The Vampire Diaries S06 Sinhala Subtitles එහෙනම් මේ අරගෙන එන්නේ වැම්පයර් ඩයරීස් කතාමාලාවේ හත්වෙනි කොටසයි. එහෙනම් අපි ගිය සතියෙ කොටස ගැන මතක් කරගමුකෝ. ඩේමන් දැන් ආයෙත් වර්ථමාන ලෝකයට ඇවිත් ඉන්නේ. ආපු ගමන් ස්ටෙෆන්ව හම්බෙනවා, නමුත් ඊට පස්සේ ඩේමන්ට ඕනේ එලේනාව හම්බෙන්න. නමුත් ස්ටෙෆන් ඒකට කැමති වෙන්නේ නෑ,…

The Vampire Diaries S06 Sinhala Subtitles

එහෙනම් මේ අරගෙන එන්නේ වැම්පයර් ඩයරීස් කතාමාලාවේ හත්වෙනි කොටසයි. එහෙනම් අපි ගිය සතියෙ කොටස ගැන මතක් කරගමුකෝ.

ඩේමන් දැන් ආයෙත් වර්ථමාන ලෝකයට ඇවිත් ඉන්නේ. ආපු ගමන් ස්ටෙෆන්ව හම්බෙනවා, නමුත් ඊට පස්සේ ඩේමන්ට ඕනේ එලේනාව හම්බෙන්න. නමුත් ස්ටෙෆන් ඒකට කැමති වෙන්නේ නෑ, ඒවගේම එලේනා කැමති වෙන්නෙත් නෑ. ඒ මොකද දැන් එලේනාගේ මතකය අමතක කරලා තියෙන නිසා. ඒවගේම අර නගරයට අලුතෙන් ආපු සැල්වටෝර් සහෝදරිය තමන්ගේ නියම දෙමව්පියන්ව හොයන්න තවදුරටත් උත්සහ කරමින් ඉන්නවා. ඒ අතරේ ට්‍රිප් තවදුරටත් එන්සෝව හිරකරගෙන ඉන්නවා, නමුත් ඔහු ස්ටෙෆන්ගේ අලුත් පෙම්වතියවනම් ඉවරයක්ම කරලා දැම්මා, ඒ සීමාවට එපිටින් ඇයව රැගෙන යමින්. ඉතින් දැන් එන්සෝව හිරකරගෙන ඉන්න නිසා ස්ටෙෆන් සහ කැරොලින් යනවා එන්සෝව බේරගන්න, ඒ මේ සේරටම මුල ස්ටෙෆන් නිසා. ඉතින් ඒ දෙන්නා එන්සෝව හිරකරගෙන ඉන්න තැනට යද්දී ඔහු එතැන නැ, ට්‍රිප් ඔහුව වෙනත් තැනකට අරගෙන ගිහින්, නමුත් ඒ තනියම නෙමේ, එලේනාව හම්බෙන්න පෙරුම්පුරාගෙන ඉන්න ඩේමන්වත් ඔවුන්ගේ ගමනට එකතුකරගනිමිනුයි.

ඉතින් දැන් අනිත් යාලුවෝ ටික එකතුවෙලා ඩේමන්වයි එන්සෝවයි බේරගන්න මෙහෙයුමට සූදානම් වෙලා ඉන්නේ, ඒ ට්‍රිප්ව ඇමකට දාලායි. ඉතින් කොහොමහරි ඔවුන්ගේ ප්‍රයත්නය නිශ්ඨල වෙලා සියලුම දෙනා සීමාව පන්නලා යනවා. එතනදී රික්ට ඉතා බරපතල ලෙස තුවාල වෙනවා, ඉතින් එතනදී ඔහුව සීමාවෙන් එපිටදී සුවකරනු ලබන නිසා ඔහු තවදුරටත් වැම්පයරයෙක් වෙන්නේ නෑ.

එතන ඉඳන් කතාව අද කොටසින් බලන්න. එහෙනම් මීලඟ කොටසින් අපි හමුවෙමු. බයිස්කෝප් අඩවියට ජය.

 

 

The Vampire Diaries S06 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

72 downloadsDownload The-Vampire-Diaries-S06E07-Sinhala-Subtitles.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles

72 downloadsDownload Subtitles27 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.