Watch Trailer

JL 50 [S01 : E01] Sinhala Subtitles | අමුතුම කාලතරණයක්.! [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් සහෘදයිනි.! සැලකිය යුතු දින ගණනකට පස්සේ අද ඔබව හමුවෙන්නට පැමිණියේ තවත් ඉන්දියානු වෙබ් කතාමාලාවක් සමඟින්.! JL50 කියන්නේ කොටස් 04 යුත් Mini-Web Series එකක් ඉතින් කම්මැලි නැතුව එක හුස්මට බලලා ඉවර කරන්න පුලුවන් ඉතා උසස් ඝණයේ නිර්මාණයක් කියලා ලිපිය ආරම්භයේදිම අවිවාදයකින් තොරවම…

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් සහෘදයිනි.! සැලකිය යුතු දින ගණනකට පස්සේ අද ඔබව හමුවෙන්නට පැමිණියේ තවත් ඉන්දියානු වෙබ් කතාමාලාවක් සමඟින්.! JL50 කියන්නේ කොටස් 04 යුත් Mini-Web Series එකක් ඉතින් කම්මැලි නැතුව එක හුස්මට බලලා ඉවර කරන්න පුලුවන් ඉතා උසස් ඝණයේ නිර්මාණයක් කියලා ලිපිය ආරම්භයේදිම අවිවාදයකින් තොරවම කියන්න පුලුවන්.! මීට පෙර අප විසින් සිංහල උපසිරැසි ලබාදුන් Avrodh 2020 වෙබ් සීරිස් එකද නිර්මාණය කල SonyLIV ආයතනය විසින් නිර්මාණය කරපු මේ කතා මාලාව රචනය සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Shailender Vyas විසින් නිෂ්පාදනය කරලා තියෙන්නේ Ritika Anand විසින් මෙහි ප්‍ර‍ධාන චරිතයන් Abhay Deol, Pankaj Kapur, Piyush Mishr, Rajesh Sharma සහ නිෂ්පාදක Ritika Anand යන නළු නිලියන් රඟ දක්වනවා.

අහල තියෙනවද කාලතරණය එහෙමත් නැත්තන් කාලය හරහා ගමන් කිරීම (Time Traveling) ආදි වචන ටික. ටිකක් විතර සංකීර්ණ මාතෘකාවක් කාල තරණය කියන මාතෘකාව සිනමා හා ටෙලි නාට්‍යය ක්ෂේත්‍ර‍යට ආවේ කොහොමද කියලා අපේ රටේම අතීතයට ගිහින් බැලුවොත් ඔබලට මතක ඇති 2000 අවුරුද්ද වගේ කාල වකවානුවේ ශ්‍රීලංකා රෑපවාහීණියෙ විකාශණය උන ජයන්ත චන්ද්‍රසිරිගේ මහත්මයාගේ ඓතිහාසික අංඟම්පොර සටන් කලාවත් එක්ක බැඳුන අකාල සන්ධ්‍යා කියන ටෙලි නාට්‍යය. මං හිතන්නෙ ශ්‍රීලංකාවේ පලමු සහ එකම ටෙලි නාට්‍යය වෙන්න ඇති අකාල සන්ධ්‍යා ශ්‍රීලංකාවේ තත්වය එහෙම උනාට බටහිර සිනමාවේ පොදුවේ ගත්තම ලෝක සිනමාවේ සහ ටෙලිනාට්‍යයන් හි කාල තාරණය කියන මාතෘකාව යටතේ සැකසුනු සිනමා හා ටෙලි නිර්මාණ ඉතාමත් සුලභයි.

බොහො දෙනා ඉතාමත් ප්‍රිය කරන මාතෘකාවක් තමයි මේ කාලය හරහා යෑම එහෙමත් නැතිනම් කාලතරණය කියන මාතෘකාව.! මේ මාතෘකාවට ගොඩක් ආස කරන වැඩි පිරිසකට තියෙන තව ගැටළුවක් තමයි මේ මාතෘකාව හා බැඳුනු ඇතැම් කතාවන් වල තිබෙන සංකීර්ණතාවය එහෙමත් නැතිනම් ඒ විෂය ගැන ගැඹුරින් යමක් ඉදිරිපත් වෙන කොට මතුවෙන විද්‍යාත්මක පැහැදිලි කිරීම් විද්‍යාත්මක වචන සහ කාල තරණය පිිළිබඳව තිබෙන නොයෙකුත් ආකාරයේ න්‍යායන් තේරුම් ගැනීමේ අසීරුතාවය.ඉතින් ඇත්තටම මේ කතා මාලාව ගැන කියද්දි කියන්නම ඕන දෙයක් තමයි මේ කතාවේ තියෙන සරල භාවය ගැන ඕනෑම දැනුම් මට්ටමක කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුලුවන් විදියට මේ කතාව නිර්මාණය කරන්න මෙහි අධ්‍යක්ෂකවරයා ඇතුලු කණ්ඩායම හොඳ උත්සහයක් දරලා තියෙනවා වගේම ඔවුන්ගේ ඒ උත්සහය ඉතාමත් සාර්ථකයි කියලත් මට මෙතනදි සඳහන් කරන්න පුළුවන්.!

අන්තර්ජාලය හරහා නිකුත් කරන වෙබ් සීරිස් කියන අංගය අද කාලේ පවතින වසංගත තත්වය නිසා ඉතාමත් ජනප්‍රිය මාතෘකාවක් වෙලා ඉවරයි.එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා මම අමුතුවෙන් විස්තර කලයුතු නෑ ඒ බයිස්කෝප් සිංහලෙන් රසිකයො විදියට ඔයාල කවුරුත් හොඳින් දන්න දෙයක් නිසා. ඇත්ත වශයෙන්ම කිව්වොත් වෙබ් සීරිස් අප අතරට ආ දා පටන් මේ දක්වා විශේෂයෙන්ම ඉන්දියානු වෙබ් සීරිස් අතරින් ප්‍ර‍චණ්ඩත්වය,ලිංගික ක්‍රියාකාරකම්,මැර ක්‍රියා ඔන්න ඔය වගේ දේවල් අඩංඟු නැති වෙබ් කතාමාලාවක් හොයා ගන්න එකත් ටිකක් විතර අමාරු කාර්ය්‍යක් උනා. නමුත් අද අපි ඔබ වෙත අරන් ආපු මේ කතා මාලාවෙ නම් එහෙම දේවල් අඩංඟු නෑ, මේ කතා මාලාවත් නාට්‍යමය,ත්‍රාස්‍ය ජනක,අභිරහස් සහ විද්‍යා ප්‍ර‍බන්ධ (Thriller,Mystery,Sci-Fi) යන වර්ගීකරණයන් වලට අයත් වෙබ් සීරිස් එකක්.! ඉතින් ඔබට මේකතා මාලාව රසවිඳින්නට ඉහත කියපු දේවල් අඩංඟු නැතිවුනා කියා කිසිම අයුරක අඩුපාඩුවක් නම් වෙන්නේ නෑ කියලා නම් ස්ථිරයි ඒ මේ කතා මාලාව IMDb හි මේ වන විට මනාප 1642 කින් 10/8 අඟයක් ලබා ගැනීමට සමත් වෙලා තිබිමෙන් සහ නොයෙකුත් විචාරකයින් සහ සිනමා හා ටෙලිනාට්‍ය විචාරක වෙබ් අඩවි විසින් කතා මාලාවට ලබාදී තිබෙන ධනාත්මක ප්‍ර‍තිචාරයන්ගෙන් එය තවත් ස්ථිර කර සිටිනවා.

විචාරක වෙබ් අඩවි කිහිපයක් විසින් ලබාදුන් සමාලෝචන…!

කතාවේ අන්තර්ගතය ගැන පොඩ්ඩක් අවදානය යොමුකරලා බැලුවොත් අතුරුදහන් උන ගුවන් යානයක් ගැන හොයන්න CBI නිලධාරියෙකුට පැවරුමක් ලැබෙනවා. එයට හේතුව එම ගුවන් යානයේ සිටින මඟීන්ට වඩා එහි සිටින වැදඟත් රාජ්‍ය නියෝජිතයින් කිහිප දෙනෙකුත් සිටීමයි. ඒ සිදුවීම සොයා බැලීමට යන CBI නිලධාරියාට සහ ඔහුගේ සහයකයාට ගුවන් අනතුරක් පිළිබඳවත් ආරංචියක් ලැබෙනවා.විමර්ශණ කටයුතු සඳහා ගුවන් යානය කඩා වැටුන ස්ථානය වෙත යන ඔවුනට අසන්නට ලැබෙන දේ නම් ඉතාමත් පුදුම සහගත දෙයක් උනා. “මේ ඔබතුමන්ලා හොයන ප්ලේන් AO 26 නම් නෙවෙයි.! මේ JL 50 .! ” JL 50 ගුවන් යානය ගැන තොරතුරු සොයන විටදි ඇතිවෙන එකම ගැටළුව නම් අවුරුදු 35කට කලින් ඒ කිව්වේ 1984 අවුරුද්දේ ගුවන් ගතවුන ගුවන් යානයක් මේ සතියේ කඩා වැටුනේ කොහොමද.? මෙච්චර කාලයක් ඒ ප්ලේන් එක තිබුණේ කොහෙද.? ආරම්භක කතාංගයේ පටන් කුතුහලය දනවමින් හතරවෙනි නැතිනම් අවසාන කතාංගය දක්වා ඔබව ඇද බැඳ තියාගන්න සමත් මේ වෙබ් සිරීස් එකත් අනිවාර්යෙන්ම ඔබගේ බල ලැයිස්තුවට එකතු කරගන්නට යැයි නිර්දේශ කරමින් අදට මා සමුගන්නවා.

ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි.!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

5,600 downloadsDownload JL-50-S01-E01.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

Subtitles

5,600 downloadsDownload Subtitles17 KB

12 comments

  1. chamindu lakshitha

    Jl50 දාන්නැද්ද කියලා මඟ බලාගෙන හිටියෙ..thnaks Bro..ඉක්මනින් අනිත් ටිකත් ඕනෙ..

  2. Anonymous

    ikmanta e2 ekath dennoooo....jaya!!!!

  3. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  4. Anonymous

    supiri thank you jaya wewa

  5. හෙළිලි

    උපසිරැසියට ස්තූතියි අයියේ! ජය වේවා!

  6. Hari

    Thanx. ඉතුරු එපිසෝඩ් වලත් සබ් දෙන්න. ජය වේවා.!!!!

  7. Chandima Prasad

    Thanks Sub Ekata..

  8. Hari

    සුපිරි කතාවක් වගෙ ඔන්න බලන්න ගත්තා.. තෑන්ස් කරනා සේවයට.. ජය වේවා.!!!!!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Rumesh Asanka

    thank you

  11. Anonymous

    Thank you bro

  12. Nirosha

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.