Watch Trailer

Donnie Darko (2001) Sinhala Subtitles | ඩොනී ඩාර්කෝ හෙවත් කාල යාත්‍රිකයා….[සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “The Bandit (1996) ඈ… මගේ මලයි…” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. මේ ෆිල්ම් එක ගැන මම කිසිම දෙයක් කියන්න මහන්සි වෙන්නෙ නෑ. මොකද Donnie…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “The Bandit (1996) ඈ… මගේ මලයි…” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

මේ ෆිල්ම් එක ගැන මම කිසිම දෙයක් කියන්න මහන්සි වෙන්නෙ නෑ. මොකද Donnie Darko නම කියපු ගමන් ෆිල්ම් පිස්සෝ දන්නවා ෆිල්ම් එක මොකද්ද කියලා. පහුගිය කාලෙ Interstellar, Predestination, Source Code, Looper වගේ Time Travel ගැන ෆිල්ම් ආවත් ඒවට කලින් දෙදාහ අවුරුද්දෙ මුල් කාලෙදී Time Travel වලින් මුලු ලෝකෙම පිස්සු වට්ටපු ෆිල්ම් එකක් තමයි මේක. ඒ වගේම තමයි මේකේ පසුබිම් වාදනය සහ ගායනය දෙදාහ දශකයේ මුල් කාලෙදි සංගීත ලෝකෙ උඩු යටිකුරු කලා. ඔය උඩින් කියලා තියෙන ෆිල්ම් සෙට් එක බලලා තියෙනවනම් හිතට ඇල්ලුවා නම් කාල තරණය ගැන පිස්සු වැටිල නම් ඉන්නෙ මෙන්න පුතෝ බලන්නම ඕනෙ ෆිල්ම් එකක්.

ප්‍රේක්ෂක මනාප ලක්ෂ හතකට ආසන්න සංඛ්‍යාවක් සමගින් 8.1 ක IMDb අගයක් ලබා ගනිමින් IMDb දර්ශකයේ හොදම සිනමා පට අතුරින් 226 වෙනි තැනත් Rottentomatoes දර්ශකයේ ලකුණු 91% ක් සහ ලොව පුරා විවිධ සම්මාන උළෙලවල් නියෝජනය කරමින් සම්මාන 15ක් සහ නිර්දේශ වීම් 11 ලබා ගත්තු මේ සුපිරි සිනමා සිත්තම නොබැලූ දෑස කුමට?

ඒ වගේම මේක බයිස්කෝප් අඩවියෙන් වැඩිම වාර ගානක් වැඩිම පිරිසක් සබ් ඉල්ලපු ෆිල්ම් එකක්. ඒත් ඉතිං මේකට සබ් එක කරන එකේ තියෙන අමාරුව නිසාම එකිනෙකා අතට මාරු වෙවී ගිහිල්ලා අන්තිමටම මගේ අතටත් ආවා. ඇත්තම කිව්වොත් මේ ෆිල්ම් එකට සබ් එක කරන්න මම බාර ගත්තේ මීට අවුරුදු එක හමාරකටත් කලින්. ඒත් ඉතින් ඒ දවස් වල වැඩ රාජකාරිත් එක්ක සබ් එක කර ගන්න වෙලාවක් නැති උන නිසා මට මේක ආපහු බාර දෙන්න සිද්ද උනා. ඒත් ඉතිං අවුරුදු එකහමාරක් ගිහිල්ලත් වැඩේ නොකෙරුන නිසා මමම ආපහු වැඩේට බැස්සා. මට ආපහු වැඩේ බාර දීපු එක වෙනුවෙන් හසන්ත සහෝට විශේෂයෙන්ම ස්තූති කල යුතුයි. කොහොම උනත් මේකේ සබ් එක වෙනුවෙන් මට කාල තරණය ගැන, වර්ම්හෝල්, බ්ලැක් හෝල් ගැන ඉගෙන ගන්න උනා. හිතා ගන්න පුලුවන්නෙ එතකොට මේ වෙනුවෙන් කාපු කට්ට ගැන. ඒ වගේම අද වෙනකල් මේ වෙනුවෙන් සිංහල සබ් එකක් හැදුනෙ නැත්තෙ ඇයි කියන එකත්.

මේ ෆිල්ම් එකේ විනාඩි 113ක් දිග Theoretical cut කියලා වගේම විනාඩි 133ක් දිග Directors Cut කියලා කොපි දෙකක් අන්තර්ජාලයේ තියෙනවා. ඒත් ඉතිං පසුබිම් සංගීතය, හැඟීම් දැනවීම රසවින්දනය අතින් වගේම ෆිල්ම් එකේ කතාව තේරුම් ගන්න උදව් වෙන වැදගත් කරුණු ඇතුලත් වෙන්නෙත් විනාඩි 133ක් දිග සංස්කරනය නොවූ Directors Cut කොපියටයි. Theoretical cut එක බලන එක මෙලෝ රහක් නැති වැඩක් නිසා මේ සබ් එක හදලා තියෙන්නේ Directors Cut කොපියටමයි. මොකද Theoretical cut එක බා ගන්න වැය කරන ඩේටා වගේම ෆිල්ම් එක බලන්න ගත කරන කාලයත් අපරාදයක් වෙන නිසා. ඒ නිසා අනිවාර්යයෙන්ම Directors Cut කොපියම බා ගන්න මතක තියා ගන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

11,197 downloadsDownload Donnie-Darko-2001-1.zip57 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/HasithaMadhushan-e1483740911458.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

11,197 downloadsDownload Subtitles57 KB

84 comments

  1. Thilina Chamara

    Thank you,mekata sub eka karapau ekatanam

  2. denidu

    Film eke bala thiyn hitiye kawada hari sub dei kiyala.thanks.

  3. Sajeewa Dilshan

    Patta bro.thnx

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. lahiru1991

    thanks bro..

  6. Sherlock holmes

    Thanks saho..

  7. ERANDA MALITH

    Ela
    Thanks mcn✋

  8. Pasan_Madusankha

    Bohoma Pin Saho.. Digatama Me Wage Supiri Parana Film Walata Sub Karanna Puluwannam Godak Watinawa. Jaya Wewaa..!

  9. Ishan Madusha

    නියමයි සහෝ.බොහොම ස්තූතියි
    ජය වේවා!

  10. Udara Damith Dissanayaka

    ..............බොහොම ස්තූතියි.................

  11. jaani

    බොහොම ස්තූතියි

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  14. LimeGreenSoda

    ThanksBroski.

  15. Krishan NiShalya

    කොච්චර කල් මේ සබ් එක එනකන් බලන් හිටියද...

    ඉතින් ආවගමන්ම බලනවා...
    සතුට නම් කියන්න බැරි තරම්...

    බොහොම ස්තූති

  16. Swgchamika

  17. ranga11112

    විස්තරය අනුවනම් මේක ලෙසි වැඩක් නෙමෙයි කියලා දැනෙනවා...බොහොම ස්තුති සහො.... කොච්චර අමාරැ උනත් සබු එක දුන්නට ....
    ජයවේවා
    තෙරැවන්සරණයි

  18. Abhaya

    Thanks brother

  19. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  20. James DC

    බොහොම ස්තූතියි සහෝ මේක දුන්නට. වතාවක් මාත් මේක කරන්න ඇහුවා. ඒ දවස්වල වෙන කෙනෙක් භාරගෙන තිබ්බෙ.
    මේක කිහිප පාරක් නැරඹුවත් ගැටලුකාරී තැන් කිහිපයක්ම තියෙනවා. ඉතිං සිංහල සබ් එකත් එක්ක ආපහු සැරයක් අනිවාර්යෙන්ම නරඹනවා. වෙච්ච මහන්සියට බොහොමත්ම ස්තූතියි...

    1. හසිත මධුෂාන්

      බොහොම ස්තූතියි ජේම්ස් සහෝ.... මටත් මේක මුලින්ම තේරුනේ නෑ. මොකද උනේ කියලා මමත් හොයා ගත්තෙ නෙට් එකේ තිබ්බ ආටිකල් කියවලාම තමයි.

  21. thuglife

    බොහොම පිං මහතතයෝ

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Chanu mikhail

    thanks bro

  24. notisamanalaya

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  25. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් මේ වගේම සුපිරිම ෆිලුමකින් නැවත හමුවෙමු...
    ජය

  26. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  27. nimal dissanayake

    හසිත,
    ඔයා මේ ෆිල්ම් එක වෙනුවෙන්
    මහන්සි වෙලා තියෙන තරම දැක්කම
    ෆිල්ම් එක බාගන්නත් කලින්ම
    ස්තුති කරන්න හිතුණා.
    බලලා ආයෙම කමෙන්ට් කරන තුරු
    ජය, සැප, සුව!

  28. malisha

    thanks brother

  29. ruchiralakmal

    thanks for the sub

  30. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  31. tharindu gunarathna

    thanks a lot

  32. Suresh0871

    sub ekata thnxs but eeka 1 second wath tiyenne naane kiyawaganna vatunu gaman nathi wenva eelanga ekata yanava

    1. හසිත මධුෂාන්

      වැරැද්ද පෙන්වලා දුන්න එකට බොහොම ස්තූතියි සහෝ...... " The Philosophy of Time Travel " පොතේ පරිච්ඡේද පරිවර්තනය කරද්දී නම් ඔය වගේ ගැටලු සහගත තැන් එකක් හෝ දෙකක් ඇති උනා. ඒ තැන් වලත් ටයිම් ලයින් කියවන්න කාලය ලැබෙන්න පුලුවන් උපරිමයෙන්ම හදලයි තියෙන්නෙ. ඊට අමතරව ගැටලු සහගත තැන් තියෙනවා නම් " [email protected] " හරහා මාව දැනුවත් කරන්න. අනිවාර්යයෙන්ම වැරදි නිවැරදි කරන්නම්.

    2. Nivom

      ow bn

  33. Nishanthah83

    ela bro..

  34. හසිත මධුෂාන්

    අදහසක් දක්වන්න නතර වෙලා ගිය හැම දෙනාටම බොහොමත්ම ස්තූතියි......!

    1. Nivom

      sub eka 1second wath thiyen naha bro

  35. Jaime Lannister

    Thnx brother......

  36. Jaime Lannister

    Thamange kalaya mahansiya kapa karala me krna sewaya godak agaya karanwa.......

  37. wathilak

    කැමතිම විෂය පථයක් ස්තුතියි

  38. mashasilva

    thank you

  39. Nivom

    Film eka balala comment karana aya adui wage, sabtitle eka 1second wath thiyen naha, puluwannam hadanna bro.

  40. mahesheranga2

    බොහොම ස්තුති සහොදරයා. සබ් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා තත්පරයක්වත් පෙන්වන්නේ නෑ kmp එකේ විතරද දන්නෙත් නෑ එක හදලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්. බුදු සරණයි

  41. jmlr

    සබ් වලට ස්තුතියි.. ඒත් ටයිමිං අවුල්.. එක තත්පරයක්වත් තියෙන්නෙ නෑ. කියවගන්න වෙලාව මදි..

  42. හසිත මධුෂාන්

    ටයිම් ලයින් දෙකක් overlap වීමක් නිසා සබ් එකේ ටයිම් ලයින් වල ගැටලුවක් ඇතිවෙලා තිබුනා. මම භාවිතා කරපු Media Player Classic Player එකේ මේ ගැටලුව ඇති නොවෙන නිසා මේ කමෙන්ට් කියවන තුරුම මම ඒ ගැන දැන සිටියේ නෑ. ඒ නිසා මේ ගැන දැනුවත් කිරීමක් කරලා කමෙන්ට් එකක් දාපු හැම දෙනෙක්ටම බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා.

    ඒ වගේම kmp player එකෙන් සබ් එක බලපු අයට ටයිම් ලයින් සම්බන්දව සෑහෙන ගැටලුවක් ඇති වෙන්න ඇති. ඒ හැම දෙනාගෙන්ම පත් වූ අපහසුතාවය සම්බන්ධයෙන් මම ඉතාමත් කණගාටුවෙන් යුතුව සමාව ඉල්ලා සිටිනවා.

    දැනටමත් ටයින් ලයින් අවුල නිවැරදි කරපු සබ් එක එවල තියෙන නිසා තව සුලු මොහොතකින් නිවැරදි කල සබ් එක පල වේවි.

  43. malith

    Ela ela

  44. s.harshana97

    මේ වගේ හොද නිර්මාණයකට උපසිරැසි ගෙනාවට බොහොම ස්තූතියි.
    ජය වේවා!

  45. Indika Prabath

    supiri....thanks sub akata

  46. aroshacd

    thanx bro.. godak kal balan hitiya meke sub enakan

  47. Nadeesha rox alahakoon

    Supiri bro.thawa thawath sub karanna haki wewa

  48. Pathum Aroshana

    සබ් එකට ගොඩක් ස්තූතියි මචන් ..

    ෆිල්ම් එක බැලුවට හරියට කිසිම දෙයක් තේරුනේ නෑනේ ..

    කාටහරි පැහැදිලි කරන්න පුලුවන්ද මේ ෆිල්ම් එක ගැන ??

    1. හසිත මධුෂාන්

      Donnie Darko Explained_ The Ending & What It Meant

      ඔය නමින් යූ ට්යුබ් සර්ච් කරලා බලන්න සහෝ......
      ඔය වීඩියෝ එකේ ඕක ලස්සනට පැහැදිලි කරලා තියෙනවා.....

  49. AsithaDilruwan

    මුලින්ම තෑන්ක්ස් සහෝ ජීවිතේට පාඩමක් ඉගෙනීමට හැකි ආදර්ශයක් ගත හැකි මේ වගේ චිත්‍රපට සඳහා උපසිරැසි නිර්මාණකරණයට තෝරා ගත්තා එකටම...
    ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
    ගොඩක් වෙලාවට මෙවන් චිත්‍රපටයක් සාමාන්‍ය චිත්‍රපටයක් මෙන් 02 ගුණයක් හෝ 03 ක ධාවන කාලයක් සහිත චිත්‍රපටයක් වනවා.ඒ නිසාම මෙවන් චිත්‍රපටයක උපසිරැසි නිර්මාණයට අවශ්‍ය කරන කාලය හා ශ්‍රමයත් නිතැතින්ම තෙතුන් ගුණයක් වනවා.
    ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….

    මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
    සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
    ජයෙන් ජය වේවා!!!

    1. Janith960

      aniwa saho ekanan aththa

  50. Sanath Perera

    thanks for sub bro..

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.