The Vampire Diaries S06 Sinhala Subtitles ඔයාලා මේ එකතුවෙන්නේ වැම්පයර් ඩයරීස් කතාමාලාවේ එකොලොස්වෙනි කොටසත් සමගයි. ඒවගේම මේ කතාමාලාවේ මං බාරගත්තු කොටස් ටික මේකෙන් ඉවරයක් වෙනවා. එහෙනම් වැඩිය කතා නැතුව කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු. කලින් කොටස පටන් ගන්නකොටම අපිට දැනගන්න ලැබුනනේ කායි විසින් පහරදුන්නු ක…

The Vampire Diaries S06 Sinhala Subtitles

ඔයාලා මේ එකතුවෙන්නේ වැම්පයර් ඩයරීස් කතාමාලාවේ එකොලොස්වෙනි කොටසත් සමගයි. ඒවගේම මේ කතාමාලාවේ මං බාරගත්තු කොටස් ටික මේකෙන් ඉවරයක් වෙනවා. එහෙනම් වැඩිය කතා නැතුව කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු.

කලින් කොටස පටන් ගන්නකොටම අපිට දැනගන්න ලැබුනනේ කායි විසින් පහරදුන්නු කෙල්ලෙක්ව රෝහලට ගෙනත් තියෙන අතරේ ජෝ ඇය ගැන සොයාබලන්න යනවා. එතකොටම ට්‍රොලියේ වැතිරිලා හිටපු කායි ඇවිත් ජෝව පැහැරගෙන යනවා. ඒ අතරේ කැරොලින්ගේ අම්මා නත්තල සමරන්න කැරොලින්ගේ ගෙදර එනවා ස්ටෙෆන්ගෙ උදවුවත් අරගෙනම. ඉතින් දැන් කායි ජෝව පැහැරගෙන ගිහින් විශේෂයෙන් නිර්මානය කරපු සීමාවක් ඇතුලේ තියාගෙන ඇයට වධදෙනවා නැවත මැජික් බලය ලබාගන්න බලකරමින්. නමුත් ජෝ අර පිහිය තුලට මැජික් බලය ඇතුල්කලේ තමන්ගේ කැමැත්තෙන් නිසා ආයෙ ඒ බලය එපිටට ගන්න ඕනෙත් ඇයගේ කැමැත්තෙන්මයි.ඉතින් ඇයට පැය භාගයක කාලයක් ලබාදීලා කායි පිටව යනවා ඒ කාලය තුල නැවත බලය බලාගන්න කියා බලකරමින්. නමුත් ඩේමන් ලූක්ව හොයාගෙන ජෝව හිරකරගෙන ඉන්න තැනට යනවා ඇලරික් එක්ක. එතනදී ඔවුන් කායිව මරන්න උත්සහ කලත් ඒ උත්සහය අසාර්ථක වෙනවා. එහෙනම් කලින් කොටස ගැන කතාකලා ඇති වගේ. අද කොටස ගැනත් පොඩි විස්තරයක් කියලම ලිපිය ඉවරයක් කරන්නම්.

මතක ඇතිනේ කලින් කොටසේ අන්තිමට කායි ඇවිත් එලේනාට පහරදීලා අරගෙන යනව. ඉතින් ඔහු ඇයව අරගෙන යන්නේ උසස් පාසලටයි. ඒ ඔහුගේ මැජික් බලය වැඩි දියුණු කරගන්න පුහුණුවීමේ භාන්ඩයක් අවශ්‍ය නිසයි. ඒ අතරේ ජෝ සැලවටෝර් නිවසේ ඉඳගෙන තමන්ගේ සහෝදරියත් එක්ක මැජික් පුහුණුවෙනවා. ඒ කායි සමග තියෙන සටනට සූදානම් වෙන්න.

නමුත් මේ සියල්ල අතරේ කැරොලින්ගේ අම්මා ඉන්නේ අසනීපෙන් නිසා කැරොලින් සහ ස්ටෙෆන් යනවා ඒ අසනීපය පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවෙන්න. ඒවගේම ස්ටෙෆන් අර සේරා සැල්වටෝර් කියන ඥාති සහෝදරිය ගැන දුක සැප බලන්නත් යනවා. එතෙන්ට ස්ටෙෆන්ගේ තරහාකාරයෙකුත් එකතුවෙනවා. ඒවගේම කැරොලින් තම මව හා සමාන රෝගියෙක්ට වැම්පයර් රුධිරය ලබාදී ඔහු සුවවෙන ආකාරය නිරීක්ශනය කරනවා.
ඉතින් අපි බලමු කැරොලින්ට තමන්ගේ අම්මව සුවකරගන්න පුලුවන් වෙයිද කියලා?

එහෙනම් මං මීට වැඩිය ලිපිය දික් කරන්නේ නෑ.
මීලඟ කොටසින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!

 

 

The Vampire Diaries S06 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

65 downloadsDownload The-Vampire-Diaries-S06E11-Sinhala-Subtitles.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles

65 downloadsDownload Subtitles26 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.