True Detective S04 Sinhala Subtitle සුබ දවසක් මිත්‍රවරුනි. අද මේ පළවෙන්නේ True Detective: Night Country කතාමාලාවේ හයවැනි කොටසයි. දන්නෙම නැතිව අපි මේ කතාමාලාවේ අවසන් කොටසටත් ඇවිත්. පසුගිය කොටසේ අන්තිමට ප්‍රයර්ගේ පියා හෑන්ක්, ප්‍රයර්ගේම වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වෙන්නේ හෑන්ක් විසින් ලිස්ව ඝාතනය කරන්…

True Detective S04 Sinhala Subtitle
සුබ දවසක් මිත්‍රවරුනි. අද මේ පළවෙන්නේ True Detective: Night Country කතාමාලාවේ හයවැනි කොටසයි. දන්නෙම නැතිව අපි මේ කතාමාලාවේ අවසන් කොටසටත් ඇවිත්. පසුගිය කොටසේ අන්තිමට ප්‍රයර්ගේ පියා හෑන්ක්, ප්‍රයර්ගේම වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වෙන්නේ හෑන්ක් විසින් ලිස්ව ඝාතනය කරන්නට තැත් කළ අවස්ථාවේදී. ලිස් සහ නවාරෝ මේ ඝාතනය ගැන තොරතුරු හංගා ප්‍රයර්ව බේරා ගැනීමට සැලසුමක් සකස් කරනවා. එය සාර්ථක වෙයිද? ඇනී මියගිය ගුහාව වෙත ගමන් කරන ලිස් සහ නවාරෝට ඇනී ඝාතනයේ සහ විද්‍යාඥයන්ගේ අබිරහස විසඳා ගන්නට හැකි වෙයිද? අද කතාව එතැන් සිට….
අද පළ වන කතාංගය ගැන:
අද කතාවේ මොකද වෙන්නේ? ලිස් ඩැන්වර්ස් සහ නවාරෝ, ඇනීගේ වීඩියෝවේ පෙන්වන භූගත හිම ගුහාව වෙත ගමන් කරනවා. එතැනදී ඔවුන් හොයාගන්නවා සැඟවුණු භූගත රසායනාගාරයක්. එය ත්සලාල් පර්යේෂණ ආයතනයට උමං මාර්ග මගින් සම්බන්ධ වෙනවා. ඔවුන් ඇනීගේ හිටපු පෙම්වතා වන අතුරුදහන්ව සිටි විද්‍යාඥ රේමන්ඩ් ක්ලාක්ව සොයාගන්නවා. ඇනී එම පහසුකමේ ව්‍යාජ ජලජ දූෂණ දත්ත සහ ඔවුන්ගේ ලෝකය වෙනස් කළ හැකි රහස් පර්යේෂණ සොයා ගත් බවත් ඇයව ත්සලාල් ස්ථානයේ විද්‍යාඥයන්ට හසුවුණු බව ක්ලාක් ප්‍රකාශ කරනවා. ඇනීව ඝාතනය කළේ කවුද? ඇනීගේ දිව කපා දැමුවේ කවුද? ඇනීගේ මරණයත් විද්‍යාඥයන් පස්දෙනාගේ මරණයත් අතර සම්බන්ධය කුමක්ද? විද්‍යාඥයන් එළෙස මියගියේ කෙසේද? සිය පියාගේ ඝාතනයෙන් පීටර් ප්‍රයර්ට ගැළවෙන්නට හැකි වෙයිද? ප්‍රයර්ට ඔහුගෙන් දුරස් වුණු බිරිඳගෙන් සහය හිමි වෙයිද? අතිශය උද්වේගකර කුතුහලය වැහෙන රසබර මේ කතාවත් බලලා මේ සියලු දේ දැනගන්න.

සංවේදී දර්ශන නිරුවත් දර්ශන අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට සුදුසු නිර්මාණයක්.
අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!
- හයවැනි (අවසන්) කොටස – “Part 6″ – “මරණීය දණ්ඩනය”
- අධ්‍යක්ෂක – Issa López
- තිරරචනය – Issa López
- මුල්වරට විකාශය කෙරුණු දිනය – 2024 පෙබරවාරි 18
- IMDb Ratings – 5.4/10
True Detective S04 Sinhala Subtitle

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
513 downloadsDownload True-Detective-S04E06.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
True Detective S04 Sinhala Subtitle
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
9 comments
Supun Thiwanka
Samitha Weerasinghe
මචන්...මේකේ තියෙන්නේ 5වෙනි එපිසෝඩ් එකේ සබ් එක. හරි එක upload කරන්න.
hashan
Bro meka ep 05 eke episode ekamane downlaod wenne six newene
Anonymous
episode 6 thiyenne episode 5 subtitles. 6 eka aye danawada saho?
jansze
episode 6 thiyenne episode 5 sub ekamai. aluth eka update karanna saho.
Supun Thiwanka
බ්‍රො මෙකෙ සබ් එක වැරදියි. පස්වෙනි එපියෙ සබ් එක දාලා තියෙන්නේ. හයවෙනි එපියෙ සබ් එක දාන්නකො.
hashan
EP05 sub ekene bro download wenne
Thisara Neo - Admin
උපසිරසියේ තිබු ගැටලුව නිරාකරණය කර ඇත
Nirosha Nirosha
thank u
Advertisement
![True Detective [S04 : E06] Sinhala Subtitle | මරණීය දණ්ඩනය [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/05/True-Detective-S4-a-scaled.jpg)


තෑන්ක්ස් බ්‍රො සබ් එකට. සෑහෙන කාලයක් බලන් හිටිය සීසන් 4 දෙනකම්. සබ් එක දාපු දවසෙම එපියත් බැලුවා. තෑන්ක්ස්. මෙ ගමන්ම Fargo එකෙත් අන්තිම සීසන් එකට දෙන්නකො. ඒකත් මෙ ටයිප් එකෙ කතාවක්නෙ.