අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසික්‍රියාදාමචිත්‍රපටිනාට්‍යමයබලන්නබියජනකයුරාන් ධනුකසිංහල උපසිරැසිෆැන්ටසි

Under Paris (2024) Sinhala Subtitles | පැරීසියේ මෝර භීෂණය [සිංහල උපසිරැසි]

Rating: 8.8/10. From 35 votes.
Please wait...
Under Paris (2024) Sinhala SubtitlesUnder Paris (2024) Sinhala Subtitles

හැමෝටම සුබ දිනයක් වේවා! ඔයාලා මෝරුන් සම්බන්ධ චිත්‍රපට නරඹන්න කැමතිනම්, Jaws, The Meg, Deep Blue Sea, Meg 2: The Trench වගේ චිත්‍රපට ආසාවෙන් නැරඹුවනම් එහෙනම් මේ තමයි ඔයාලගේ වාසනාවන්ත දවස. මොකද මෝරුන් සම්බන්ධව නිර්මාණය උන නවතම චිත්‍රපටය තමයි මම අද ඔයාලට අරන් ආවේ. මේ සලරුව නෙට්ෆ්ලික්ස් ඔස්සේ නිකුත් උනේ පසුගිය 6 වෙනිදා. ඒ වගේම මේක ප්‍රංශ චිත්‍රපටයක් කියලත් කියන්න ඕන. එහෙනම් චිත්‍රපටයේ අන්තර්ගතය පොඩ්ඩක් බලලා ඉමු නේද.

Under Paris (2024) Sinhala Subtitles

පැරීසිය… ලොව ජනාකීර්ණම නගරයන්ගෙන් එකක්, එමෙන්ම ලෝක උරුමයක් වන සුපතල අයිෆල් කුළුණ තිබෙන්නෙත් එහිම තමයි. ආදරවන්තයන්ගේ නගරය කියලත් පැරීසියට අන්වර්ථ නාමයක් තිබෙන්නේ එහි තියෙන ප්‍රේමණීය සුන්දරත්වය නිසාමයි. මේ පැරිස් නගරයේ අලංකාරයට එහි පිහිටා තිබෙන සේන් නදියත් බලපානවා. කිලෝ මීටර 777ක් පුරා දිවෙන මේ සුන්දර ගංගාවට හදිසියේම මෝරෙක් ආවොත් මොකක් වෙයිද? සාමාන්‍ය මෝරෙකුත් නෙමෙයි මිරිදියේ වාසය කරන්න පුළුවන් ඒ වගේම ඕනෑම පරිසර තත්වයකට හැඩගැසෙන්න පුළුවන් මෝරෙක් තමයි  පැරීසියේ සේන් නදියට හදිසියේම කඩා වදින්නේ. ඉතිං මේක වෙන්නේ කොහොමද? මෝරෙක් වගේ සමුද්‍ර ජීවීයෙක් මිරිදියේ වාසය කරන්නේ කොහොමද? පැරීස් වාසීන් මේකට කොහොම මුහුන දෙයිද කියන ප්‍රශ්න වලට උත්තර දැනගන්න නම් ඔයාලට මේ සලරුව නරඹන්නම වෙනවා.

Under Paris (2024) Sinhala Subtitles

Under Paris (2024) චිත්‍රපටය මේ වෙද්දි 5.6ක IMDb අගයක් සහ Rotten Tomatoesහි 67%ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. Action / Horror යන කාණ්ඩයන්ට අයත් වෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Xavier Gens කියන අධ්‍යක්ෂකවරයා. ප්‍රංශ ජාතික රංගන ශිල්පීන් පිරිසක් රංගනයෙන් දායක වෙන මේ සලරුවේ ප්‍රධාන චරිතය හොබවන්නේ Bérénice Bejo විසින්. ඇය A Knight’s Tale (2001) චිත්‍රපටයේ සහය චරිතයක් නිරූපනය කලා ඔබට මතක ඇති. එමෙන්ම ප්‍රංශ භාෂා චිත්‍රපටයක් වන The Artist (2011)හි රංගනය වෙනුවෙන් ඇය සම්මාන රැසකටත් නිර්දේශ වෙලා තියෙනවා. සෙසු චරිත වෙනුවෙන් Nassim Lyes, Anne Marivin, Léa Léviant සහ Anaïs Parello යන නළුනිළි කැල සම්බන්ධ වෙලා තිබෙනවා. මේ චිත්‍රපටය වෙන් කරගෙන තිබුනේ අපේ සොහාන් මල්ලි නමුත් එයාගේ කාර්‍යබහුලත්වය නිසා තමයි මට මේක උපසිරසි ගන්වන්න අවස්ථාව ලැබුනේ. ඒ නිසා සොහාන් මල්ලිටත්, රවිදු හේෂාන් සහෝටත් විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා. අනිත් කාරණාව තමයි දැන් දැන් ඔයාලගේ කොමෙන්ට් වැටෙන එක සෑහෙන අඩුවෙලා තියෙනවා කියලත් කියන්න ඕන. ඒ නිසා අලුත් ෆිල්ම් එකක් ආවත් උපසිරසි ගන්වන්න දෙතුන් පාරක් හිතන තත්වෙට ඇවිත් තියෙන්නේ. ඉතිං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලන්නේ පුංචි හරි කොමෙන්ටුවක් දාගෙන කියලා විතරයි. මොකද ඒකෙන් තමයි මේ වැඩේට පොඩි කික් එකක් එන්නේ. එහෙනම් සුපුරුදු විදියට තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා!

 

Under Paris (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Under Paris (2024) Sinhala Subtitles

29 thoughts on “Under Paris (2024) Sinhala Subtitles | පැරීසියේ මෝර භීෂණය [සිංහල උපසිරැසි]

  • baiscope over

    thanks bro pls keep it us….

    Reply
  • Helloo Admin team…

    Thank you very much for this… appriciated..

    Reply
  • Supiri thanks bro ✌️

    Reply
  • thanks bro.. obata jaya….

    Reply
  • Kasun Weerasiri

    Niyamai.. Supiri ….

    Reply
  • Thank you bro❣️❣️❣️❣️

    Reply
  • සුපිරිම බ්‍රෝ…keep up it

    Reply
  • Bimsara Yashan(ඔලිව)

    දැං කොමෙන්ට් වැටෙන්නැති එක ගැන නම් කියලා වැඩක් නෑ ඉතිං. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ජයවේවා!

    Reply
  • bohoma isthuti sahodaraya

    Reply
  • thank you sho b.downlad akata link dala nane sho tama

    Reply
  • Kavindu Nethmina

    Sub Ekata Thanks Bro

    Reply
  • Malith samarawickrama

    Thanks saho sub ekata good luck.

    Reply
  • thank sho jayawewa digatama sub denna me film ake download link tama baiscopdownlod ake dala nane

    Reply
  • Sub eka ganna behane…

    Reply
  • ස්තූථියි යුරාන් ධනුක සහෝටයි චාමිකර විදානගේ සහෝටයි මේ මූවිඑකට සිංහල සබ් දුන්නට….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *