Watch Trailer

Gang Leader (2019) Sinhala Subtitles | සිනමානාත්මක පළිගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

ඒයි.. මම තාම ත්‍රාසජනක ප්‍රභේදයේ ඉන්නේ… මනෝව්‍යාධික මිනීමරු ප්‍රභේදයට ගියහම කොහොමද කියල පටන් ගෙන බලමුද…? නොසිතු මොහොතක හදිසියේම හොඳ පිටපත් නිකුත්වුනු චිත්‍රපටයක් ඔබ වෙත ගෙනෙන්නයි මේ සූදානම් වන්නේ. ඔබ හොඳ ඉන්දියානු සිනමා රසිකයෙක් නම්, තෙලුඟු සිනමා රසිකයෙක් නම් මේ පෝස්ට් එක පලවන තුරු මගබලා සිටින්නට ඇ…

ඒයි..
මම තාම ත්‍රාසජනක ප්‍රභේදයේ ඉන්නේ…
මනෝව්‍යාධික මිනීමරු ප්‍රභේදයට ගියහම කොහොමද කියල පටන් ගෙන බලමුද…?

නොසිතු මොහොතක හදිසියේම හොඳ පිටපත් නිකුත්වුනු චිත්‍රපටයක් ඔබ වෙත ගෙනෙන්නයි මේ සූදානම් වන්නේ. ඔබ හොඳ ඉන්දියානු සිනමා රසිකයෙක් නම්, තෙලුඟු සිනමා රසිකයෙක් නම් මේ පෝස්ට් එක පලවන තුරු මගබලා සිටින්නට ඇති. නමුත් වැඩි අප්ඩේට් එකක් නැතුව තෝරා බේරාගෙන චිත්‍රපට බලන අයෙක් සිටිනම් මං මෙසේ කතාවට බහින්නම්.

2017 වසරේදී අකිල් සමගින් කල්‍යාණි ප්‍රියදර්ශන් රඟපෑ Hello චිත්‍රපටය ඔබට මතකද? 2016 වසරේ සූර්‍යයා සමග සමන්තා රඟපෑ 24 චිත්‍රපටය ඔබට මතකද? 2014 වසරේ නාගර්ජුන, නාගේශ්වර් රාවෝ, චයිතන්‍යා, අකීල් සමගින් සමන්තා රඟපෑ Manam චිත්‍රපටය ඔබට මතකද? 2012 වසරේදී නිතින් සමගින් නිත්‍යා මෙනන් රඟපෑ Ishq චිත්‍රපටය මතකද? ඒ වගේම නැත්නම් 2009 දී මාධවන් රඟපෑ 13B: Fear Has a New Address, ඒ වගේම 2003 දී සිම්බු රඟපෑ Alai චිත්‍රපට ඔබට මතකද?

ඔබ ඉන්දියානු චිත්‍රපටි අහම්බෙන් හරි නරඹන කෙනෙක් නම් මේවයින් අවමය එකක් අනිවාරෙන්ම නරඹා ඇති. විස්වාස කරන්න මේ හැම එකම අධ්‍යක්ෂණය කරේ වික්‍රම් කේ. කුමාර් නම් එක අතිදක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. ශ්‍රේෂ්ඨ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන ප්‍රියදර්ශන් මහතා යටතේ සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසින් සිනමා කර්මාන්තයට අත්පොත් තැබූ ඔහු 2001 වසරේදී Ishtam චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් තම සිනමා අධ්‍යක්ෂක වෘත්තීය ඇරඹනු ලැබුවා. අද වනවිට ඔහු දකුණු ඉන්දියානු සිනමාව තුල දක්ෂතම අධ්‍යක්ෂකවරුන් ගොන්නට එක්ව තිබෙන්නේ ඔහුගේ සිනමා නිර්මාණයන් තුල ඇති ඔහුටම ආවේනික විශේෂත්වය හේතුවෙන්. ඉතින් ඔහුගේ අලුත්ම සිනමා නිර්මාණය GANG LEADER (2019) ලෙසින් පසුගියදා නිකුත් වූයේ තෙලුඟු සිනමාවේ තවත් විශේෂඥ නළුවෙකු වූ නානිගේ ප්‍රධාන චරිත නිරූපණයෙන්.

– නානි සමගින් වික්‍රම් කේ.කුමාර්. –

නානි ගැන කියනවනම් බොහොම දුෂ්කරතා මධ්‍යයේ සිනමාව තුල නමක් හදාගත්තු පුද්ගලයෙක් තමයි ඔහු. නවීන් බාබු නොහොත් නානි කුඩා කල සිටම සිනමාවට දැඩි ලෙස ඇබ්බැහි වී සිටි පුද්ගලයෙක්. කුඩා කල සිටම මනිරත්නම් මහතාගේ චිත්‍රපට නැරඹීම සඳහා ඇබ්බැහි වී සිටි ඔහුගේ සිහිනය වනුයේ කවදා හෝ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු හෝ අවම වශයෙන් චිත්‍රපට ක්ෂේත්‍රයේ කුමක්හෝ වෘත්තියක නියැලීමයි. ඔහුගේ දුර ඥාති සම්බන්ධතාවයක දැන හැඳුනුම්කමින් දිනක නානිට Radha Gopalam චිත්‍රපටයේ clap Assistant/Director වශයෙන් වැඩ කරන්නට අවස්තාව හම්බවෙනවා. clap director කියන්නේ අර කැමරාවට ඉස්සරහින් ඇක්ෂන් කියල ටොක් ගාල ගහන මෙව්වා එක කරන කෙනාට.

– නානි clap Assistant වශයෙන් –

ඒ අතර වෙළඳ දැන්වීම් කිහිපයකට ඔලුව දාපු නානිව අධ්‍යක්ෂකවරයෙක් දැකලා ඔහුව Ashta Chamma චිත්‍රපටයේ රඟපෑම සඳහා සම්බන්ධ කරගන්නවා. එහිදී ඔහුගේ රංගනය දැඩි ලෙස පැසසුමට ලක්වූ අතර එතැන් සිට නානිට සිනමා කර්මාන්තයේ එල්ලිලා ඉන්න පොඩි පොටක් පෑදුනා. ඉන්පසු වෘත්තීය සිනමා නළු ජිවිතයේ යම් ඉහල පහල යෑම් සමගින් Ride (2009), Snehituda…(2009), Bheemili Kabaddi Jattu (2010), Ala Modalaindi (2011), Veppam (2011), Pilla Zamindar(2011) වැනි සිනමාපට සඳහා ඔහුට රංගන දායකත්වය සපයමින් තම සිනමාගමන පියවරෙන් පියවර ඔහු ගොඩනගාගෙන පැමිණි අතර 2012 දී ඔහුගේ සිනමා දිවියේ මෙන්ම ඉන්දියානු සිනමාවේද මහා පෙරලිය සිදු වනවා. ඒ ශ්‍රේෂ්ඨ S.S. රාජමෞලි අධ්‍යක්ෂණය කල Eaga 2012 චිත්‍රපටයේ සමන්තා සමගින් රඟපෑමට ඔහුට අවස්ථාව හිමිවීමෙන්.

– නානි සමග රාජමෞලි –

ඊගා චිත්‍රපටය අතිශයින්ම සාර්ථක වන අතර එය සිනමා කර්මාන්තය තුල විවිධ සංධිස්ඨාන රැසක් පසු කරන්නට සමත් වුවා. ඉන් පසු ඔහුට ගවුතම් මෙනන්, ක්‍රිෂ්ණ වම්සි, නාග් අශ්වින්, වීනු ශ්‍රී රාම් වැනි දක්ෂ අධ්‍යක්ෂකවරුන් යටතේ චිත්‍රපට සඳහා රංගන දායකත්වය සැපයීමට වාසනාව උදා වන අතර Eaga චිත්‍රපටයේ පටන් අද වනතුරුම එම සාර්ථකත්වය මෙන්ම රංගන කුසලතාවය පවත්වා ගැනීමට නානි සමත්ව තිබෙන අතර ඔහු සතුව තිරපිටපත් තෝරාබේරාගෙන චිත්‍රපට බාරගැනීමේ අති දුර්ලභ ගණයේ හැකියාවක් පවතී. ඔබ දන්නවා ඇති බොලිවුඩයේ ආමීර් කාන්, අයුශ්මාන් කුරානා වැනි නළුවන් රඟපෑමට තෝරාගන්නා පිටපත් සහ එම චරිත සඳහා ඔවුන්හැඩ ගැහෙන ආකාරයන් ගොඩක් වෙනස්. ටොලිවුඩය තුල නානිවත් හඳුන්වන්නේ එලෙස පිටපත් තෝරාබේරාගෙන වැඩ කරන පුද්ගලයෙක් විදිහටයි. ඉතිං මෙච්චර කයිවාරුව කෙලියේ නානි මේ සැරෙත් එන්නේ අමුතුම විදිහේ කතාවක් සමගින් කියල කියන්න. අවසරයි හමුවන්න පෙන්සිල් පාර්තසාර්ති…

එක එක්කෙනාට සම්බන්ධයක් නැති මිනිස්සු පස් දෙනෙක්…
නගරයේ වෙනස් වෙනස් පළාත් වලින් ආපු අය…
කිසිම විදිහේ අපරාධ පසුබිමක් නැති අය…
මොකටද එකතු උනේ…?
කොහේදීද එකතු උනේ…?
හොරකමක් ඇයි කරන්න ඕන උනේ..?

පසුගිය සැප්තැම්බර් 13 තෙලුඟු සිනමාවට නිකුත් වුනු තවත් සුපිරි සිනමා අද්දැකීමක් තමයි ගෑන්ග් ලීඩර් කියන්නේ. කාන්තාවන් පස් දෙනෙක් සහ එය මෙහෙවන තරුණයෙක් වටා ගෙතන මේ කතාව ඔබට පැය දෙකහ මාරක් පුරා විනෝදාත්මක සිනමා අද්දැකීමක් එකතු කරාවි. විටෙක සංවේදී කරාවි. එමෙන්ම ඔබට හොඳ පාඩමක් කියා දේවී. මේක Screenplay Base චිත්‍රපටියක් ලෙස හඳුන්වන්න පුළුවන්. මුල සිට අගටම එකිනෙටම සම්බන්ධ තිර රචනය ඔබ චිත්‍රපටය අවධායෙන් නරඹන තරමට චිත්‍රපටය ඔබට හොඳින් වැටහේවි.

කල්ලියේ එක්කෙනෙක්…
කල්ලිය එක්ක එක්කෙනෙක්…
කල්ලිය පිටිපස්සේ එක්කෙනෙක්…
මොකද්ද මේ පටලැවිල්ල
ඒකට එක නම තියල පටන් ගමුද?
GANG LEADER!

නානි එදා ඉදන් කරේ අලුත් වෙනස් දේවල්නේ, ඒ වගේම තමයි අද වෙද්දී ජනප්‍රිය වෙලා ඉන්න ප්‍රධාන පෙලේ නිලියන් රැසක් මුලින්ම රංගනයට පිවිසිලා තියෙන්නෙත් නානිගෙ චිත්‍රපට වලින්. මේ සැරෙන් නානි එක්ක රිදී තිරයට එන්නේ අලුත් මූණක්. ඒ ප්‍රියංකා අරුල් මෝහන්. ප්‍රියා නම් චරිතය ඇය නිරුපණය කරන අතර ඇයගේ Facial Expression ඇයගේ රංගනය තුලවිශේෂයෙන් කැපී පෙනෙනවා. චිත්‍රපටියේ නමම ගෑන්ග් ලීඩර්නේ. ඉතිං ගෑන්ග් එකක් ඉන්න එපැයි. ගෑන්ග් එක මෙහෙමයි. සරස්වතී ලෙසින් ඔහ් බේබි චිත්‍රපටියේ ආච්චි ලෙසින් රඟපෑ Lakshmi, වරලක්ෂ්මි ලෙසින් Saranya Ponvannan, ස්වාති ලෙසින් Shriya Reddy, චීන්නු නම් ළමා චරිතය වෙනුවෙන් Praanya P Rao නානිගේ ගෑන්ග් එකට රංගන දායකත්වය සපයනවා. ඊට අමතර ඔබ Rx100 චිත්‍රපටයේ ප්‍රධාන නළුවාගේ චරිතය ලෙසින් දුටු දුටු කාර්තිකෙයියා ගුම්මාකොණ්ඩා මේ චිත්‍රපටයේ දුෂ්ඨ චරිතය නිරුපණය කරනවා.

චිත්‍රපටයේ සංගීතය ගැන නොකියාම බැහැ. වසරේ මිහිරිම තෙලුඟු මියුසික් ඇල්බම් එක සිනමාවට දායාද කරන්නට ගෑන්ග් ලීඩර් වෙත සංගීතය සැපයූ අනියුරුද් රවිචන්දර් සමත්වනවා. අනියුරුද් කියන්නේ වර්තමාන දකුණු ඉන්දීය සිනමා සංගීතය ආක්‍රමණය කරගෙන යමින් පවතින දක්ෂ සංගීත අධ්‍යක්ෂක වරයෙක්. ඔහුගේ සංගීතයෙන් හැඩවුණු ලස්සන ගීත එකතුවක් සහ පසුබිම් සංගීතයක් ඔබට චිත්‍රපටය පුරාවටම දැකගන්නට ලැබේවි. එමෙන්ම ඒ ගීත සියල්ලම රචනා කර ඇත්තේ Anantha Sriram විසිනි.

ඉතිං දක්ෂයින් රැසකගේ එකතුවෙන් නිමවුණු ගෑන්ග් ලීඩර් චිත්‍රපටයට වැඩ පටන් ගද්දිම පුංචි බාල්දියක් පෙරළෙනවා. ඒ ගෑන්ග් ලීඩර් නමේ කේස් එකක්. ප්‍රශ්නෙ තමයි 1991 දී මෙගාස්ටාර් චිරන්ජීවීගේ අතිශය ජනප්‍රිය Gang Leader චිත්‍රපටයේ නම සහ මේ චිත්‍රපටයයි. චිරන්ජීවිගේ චිත්‍රපටය එකල තෙලුඟු සිනමාව තුල දැඩි පෙරලියක් කරමින් වාර්තා රැසක් පිහිටවූ චිත්‍රපටයක් විදිහට සැලකෙනවා. ඒ වගේම චිරන්ජීවීගේ සිනමාදිවියේ අමතක නොවන චිත්‍රපටයක් ලෙස එය සලකනවා. ඉතිං ඒ නමම මෙවන් චිත්‍රපටයකට යොදා ගන්නවා කියල ආරංචිය ලැබුණු ගමන් මෙගාස්ටාර් රසිකයින් කෝප වන්නට ගත්තා. සමාජ ජාලා හරහා විවිධ අවලාදයන් නගන්නට වූවා. නමුත් 91 Gang Leader හිමිකරුවන් පැත්තෙන් මෙයට ලොකු විරුද්ධත්වයක් දැක්වුයේ නැහැ. චිරන්ජිවීවත් මේ ගැන කිසි දෙයක් පැවසුයේ නැහැ. එමෙන්ම නානි විසින් තමා හැදෙන වැඩෙන වයසේදී ආසාවෙන් නැරඹු මෙගස්ටාර්ගේ චිත්‍රපටයකට කිසිම විටෙක තමන් අසාධාරණයක් කරන්නේ නැතැයි කියා මාධ්‍යයට ප්‍රසිද්ධියේම පවසා සිටියා. එමෙන්ම චිත්‍රපටය තුල මෙගාස්ටාර්ට පොඩි ට්‍රිබියුට් එකකුත් තිබෙන බව ඔහු පැවසුවා. රසිකයින් රණ්ඩු කලාට නිර්මාණකරුවන් අතර ගැටුමක් නැතැයි ඔහු තව දුරටත් තහවරු කර සිටි අතර එය තහවරු කරමින් නානි ඇතුළු කණ්ඩායම චිරන්ජිවීගේ උපන්දිනය දවසේ ඔහුට උපහාරයක් වශයෙන් 91 Gang Leaderහි චිරන්ජිවීගේ පෙනුමෙන් සැරසුණු නානිගේ නව චිත්‍රපටයේ පෝස්ටරයක් නිකුත් කරමින් මෙගාස්ටාර් චිරන්ජීවීට සුභපැතුම් එක්කර සිටියා.

ඉතාමත් හැඟීම්බර හදවතට සමීප කතා වස්තුවකින් සමන්විත මෙම චිත්‍රපටය මින් පෙර තෙලුඟු සිනමාවේ නොදුටු අලුත්ම කන්සෙප්ට් එකකින් සමන්විත එකක් වනවා. මෙය තුල අධ්‍යක්ෂක වික්‍රම් කුමාර්ගේ අනන්‍යතාවයන් සූක්ෂම ලෙස ප්‍රදර්ශණය වන අතර ඒවා පෙර ඔහු අධ්‍යක්ෂණය කල චිත්‍රපට වලටද සම්බන්ධ වීමත් විශේෂත්වයක්. ඔබට එය හඳුනාගන්නට හැකිවේද නැද්ද මං දන්නේ නැහැ. නමුත් බැරි වුනා කියල ප්‍රශ්නයක් නැහැ. හොඳින් රසවිඳිය හැකි ඉහළපෙලේ සිනමා නිර්මාණයක් බව නිසැකවම පැවසිය යුතුයි. කතාව ගැන නම් මං කියන්න යන්නෙ නැහැ. ඔබට වැටහෙනවා ඇති දැනටමත් කතාවේ යම් පදනමක්. ඒ හොඳටම ඇති ඊළඟ පියවරට පිය නගන්න. එහෙනම් අරගෙන නරඹන්න කියා ආරාධනා කර සිටිනවා.

එහෙනම් ඉතිං ඔන්න සංවේදී විනෝදාත්මක සිනමා අද්දැකීමක් මිනිත්තු 155ක් පුරාවට විඳගන්න ඔබටයි මෙතැන්සිට අවසර. චිත්‍රපටය ගැන පැහැදීමක් නැත්නම් පූර්වප්‍රචාරක පට නරඹලා එහෙම ගන්න කියල දැනුම් දෙනවා. නැත්නම් මමනේ වැරදිකාරයා වෙන්නේ. එහෙනම් උපසිරැසිය අරගෙන ඔබේ දිරිමත් කිරීම ඉතුරු කරලා යන්න කියා ඉල්ලා සිටිනවා. එය ඉක්මණින් ගුණාත්මක උපසිරැසියක් ආයෙත් ඔබවෙත ලඟා කර දෙන්නට ගොඩක් ඉවහල් වේවි. එසේනම් අදට මට සමුගන්න අවසරයි.. ආයේ ඉක්මනින්ම හමුවෙමු. ජයෙන් ජය..!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Proper HDRip පිටපත් සඳහා ගැලපේ.

19,250 downloadsDownload GANG.LEADER.2019.baiscopelk.Update.zip78 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

19,250 downloadsDownload Subtitles78 KB

61 comments

  1. Ranidu

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    මේ දවස්ටිකේ නම් එකදිගට සුපිරි පහරවල් ටිකක් ආවා නේ
    ජය වේවා!!!

  2. arawindasunimal

    tharaka nuwan thanks sub ekata jayawewa...................

  3. Kavi_madushan

    Nanige filumak kynne supiri thm,bohoma sthuthi saho sub ekt,jayawewa!!!

  4. kchl

    Baiscopedownloads eke deela tiyena torrenta eka wada na bn hash eka wardila ati poddk blhn. Sub ekta thanks bro.

    1. තාරක නුවන් දිල්හාර

      දැන් හරි බ්‍රෝ.

    2. kchl

      elma bn. ismart Shanker eketh hdpnko torrent ek

  5. santhusha319

    thanks bokka

  6. ranga11112

    thanks bother

  7. Ayesh Prashan

    Thank You Nanige Film Nam Super

    1. Sajith Abeysekara

      Thanks for Sub

  8. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata ...

  9. Kapila4499

    thanks for sub

  10. subodha

    Thanks

  11. hatharasingha

    සුපිරිම. බොහොම ස්තූතීයි

  12. Kanchaka

    Thanks bro

  13. ඔෂද ධනංජය

    ස්තූතියි සහෝ...

  14. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  15. isuru srinath sjs

    අද බැලිල්ලක් තියෙන්නෙ.. බොහොම ස්තුතියි මචන් ..!!

    1. SDKMN

      Thanzz bro

    2. SDKMN

      ,

    3. SDKMN

      Ade sorry machan.thanzz kiyana eka comment ekak vidiyata neme ubata reply ekak widiyata mage athin watila thiyenne

  16. Rukshan37

    Ela ela

  17. saman_kumara1050

    thanks broo supiri........it chapter 2 plzz bro

  18. Cool_maths

    Ela thx

  19. EM Nishshanka

    Thanks saho

  20. hatharasingha

    Thnxz sahoo.. supiri sub

  21. Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ජයෙන් ජය

  22. rehani

    thank you...

  23. lloydche0208

    sub ekata thanks bro

  24. C lakmal

    thanks

  25. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බෙහොම ස්තුතියි තාරක සහෝ.
    වටිනා විස්තරයක්
    එක හුස්මට කියෙව්වා
    ජයෙන් ජයම වේවා!
    දෙනකම් බලන් හිටියේ...
    BRrip එකමයි නේද?
    ජය

  26. Rumesh dhanushka

    Thanks Tharaka an all friends

  27. PavinduAvishka

    බොහොම ස්තූතියි සහෝ! මේක පට්ට සේවයක්

  28. Nilush Angana

    Sub ekata thanx

  29. Aac3

    ගොඩාක් ස්තූති සබ් එකට සහෝ... දෙනකන් බලන් හිටියේ... තවත් සුපිරියක් තමා... ජය වේවා !!! දිගටම සබ් දෙන්න සහෝ

  30. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  31. Ajmal

    how to get movie ?????

  32. nish47

    ස්තූතියි සහෝ

  33. Ranidu

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    අම්මෝ....කියලා වැඩක් නෑ
    කාලෙකින් බැලුවේ මේ වගේ ඇගම හිරිවැටෙන පහරක්
    ජය වේවා!!!

  34. avishka360

    Thanks

  35. Sanjeewa2010

    Thnxxxxxxxxx

  36. Thimira-sahan

    Ela bro

  37. Sachin parackrama

    Thnks oyalata

    1. CW19

  38. hatharasingha

    Supiri sahooo

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. කවිනු වීරක්කොඩි

    Thnkq!

  41. EM Nishshanka

    Thanks mcn

  42. Lasantharathnasirirox

    නියමයි තාරක...සුපිරි ෆිල්ම් එකක්...ස්තුතියි..ජයවේවා ...!

  43. N_R

    Thank You.

  44. suppa-lk

    patta machoo..

  45. D.Chamara

    bohoma sthuthi sahoo

  46. sampath n perera

    thanks

  47. L.G.T.Dilshan Liyanage

    Thanks!

  48. thilz

    thank youuu

  49. Dasithdew

    Mchn sub ekt thanks. eth syntax error ekak enw line 6386 kiyla

  50. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    අනිවා බැලිල්ලක්...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

Load more comments