‍රපටයේ පිටපත උපුටා ගැනීමක් බව ඔප්පු වූ හෙයින්, අධිකරණය වරුන් රාජේන්ද්‍රන් හට ඉන්දියානු රු. ලක්ෂ තිහක වන්දියක් ලබා දෙන ලෙසත්, රාජේන්ද්‍රන්ගේ නම චිත්‍රපටය ආරම්භයේ සඳහන් කර ඔහුගේ නමට තුති පුදන ලෙසත් A.R.Murugadoss ඇතුළු නිෂ්පාදක කණ්ඩායමට නියෝග කර තිබෙනවා.
- එපමණක් නොවෙයි මෙය ශ්‍රි ලංකාව තුල තිරගත කල ප්‍රථම දිනයේදී ආදායම රු ලක්ෂ 232 ක. ආදායමක් උපයාගනිමින් ශ්‍රි ලංකාව තුලද වාර්ථාවක් තැබුවා.
ඉලයතලපති විජේයි, දකුණු ඉන්දීයාවේ සුපිරි නළුවකු වන විජේ කිව්වම ලංකාවේ උනත් නොදන්න කෙනෙක් නැති තරම් ඒකට හේතු සාධක නම් එකක් දෙකක් නෙවෙයි සෑහෙන්න තියෙනවා. ඉතින් විජේ ගේ 62 වැනි චිත්‍රපටය වන SARKAR 2018 සිනමාපටය ඔහුගේ ක්‍රියාදාම සිනමා රංගන දිවියේ තවත් එක සංධිස්ථානයක් හැරවුම් ලක්ෂයක් වන බවත් මෙම චිත්‍රපටයේම අධ්‍යක්ෂකවරයා වන A.R.Murugadoss විසින් පවසා තිබෙනවා. මේ සඳහා විශේෂයෙන්ම විජේ තෙලඟු චිත්‍රපට ක්‍රියාදාම අධ්‍යක්ෂකවරු දෙදෙනෙකුගේද සහය ලබාගෙන ඇති බව සඳහන් වෙනවා.

කතාව මෙහෙමයි G,L සමාඟම කියන්නේ ලොකයේ අංක එකේ රට තියෙන අංක එකේ සමාඟමක අංක එකේ CEO සුන්දර් රාමසාමි කිව්වම ව්‍යපාරික සමාඟම් ලෝකෙ හැමෝම දන්නා කෙනෙක්..! ඔහු ඉන්නා රටේ සිට තවත් රටකට යන්නේ නම් බොහොමයක් රටවල විවිධ සමාඟම් වල ලොකු ලොකු පුටුවල සිටිනා අය ඒ නම ඇසු පමණින් භිතීයෙන් ඇලලිලා යනවා. රටවල් කීපයක්ම සුන්දර් රාමසාමිට ඒ ඒ රටවල් වලට පැමිණිමට නොහෙැකි වන ආකාරයේ තහනම් නියෝග පවාත් පනවලා තියෙනවා. සුන්දර් රාමසාමි කින්නේ වාර්ෂික ආදායම කෝටි 1800 ක හිමිකමක් තියෙන පුද්ගලයෙක්..! ඔහු ඉන්දීය දමිළ ජාතිකයෙක්.! තනිකඩ පුද්ගලයෙක් ..! එහෙනම් ඇයි මේ තනි පුද්ගලයෙක්ට මේ හැටි බය..? තත්වය මෙලෙසින් තිබියදි සුන්දර් රාමසාමි තමන්ගේ මව් රටට නොහොත් ඉන්දියාවට පැමිණෙනවා එම අවස්ථාවේදීත් මුලින් කියු භීතිය පැතිර යනවා.
නමුත් හදිසියේම සුන්දර් විසින් මාධ්‍යයට කල ප්‍රකාශයක් නිසාවෙන් ඒ භීතිය පහව යනවා. ඉන්පසු වැඩි කාලයක් ගතවන්නට මත්තෙන් තවත් ලොකු සිදුවීමක් සිද්ද වෙනවා එයත් මාධ්‍යය හරහා ලොවපුරා ප්‍රසිද්ද වූ පසු මුලින් භීතියෙන් ඇලලී සිටි සමාඟම් ඇස් අයාගෙන බලා සිටිනවා ලෝකයේම අංක එකේ CEO එම තත්වයට මුහුණ දීලා එම ගැටලුව මොන විදියකින්ද විසඳන්නේ කියලා. කතාව ගැන කිව්වා හොඳටම ඇති එසේ නම් ලෝකයේම අංක එකේ CEO ට ඇත්තටම මොකක්ද වෙන්නේ ..?
කලින්ම කැමරා කොපියට සබ් එක කරලා තියාගත්ත නිසා, හොඳ පිටපතක් ඇවිත් පොඩි වෙලාවක් යනකොටම ඔයාලට සබ් එක දෙන්න හැකියාව ලැබුණා. චිත්‍රපටය නරඹලා රසවිඳින ගමන්ම දැන ගන්න යැයි කියන ගමන්ම අප බයිස්කෝප් සිංහලෙන් අඩවියේ තවත් උපසිරැසිකරුවකු වන තරාක නුවන් දිල්හාර මල්ලිට ස්තූතිය පුදකරන අතරම මා රාජකාරි කරන ස්ථානයේම රාජකාරි කරනා G.M ගයාන් මදුසංඛ මද්දුමගේ මල්ලීට විශේෂ ස්තූතිය පුදකරමින් අදට මා සමුගන්නවා.
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!

මෙම ලබා දී ඇති උපසිරසි HC HD පිටපත් සඳහා ගැළපේ.
47,826 downloadsDownload Sarkar-2018.zip86 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
206 comments
Athula Kariyawasam
dsdkavishka
Thenks aiya fattama, wish your happy new year!
sanjeewa@
thank you soo much
IndunilN
සුපිරියි, ඉක්මනටම දුන්න.
උපසිරැසියට බොහොම ස්තූතියි තරිඳු අයියේ.,
අලුත් අවුරුද්දෙ ඉස්සෙල්ලම විජේගෙ එකක් බලල පටන්ගන්න පුලුවන්.bro chanuth
Thanks saho sarkar eke sub ekata.........
Ayesh Prashan
Thank You
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...අවුරුද්දක් පටන් ගන්නකොට මීට වඩා ස්ප්‍රායිස් කොහෙන්ද..නියම දවසේ නියම වෙලාවට සබ ගෙනාවට බොහොම පිං.
***ලබන්නා වූ නව වසර බයිස්කෝප් සහෝදර සහෝදරියන් සියලු දෙනාටත් බයිස්කෝප් වාසීන් සියලු දෙනාටත් සාමය සතුට පිරී ඉතිරෙන ෆිල්ම්,ටීවී සීරිස් වැඩි වැඩියෙන් බලන්න ලැබෙන සුභම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා***
බුදුසරණයි...ජය වේවා...!chanuka_ayesh
thanx bro sub 1ta..
manul chandula
sub ekata thnxx ikmanin dunnata
maikee
Sub eka එනකන් මග බලන් හිටියේ. මචං 2019 යට තව විනාඩි 10ක් තියෙනවා. සභ අලුත් අව්රැද්දක් වෙවා සෙට් එකට . තැන්ක්ස්
Chathura_sam
Bohoma sthuthyi...oba siyaludenatama suba nawa wasarak wewa..
shanlakmal
aluth awurudde mulinma balana film eka. thank u very much bro and happy new year.
thusharasanjaya
sub ekata tanx happy new year all of you
dimuthsathush
Film eka..enakutama sub eka dunna
Thanks broRoshan D
happy new year 2019 . ape sarkar eka kohma wida balmu
tnxxxxxxxxxxxxxxx broබොබී
සබ් එකට තුති, සහෝ. තාමත් අපි ඇහැරලා. අළුත් අවුරුද්දේ මුලින්ම කරන්නේ නිදාගන්න එක තමයි. හැමෝටම සුබ අළුත් අවුරුද්දක් වගේම සුබ රාත්‍රියක් වේවා!
Dasun Chathuranga
ලැබුවාවු 2019 වසර බයිස්කෝප් වෙබ් අඩවිය තවතවත් දියුණුවට පත්වන වසරක් වේවා !!!!
සියළුම කාර්ය මණ්ඩලයට සහ උපසිරැසිකරැවන්ට සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා !!!!!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..... ජය වේවා....
Hasaa3
Happy new year 2019...... thank a lot bro.........
Prabodha Madhusankha Hettiarachchi
සුභ නව වසරක් වේවා සියලුම බයිස්කෝප් වාසින්ට.. ජය වේවා ...
nihalpujitha
HAPPY NWE YER 2019 BAISCOPE SET EKATA...
nihalpujitha
HAPPY NEW YER 2019
SujanBro
El bn anakan balan aluth auruddata dunna theggata tnxx brooo...
kolitha
Happy New Year...
Thanx bro....Cavil
Baiscopelk team eke hamotama suba aluth awuruddak wewa. Giya awurudde wagema me awuruddeth baiscopelk ekka thama. Film eka nm balagena hitapu ekak. Ewagema sub ekath thanx. Jayen Jaya
vas0303
You are amazing bro. Thank you for the sinhala subtitles.
Have a wonderful and a peaceful new year with full of happiness.Amilperera
Thnks broo sub ekata.. e wagema suba aluth awruddk wewaa
gihan perera
ස්තුතියි ස්තුතියි ස්තුතියි සහෝ....සුභ අලුත් අවුරුදද්දක් වෙිවා බයිස්කෝප් උපසිරැසි දෙන සියලුම දෙනාට...M.T.R. ගොඩක් ස්තුතියි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා....
PaSindu MaDumal
සබට තෑන්ක්ස් තරිදු අයියා..!
ජයෙන් ජය...සුබ අලුත් අවුරුද්දක් වේවා බයිස්කෝප් රසික රසිකාවන්ටSajmadu
Ela ela.
thilz
thank u amd hpy new yearrrr
Ranjith54321
thanks bro
kelumchathuranga
thanks
Esunad
thanx bro movie eka download karana site ekak denako
Amal_indika
thank you machn...
happy new yer 2019...!!
ela....Avindu Umesh Gunasinghe
Tnx bro enakammai hitiye...
Bandaramudiyansi
මෙවගෙ කොල්ලො බයිස්කෝප් එකට දයාවයක්.සුපිරි වැඩක් මල්ලි .මෙව්ව මේ විදියට හැමොටම දෙන්න බැ සහතිකයි.එක දැනෙන්න. HAPPY NEW YER මල්ලි
Sin subs
thnks sub 1t..patta❤❤..happy new year❤❤
Nilush Angana
Sub ekata thanx
nuwan22
thank broo.. happy new year
priyan99
thanks bro sub ekata.Happy New Year
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයGathsara Umesh
Bhooooom sathutui....
Thisara Neo
Thanks
udithlakmal
Super. N happy new year 2019
Saliya1992
සුභ අලුත් අවුරුද්දක්
Lasantharathnasirirox
M.T.R ඔබටත් 2019 නව වසර කිරියෙන් ද පැණියෙන් ද ඉතිරේවා !!
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ......
ජයවේවා ......
බයිස්කෝප්වාසී සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා !subodha
Thanks
Hirunaprabodha
ගොඩාක් ස්තූතියි සහෝ...
ඔබට ජය..
ඒ වගේම සුබම සුබ නව වසරක් වේවා....Kapila4499
Thanks for sub.......
Advertisement

ඉක්මනටම සබ් එක දීලා. නියමයි....