මේ වතාවේ මා ඔබ වෙත රැගෙන ආවේ Law Abiding Cityzen (2009) සිනමාපටයේ සිංහල උපසිරැසියයි. මේ සිනමා නිර්මාණය සහාසික පළිගැනීමක නිරතවන පුද්ගලයෙකු වටා ගෙතුණු කතන්දරයක් අන්තර්ගත, අතිශය ත්‍රාසජනක සහ උද්වේගකර ලෙස නිර්මාණය කෙරුණු සිනමා නිර්මාණයක්. Gerard Butler සහ Jamie Foxx අතිශය උද්වේගකර ලෙස ප්‍රධාන චරිත දෙක…

මේ වතාවේ මා ඔබ වෙත රැගෙන ආවේ Law Abiding Cityzen (2009) සිනමාපටයේ සිංහල උපසිරැසියයි. මේ සිනමා නිර්මාණය සහාසික පළිගැනීමක නිරතවන පුද්ගලයෙකු වටා ගෙතුණු කතන්දරයක් අන්තර්ගත, අතිශය ත්‍රාසජනක සහ උද්වේගකර ලෙස නිර්මාණය කෙරුණු සිනමා නිර්මාණයක්. Gerard Butler සහ Jamie Foxx අතිශය උද්වේගකර ලෙස ප්‍රධාන චරිත දෙක ගොඩනඟන අතර ආරම්භයේ සිටම අවසානය දක්වාම කුතුහලයෙන් යුතුව ඔබව ඇද බැඳ තබාගැනීමට මේ සිනමාපටය සමත් වෙනු ඇති. F. Gary Grayගේ විශිෂ්ට අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණු මේ චිත්‍රපටය ප්‍රතිචාර 311,068කින් IMdb දර්ශකයේ 7.4/10 අගයක් ලබාගන්නට සමත් වී තිබෙනවා. නිකුත් වීමෙන් අනතුරුව, අනවශ්‍ය ලෙස සාහසික බවට ඇතැම් විචාරකයන්ගේ විවේචන වලට ලක්වුණත්, ඩොලර් මිලියන 53ක නිෂ්පාදන වියදමට එදිරිව ඩොලර් මිලියන 127.9ක ආදායමක් ලබන්නට Law Abiding Cityzen සමත් වන අතරම, වසරේ හොඳම ක්‍රියාදාම/ත්‍රාසජනක සිනමාපටය ලෙසින් Saturn සම්මානයටද, හොඳම සිනමා නළුවා, සහ හොඳම සිනමා අධ්‍යක්ෂණය වෙනුවෙන් NAACP සම්මානයටද නිර්දේශ වීමට සමත් වුණා.
මේ සිනමාපටයේ කතාව ගැන කෙටියෙන් කියන්නම්. චිත්‍රපටය ආරම්භ වන්නෙම සාහසික උද්වේගකර ජවනිකාවකින්. වෘත්තියෙන් ඉංජිනේරුවෙක් වන ක්ලයිඩ් ෂෙල්ටන්ගේ (Gerard Butler) නිවෙසට රාත්‍රියේ කඩාවදින පුද්ගලයන් දෙදෙනෙක් විසින් ඔහුවත් බිරියත් දෑත් දෙපා ගැට ගසා පහර දෙනවා. අනතුරුව ඔවුන් දෙදෙනාටම පිහි පහර එල්ල කරන අතර දියණියව ද සහාසික ලෙස ඝාතනය කරනවා. තම දෑස් ඉදිරිපිටම බිරිඳත් දියණියත් ඝාතනය වන අන්දම දකින ක්ලවුඩ් එල්ල වුණු පිහිපහර නිසා සිහිසුන් වනවා. මේ ඝාතන ගැන විමර්ෂණ වලින් අනතුරව ක්ලැරන්ස් ඩාබි (Christian Stolte) සහ රූපට් ඒම්ස් දෙදෙනාව (Josh Stewart) පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නවා. මෙහිදී ක්ලයිඩ්ගේ නීතිඥයා ලෙස කටයුතු කරන නික් රයිස් (Jamie Foxx) සාක්ෂි නිවැරදිව මෙහෙයවීමට අසමත් වන අතර, ඩාබි වරදකරුවෙක් බවට ඔප්පු කළ හැකි DNA සහ අනෙක් වෝහාරික සාක්ෂි පිළිගනිම විනිසුරු ප්‍රතික්ෂේප කරනවා. විමර්ෂණ අතරතුරදී සත්‍ය මිනීමරුවා වන ක්ලැරන්ස් ඩාබි රජයේ සාක්ෂිකරුවෙක් බවට පත්වෙමින් තම සගයා වන රූපට් ඒම්ස් විසින් ඝාතන සිදු කළ බවට සාක්ෂි ලබා දෙනවා.
මේ නිසා ඩාබි මරණීය දණ්ඩනයෙන් ගැලවෙන අතර තුන්වන ගණයේ මිනීමැරුමක් සඳහා තුන් වසරක සිර දණ්ඩනයක් පමණක් ලබනවා. මේ අතර ඝාතන සඳහා නිදොස් අහිංසකයෙක් වුණු රූපට් ඒම්ස් මරණීය දණ්ඩනයට නියම වෙනවා. උසාවියෙන් බැහැරදී සිය නීතිඥයා වන නික් රයිස් ඝාතක ඩාබි සමඟ අතට අත දෙන දර්ශනය දකින ක්ලයිඩ් බෙහෙවින් කළකිරීමට පත්වනවා. අධිකරණ පද්ධතියෙන් සහ තම නීතිඥයාගෙන් තමන්ට බරපතළ අසාධාරණයක් වන අන්දම දස වසරක් තිස්සේ බලාසිටි ක්ලයිඩ්, අවසානයේ සමස්ත අධිකරණ පද්ධතියටම එරෙහිව යමින්, යුක්තිය සහ සාධාරණත්වය තමන්ගේම ආකාරයකට නිර්වචනය කරගෙන සැහැසි පළිගැනීමේ ක්‍රියාවලියක නිරත වන්නට තීරණය කරනවා. මුලින්ම ඔහුගේ ගොදුර වන්නේ විෂ එන්නත්කරණයෙන් වේදනා රහිත මරණීය දණ්ඩනයට නියම වුණු රූපට් ඒම්ස්. ෂෙල්ටන් විසින් මරණීය දණ්ඩනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය වෙනත් රසායනික ද්‍රව්‍ය වලට මාරු කරවීම නිසා අධික වේදනා විඳ මරණයට පත් වීමට ඒම්ස්ට සිදුවෙනවා. අනතුරුව මරණයෙන් ගැලවුණු ඝාතක ඩාබිව කොටු කරගන්නා ක්ලයිඩ්, ඔහුගේ සිරුර අකර්මණ්‍ය වන රසායනික සංයෝගයක් ශරීරගත කර හෙලවිමටවත් නොහැකි ලෙස ගැටගසා අතිශය දරුණු වධහිංසා පමුණුවා අවසානයේ මරණයට පත් කරනවා. (සංවේදී දර්ශන නැරඹීමට අපහසු අයට නම් නැරඹීමට අපහසු ඒ කොටස මඟහැර ඉදිරියට යවන්න සිදුවෙන්න පුළුවන්!)
මේ ඝාතන දෙක සඳහා ක්ලයිඩ් සැකපිට අත්අඩංගුවට පත්වන අතර රජයේ පැමිණිලි පාර්ශවයේ නීතිඥයා ලෙස පෙර නඩුවේ ක්ලයිඩ් වෙනුවෙන් පෙනී සිටි නික් රයිස්, මෙම නඩුවේ ක්ලයිඩ්ට එරෙහිව පැමිණිලි පාර්ශවයේ නීතිඥයා බවට පත්වෙනවා. මින් ඉදිරියට ගලා යන්නේ සිරමැදිරිය තුල සිටින අතර සුක්ෂම උපායන් යොදවමින් මිනීමැරුම් වලින් ගැලවෙන්නට උත්සහ කරන ක්ලයිඩ් ෂෙල්ටන් සහ නීති පාර්ශවය නියෝජනය කරන නික් රයිස් අතර ඇතිවන උද්වේගකර ඝට්ටනය සමඟ ඇතිවන බිහිසුණු අතුරු ප්‍රතිපලයි. තමන්ට අසාධාරණය කළ සියලු දෙනාගේ ජිවිත වලින් වන්දිය ගැනීමට උත්සහ කරන ෂෙල්ටන්ට සිය අරමුණු මුදුන් පත් කරගැනීමට හැකිවේද? ඔහුට එදිරිව තමා සහ නීති පද්ධතිය රකින්නට උත්සාහ කරන නික් රයිස්ට ෂෙල්ටන්ගේ සැලසුම් අඩාල කරමින් ජයගන්නට හැකිවේද? මීළඟට ෂෙල්ටන්ගේ ගොදුරු ඉලක්ක බවට පත්වන්නේ කවුරුන්ද? වියරු පළිගැනීමේ ආශාව ක්ලයිඩ්ව රැගෙන යන්නේ කොතනටද? මේ සියල්ල ඔබට චිත්‍රපටය නැරඹීමෙන් දැනගන්නට හැකි වෙයි.
කෙසේ වෙතත් ඔබ සංවේදී දර්ශන නැරඹීමෙන් කම්පනයට පත්වන්නේ නම් සහ 18ට අඩු නම් මෙය නැරඹීමෙන් වැළකීම වඩාත් සුදුසු යැයි අදහස් කරමි.
මෙහි උපසිරැසි සපයා ඇත්තේ L a w . A b i d i n g . C i t i z e n . 7 2 0 p . B r R i p . 4 5 0 M B . Y I F Y පිටපතටයි. නැවතත් සිංහල උපසිරසියකින් හමුවන තුරු ඔබ සැමට ආයුබෝවන්!!
තෙරුවන් සරණයි!
2010 පෙබරවාරි 15 තුලන ප්‍රනාන්දු සොහොයුරා විසින් පල කළ ලිපිය.
මගේ පලමුවන ලිපියෙන්ම මං ඔයාලට කියන්න යන්නේ කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් චිත්‍රපටියක් ගැන. සුප්‍රකට නලුවන් වන Jamie Foxx හා Gerard Butler මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිතවලට පන පොවනවා.
Clyde Shelton ( Gerard Butler ) කියන්නෙ පොඩි දුවෙක් ඉන්න තාත්ත කෙනෙක්. ඒත් එක්තරා රැයක පැමිනෙන දාමරිකයන් දෙදෙනෙක් නිසා අවාසනාවන්ත අයුරින් ඔහුගේ දියණියත් බිරිඳත් මරණයට පත් වෙනවා. නීතියෙ පිහිට පැතූ මොහුට සාධාරණය ඉශ්ට වෙන්නේ නෑ. මිනීමරුවා අවුරුදු දහයකටත් ඔහුගේ සහායකයා පෝරකයටත් නියම වෙනවා. මෙම තීරන සියල්ල පිටුපස ඉන්නේ දිස්ත්‍රික්කයේ උප ඇටෝර්නි වරයා වන Nick Rice ( Jamie Foxx ) මේ හේතුව නිසාම මේ පියා මුලු සමාජය එක්කම වෛර බැඳ ගන්නවා.
එසේම නිදහස් වූ වහාම මිනීමරුවාඩ ඉතාම කෲර විදියට අබිරහස් ලෙස මරා දැමෙනවා… පසුව මේ පියාව පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නවා. මෙතැන් සිට ඔහු තමන්ගෙ සියලු සැලසුම් දියත් කරමින් සිර ගෙය තුල සිටිමින්ම විනිසුරු වරිය ඇතුලු මිනීමරුව නිදහස් කිරීමට සහය දුන් සියල්ල මරා දමනවා. තමන්ගේ තීරණ දැනුම් දෙන්නා ලෙස Shelton තෝර ගන්නේ Nick Rice ව. මෙහිදී අසරන වන Nick Rice ට සිදු වන්නේ Shelton විසින් ලබා දෙන උපදෙස් හා Deadlines වලට අනුකූලව ක්‍රියා කිරීමටයි.. ඔහු තත්පර 1ක් හෝ ප්‍රමාද වුවොත් අවාසනාවන්ත ලෙස ඔහුගේ මිතුරන් මරණය කරා එලබෙනවා. අවසානයේ Nick Rice ට කුමක් සිදු වෙයිද.. ඒක බලන්නනම් මෙ චිත්‍රපටිය බලන්නම වෙනවා.
IMDB වෙබ් අඩවියේහි 7.3 ප්‍රතිශතයක් තිබෙන මෙය කුතුහලය පිරුන ක්‍රියාදාම චිත්‍රපට වලට කැමති ඔයාල බලන්නම ඕන එකක්.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BRRip පිටපත සඳහා ලබා දී ඇත.
7,412 downloadsDownload Law.Abiding.Citizen-2009.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #2009
- #Bruce McGill
- #Colm Meaney
- #F. Gary Grayල Jamie Foxx
- #Gerard Butler
- #Jamie Foxx
- #Law Abiding Citizen (2009) Sinhala Sub
- #Law Abiding Citizen (2009) Sinhala Subtitles
- #Law Abiding Citizen Sinhala Subtitles
- #MaxxA
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #You Decide
- #ප්රබුද්ධ කේසර විතානගේ
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
63 comments
gayan8677
sw7x
ම් මෙක නම් සිර ෆිල්ම් එක් වගෙ
හොයගෙන බලන්න ඔන
මන් හිතන් ඉන්නෙ යලුවෙක් ගෙන් ඉල්ලන්න
ඩවුන් කරන්න කම්මලි අනෙචමි.දේ.වා.
වැඩිය ගහගන්න මරාගන්න ඒවා බලන්නේ නෑ.ඒත් මේක බලන්න හිතුනා....
මලිත්
ELA ELA baanna danna onee, hodai wagee katawa, thx
තුලන ප්‍රනාන්දු
@ චමි.දේ.වා.
මේක ගහගන්න මරාගන්න එකක්ම නෙමේ සහෝ
මාර උපක්‍රමශීලී පුද්ගලයෙක්ගෙ කතාවක්@ sw7x
ඕන්නම් Hotfile හරි RS හරි 300MB ලින්ක්ස් දෙන්නම් බාගන්න
මේක බලන්න වටින කතාව :Dkasun0011
Kammali kame hitiye me dawaswala.......
eala film eakka nathuwa...... Patta fillm eakka wage..... onne eahenam math banawa... Thanks.........:Dතුලන ප්‍රනාන්දු
@ kasun0011
balala kohomada kiyannako
thawa me wage film list ekakma thiyenawa
hemihita daannam :)හසී
ඔන්න එහෙනම් අපිත් බෑවා..........
kathu
මෙක නිකම් Prison Break වගෙත්. Shelton අයියා මාර ගේමක් දෙන්නෙ.. එළකිරි film එකක්..!!
තුලන ප්‍රනාන්දු
@ kathu
ඒක තමා මාත් කිව්වේ සහෝ
ප්ලෑන් කරන විදිය මරේ මරුදසයා
තුලන ප්‍රනාන්දු සහෝදරයා මුල්ම පෝස්ට් එකෙන්ම ලස්සන ෆිල්ම් එකක්නෙ දීල තියෙන්නෙ. තැන්කූ! තැන්කූ!
Udaya
bala balmu. tx
Enri
සහෝ උඹට සුභ පතනවා බයිස්කෝප් එකේ මුල් පියවර තැබුවට. ජය වේවා සහෝ. අපේ රොයිලියට උදව් කරපන්. මමත් රොයිලියට උදව් කරන්න හැදුවම මට examකියල එපා කයනවා. මේක දැකල රොයිලි සහෝ මට කෑගහයිද දන්නේ නෑ ඕන මගුලක් කරගනින් කියලා.
රන්දික පෙරේරා
ඔන්න අපිත් ගෙදර ආවා ..... ;)
@තුලන ප්‍රනාන්දු : පළමු ලිපිය නියමයි වගේ මමත් දානවා බාන්න ස්තූතී සහෝ... දිගටම බයිස්කෝප් එකට ලිපි ලියන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ජය වේවා...!!!
තුලන ප්‍රනාන්දු
@ Enri
@ රන්දික පෙරේරා
බොහොම ස්තුතී මාව දිරි ගැන්ව්වට සහෝ
මටත් මේ ටිකේ exam ...
ඉවර ඉඩක් හම්බුන ගමන් හොද ලිපියක් දාන්නම්කො..
ජය පතනවා හැමෝටම :DSubash Priyankara
මචන් ගෝලයා අනේ ඔයතරම් විස්තර දාන්න එපා බන්.
ඒ උනාට Film 1a නම් සුපිරි ඇති මම අනිවා බලනවා,
ජය වේවා....Uraj Deemantha
Prison Break වගේ එකක් වෙන්ට ඇති නේ.... :D බාමි බාමි.... :)
ගෝලයා
මරු බයිස්කෝප් එකක්.. අපිත් එක්ක දිගටම රැඳෙන්න කියල තුලින සහෝට ආරධනා කරනවා.
ප්‍රතිචාර ලබා දුන් සැමට තුති..
තුලන ප්‍රනාන්දු
@ Uraj
උරාජ් අයියා මං තමයි එලකිරි එකෙ Djram :P@ Subash Priyankara
e laga eke wisthara adu karannam saho
sthuthee oyage prathishareta@ ගෝලයා
මේ චාන්ස් එක දුන්නට තැන්කූ කිව්වා අයියා ඔන්නචානක
සබ් බාන්න බෑනෙ මේකෙ
රොයිලි
@ තුලන ප්‍රනාන්දු,
සමාවෙන්න ඕනා කමෙන්ට් එක දාන්න වෙලා ගියාට. ජංජාලෙට එන්න පරක්කු වුණානේ අද. සහෝ සාදරයෙන් පිළිගන්නවා. දිගටම ලියන්න. ජය වේවා කිව්වා. :D
Aki
mmmmmmm onna baanna demma . eng sub tiyana ekaa wadath hodai .. thank u
Uraj Deemantha
@ තුලන ප්‍රනාන්දු :- කවුද දන්නේ DJRam කියලා.... :P කලින් කියන්න එපායෑ.... :) එළ එළ .....!! :D
අයියෝ...... :( උරාජ් නෙවෙයි බොල..... :P යුරාජ්.....!! :)
Anonymous
Tho nathi thenak na neda
coolc
බාගන්නව... බලලම කොම්මෙන්ට් කරන්නම්...
coolc
බොහොම ස්තුතිය්. මෙකෙ එන්ග්ලිශ් සබ් තියෙනම් දෙනවද
Nuwan
Thanka...seems like "Saw" reproduction...:D
Jonta
one of my frnd told me that this was awsome. so lets c.....Download begun...............
shan d
maxxa filma aka machn ada thamai beluwe
thanxamal
mmmm.. denuy banna patan gatte.. balamu elada kiyala...kohoma unath mama suba pathanawa baiscorp1tath, roylitath..
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)rasta
meka download karanna bane
prasanna.sampath
Film ekanam lassanai wage please meke sub eka download karanna na ne
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!s. vihanga
kohomada sub gathe
tharakamd
බොහොම ස්තුතිය්. මෙකෙ එන්ග්ලිශ් සබ් තියෙනම් දෙනවද
dilshanlanka
තුලන, මේ ෆිල්ම් එකේ සබ් ටික මට දෙනවාද?
Madushan Ukwatthage
Sorry brother, I still looking for the subtitle of this movie.
suchinthana
thanks
Geetharukumarage
Are you kidding me
ak
Meka sub eka nene!
චතුෂ තුෂර කුමාර
සබ් නොදී අසාධාරණයට පත් කල තවත් එක බයිස්කෝපයක්...
hareengod
ko yko sup eka?? -_-
wimalarathanaj
sub
s. vihanga
anee sub eka plzzzz
Lakshansilva18
Please mekata sub dennako
sanduniandmayantha
ko meke sinhala sub eka na ne bro
JT
ko sub eka.parana film godak ewa ge sub na
sachin_umesh
sub tittle show karanne na.. please do something. thanks.
Gayan Abeysinghe
Sinhala subs ganne kohomada mekata ? Please help
sanira amaranga
ko sub nane
sanira amaranga
sab denne nadda plase
Nika95
Please සබ් එක දෙන්නකෝ ඉක්මනට.
Raveesh
කෝ අඩේ සබ් එක
Advertisement
![Law Abiding Citizen (2009) Sinhala Subtitles | නීතියට එරෙහිව නොලද යුක්තිය… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/Law-Abiding-Citizen-2009.jpg)
ela ela onna ehenam mama banawooo...