උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
අයුබෝවන් අදත් ඔයාලා හැමෝටම
Disney+ හරහා මාර්වල් සිනමා විශ්වයේ (MCU Phase Six) අතිශය කුතුහලයෙන් යුතුව විකාශය ආරම්භ වූ "VisionQuest" අපූරු විද්යා ප්රබන්ධ (Sci-Fi / Mystery) කථා මාලාවේ පළමු කොටස අරගෙන තමයි අද මම ආවේ.
කථා මාලාවේ නම: VisionQuest (Vision)
කොටසේ නම: S01E01
විකාශය වූ දිනය: 2026 ඔක්තෝබර් 13 / 14
වර්ගීකරණය: Sci-Fi / Action / Mystery / Philosophical Drama
ප්රධාන නළු නිළියන්: Paul Bettany (Vision), James Spader (Ultron), Emily Hampshire (EDITH), T'Nia Miller (Jocasta), Ruaridh Mollica
කතාව ගැන:
WandaVision සහ Agatha All Along කථා මාලා වලින් පසුව දිගහැරෙන මෙම සුවිශේෂී කථා මාලාව ආරම්භ වන්නේ, වයිට් විෂන් (White Vision) හෙවත් මතකයන් නැවත ලැබුණද ඒවාට හැඟීම් සම්බන්ධ කරගැනීමට නොහැකිව අභ්යන්තර අනන්යතා අර්බුදයකින් (Identity Crisis) පෙළෙන විෂන්ගේ නව ජීවිතය හරහායි.
තමන් කවුද යන්න තේරුම් ගැනීමට සහ මිනිස් ස්වභාවය අවබෝධ කර ගැනීමට උත්සාහ කරන විෂන්, සාමාන්ය මිනිසෙකු ලෙස වෙස්වළාගෙන එඩින්බරෝ (Edinburgh) හි සාම්ප්රදායික ස්කොට්ලන්ත අවන්හලක (Pub) නිහඬ ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරයි. නමුත් ඔහුගේ ක්රමලේඛනය තුළ (Programming) ගැබ් වී ඇති අභ්යන්තර කෘත්රිම බුද්ධි (AI) පෞරුෂයන් සහ මතකයන් ඔහුට නිතරම වධ දෙන්නට පටන් ගනී.
තම මනස තුළ ඇති වන මෙම ව්යාකූලතාවයෙන් මිදීමට ඔහු තමන්ගේ අභ්යන්තර මනස් අවකාශයට (Mindspace) පසුබැසීමට සිදුවන අතර, එහිදී ඔහුට තම පැරණි නිර්මාතෘවරයා මෙන්ම දැවැන්තම තර්ජනයක් වන අල්ට්රන් (Ultron) සමඟ මුහුණට මුහුණ හමුවීමට සිදුවේ.
මේක මගේ පළවෙනි Marvel උපසිරැසි අත්දැකීම. ඉතින් අඩුපාඩු / ප්රසංසා ඇතොත් commet එකක් දාන්න අමතක කරන්න එපා.
ඊළඟ කොටසත් අරගෙන ඉක්මනින් හමුවෙමු. එතකම් හැමෝටම සුබ වේවා!

- Ratings
- Reviews
- 0
- Subtitles
- 22
- Downloads
- 10K
- Readers' rating
- No reviews yet
"ඔබගේ චිත්රපට හා රූපවාහිනී කතාමාලා නැරඹීමේ රසවින්දනය උපරිම කිරිමට ගත් මාගේ උත්සහයකි." My effort to maximize your movie and TV series viewing experience.

Subtitles
- #VisionQuest S01 Sinhala Sub
- #VisionQuest S01 Sinhala Subtitles
- #VisionQuest Sinhala Sub
- #VisionQuest Sinhala Subtitles
0 comments
No comments yet. Yours will be the first.
