ඔබ කලින් කොටස් නැරඹුවේ නැත්නම් මේ ලිපිය කියවන්නෙපා. මොකද මේ ලිපියේ spoilers අන්තර්ගතයි. කවුද මේ නැනෝ? කොටස් 12 ක් පුරාවට හැමෝටම මේ ප්‍රශ්න වද දෙන්න ඇති. ඉතින් අද අවසාන කොටස. හරියටම කිව්වොත් Season 1 එකේ අවසානය. කලින් කොටසේ දිගුවකින් මේ කතාව අවසාන වෙන හැටි මේ කොටසෙන් පෙනෙයි. ඔව්, මේ තමයි නැනෝගේ අතීත…

ඔබ කලින් කොටස් නැරඹුවේ නැත්නම් මේ ලිපිය කියවන්නෙපා. මොකද මේ ලිපියේ spoilers අන්තර්ගතයි.

කවුද මේ නැනෝ?

කොටස් 12 ක් පුරාවට හැමෝටම මේ ප්‍රශ්න වද දෙන්න ඇති. ඉතින් අද අවසාන කොටස. හරියටම කිව්වොත් Season 1 එකේ අවසානය. කලින් කොටසේ දිගුවකින් මේ කතාව අවසාන වෙන හැටි මේ කොටසෙන් පෙනෙයි. ඔව්, මේ තමයි නැනෝගේ අතීත කතාව. මං දන්නවා මේ අවසානය ඔයාලට මදි වගේ දැනෙයි. 2018 ඉඳන් මේ වෙනකල් Netflixලා මේ කතා මාලාවේ season 2 ගැන නිල නිවේදනයක් කරලා තිබුනේ නැහැ. 2018 ඉඳන් මේ වෙනකල් මේ කතා මාලාවට කිසිම සිංහල උපසිරැසියකුත් ලැබිලා තිබුනේ නැහැ. මයුර තමයි මෙහෙම කතාවක් තියනවා, උපසිරැසි කරමු කියලා පටන් ගත්තේ. වැඩේ කියන්නේ අපි සිංහල උපසිරැසි කරන්න ගද්දි දැනගෙන හිටියේ නෑ මේකට season 2 එයි කියලා. උපසිරැසි කරන්න අරන් සතියක් වගේ යද්දි මෙන්න Netflix Thailand එකෙන් නිවේදනය කළා, Girl from nowhere season 2 නිෂ්පාදන කටයුතු පටන් ගත්තා කියලා! ඉතින් season 2 උපසිරැසි ගේන්නත් මයුර සම්මාදම් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

Netfilx Thailand එකෙන් Season 2 සඳහා නිකුත් කරපු පෝස්ටර් එක තමයි මේ තියෙන්නේ. ඒත් එක්ක එයාලා තියපු සටහනේ දළ අදහස මෙහෙමයි.

“ප්‍රවේශම් වෙන්න, මීලඟ වතාවේ ඔයාගේ ඉස්කෝලෙට එන අලුත් කෙල්ල නැනෝ වෙන්න පුලුවන්”.. 😜

නැනෝට රඟපාන සුරූපි නිළිය ගැන නොකිව්වොත් මේ ලිපිය අසම්පූර්ණයි වගේ. ඇගේ නම Kitty Chicha Amatayakul. මේ කතා මාලාවේ Season 2 ගැන අදහස් පළ කරපු ඇය කියලා තිබුනේ, කවදාවත් ප්‍රේක්ෂකයොන්ගේ බලාපොරොත්තු බිඳ වට්ටන්නෙ නැහැ කියලයි. තවත් වැදගත්ම දෙයක් තමයි මේ කතාවේ කොටසින් කොටසට අධ්‍යක්ෂවරු වෙනස් වෙන එක. මේ නිසා කතාව පුරාම නැවුම් බවක් පවතිනවා.

දැන් ආයිත් මුල අහපු ප්‍රශ්නෙට යමු.
නැනෝ කියන්නෙ කවුද? හොල්මනක් කියලා කෙනෙක්ට හිතන්න පුලුවන්, භූතයෙක් කියලා හිතෙන්න පුලුවන්.. නැත්නම් පොදුවේ අමනුස්සයෙක් කියලා හිතන්න පුලුවන්. නැනෝ මේ වෙද්දි කවුරු වුනත් ඒ තත්ත්වෙට පත් වෙන්න හේතුව විතරක් මේ අවසානයේ පැහැදිලි වෙනවා. අන්තර්ජාලයේ බැලුවොත් නැනෝ කියන්නෙ කවුද කියලා විවිධ මත දකින්න ලැබෙයි. ඒ අතරින් මත කීපයක් මං පහළින් දාන්නම්.

“නැනෝ කියන්නෙ හොල්මනක් නෙවෙයි. ඒත් ඇත්තටම ඇය මනුස්සයෙකුත් නෙවෙයි. ඇය හරියට සාතන්ගේ දියණිය නැත්නම් මිනිසුන්ට තහනම් ගහේ ගෙඩි කන්න පොළඹවපු ඒදන්ගේ උයනේ සර්පයා වගෙයි. ඇය ඇවිත් තියෙන්නේ මිනිසුන්ගේ දුෂ්ට බව පරීක්ෂා කරන්නයි.”
– Kitty Chicha Amatayakul (ප්‍රධාන නිළිය)

“නැනෝ කියන්නේ ඇත්ත එලියට ගන්න කැමති දිව්‍යමය ෆැන්ටසියක් වගේ. බොහොමයක් කොටස් වල ඇය කරන්නේ මිනිස්සු සෙල්ලමට ගන්නෙක, ඔවුන්ගේ තීරණ වලින්ම ඔවුන් වල කපා ගන්න හැටි බලන් ඉන්නෙක.”
-විචාරක මතයක්

ඉතින් ඔහොම නම් තීරණේ ඔබට භාර කරලා අපි සමුගන්නවා. නැවතත් හමුවෙමු දෙවන කතා සමයෙන්.

 

 – හෙළිලි හේමමාලි

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,926 downloadsDownload GFN-S01E13.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles by

PHOENIX

Subtitles

2,926 downloadsDownload Subtitles15 KB

15 comments

  1. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  2. Sun

    ස්තූතියි. අවසානය වෙනකල් උපසිරැසි දුන්නට. නියම කතාවක්.

  3. මිහිර සයුරංග

    ස්තූතියි ඔබ දෙපළටම..කොරියන් නම් බලන්නවා අඩුයි.. අහලවත් තිබ්බේ නෑ මේක නම්..ඇත්තටම රසවත්..වෙනස්ම විදිහේ කතාවක්.. අන්තිම එපිය වෙනකල් අල්ලගෙන ගියා..ජය වේවා !!

  4. geeganagamage

    පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Rajitha

    Thanks jayawewa........!

  7. මයුර

    අනේ අනේ මේ මගේ සුනඛයාවත් එවන්නෑ ඊළඟ සීසන් එකට :v

  8. Anonymous

    Thanks

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. මයිකි

    බොහොම ස්තුතිය කතාවට සබ් කලාට

  11. Nilush Angana

    Sub ekata thanx

  12. Amila Konara

    Season 2 එකට සබ් දෙන්නෙ නැද්දෝ

    පලවෙනි එක ඉඉවර වෙනකන්ම සබ් දුන්න් ස්තූතිය

  13. kavindu

    season 2ත් දෙන්නකෝ..

  14. kavinda gamage

    season 2 එකටත් සබ් දෙන්නකෝ .

  15. Methnim

    season 2 ektath sub oneh akke

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.