The Ghost in the Shell Season 1 Sinhala Subtitles අනාගත තාක්ෂණය, සයිබර් අවකාශය සහ මිනිස් ආත්මය හෙවත් කතාවට අනුව එම ආත්මය හඳුන්වන “ගෝස්ට්” අතර තියෙන බැඳීම ගැන කතා කරන විශිෂ්ට සයිබර්පන්ක් නිර්මාණයක් තමයි 90 දශකයේදී නිමවුනු Ghost in the Shell කියල කියන්නෙ. එම කතාව Science SARU ස්ටූඩියෝව මඟින් මුල් කතා…

අනාගත තාක්ෂණය, සයිබර් අවකාශය සහ මිනිස් ආත්මය හෙවත් කතාවට අනුව එම ආත්මය හඳුන්වන “ගෝස්ට්” අතර තියෙන බැඳීම ගැන කතා කරන විශිෂ්ට සයිබර්පන්ක් නිර්මාණයක් තමයි 90 දශකයේදී නිමවුනු Ghost in the Shell කියල කියන්නෙ. එම කතාව Science SARU ස්ටූඩියෝව මඟින් මුල් කතාව ඇසුරින් අලුත්ම මුහුණුවරකින් රැගෙන එන නිර්මාණයක් ලෙසින් 2026 වසරේදී එන The Ghost in the Shell ඇනිමෙ කතා මාලාවේ 2 කොටසේ උපසිරැසිය එක්කයි ඔබ මේ එකතු වෙන්නේ.
කතා මාලාවේ පළමු කොටසින් ප්‍රේක්ෂකයා කෙලින්ම රැගෙන ගියේ කුතුහලය සහ ක්‍රියාදාම පිරි සයිබර් ආරක්ෂණ මෙහෙයුමකටයි. කතාව ආරම්භ වන්නේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ඉහළ නිලධාරීන් පිරිසක් සහභාගී වන සාකච්ඡාවක් අතරතුර සිදුවන හදිසි ප්‍රාණඇපකරුවන් පැහැරගැනීමකින්. මේ සිද්ධිය මර්දනය කරන්න ක්ෂණිකව ක්‍රියාත්මක වෙන්නේ ජපාන රජයේ රහසිගත ආරක්ෂක අංශය වෙන “Public Security Section 9” කණ්ඩායමයි. මෙහි නායකත්වය ගන්නේ මුළු ශරීරයම කෘතිම කොටස්වලින් සැකසුණු, අතිශය දක්ෂ සටන්කාරියක වන මේජර් මොටෝකෝ කුසනගි විසිනුයි. ඇයගෙ සයිබෝග් ශරීරය එක්ක ඇය කරන මෙහෙයුම හරිම අපූරු විදිහකට අපිට දකින්න ලැබුනා. කුඩා ළමයින්ගේ මනස සහ මොළය සේදීමකට ලක් කරන අමානුෂික ගොඩනැගිල්ලකට මේ මේජර් සහ ඇයගෙ කණ්ඩායම ප්‍රහාරයක් එල්ල කරන විදිහ අපිට දකින්න ලැබුනා. ඉතින් මේ දෙවෙනි කොටසින් වෙන්නෙ මොකක්ද? තවත් දේශපාලනමය දෙයක් මතුවෙන හැඩක් තමයි පේන්නෙ. බලන්නකො මේජර් එක්ක එයාගෙ කණ්ඩායම මේකට මොකද කරන්නෙ කියලා.
මේ උපසිරැසි නිර්මාණය වන්නේ සතිපතා නිකුත් වන THE GHOST IN THE SHELL S01 1080p AMZN WEB-DL DUAL DDP2.0 H.265 (Koukaku Kidoutai: THE GHOST IN THE SHELL, Dual-Audio, Multi-Subs) නම් Torrent පිටපතටයි. ඒ වගේම ඔබ නරඹන ඕනෑම Web වීඩියෝ පිටපතකට මේ සිංහල උපසිරැසිය ගැලපේවි. කතාව වගේම උපසිරැසිය ගැන ඔයාගෙ අදහස් කියන්න අමතක කරන්න එපා. මීළඟ කොටස් වලින් හමුවෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
• Episode Name – Super Spartan ii + Junk Jungle i
• IMDB Rating – 7.8 (at 2026.07.16)
• Released Date – 2026.07.14
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB DL පිටපත් සඳහා වලංගු වේ.
82 downloadsDownload The-Ghost-in-the-Shell-S01-E02-Sinhala-Subtitles.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- Action
- Drama
- Animation
- Sci-Fi
- Detective
- Sinhala Subtitles
- Adventure
- Fantasy
- Anime
- Adult Animation
- Hand-Drawn Animation
- #Hiroki Yasumoto
- #Kazuhiro Yamaji
- #Maaya Sakamoto
- #MaxxA
- #Offbeat
- #Shirow Masamune
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #SungWon Cho
- #the ghost in the shell
- #The Ghost in the Shell Season 01
- #The Ghost in the Shell Season 01 Sinhala Subtitles
- #Yûichi Nakamura
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Sandaru Nimsara
Advertisement
![The Ghost in the Shell [S01: E02] Sinhala Subtitles | නොදත් හැකර්වරයෙක් සොයා… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/07/The-Ghost-in-the-Shell-2026-Banner-01-new.jpeg)



Thanks