Watch Trailer

The Terminal List [S01 : E01] Sinhala Subtitles | මහා විනාශයකට මුලපුරණ මෙහෙයුමක්! [සිංහල උපසිරසි]

The Terminal List [S01 : E01] Sinhala Subtitles ඔන්න එහෙනම් බයිස්කෝප් කන්ඩායමෙන් අපි ඔයාලට සුපිරිම ටීවී සීරිස් එකක් ගේන්නයි මේ සූදානම් වෙන්නේ. මේකට අපි සබ් කරන්න පටන් ගත්තේ මේ සීරිස් එක ආපු 2022 අවුරුද්දෙමයි. ඒත් එක එක වැඩ නිසා මේක අපිට හරියට කරගන්න උන්නෑ. ඒත් කොහොම හරි හිරාන් සහෝ ආයෙත් වැඩේට බැහැල…

The Terminal List  Sinhala Subtitles

The Terminal List Sinhala Subtitles

ඔන්න එහෙනම් බයිස්කෝප් කන්ඩායමෙන් අපි ඔයාලට සුපිරිම ටීවී සීරිස් එකක් ගේන්නයි මේ සූදානම් වෙන්නේ. මේකට අපි සබ් කරන්න පටන් ගත්තේ මේ සීරිස් එක ආපු 2022 අවුරුද්දෙමයි. ඒත් එක එක වැඩ නිසා මේක අපිට හරියට කරගන්න උන්නෑ. ඒත් කොහොම හරි හිරාන් සහෝ ආයෙත් වැඩේට බැහැල සීරිස් එක ඉවරයක් කරගන්න සප් එකක් දුන්නා. කොහොම හරි පරක්කු වෙලා හරි උපසිරැසි දුන්න එක වටිනව කියලා මං හිතනවා මොකද මේකෙ ප්‍රීක්වල් සීරිස් එකකුත් නිකුත් වෙන්න තියෙන නිසා. ඒකත් නිකුත් වුනාම උපසිරැසි අරගෙන එන්නම්. එහෙනම් ඒවා පැත්තකින් තියලා මේ කතාව පැත්තට හැරෙමුකෝ..

මේක නිකුත් වුණේ 2022 ජූනි 30 වෙනිදා ඇමර්සන් ප්‍රයිම් හරහා. මේ වෙනකොට IMDb දර්ශකේ ලක්ෂෙකට අධික මනාප සංඛ්‍යාවකින් 7.9 ඉහල අගයක් ලබාගන්න මේ සීරිස් එකට හැකිවෙලා තියෙනවා. කතාව ගැන මතක් කලොත් ජේම්ස් රීස් කියන්නේ ඉහල කොමාන්ඩර්වරයෙක්. මෙයාල 2018 ඉඳන් දරුණු ත්‍රස්ථවාදියෙක් වෙන කහානි කියලා පුද්ගලයෙක් පසුපස හඹා යනවා. ඔහොම ඉද්දි මෙයාලට මූසා කියලා විශ්වාසවන්ත කෙනෙක්ගෙන් තොරතුරක් එනවා කහානි ඉන්න තැන ගැන. ඉතිං මෙයාල ඒ තැනට ප්‍රහාරයක් එල්ල කරනවා, මේ මෙහෙයුමෙන් තමා රීස්ගෙ ජීවිතේ කණපිට හැරෙන්න ගන්නේ. මොකද මේ මෙහෙයුමේදි රීස් ලොකු මුලාවක වැටෙනවා. මොකක්ද ඇත්තටම මේ මෙහෙයුම? කවුද ඒක සැලසුම් කළේ? කවුද මේව පිටිපස්සෙ ඉන්නේ? මේ ප්‍රශ්නත් එක්ක තමා පලවෙනි කොටස දිගහැරෙන්නේ.

එහෙනම් එක හුස්මට බලලා දාන්න පුළුවන් මේ සීරිස් එක බලපු නැති ඔයාලටත් බලන්න ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. ජයවේවා!

The Terminal List Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

7,312 downloadsDownload The-Terminal-List-S01-E01.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

Subtitles

7,312 downloadsDownload Subtitles25 KB

8 comments

  1. Asanga kb

    Thank you wewa me wenuwen mahansi una okkotama..

  2. sachintha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය

    හැකි නම් Reacher එකටත් සිංහල උපසිරසි ලබා දෙන්න

  3. Sahan Gayantha

    thanks a lot Bimsara saho sub ekata

  4. Buddhika Lakmal

    Thanks Brother.. Good job.... ♥♥

  5. Asiri lakmal.gamage

    Bimsara plz puluwannam continuum season 2 akata sub dennako eka supiri tv series akak sub nati nisa balanna baha season 1 idan dunnath hodai meke sub karana hamogenma illanawa puluwannam sub denna kiyala akata

  6. lakshan

    thanks

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.