ඔන්න අවසාන කොටසටත් ඔයාලව සාදරෙන් පිළිගන්නවා. ඒ වුණත්, හැම අවසානයක්ම අලුත් ආරම්භයක් කියනවනේ. ඒ සාධකේ මේකටත් පොදුයි. සරීනා ඉන්නෙ එයාගෙ ජීවිතේ එකම අරමුණට යන පාරෙ සෑහෙන දුරකට ගිහින්. තව බාධක කීපයයි. මේ වතාවෙ ඒ බාධක අයින් කරවගන්න එයා කාව පාවිච්චි කරාවිද? ඔයාලට මතක ඇතිනේ ඉමාද්ට ක්‍රිකට් අතෑරලා එයාගෙ තාත්…

ඔන්න අවසාන කොටසටත් ඔයාලව සාදරෙන් පිළිගන්නවා. ඒ වුණත්, හැම අවසානයක්ම අලුත් ආරම්භයක් කියනවනේ. ඒ සාධකේ මේකටත් පොදුයි.

සරීනා ඉන්නෙ එයාගෙ ජීවිතේ එකම අරමුණට යන පාරෙ සෑහෙන දුරකට ගිහින්. තව බාධක කීපයයි. මේ වතාවෙ ඒ බාධක අයින් කරවගන්න එයා කාව පාවිච්චි කරාවිද?

ඔයාලට මතක ඇතිනේ ඉමාද්ට ක්‍රිකට් අතෑරලා එයාගෙ තාත්තගෙ නම ඉස්සරහට ගෙනියන්න කියලා ඉල්ලීම් ලැබුණා.. ඉතින් එයාගෙ තීරණය මොකක් වේවිද?

මේ වෙනකොට ටෙස්ට් තරඟාවලිය 1-1 ක් විදියට සම තත්වයේ තියෙන්නේ. ඉතින් මේ තුන්වෙනි තරඟය රටවල් දෙකටම අතිශය වැදගත්. තරඟෙ කොයි අතට හැරෙයිද? ඓතිහාසික ටෙස්ට් කුසලානෙ කවුරු තමන් සතු කර ගනීවිද?

ඒ අතරෙ රෝහිණියි වායුයි එකතුවෙලා කරන්න යන මේ අලුත් සෙල්ලම මොකක්ද? මේක එයාලගෙ අනාගතේට කොහොම බලපාවිද?

අවසාන කොටසෙ රචනය Karan Anshuman සහ Ananya Mody විසින්. Kanishk Varma තමයි මේ කොටසත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.

කලින් කොටසෙ හැමදේම කණපිට හැරෙනවය කියලා කීවට, මේකෙ තමයි ඒ කණපිට හැරීම සම්පූර්ණ වෙන්නෙ කියලා කියන්න පුළුවන්. කොටස ඉවර වෙද්දි, ‘ඒ මොනවද ඒ සිද්ද වුණේ?’ කියලා ඔයාලට හිතෙයි කියලා මට විශ්වාසයි.

සීසන් තුන පුරාවටම අවධානෙන් කතාව බැලුවනම්, එක එක චරිතවල නැගීම් බැසීම්, පරිවර්තන සිද්ද වෙන හැටි ඔයාලට තේරෙන්න ඇති. උදාහරණයක් කිව්වොත් වායු රාඝවන් කියන්නෙ කොහොමත් නාහෙට නාහන හොස්ස ළඟින් මැස්සා යන්න බැරි චරිතයක් නේ. සීසන් 1 එකේ ඉඳන්ම තියෙන ඒ ගති සීසන් 2 එකේ උපරිමේටම ගිහින් මන්ත්‍රා එයාගෙ ජීවිතේට ආවත් එක්කම අමුතුම වෙනස්වීමකට ලක්වෙලා සෙට්ල් වෙන හැටි ඔයාලට තේරෙන්න ඇති. සීසන් 1 එකේ භායිසාබ් ඉන්නෙ කටහඬකින් විතරනේ. ඒ ටිකටත් හඬ කවන්නෙ වායු (Tanuj Virwani). දෙවෙනි සීසන් එකේ භායිසාබ් කතාවට එද්දිම එයාගෙ අධිරාජ්‍යය කොච්චර ලොකුද කියලා අපට අඟවලා ඉවරයි. එයාට මේ වගේ ඉරණමක් අත්වෙයි කියලා එතකොට අපට හිතන්නවත් බැහැනේ.

ඒ වගේ කතාවෙ ප්‍රධාන ලයින් එකට යටින් යන වෙනස්ම රටාවක් උනන්දුවෙන් බැලුවොත් ඔයාලට හොයාගන්න පුළුවන්. මේ කතාමාලාව මෙච්චර ජනප්‍රිය වෙන්න ඒකත් හේතු වෙන්න ඇති කියලා මට හිතෙනවා. එහෙනම්, තවත් කොටස් 10ක් පුරාවට ඉන්සයිඩ් එජ් එක්ක රැඳිලා හිටියට ස්තූතියි. උපසිරැසි වල අඩුපාඩු තිබුණනම් සමාවෙන්න. ආයෙත් දවසක තවත් උපසිරැසියකින් හමුවෙනකල් හැමෝටම ආයුබෝවන්!

මතක තියාගන්න,  යුද්ධය තවමත් අවසන් නැහැ.

“Change is the only constant”
“වෙනස්වීම තමා වෙනස් නොවෙන එකම දේ”

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරසි HDRip / WEB පිටපත් සඳහා වලංගු වේ.

1,778 downloadsDownload IE-S03-E10.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Anji (ඇන්ජි) ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-03-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

1,778 downloadsDownload Subtitles31 KB

8 comments

  1. Sumith Kumara

    Season 3 complete සබ් දුන්නාට Thank you.අනික් උපසිරැසි කරුවන්ට ස්තුති ❤️

  2. Achi

    බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. චතුරංග බුද්ධික

    මේ කොටසේ වීඩියෝව මම තැන් දෙකකින් බා ගත්තා...
    ඒත් ඒ දෙකේම අන්තිම ටික නෑ නේ...

    සම්පූර්ණ වීඩියෝවක් දාන්ට පුලුවන්ද???

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  6. Anonymous

    මේකෙ අන්තිම ටික නෑනෙ. සම්පූර්ණ එක ගන්න තැනක් තියනවද?

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Anonymous

    Sub ekata thanks..me episode eke awasana winadi tika nane.full episode link ekak denna puluwanda..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.