” අයිතිය ප්‍රේමයක් කරගත් මිනිසුන්ද….. ප්‍රේමය අයිතිය කරගත් මිනිසුන්ද….. අයිතියට පමනක් ප්‍රේම කරන මිනිසුන්ද….. ප්‍රේමයට පමනක් අයිතිය කියන මිනිසුන්ද….. ප්‍රේමයක් නැතිවම අයිතිය කියන මිනිසුන්ද….. අතර….. ඔහු ඇයට අයිතියක් නැතිවම ප්‍රේම කලේය….. “ මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ Come and See (…

” අයිතිය ප්‍රේමයක්
කරගත් මිනිසුන්ද…..
ප්‍රේමය අයිතිය
කරගත් මිනිසුන්ද…..අයිතියට පමනක්
ප්‍රේම කරන මිනිසුන්ද…..
ප්‍රේමයට පමනක්
අයිතිය කියන මිනිසුන්ද…..ප්‍රේමයක් නැතිවම
අයිතිය කියන මිනිසුන්ද…..
අතර…..ඔහු ඇයට අයිතියක්
නැතිවම ප්‍රේම කලේය….. “
මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ Come and See (1985) ගිනිගත් දේශයක කදුලු කතාව….. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.
මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ මටත් අහම්බෙකින් වගේ බලන්න ලැබුන වෙනස්ම විදියේ ෆිල්ම් එකකටයි. IMDb දර්ශකයේ 8.3 ක් වගේම rottentomatoes දර්ශකයේ 96%ක් ලබා ගන්නත් මේ ෆිල්ම් එකට පුලුවන් වෙලා තියෙනවා. ඒ වගේම IMDb දර්ශකයේ හොදම සිනමා පට 250 අතුරින් 178 වෙනි තැන දිනා ගන්නත් මේ සිනමා සිත්තමට හැකි වෙලා තියෙනවා. දැන් හිතා ගන්න පුලුවන්නෙ මේ කියන්න හදන්නෙ කොහොම සුපිරි ෆිල්ම් එකක් ගැනද කියලා. කෙටියෙන්ම කිව්වොත් මිනිත්තු 128 ක් යනකල් උඩට ගත්තු හුස්ම පහලට දාන්න අමතක කරවන ජාතියෙ ෆිල්ම් එකක් තමයි මේක……..
බරන්….. කියන්නේ මීට සෑහෙන කාලෙකට කලින් කූඩි කදුකරය දෙවනත් කරපු මංකොල්ල කල්ලියක සාමාජිකයෙක්. කේජේ කියන්නේ බරන්ගේ ආදරවන්තිය….. නමුත් දෛවයේ සරදමකට මෙන් සිය හොදම මිතුරෙකුගේ පාවාදීමක ගොදුරක් බවට පත්වුන බරන්ට තම ආදරවන්තිය හැරදමා සිරගත වීමට සිද්ද වෙනවා….. සිය ආදරවන්තිය වූ කේජේ ගේ රුව තව එකම වතාවක් හෝ දැක ගැනීමේ අදිටනින් නොමැරී ජීවත් වන බරන් අවසානයේ පුරා තිස්පස් වසරක සිර ගත සමය අවසන් කරමින් නැවත පැමිනෙන්නේ තමාව පාවා දුන් තම මිතුරා වූ මුස්තාෆා ගෙන් පලිගැනීම සිය එකම අරමුණ කර ගනිමින්. නමුත් තිස් පස් වසරක් පුරාවට කාලයේ වැලිතලාවෙන් වැසී තිබුන රහසක් සිය මරණයට පෙර මුස්තාෆා විසින් හෙලි කරනු ලබනවා…… ඉන් පසු…….. ඒ ආදරය විද ගන්න ඔබට කෙරෙන ඇරයුමයි මේ…….
මම මේ ෆිල්ම් එකේ කතාව ගැන මීට වඩා වැඩියමක් නොකියන්නේ මේක වචන වලින් විස්තර කරන්න බැරි තරම් ලස්සන ආදර කතාවක් නිසාමයි. මේ ෆිල්ම් එක තිරගත උන අවුරුද්ද දිහා බලලා ” අපෝ….. සුද්දා වැද්දා කාලෙ ගහපු පරන ජරාවක්නේ….” කියලා හිතාගෙන මේ පෝස්ට් එක කියවන්නවත් මහන්සි නොවී ගිය අයට වඩා මේක කියවලා බලන්න නතර උන ඔබ වාසනාවන්තයි……. දැන් ඉතින් තීරනය ඔබ අතේ…….!
ලගදීම තවත් සුපිරිම ෆිල්ම් එකක උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය…….!
” අප්‍රකාශිත ප්‍රේමය
ප්‍රකාශිත ප්‍රේමයට වඩාත්…..
පරිත්‍යාග කල ප්‍රේමය
අයිති කරගත් ප්‍රේමයට වඩාත්…..
බලවත්ය….සංසාරය දිගු බැවින්
නිහඬ වෙමි
අයිතිවාසිකම් නොකියමි…..”
ප.ලි.
කාට හරි මේ ෆිල්ම් එකේ හොද කොපියක් හොයා ගන්න අමාරු උනොත් youtube වෙබ් අඩවියේ “Eşkıya (1996 – HD)” නමින් පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. හොද කොපියක් හොයා ගන්න ලැබේවි. ඒ කොපියටත් මේ සබ් එක ගැලපේවි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/HasithaMadhushan-e1483740911458.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසිත මධුෂාන්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
21 comments
Kulanjana Maduranga
James DC
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
මේ චිත්‍රපටය ගැන මීට කලින් අහලා තිබ්බෙ නෑ. නරඹලා අදහස් පළකරන්නම්. ජය !විමා
මග හැරුන හොඳ කතාවක්වගේ
සබට බොහොම ස්තුතියි සහෝ
තවත් වටිනා කතා අරගෙන එමුAsitha Jayasinghe
පරණ චිත්‍රපටි වලට සබ් දෙන එක ගොඩක් වටිනවා සහෝ. ජය වේවා!
jstar
excellent work bro thanks a lot more
AsithaDilruwan
මුලින්ම තෑන්ක්ස් සහෝ ජීවිතේට පාඩමක් ඉගෙනීමට හැකි ආදර්ශයක් ගත හැකි මේ වගේ චිත්‍රපට සඳහා උපසිරැසි නිර්මාණකරණයට තෝරා ගත්තා එකටම...
ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
ගොඩක් වෙලාවට මෙවන් චිත්‍රපටයක් සාමාන්‍ය චිත්‍රපටයක් මෙන් 02 ගුණයක් හෝ 03 ක ධාවන කාලයක් සහිත චිත්‍රපටයක් වනවා.ඒ නිසාම මෙවන් චිත්‍රපටයක උපසිරැසි නිර්මාණයට අවශ්‍ය කරන කාලය හා ශ්‍රමයත් නිතැතින්ම තෙතුන් ගුණයක් වනවා.
ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
ජයෙන් ජය වේවා!!!Hemantha De Silva
Thanks Hasitha...
Parana Unatha Thama Rasai...
Mokada Honda Nirmana Parana Wennee na...
Thamath 1 Inne 1994 ekak...
Thanks Bais...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!dilipvijethunga
අපෝ….. සුද්දා වැද්දා කාලෙ ගහපු පරන ජරාවක්නේ….
මම නම් මෙහෙම හිතන්නෙ නෑ සහෝ. ගොඩක් ස්තුතියි ලස්සන ෆිල්ම් එකක් වෙන්න ඕන.
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Pasan_Madusankha
Godak Pin Saho.. Digatama Me Wage Parana Movies Walata Sub Karamu. Jaya Wewaa..!
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Ajithkumara1
බොහොම ඉස්තුතීයි සහෝ උපසිරසිය ලබා දුන්නට බයිස්කෝප් එකටත් බොහොම ඉස්තුතීයි අපිට මේ සබ් ලබා දෙනවට
Krishan NiShalya
බොහොම ස්තූතී
දැනුයි බලලා ඉවර කරේ...
Good Luck Bro..
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Kalanacosta
Thank you.........
Anjana Gunathilaka
Thanks machan
sasanka
thanks for the sub
Waruna Kamalawansha
නියමයි... බොහෝම ස්තූති
Akila Dilhara
Thanks Brother...❤
Advertisement
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……