ඔබට මතකද 2009 වසරේ මාර්තු මාසෙ 10 වෙනිදා? එදා අපට සුවිශේෂ දවසක්! අපට විතරක් නෙවෙයි සමස්ත ලාංකීය සිනමා රසිකයන්ටම සුවිශේෂ දවසක්! එදා තමයි ලෝකයේ තැනෙන සිනමා කෘති ගැන සිංහලෙන් ලිපි පළ කරන විබ පළක් අන්තර්ජාලයට මුසු වුණු දවස. එදා පටන්ගන්න කොට මේ විබ පළ සරළ බ්ලොග් එකක් එහෙමත් නැතිනම් වියුණුවක් විදිහට තමයි…
ඔබට මතකද 2009 වසරේ මාර්තු මාසෙ 10 වෙනිදා? එදා අපට සුවිශේෂ දවසක්! අපට විතරක් නෙවෙයි සමස්ත ලාංකීය සිනමා රසිකයන්ටම සුවිශේෂ දවසක්! එදා තමයි ලෝකයේ තැනෙන සිනමා කෘති ගැන සිංහලෙන් ලිපි පළ කරන විබ පළක් අන්තර්ජාලයට මුසු වුණු දවස. එදා පටන්ගන්න කොට මේ විබ පළ සරළ බ්ලොග් එකක් එහෙමත් නැතිනම් වියුණුවක් විදිහට තමයි තිබ්බේ. කලිනුත් කීව වගේ, මුල්ම වතාවට 2009 මාර්තු 10 වෙනිදා පොතේගුරා සොහොයුරා තමන් බලපු විදෙස් සිනමා කෘතියක් ගැන තොරතුරු ලිපියක් හැටියට සටහන් කළා, තමන් වගේම සිනමාව රසවිඳින අනෙකුත් පිරිසටත් තමන් බලපු සිනමා පටයක් ගැන තතු විත්ති කියන අදහසින්. එදා හිටං අපේ ආදරණීය පොතේගුරා, තමනට හැකි අයුරින් ඉඩකඩ ලැබෙන විදිහ අනුව තවත් සිනමා කෘති ගැන ලිපි දාන්න කටයුතු කළා. තනියම මේ වැඩේ පටන් ගත්තත්, වැඩේ ටික ටික නැගල යද්දි තනියම කරගන්න බැරිව ගිය නිසා මේ හරහා තමන්ට කුළුපග වුණු, මේ වැඩේ අගය කරපු තවත් අයගේ සහය ලබාගන්න ඔහුට සිද්ධ වුණා. ඔතනින් පස්සෙ තමයි අපේ ගුරාගෙ ලිපි ඇරුණු කොට වෙනත් නොයෙක් සහෝදරවරු ලියාපු ලිපි පළවෙන්න ගන්නේ.
ඔය විදියට කාලය ගතවෙනකොට vbmaster කියන යාළුවා අපේ ගුරාට අමුතු මෘදුකාංගයක් දීල කියනව මේකෙන් සිංහල උපසිරැස හදන්න පුළුවන්, උත්සාහ කරල බලන්න කියල..ඉතින් ගුරා මෙතෙක් කලක් තමන්ට සහය දීපු හිතෛෂී මිතුරෙකුගෙන් අහනවා අපි හවුලෙ සිංහලෙන් උපසිරැසියක් කරමුද කියලා. කොහොමින් කොහොමින් හරි බාගෙ බාගෙ බෙදාගෙන දෙන්න එක්ක වැඩේට අත ගහනවා. මේ කටයුත්තට අතපොවපු අනිත් සගයා මේ ගැන කොතරම්නම් උනන්දුවක් දැක්වුවද කිව්වොත්, ඉස්සිස්සෙල්ලම කරන්න ගත්තු එක ඉවර වෙන්නත් ඉස්සර තවත් එකක් කරනවා තනියෙම. ඒ විදිහට අන්තර්ජාලයට නිකුත් කෙරුණු ප්‍රථම නිදහස් සිංහල උපසිරැසියේ අයිතිය රොයිලි ප්‍රනාන්දු නමින් ලියවෙනවා 2009 වර්ෂයේ 06 වෙනි මාසේ 26 වෙනිදා. ඊට පසු එදා සිටන් අද දක්වා විශාල සහෝදර සහෝදරියෝ පිරිසක් තමන්ගේ කාලයත් ශ්‍රමයත් උපසිරැසි දායකත්වය වෙනුවෙන් කැපකරනවා මේ කටයුත්තට.
මෙහෙම ටික කලක් යද්දි තමන්ගෙ මේ වියුණුව දියුණු කරන්න අදහසක් එනව අපේ ගුරාට. එතකොට වියුණුව විබ පළක් බවට හරවලා වැඩි දියුණු කරල ගන්නවා. ඒකට එදා ඉඳන් අද දක්වාම ගුරාගෙ ළඟම මිත්‍රයෙක් වෙන විද්‍යා තමයි තාක්ෂණික සහය ලබා දෙන්නේ. ඊට පස්සේ තනියම මේක කරගෙන යන්න බැරි වෙන තත්වෙට පත්වේගන එනකොට ගුරා කරන්නේ තව කට්ටියක් තමන්ගෙ වැඩේට එක් කරගන්න එක. “ගෝලයා” (උමේෂ් ලීලසේන), රොයිලි ප්‍රනාන්දු කියන පිරිස මේ විබ පළේ සංස්කාරකවරු හැටියට පත්වීම් දීල බඳවගන්නේ ඒ ඒ අංශ මේ අයට පවරල දීලා. මේ පාඨක, සංස්කාරක එකමුතුකම නිසාම 2009 වසරේ “අසෙනිය කුසුම” සාහිත්‍ය කලා මහෝත්සවයේදී හොඳම සමූහ බ්ලොග් අඩවියට හිමි සම්මානයත් බයිස්කෝප් සිංහලෙන් අඩවියට හිමිවෙනවා. ඔය විදිහට ටිකෙන් ටික මේ විබ පළ දියුණු වෙනවා හෙමින් සැරේ. තවත් ටික කලකදී තව දෙන්නෙකුත් එකතු වෙනවා සංස්කාරක මඩුල්ලට. ඒ තමා අපේ වාසල සොහොයුරා සහ විකියා සොහොයුරා. ඔය අතරේ එක එක කාලෙට හොඳ වගේම නරක දසාවනුත් ලබනවා. නමුත් ඒ සියලු දේම අතරින් අපේ මේ ආදරණීය මිතුරා නොසැලී ඉදිරියටම යනවා. එහෙම කල් ගෙවාගෙන ගෙවාගෙන ඇවිදිං අද වෙනකොට අපේ මේ හිතෛෂීවන්ත මිත්‍රයා තවත් එක කඩ-ඉමකට ළං වෙලා.
අද වෙනකොට මේ විබ පළින් නිකුත් කරන 1000 වන ලිපිය ඔබට ලබා දෙන්න අපට හැකි වෙලා තියෙනවා. ඒ වගේම සිංහල උපසිරැසි 300 ක් අද දිනත් එක්ක ඔබ වෙත ලබා දී තියනවා. ඉතිං මේ දිනයේ දී අපේ ලෙංගතු මිතුරා, බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සුවිශේෂී මතකයක් බවට හරවන්න අපේම සොයුරෙක් වන උදා සහෝගේ අදහසක් අනුව මතු වුණු යෝජනාවක් පරිදි කිසියම් වැඩ කටයුත්තක් සංවිධානය වුණා. අපේ සොයුරු සොයුරියන්ගේ නිර්මාණ දායකත්වය සහිතව තවත් නවමු වැඩකට අතපොවන්න අපි කටයුතු කළා. ඔවුනගේ මාස කිහිපයක වෙහෙස මහන්සිය අද මේ ලෙස මල්ඵල දරනවා අපේ අදහස සඵල කරගෙන!
වෙනදා වගේම මෙවරත් හොඳම දේ වෙනුවෙන් පෙරගමන් කරමින් අපි ඇරඹූ ඒ කටයුත්ත තමා, ජාලගත සිනමා දත්ත සමූහයේ (IMDb) හි දැක්වෙන ‘Top 250′ නැත්නම් ‘අනගි 250′ ලෙසින් හැඳින්වෙන සිනමා කෘතීන් අතරින් හැකි තරමක් සිංහල උපසිරැසි සමගින් ඔබ වෙත නිකුත් කිරීමේ කර්තව්‍යය. ඇත්තෙන්ම මේකෙ කිසිම අලුත් බවක් නෑ. මේ වෙනකොටත් අප හා එක්ව උපසිරැසි නිර්මාණය කළ සොයුරු සොයුරියන් අතින් ඉන් 35 කට ආසන්න ගණනක් උපසිරැසි ගැන්වී හමාරයි. ඒ කර්තව්‍ය තවත් ඉදිරියට ගෙන යමින් ඒ අනර්ඝ සිනමා කෘති අතරින් හැකි තරමක් ඔබ වෙත උපසිරැසි සහිතව ගෙන ඒම සඳහා අරඹන මේ කටයුත්තට ‘අනගි 250′ නැත්නම් ‘Top 250′ අතර රැඳුණු සිනමා පටවලින් ඉහළින්ම තිබෙනා සිනමා පට කීපයක් සඳහා එකවර සිංහල උපසිරැසි ඔබ වෙත නිකුත් කරමින් මුලපුරන එක තමා ඒ අදහස. මේ වන විටත් එයින් කීපයක්ම නිකුත් කර ඇති අතර අද අපට හැකි උණා මුල් 10 මෙලෙස සම්පූර්ණ කරන්නට.
මේ යෝජනාව ආ දා පටන් අපේ සොයුරු සොයුරියන් විශාල පිරිසක් ඔවුනගේ නොමසුරු දායකත්වය මේ වෙනුවෙන් පළ කළා. අප සැමගේ සාමූහික ප්රයත්නයක අවසන් ඵලය ලෙස අද ඒ කටයුත්ත මේ ලෙස සාර්ථකත්වයට ළඟා වෙනවා. කවුරුත් ප්‍රිය කරන ජනප්‍රිය ආරේ සිනමා කෘති සිංහල උපසිරැසි සමගින් ගෙන එන අතරතුරේ; සිනමාවේ ගුණත්වයත්, විවිධත්වයත්, ආකර්ෂණයත් මනාව විඳගැනීමේ ඉඩහසර ඔබ වෙත ලබා දීමේ අදහසිනුයි අප මේ කටයුත්තට මුල පිරුවේ. අපේ මේ සාමූහික විබ පළේ ජනප්‍රිය බව හා සාපේක්ෂව උසස් බවත් රැක ගැනීමයි මෙහි අරමුණ. මේ කටයුත්ත සාර්ථකව ඉදිරියට රැගෙන යාම සඳහා ඔබේ අදහස් අපට බොහොම වටීවි. ඒ නිසා ඔබේ අදහසත් දක්වා යන්න අමතක කරන්න එපා!
ඒ වගේම එදා සිට අද දක්වා මේ විබ පල පවත්වාගෙන යාමට ඉතා විශාල පිරිසක් අපට සහය දුන්නා. තමන් රසවිඳි සිනමා පටයක් ගැන හැඳින්වීමක් කර අනෙක් අයත් සමඟ එහි රසය බෙදා ගැනීමේ අදහසින් ලිපි ලබාදුන් පිරිස සහ විදේශීය සිනමාව සිංහලෙන් රසවිඳීට අවස්ථාව ලබාදුන් පිරිස මේ මොහොතේ විශේෂයෙන් මතක් කරන්න ඕන. ඔවුන්ගේ කාලය, ශ්‍රමය, මුදල වැයකරමින් මේ අඩවිය පවත්වාගෙන යන්නට කල කැපවීම ගැන අප ඉතා හෘදයාංගමව ඔවුනට ස්තූතිවන්ත වෙනවා. එවන් පිරිසකගේ දායකත්වය නිස තමයි අප මෙපමණ දුරක් අද දින වන විට ඇවිත් තියෙන්නේ.
ඔබට උපසිරැසි කීපයක් පමණක් නොව, අද තවත් දෑ ගෙන එන්න අප අදහස් කලා. දිනෙන් දින තාක්ෂණය දියුණුවෙන අවධියක ඉන්නා අපට, ලංකාව තුළත් ජංගම දුරකථන වලින් සයිබර් අවකාශයට පිවිසෙනා ප්‍රමාණය එන්න එන්න වැඩි වෙමින් පවතින බව පේන්න තියනවනේ. ඉතින් අප අදහස් කළා ඒ සඳහාත් යම් කටයුත්තක් කරන්නට. එහි ප්රථිඵලයක් ලෙස අද දින සිට බයිස්කෝප් අඩවියට ඇන්ඩ්‍රොයිඩ් සහිත දුරකතනයකිනුත් පිවිසීමට ඔබට ඉඩ හසර සලසා දීමට අපට හැකි උණා. ඒ සඳහා අපේ අදහස කියූ පමණින් අපහට නොමිලේම තාක්ෂණික සහය ලබාදීමට කැමැත්ත පළකර එහි අවසන් ප්රථිඵලය ඔබ වෙත ගෙන ආවේ Bhasha Lanka (Pvt) Ltd හි නිර්මාතෘ ධනික පෙරේරා සොහොයුරායි. ඔහුටත් බයිස්කොප් අඩවියේ විශේෂ ස්තූතිය හිමි වෙනවා.
ඊට අමතරව ඔබට දකින්නට ලැබෙනා පරිදි අඩවියත් නව මුහුණුවරකින් ගෙන එන්නට අපට හැකි උණා. ඒ සඳහා විශාල කැපකිරීමක් කළේ ටෙක් කතා සමූහයේ කාලිංග, චම්ලි යන සොහොයුරන් පිරිසයි. ඔවුනුත් අපට නොමිලේම ඒ කටයුතු සිදුකර දුන් නිසාවෙන්ම ඔබට අඩවිය වෙත ඒමේදී තිබුණ අපහසුකම් පවා මගහරවා ගන්නට හැකි උණා. ඒ සොයුරන් පිරිසටත් අපේ විශේෂ ස්තූතිය පිරිනමනවා.
ඉතින්, මෙලෙසම තවත් චිරාත් කාලයක් ඔබ වෙත සිනමාවේ රසය ගෙන එන්නට අප අදිටන් කරගෙන ඉන්නවා. ඒ සඳහා අප සැවොම හැකි උපරිමයෙන් කටයුතු කරන්න සූදානම්ව ඉන්න බව කියන්න කැමතියි. එයට ඔබෙන් අපට අවැසි වන්නේ, එන්න, අඩවියට එන්න, ඔබ නොබලපු සිනමා පටයක් ගැන දැනගන්න, එය සිංහල උපසිරැසි සමඟ රසවිඳින්න, උපසිරැසි ලබාදුන් සොයුරු සොයුරියන්ට හයියක් දෙන්න !
චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්.. !
The Shawshank Redemption (1994)
The Good, the Bad and the Ugly (1966)
The Lord of the Rings: The Return of the King (2003)
248 comments
chamath cafe
තරුෂ නයනජිත්
චිරං ජයතු
akila
ඇඩෙනවා,,,,පට්ටම ෆිල්ම් ටිකක්.... උපරිමයි වැඩේ සයිට් එක පට්ට ලස්සනයි දැන්
චිරං ජයතු බයිස්කෝප් !!!nishantha udaya kumara
ඔහොම යන් එල කිරි එලම කිරි
Lasindu Nadishan
ගොඩක්ම සථුතුඉ ගොඩක් හොද දේවල් දෙන වෙබ් අඩවියක් මෙචර කාලයක් පැවතුන එක ගැන. මගෙන් උණුසුම්ම සුභ පැතුම්.. ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල එකසිතින් ප්‍රාර්ථනා කරනව ..........
Nimal
උපරිමයි වැඩේ සයිට් එක පට්ට ලස්සනයි දැන්....
චිරං ජයතු බයිස්කෝප් !!!
සරදියල්
පට්ට මචන්ලා සුපිරිම වැඩක් කරලා තියෙන්නේ :)
සිංහලයා
සුපරි සුපිරි චිරං ජයතු බයිස්කෝප් !!!!
mihin ලංකා
ලොවෙත් නෑ නියම ෆිල්ම් ටිකක් අර ඇප් එක පට්ට හොදේ...
ජය වේවා !!!!!Sameera
Dan nam site eka pattama lassanai,mechhara davas apita laba dun sewayata apen hada piri pranamaya puda kerana gamanma Digukal vajabennata prarthana keranava.
සඳුන් ප්‍රියංකර විතානගේ
ඉතාමත් සතුටට පත්වුණු දවසක්!
බයිස්කෝප් අඩවියට ජය!Praසන්ன
උණුසුම් සුබ පැතුම්.
Chandana
Thanks Lot. ජයෙන් ජය.
තිසර ප්‍රමුදිත
සුපිරි ! සදා ජයවේවා !
Dar[K]
සිරාවට ඇඩෙනවා මේක දැකලා මට තාම මතකයි ඉසිර අයියා ( පොතේ ගුරා )මේක පටන් ගත්තු හැටි ඒ වගේම එදා ඉදන්ම බයිස්කෝප් එක්ක එකට හිටි කෙනෙක් විදියට අප්‍රමාන සන්තෝසයක් තියෙන්නේ ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල එකසිතින් ප්‍රාර්ථනා කරනව
චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්.. !
janith
loweth nathi film tikak sub deela thiyenne.ae wageyma android app aka pattai...magey hada piri suba pathum.kohe comment karannada kiyala hitha ga
කසුන් සමීර
1000 ට 100000000000000000000000000 ක් ආයුබෝවේවා
ajantha
hodai hodai nagala yan ohomathamai hoda dewala thawath eduriyata denata labewai suba parthana karana wa.
Oneshot
Elakiri. Aluth look eka pattay.
chamila
මගෙන් සුභ පැතුම්... පොතේ ගුරා සහෝදරයටත් රොයිලියටත්බයිස්කෝප් කණ්ඩායමේ හැමොටමත් මගේ ස්තූතිය පුද කරනවා...
කාලිංගමුත්තවයි ගෝලයෝ රොත්තවත් මතක් කරන්න ඕනේ අපි වෙනුවෙන් ඔවුන් දරන මහන්සිය වෙනුවෙන්Dhanushka
මගෙන් සුභ පැතුම්!!!!!!!!!!!
vernie
අපේ ජීවිතවලට සතුටක් ගෙනඑන්න මේ කරන දෙයට ඔයාලට ස්තුතියි
| D i N 3 s H | දිනේෂ් ගමගේ
උණුසුම් සුබ පැතුම්!!! ගොඩක් අයගේ ඉල්ලීමක් වෙලා තිබ්බ සයිට් එකේ මුහුණත වෙනස් කරන්න කියල.. දැන් ලොකු වෙනසක් කරල තියෙනවා.. ඒක ගැන ගොඩක් සතුටුයි. ප්‍රධානතම දේ තමා ලිපි 1000ක් දැනට සම්පූර්ණ කල එක. ඒ අතර උපසිරැසි 300ක් ප්‍රමාණයක් තියෙනවා. ඉතිං මොනව කියන්න ද කියල හිතාගන්න බෑ තියෙන සතුටට. අපි සිංහල උපසිරැසි කලාවේ ලංකාවෙ එක කියල අදත් කියන්නේ නෑ.. ඒත් මෙතනට එන යන හැමෝටම එක කවුද කියල දැනෙනවා ඇති. මෙම වෙබ් අඩවිය වෙනුවෙන් ඇප කැප වෙලා වැඩ කරන අපේ සොයුරු විකියා, වාසල, රොයිලි, උදා ඇතුළු හැමෝටම ගොඩක් ස්තූති වන්ත වෙනවා.. මේ වගේ ලොකු ගමනක් ආපු එක ගැන. ඉදිරියටත් තව ලොකු ලොකු දේවල් කරන්න සුබ පතනවා! තව දෙයක්.. අපේ උපසිරැසි බාගත කරගන්න ප්‍රමාණය ගැන අවබෝධයක් ලැබුණේ නෑ මෙම අඩවියට එන පිරිසට. දැන් ඒකත් එකතු කරලා තියෙනවා.. නියමයි. නියමයි..
මෙම අඩවියට ලොකු ලොකු බාධා කිරීම් ආවා. ඒවාට නොසැලී මුහුණ දුන් විකියා සොයුරා මෙම අඩවිය තව තවත් දියුණු කලා.. ඔහුට බොහෝ ස්තූති කරනවා. අනෙක් ඇඩ්මින් වරුන්ටත් එම ස්තූතිය හිමි වනවා. චිරං ජයතු බයිස්කෝප්.. සදා කල් දිනේවා!!!
uda
ඇත්තෙන්ම සන්තෝෂයි බයිස්කෝප් මෙතරම් දුරක් ආ එක ගැන. හැබෑවටම අද දවස වෙනකොට 300ක් සබ් දීලා තිබෙන බව දැනගන්නත් සතුටුයි. වෙනදා පුරුදු ගමන එහෙමම යන ගමන් මේ වගේ දේවලූත් ඉදිරියටත් දිගටම කරගෙන යමු.
අලුත් මුහුණුවර හැබෑම ලස්සනයි. ජය!
mahare
jaya wewa. suba pathnawa.maxxxa ma wadak.site.aka patta gathi.sahola
M.D.A Pradeep (අමිල මනනදේව)
පට්ට ජය වේවා!! බයිස්කෝප්..
sud
සුභ පැතුම්
චිරාත් කාලයක් බයිස්කෝප් වැජබේවා කියලා ප්‍රර්ථනා කරනවා
ජයෙන් ජයම වේවා සියළු දෙනාටමdilan
සදා ජයවේවා !
nishan
ela ela.... issarata maxxa film apita genna suba pathanawa...!!! jaya..
සංජිව
තවත් ඉදිරියටම සාර්තකව කරගෙන යන්න ඔබලා සියලු දෙනාටම ශක්තිය දිරිය ලැබෙවා කියලා මම ප්‍රාර්තනා කරනවා....
pathum
wow,supiri loweth na sahola supirima wadak app aka patta
kasun
නියමයි ! අපි ගොඩක් කල් ඉදල් බලාපොරොත්තු උන දෙයක් අද දකින්න ලැබුනා.බයිස්කෝප් අඩවියට සහ බයිස්කෝප් එකේ යාලුවෝ සේරටම සුභපතනවා ! විශේෂයෙන්ම අපේ විකියා සහෝදරයට.
Rasthafa
ela ela...
N.Warnajith
Thanks for sub... Jayawewa
sanka
patti macho film tikata gahanna film na loweth.jaya wewa baiscope.adey ban kohe comment karannada kiyala hitha ganna ba
Budditha Fernando
අපිටත් පුළුවන් පුළුවන් වෙලාවට උදව් කිරීමට ලැබීම ගැන පුදුම සතුටුයි.. චිරන් ජායතු බයිස්කෝප්!
indika
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උප සම්පදා......
සචිත්ත පරියෝදපනං
ඒතං බුද්දානු සාංසනං......චිරං ජයතු බයිස්කොප් විබ පලට
ඉදිරියටත් යහපත් දෙයක් කරන්නට ලැබේවා.....වා.මු. නිලන්ත පියසිරි
මටත් අද නම් බොහොම සතුටු දවසක්. සිංහල උප සිරැසි 300ක් කියන්නේ සුළු පටු ගානක් ද? මොන තරම් මහන්සියක් ද? ඒවා එකක්වත් නිකං ම සිංහල ට අනුවාදනය වෙන්නේ නැහැ නොවැ. උප සිරැසි දීමට වෙහෙස වූ හැමෝගෙම මහන්සිය අපතේ ගියේ නැහැ කියලා සතුටු විය හැකි දවසක්. ඒ සමඟම එකමුතු වීම හරහා අපට කෙතෙක් නම් දෑ කළ හැකි දැයි යන්නට නිදසුනක්. මෙහි අදියුරු මඩුල්ලට මෙන්ම එතෙක් මෙතෙක් මෙහි සිංහල උප සිරැසි දැමූ සැමෝටම පින් සිදු වේවා! හැමෝටම ජයෙන් ජයම වේවා!
Rohan
නියමයි වැඩේ. සුභ පතනවා ඉදිරියටම යන්න.
leslipremasiri
sada jaya
janaka
මගෙන් සුභ පැතුම්!!!!!!!!!!!
ediri
congratulation baiscope.elakiri
digukal wajabewa
thankxxxx
කැලුම් ගුණසේකර
උදේ පාන්දර ම බයිස්කෝප් ආවම මට නම් හිතුනේ මේ නම් වැරදිලා වෙන අඩවියකට ඇවිත් කියලා. ඒ තරම් ම වෙනස් වෙලා. අලුත් වෙලා. ඇත්තටම ගොඩක් ම සතුටුයි. ඒ වගේ ම රොයිලි, විකියා, වාසල, උදා වගේ කී නොකී හැම යාලුවෙක්ටම ගොඩත් ම ස්තුතියි. මේ අඩවිය මේ තත්වෙට ගේන්න කරපු කැපකිරීමට. සතුට වැඩිකමට කියන්න වචන නැහැ මට. අදටත් කවුරුහරි ඇහුවොත් මචං, සිංහල උපසිරැසි ගන්න පුලුවන් ෆිල්ම් එක ගන්න කලින් කතාව ගැන ටිකක් දැන ගන්න පුලුවන් තැන මොකද්ද කියලා ඇහුවොත් එකසැරේම ඔලුවට එන්නේ බයිස්කෝප අඩවිය. "අපේ" බයිස්කෝප් අඩවිය. අපිට කවදාවත් එක වෙන්න ඕන කියලා වත් අපි එක කියන්න වත් වුවමනාවක් තිබුනේ නැහැ. ඒ තත්වය අපිට ලැබුනේ මේ අඩවියට නිතර යන එන සමාජිකයන්ගෙන්. ඔයාලා නිසයි අපේ අඩවිය මේ වගේ තැනක් ලැබුවේ. ඉතින් මොන බාදා හිරිහැර ආවත් බයිස්කෝප් එක්ක ඉදපු ඔයාලා හැමෝටමත් ගොඩක් ම ස්තුතියි.
sha
නියම වැඩක්. මේ වගේ හොඳ වැඩ ඉදිරියත් කරගෙන යාමට ඔයාලා හැමෝටම දිරිය ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
Paradox
Wish you good luck guys.....
Paradox
අසෝක
උනුසුම් සුබ පැතුම් ජයම වේවා.
කසුන් සමීර
ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකටත් ගොඩක් ස්තූතියි. ඇත්තටම මම ඒක දාගෙන මුලින්ම හෙව්වෙ ඒකෙ වැරැද්දක්.ඒත් වැරැද්දක් හොයාගන්න බැරි තරමටම ඒක පරිපූර්නයි.අපෙ බයිස්කෝප් අඩවිය නව තාක්ශනය සමග මුසුවෙලා චිරාත් කාලයක් යෙහෙන් වැජබෙන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා
nm
උණුසුම් සුබ පැතුම්..................!!
dedunu- yatalamatta,
චිරාත් කාලයක් බයිස්කෝප් වැජබේවා කියලා ප්‍රර්ථනා කරනවා...
මගෙන් සුභ පැතුම්!!!!!!!!!!!Chamara
Ohoma yan digatama
sanka
baiscopelk ekata mage unusum suba pathum.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie















පට්ටම පට්ට කියන්න දෙයක් නෑ වැඩේ සුපිරිම සුපිරිම..