ආයූබෝවේවා බයිස්කෝප්වාසී යාළුවනේ. ගොඩ කාලෙකට පස්සේ ඔන්න උපසිරැසියක් ගෙනාවා, රාජකාරි වැඩ නිසා කිසි විවේකයක් තිබුනෙත් නෑ ඒ අස්සේ භාර ගත්ත වැඩ දෙක තුනකුත් අතපසු වෙලා තියෙන්නේ. ඒ අතරතුර තමයි අපේ සොහාන් මලයා මූණු පොතෙන් කතාකරලා ඇහුවේ වැඩක් තියෙනවා කරමුද කියලා. කොහොමත් සබ් කෙටීමේ උණ තියෙන නිසා දෙපාරක් නොහ…

ආයූබෝවේවා බයිස්කෝප්වාසී යාළුවනේ. ගොඩ කාලෙකට පස්සේ ඔන්න උපසිරැසියක් ගෙනාවා, රාජකාරි වැඩ නිසා කිසි විවේකයක් තිබුනෙත් නෑ ඒ අස්සේ භාර ගත්ත වැඩ දෙක තුනකුත් අතපසු වෙලා තියෙන්නේ. ඒ අතරතුර තමයි අපේ සොහාන් මලයා මූණු පොතෙන් කතාකරලා ඇහුවේ වැඩක් තියෙනවා කරමුද කියලා. කොහොමත් සබ් කෙටීමේ උණ තියෙන නිසා දෙපාරක් නොහිත හා කිව්වා. ඒකේ ප්‍රතිඵලක් විදියට තමයි මනාප 9,000කට ආසන්න ප්‍රමාණයකින් IMDb මීටරය 8ට කරකවලා ගූගල් පරිශීලකයන්ගෙන් 91% කැමත්ත ගත්ත The Innocent ස්පාඤ්ඤ රූපවාහීනී කතාමාලාවේ පළමු සමයේ 06 වෙනි කොටස මේ විදියට මම අරගෙන ආවේ. කලින් කොටස අපේ මයුර සහෝ දුන්නනේ. වැඩි විස්තර නැතුව අපි බලමු අද කොටසින් මොකද වෙන්නේ කියලා.
පොලීසියෙන් බේරිලා පැනලා යන මැට් සෝනියාගෙන් උදව් ඉල්ලනවා, ඒත් මේකට ජේමිගෙනම් කැමත්තක් නෑ. ඔලීවියාව අත්ඩංගුවට ගන්න ටියෝ ඇයත් එක්ක වෙනම ගිවිසුමකට එළඹෙන්න උත්සහ කරනවා. කොහොම උනත් ටියෝට ඊට අමතරව වෙනම සැලස්මක් තියෙන බව තමයි පේන්නේනම්. පරීක්ෂක ලොරේනාව මේ සිද්ධියෙන් ඉවත් කරලා ඒක SCU එකට භාර දුන්න එකට එයා ඉන්නේ ගොඩක් අසතුටෙන්. ඒත් ලොරේනත් එහෙම ලේසියෙන් වැඩේ අත අරින්නේ නෑ කියලා තමයි පේන්නේ නම්. මටේයෝ හදන්නේ මාබෙලා නගරයට කොහොමහරි පැනගෙන ඔලීවියාවත් එහෙට ගෙන්න ගන්න. ටියෝට ඕන කොහොමහරි ටේප් පට ටික ඔලීවියාගෙන් අරගෙන තමන්ගේ රහස රැක ගන්න. අද කෙනෙක්ට ජීවිතයෙන්වන්දි ගෙවන්න වෙනවා වගේම අළුත් තොරතුරු කිහිපයක්ම දැනගන්නත් ලැබෙනවා. මැට් සහ ඔලීවියාට මාබෙලාවලට යන්න පුළුවන් වෙයිද ? ටියෝ තමන්ගෙ රහස් රැක ගනියිද ? ලොරේනා මේ සිද්ධිය විසඳන්න මොන වගේ උතසහයක් ගනීද ? මේ ඔක්කොටම පිළිතුරු ඔයාලට මේ කොටසින් බලාගන්න පුළුවන්. ඔයාලා දැනටමත් දන්නවනේ මේ කතාමාලාව 18+ එකක් කියලා. ඒ නිසා කට්ටිය එක්ක බලනවනම් පරිස්සමින් හොදේ.
මේ කොටසින් මගේ වැඩ කොටස අහවරයි. ඊළග කොටස අපේ රොෂාන් සහෝ ඔයාලට දෙයි. මාව මේකට සම්බන්ධ කර ගත්තට අපේ සොහාන් ජයසූරිය මල්ලිටත්, මයුර සුරාජ් සහෝටත් මේ කතාමාලාවට සම්බන්ධ උන අනිත් සහෝලටත් ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන් මම ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් ඉක්මනටම හම්බෙමු. මම දනුවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
6,878 downloadsDownload The-Innocent-S01-E06.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
20 comments
Thamanna
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Sohan Jayasooriya
එලම අයියේ ස්තූතියි සබ් එකට
Anonymous
Thanks
Anonymous
thanks bro
මයිකි
කතාව හොදයි. තැන්ක්ස් විඩියො එක තාම දාලා නැ ඩව්න්ලොඩ් සයිට් එකේ උදේ ඉදන් ගිහින් ගිහින් බලනවා.
Anonymous
යුරාන් බ්‍රෝ ඇයි දැන් වැඩිය සබ් කරන්නේ නැත්තේ
එහෙම කරන්න එපා බ්‍රෝ
ඔයා සුපිරි උපසිරසිකරුවෙක්නේ
ඔයා තෝරගන්න හොරර් ටයිප් එකෙ ෆිල්ම් සුපිරිAkhila Sooriya Kumara
සුපිරු යාලුව කරන මෙ වැඩෙ.. කතාවත් පට්ට. දවසට එක සබ් එකද මචන් දාන්නෙ..
Pramukmili
Thanx bro...........
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Dewadithya
Thanks for sub!
kawushalya
බොහෝමත් ස්තූතියි
Anonymous
Thnx for sub ...❤️
Sasanka
Thanks for the sub
Hasantha
Thanks
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sahan Gayantha
thanks a lot saho sub ekata
viraj
thanks...........
Akila Dilhara
Thanks Brother...
Advertisement



එලම