එක්ස් බලකාය! ඉන්දියානු අර්ධද්වීපයේ ජාතික ආරක්ෂාවට එල්ලවී ඇති තර්ජන මැඩලමින්, රට තුල ඒකීයභාවය පවත්වාගෙන යෑම උදෙසා ඉන්දියානු ජාතික ආරක්ෂක අමාත්‍යංශය විසින් සියලු දෙනාගේම ඇස් වසමින්, හොර රහසේ පවත්වාගෙන යන්නා වූ සුවිශේෂී හමුදා ඒකකයකි. ඉන්දියාවේ මුම්බායි නගරය මූලික කරගනිමින් මෙහෙයවන්නා වූද, ලොව ඕනෑම කොන…

එක්ස් බලකාය! ඉන්දියානු අර්ධද්වීපයේ ජාතික ආරක්ෂාවට එල්ලවී ඇති තර්ජන මැඩලමින්, රට තුල ඒකීයභාවය පවත්වාගෙන යෑම උදෙසා ඉන්දියානු ජාතික ආරක්ෂක අමාත්‍යංශය විසින් සියලු දෙනාගේම ඇස් වසමින්, හොර රහසේ පවත්වාගෙන යන්නා වූ සුවිශේෂී හමුදා ඒකකයකි. ඉන්දියාවේ මුම්බායි නගරය මූලික කරගනිමින් මෙහෙයවන්නා වූද, ලොව ඕනෑම කොනක, ඕනෑම රටක, ඕනෑම නගරයකට ගොස්, පවරන ලද මෙහෙයුම කිසිඳු සාක්ෂියක් ඉතුරු නොකරමින් ඉටුකිරීමට මෙම එක්ස් බලකායට ඇත්තේ සුවිශේෂී හැකියාවක්. මේ සඳහා මූලික හේතු සාධකයක් වන්නේ, මෙම එක්ස් බලකායේ සෙබළුන් පුරුදු පුහුණු කිරීම ආරම්භ කරනුයේ, කුඩා අවධියේ පටන්මය. එක්ස් බලකාය බාරව කටයුතු කරන්නා වූ අණදෙන නිලධාරී, කර්නල් නම් තැනැත්තා විසින් මෙම එක්ස් බලකායට සෙබළුන් බඳවා ගැනීමේ සිට, ඔවුන් පුරුදු පුහුනුකොට මෙහෙයුම් වලට යැවීම දක්වා සියලු කටයුතු බාරව සිටියි.
රිශී කියන්නෙ එක්ස් බලකායේ සිටින අති දක්ෂතම සෙබළා වගේම, කණ්ඩායමේ මෙහෙයුම් නායකත්වය දරන්නා. සටන් කලාවේ සහ අවි ආයුධ හැසිරවීමේ මනා නිපුණත්වය, උපායශීලීත්වය, නිර්භීතකම යනාදී හේතු සාධක නිසාවෙන්, ඕනෑම මෙහෙයුමකට ගොස්, මෙහෙයුම සම්පූර්ණකොට නැවත නිරූපද්‍රිතව පැමිණීමට රිශීට තරම් අන් කිසිඳු එක්ස් බලකායේ සාමාජිකයෙකු හට හැකියාවක් තිබුනේ නැහැ යැයි පැවසුවහොත් එය මුසාවක් නොවෙයි. මේ නිසාවෙන්ම එක්ස් බලකායේ අණදෙණ නිලධාරී කර්නල්ගේ අතිශය විශ්වාසවන්තම පුද්ගලයා බවට පත්වීමට මොහුට වැඩි කාලයක් ගතවුණේ නැහැ. නමුත්, එක්තරා අතිශය වැදගත් මෙහෙයුමකදී, මෙම එක්ස් බලකායේ කර්නල්වරයාගේ අතිශය රහස්‍ය දත්ත සමුදායක් සමගින් රිශී අතුරුදහන් වෙනවා!
ගෞරව්! ඇමරිකාවේ මියාමි නගරයේ ජීවත්වෙන තරුණයෙක්. කිසිවෙකුටත් කරදරයක් හිංසාවක් නොමැතිව, තමන්ගේ පාඩුවේ තමන්ගේ රැකියාව කරගෙන ජීවත්වෙන අහිංසක පුද්ගලයෙක්. මොහුගේ ජීවිතේ හීන කීපයක් තියෙනවා. හොඳ නිවසක හිමිකාරීත්වය ලබාගැනීම, තමන්ට ආදරය කරන, තමන්ටද ආදරය කිරීමට හැකි තරුණියක් සිය බිරිඳ ලෙස සරණ පාවාගෙන සාර්ථක පවුල් ජීවිතයක් ගතකිරීම. මේ තමයි ඔහුගේ ජීවිතය. නමුත්, හදිසියේම හැමදෙයක්ම වෙනස් වෙනවා. එක්ස් බලකායේ කර්නල්වරයාගේ රහසිගත දත්ත රැගෙන පළාගිය රිශී සොයමින් මාරාවේශයෙන් සිටින්නා වූ එක්ස් බලකායේ සෙබළුන් හදිසියේම මේ අහිංසක ගෞරව් පිටුපස පන්නන්න ගන්නවා. මොකක්ද මේ පටලැවිල්ල?
Action, Crime, Thriller, Comedy යන කාණ්ඩ නියෝජනය කරමින්, 2017 වර්ෂයේ අගෝස්තු මස 25 වන දින තිරගතවීම ආරම්භ කරන ලද මෙම බොලිවුඩ් සිනමා සිත්තමෙහි ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙනු ලබන්නේ, Student of the Year (2012) චිත්‍රපටයෙන් අති සාර්ථක ආරම්භයක් ලබාගනිමින්, Hasee Toh Phasee (2014), Ek Villain (2014), Brothers (2015), Kapoor & Sons (2016), Baar Baar Dekho (2016) යනාදී චිත්‍රපට තුල රංගනයෙන් දායක වන ලද මෙන්ම, ඉදිරියේදී තිරගතවීමට නියමිත Aashiqui 3 චිත්‍රපටයේද ප්‍රධාන රංගන දායකත්වය සඳහා නිළ වශයෙන් තෝරාගෙන තිබෙන්නා වූ Sidharth Malhotra සහ, ශ්‍රී ලාංකික රූ රැජිණ Jacqueline Fernandez විසිනි. ඒ වගේම, අනූව දශකය සහ දෙදාහ දශකයේ මුල් කාලය තුල බොලිවුඩ් චිත්‍රපට නරඹලා තිබෙන කෙනෙක් නම්, Sunil Shetty කියලා කියන්නෙ කවුද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕනේ වෙන එකක් නැහැ. 1992 වර්ෂයේ Balwaan චිත්‍රපටය තුලින් බොලිවුඩ් සිනමාවට පය තැබූ සුනිල් ශෙට්ටි, අනූව දශකයේ බොලිවුඩ් රසිකයින්ගේ වීරයා බවටද, බොලිවුඩ් රසිකාවියන්ගේ සිහින කුමරා බවටද පත් වුනේ නිරායාසයෙන්මයි. නමුත්, අවාසනාවකට වර්තමානය වනවිට මේ ප්‍රතිභාපූර්ණ රංගධරයා බොලිවුඩ් සිනමාව තුල දකින්න ලැබෙන්නෙ බොහොමත්ම කලාතුරකින් තමයි. මෙන්න එහෙනම්, වසර දෙකක පමණ නිහැඬියාවකින් පස්සේ සුනිල් ශේට්ටිව මේ චිත්‍රපටයෙන් බලාගන්න ප්‍රේක්ෂක ඔබට හැකියාව ලැබෙනවා. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සහ රචනය සිදුකරනු ලබන්නේ, Go Goa Gone (2013) සහ Happy Ending (2014) යන චිත්‍රපට අධ්‍යක්ෂණය සහ රචනා කරන ලද, Krishna D.K. සහ Raj Nidimoru යන අය විසිනි. IMDB දර්ශක තුල 7.4ක අගයක් ලබාගනිමින්, ඉන්දියානු රුපියල් කෝටි පනහක බරපැනක් දරමින් නිෂ්පාදනය වුණා වූ මෙම සිනමා සිත්තමට ලබාගැනීමට හැකියාව ලැබුනේ ඉන්දියානු රුපියල් කෝටි 38.30ක් වැනි මුදලක් පමණි. ඒ වගේම, Sachin-Jigar ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩ වැඩ ගැන්වුණු අතිශය මියුරු ගීත හතරකින් මෙම චිත්‍රපටය අලංකාර වෙනවා.
මේ චිත්‍රපටය ගැන කතාකරනකොට නොකියම බැරි දෙයක් තමයි ක්‍රියාදාම. Baaghi (2016) චිත්‍රපටයෙන් පසුව, බොලිවුඩ් චිත්‍රපටයක් තුලින් අතිශය ඉහළ මට්ටමේ ක්‍රියාදාම රැසක් දකින්න ලැබුනේ මේ චිත්‍රපටයෙන් කියලා බය නැතුව කියන්න පුළුවන්. සටන් ජවනිකා සියල්ලම හොලිවුඩ් චිත්‍රපටයක් හා සමානවම අතිශය ඉහල සටන් තාක්ෂණයන් භාවිතා කරමින් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම, බොහොම සාර්ථක ලෙස නිර්මාණය කරන ලද Adventure දර්ශන කීපයකුත් බලාගන්න ඔබට හැකියාව ලැබේවි. සරළ කතාවක් වුනත්, කිසිම කම්මැලිකමක් නැතුව, බොහොම විනෝදයෙන් නරඹන්න පුළුවන්. නිකමට වගේ පූර්ව ප්‍රචාරක පටයත් නරඹලාම ඉන්නකො.
එහෙනම්, ගිහිල්ලා එන්නම්. තවත් චිත්‍රපටයකින් හමුවන තුරාවට, හැමදෙනාටම ජයවේවා!!!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BDRip / HDRip පිටපත සඳහා අදාළ වේ.
34,956 downloadsDownload A-Gentleman-2017-BR.zip115 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
75 comments
osandha fernando
paranormal
nice work bro
Kaushan_P_Herath
උඹ සබ්ටයිට්ල් මැෂින් එකක්ද බන්.එලම ආ
Ishan
aiye thynw nm torrent download link eka denno
Ishan
torrent link ekak plwnnm denna
kent
thanks mchn
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Chinthana Chandradeepa
බොහොම ස්තූති සහොදරයා., මේක දානකම් බලන් හිටපු එකක් ..
පුලුවනම් toilet ,dobaara, baadshahoo, ෆිල්ම් වලටත් සබ් දෙන්න, ලොකු දෙයක් ..!!
ඔබට ජය..!!Nirodhauthpala
Lipiya bro lipiya meka kiyaddi slisilayage kiyana hangeema mage kotas akash tibba baladdi kageda suba kiyala muge thamai thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava obata jaya
prabodha
Wow. Oya denne supirima film thama. Jayaweea...!
Thisal Lakpura
ස්තුතියි
Naveen Lakshan NL
බලාගෙන හිටපු film එකක් sub එක ඉක්මනින් දුන්නට හුඟක් ස්තුති සිසිර සහෝ
DD
Puluwan nm Heartless(2014) film ekata sinhala sub denna
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
dew
Thnx sho... good luck..
sandaru maxx
you are the best broooo.... gd luck........
Rajitha
Thanks bro......jayawewa......!
samee
niyamai.supiri wadak machan
Udaya Fernando
බොහොම ස්තූතියි සිසිල සහෝ.
විදුෂාන් සජිත්
නියමයි සහෝ, ගොඩක් ස්තුතියි උපසිරසියට, ජය....!
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!ashan
Thanks mchn
අසිත
elama saho thanks
Eshan
tnx bro ela . baadshaho, half girlfriend movie dekatath ikmanata sub dennako baiscope
dilan lakmal
Patta sisila aiya.loweth ne wage me film eka.me dawas tikema beluwe oyage film .ela a.thanks sub ekata.
oshanda
නියමයි සහෝ, ගොඩක් ස්තුතියි උපසිරසියට, ජය….!
sumed
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!
Kia
Thank you...! Great work Really appreciate ...!
Nelson
Good work friend, Thanks!
Hemal
thank you bn
shasith sandaruwan
බොහොම ස්තූතියි සිසිල උපසිරැසියට...
මේ වගේ එකක් නොබලා ඉන්නේ කොහොමද... :P
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!තරිඳු රසාංග
බොහොම ස්තුතියි සහෝ සබ ඉක්මනටම අරගෙන ආවට,
ඉස්සරහටත් මේ විදියට සබ් දෙමු,ජය!DG
bohoma sthuthi saho...
SpiderMan
ආ ටෝනි අංකල්,මාව මතකැයි? මං ස්පයිඩර් කොලුවා.
හි හී.
Toni Stark
මෙහෙම කියන්නම්...ඔබනම් බයිස්කෝප් වෙබ් සයිට් එකට ලැබුන වටිනා කියන වස්තුවක්.....සිසිල අයියේ....දිගටම කරගෙන යමු....
Maithreepala Sirisena (President of Sri Lanka)
මං මේක බලන්න බොහොම ආසාවෙන් හිටපු බයිස්කෝප් එකක්.
මේ සිසිල ප්‍රසාද් කියන දරුවට රාජ්‍ය සම්මාන දෙන්න වටිනවා හිටං මේ කරන සේවාවට.nadeesha
kohomada dwonload karanne ...?
Kulanjana Maduranga
niayamai…supiri filumak wge..ela...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Anush
Epaa wenawa. Sub eka hadapu oyaage nama mulu film eka purawatama thiyenawa. Ethakota hari amarui..
Helili Hemamali
නියමයි අයියේ.. ඔහොම යං.
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraMuditha
thanks sisila saho
obata jayen jaya.....රුවන් ඉන්දික
කිසිදු මිල මුදලක් නොමගෙන කරන්නා වු මෙම කටයුත්තට ගොඩාක් පින් සහෝ...............ගොඩක් ස්තුතියි මෙම උපසිරසියට......
mindika
Thanks !!!!!!!!!!!!
AWNCK
Thanks bro.....
D.Chamara
bohoma sthuthi sahooo .bande hodai wage walanna oni...
dinesh
ubala balala arakay mekay kiyala warnana karala paduwe enna epa bang apitath balanna link eka dapalla
kumara
බොහෝම ස්තූතියි සිසිල සහෝ සබට. සුනිල් ශෙට්ටි මං පොඩි කාලෙ ඉඳන් තවමත් ආසම නළුවා. අායෙ කතා 2ක් නෑ එලම තමා. ජයවේවා. ගොඩාක් පිං!!
uvindu25sandeepana
Sub ekata thanks aiye nithingealuth film eka lie film eke hnda copyyak youtube thynwa eke sub eka dnna bro puluwan nm
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
ආයේ කතා දෙකක් නෑ..වර්තමානයේ බයිස්කෝප් සබ් මැශිම තමයි සිසිල ප්‍රසාද්..ඊට අමතරව මෙතෙල් කාලකෙට මං දැකපු හොදම ලිපි ලියන්නා..පට්ට සහෝ..ජය වේවා..!
******************බුදුසරණයි******************Tharanga
Thanx bro
සෝමපාල
tnx :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Wow super..tnq kollo sub ekta.meka supiri film ekk..best....