Watch Trailer

Avatar: Seven Havens [S01 : E01] Sinhala Subtitles | පුංචි භූමි පාලකයා [සිංහල උපසිරසි]

Wikipedia

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

ආයුබෝවන් 🙏 කියමින් ඔන්න අද දවසෙ මේ උණු උණුවෙම අරගෙන එන්නෙ, අද රිලීස් වුණු Avatar: Seven Havens කතාමාලාවට උපසිරැසි අරගෙන. Avatar: The Last Airbender සහ The Legend of Korra බලපු අපිට "Avatar" කියන්නෙ නිකංම නිකං කතාවක් නෙවෙයි, ඒක වෙනමම Experiance එකක්! ඔන්න දැන් ආයෙමත් ඒ සුපිරි බෙන්ඩින් ලෝකයේ අලුත්ම පරිච්ඡේදය දිගහැරෙනවා අද ඉඳලා.

මුලින්ම අපි බලමු මොකක්ද මේ අලුත් සීරිස් එක සහ මේ අලුත් ඇවටාර් කවුද වගෙ දේවල් කීපයක්.

The Legend of Korra සිදුවීම්වලින් අවුරුදු ගණනාවකට පස්සේ, ලෝකය සෑහෙන්න වෙනස් වෙලා. පැරණි ශිෂ්ටාචාර සහ තාක්ෂණය එකතු වෙලා නිර්මාණය වුණු අලුත් යුගයක තමයි මේ කතාව දිගහැරෙන්නේ. "Seven Havens" එහෙමත් නැත්තම් "සප්ත ක්ෂේම භූමි" කියන්නේ මේ මුළු ලෝකයම විනාශකාරී බලපෑමකට ලක්වෙද්දී ඉතිරි වුණු ප්‍රධාන ආරක්ෂිත කලාප 7ට. මේ කලාප 7 ආරක්ෂා කරන්නත්, ඒ වගේම බිඳ වැටුණු ස්පිරිට් (Spirit Realm) සහ මානුෂීය ලෝකය අතර සමබරතාවය නැවත ඇති කරන්නත් තමයි අලුත්ම ඇවටාර්වරයාට හෝ ඇවටාර්වරියට සිද්ධ වෙන්නේ.

ඈන්ග් (වායු) සහ කෝරා (ජලය) ගෙන් පස්සේ ඇවටාර් චක්‍රයට අනුව ඊළඟට එන්නේ Earth Avatar (භූමි ඇවටාර්) කෙනෙක්. මෙවර කතාව ගොඩනැගෙන්නේ ඒ අලුත් භූමිපාලක ඇවටාර් වටායි. කෝරාගේ කාලේ තිබ්බ industrial 1920s look එකටත් වඩා ඉදිරියට ගිය, ඒත් එක්කම ස්පිරිට්ස්ලා සහ බෙන්ඩින් බලපෑම් එකට මුසු වුණු ලස්සන Cyber-Fantasy ලෝකයක් අපිට මේකෙන් බලාගන්න පුළුවන්. වෙනදා වගේ රාජධානි 4 (Nations) වෙනුවට, මෙවර අවධානය යොමු වෙන්නේ මේ "Seven Havens" එකිනෙකට වෙනස් පරිසර සහ සංස්කෘතීන් සහිත ආරක්ෂිත නගර 7 ආරක්ෂා කිරීම සහ ඒවා අතර තියෙන දේශපාලනික හා පැවැත්මේ සටන ගැන.

භූමිය, ගින්දර, ජලය, වායු විතරක් නෙමෙයි, ලෝහ, ලාවා, අකුණු වගේ Sub-bending Styles වල අලුත්ම Visual Effects අපිට මේකෙන් දැකගන්න පුළුවන් වෙනවා. නිකංම සටන් විතරක් නෙමෙයි, මිත්‍රත්වය, කැපකිරීම්, සහ තමන්ගේ වගකීම හඳුනාගැනීම ගැන ලස්සන පණිවිඩයක් දෙන Plot එකක් මේකේ තියෙනවා. පරණ Aang ගේ සහ Korra ගේ ලෝකයේ තිබ්බ සමහර Easter Eggs සහ අලුත්ම characters ලගේ එකතුව නිසා පරණ fans ලටයි, අලුත් අයගෙයි දෙගොල්ලන්ටම එක වගේ අත්විඳින්න පුළුවන් සීරිස් එකක් කියලා කිව්වත් මං නිවැරදියි.

"When the world is in chaos, a new Avatar must rise to bring balance to the Seven Havens."

කතාව බලලා ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා! දෙවනි කොටසින් හමුවෙමු.

සුභ දවසක්!! ජයවේවා!!

                                         Next BT1

Subtitles by

රුක්ෂාන් ඛාන්

Rank: PlatinumPlatinum
සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

20 downloadsDownload Subtitles34 KB

1 comment

  1. Pasindu Kalhara

    මෙච්චර ඉක්මනින් ගෙනවට thanks.... ඉතුරු දෙකත් ඕනි...

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.