මෙය ෆිල්ම් පෙයාර් සම්මාන හතරක් දිනූ “රාජ් කපූර්” සිනමාවේදියාගේ සුවිශේෂ සිනමා නිර්මාණයකි. හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, අහිමිවන ආදර සම්බන්ධතා කීපයක් ගැන කියවෙන, සර්කස් සංදර්ශනයක් වටා ගෙතී ඇති සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙයට සිංහල උපසිරසි…

Mera Naam Joker (1970)

මෙය ෆිල්ම් පෙයාර් සම්මාන හතරක් දිනූ “රාජ් කපූර්” සිනමාවේදියාගේ සුවිශේෂ සිනමා නිර්මාණයකි. හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, අහිමිවන ආදර සම්බන්ධතා කීපයක් ගැන කියවෙන, සර්කස් සංදර්ශනයක් වටා ගෙතී ඇති සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙයට සිංහල උපසිරසි ලබාදෙනමෙන් “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළින් රසික රසිකාවියන් ඉල්ලීම් කර තිබෙනවා මා දුටුවා. මෙතෙක් බිහි වූ හින්දි සිනමාව තුළ මා පෞද්ගලිකව ඉතාමත්ම ප්‍රිය කරන චිත්‍රපටයක්. එම නිසා ඉතාමත් ආශාවෙන් උපසිරසි කළේ. ඉතාමත් මියුරු ගීත සහ කූතුහලය පිරි කතාවක් රැගත් මෙම ලස්සන හින්දි චිත්‍රපටය ද, ඔබ ඉතා කැමැත්තෙන් නරඹනු ඇතයි මා සිතන්නෙමි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. 

මෙහි ප්‍රධාන චරිත වන්නේ රාජු, මේරි, මරීනා, මීනා, සහ කුමාර් ය. පියා නොමැති දුප්පත් දරුවෙකු වූ රාජුට  හොඳ අධ්‍යාපනයක් ලබා දීමට ඔහුගේ මව වෙහෙසවෙයි. එහෙත් රාජුගේ සිත ඇදීයන්නේ සර්කස්  ක්‍රීඩාවටයි. ඔහුගේ පියාගේ රැකියාව වූයේ ද එයයි. පියා මියගොස් ඇත්තේ ද සර්කස් සංදර්ශනයක දී සිදූ වූ අනතුරකින්ය. රාජු තමා ඉගෙන ගන්නා පාසලේ අවිවාහක තරුණ ගුරුවරියක් වූ මේරිට සිතින් පෙම් කරයි. ඇය ද රාජුට විශේෂ ලෙන්ගතුකමක් දක්වයි. පසුව ඇගේ පෙම්වතා සමඟ විවාහවන ඇය වෙනත් පාසලකට මාරුවී යයි. සිතින් පීඩා විඳින රාජු, අධ්‍යාපනය හැරදමා සර්කස් කණ්ඩායමකට එකතු වේ. එහි දී සංචාරයක් සඳහා පැමිණෙන රුසියානු සර්කස් ශිල්පිනියක් වූ මරීනාට සිතින් පෙම් කළත් ඇය ද සියරට බලා ආපසු යයි. මේ ආකාරයට කිසිදු පෙම් සම්බන්ධතාවයක් උරුම නොවන රාජු පණමෙන් ආදරය කළේ සර්කස් ක්‍රීඩාවටයි. පසුව හදිසියේ හමුවන මීනා නමැති තරුණිය සමඟ ඔහු හිතවත්කමක් ගොඩනඟා ගනී. එය සාර්ථකවේ ද?  එතැන් සිට පටන් ගන්නා ආදර ගැටළුව කෙසේ විසඳේ ද? එය නරඹලාම දැනගන්නට සුහදව ආරාධනා කරන්නෙමි!

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ  “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති  “දෝස්ති“, “ආයි මිලන් කී බේලා“, ඇන් ඊවිනින් ඉන් පැරිස්“, බූට් පොලිෂ්“, “සංගම්“, “සාති”  යන පැරණි හින්දි චිත්‍රපට හය සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

මෙම උපසිරසියට අදාළ වීඩියෝව මෙම ලින්ක් එක ඔස්සේ බාගත කර ගත හැකිය. https://drive.google.com/file/d/0B3BxOq2-_xCDRF81NWxxMkRlcTg.මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන නවවන සිංහල උප සිරසිකරණයයි. මේ චිත්‍රපටය පිළිබඳව ද ඔයාලාගේ අදහස් දක්වන්න. ස්තූතියි

 

 

Mera Naam Joker (1970) on IMDb

 

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the movie.

Mera.Naam.Joker.1970.Hindi.DvDRip.XviD.MeN

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

415 downloadsDownload Mera-nam-joker-1970.Baiscopelk.com_.rar32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PriyanthaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

විතානගේ ප්‍රියන්ත

Subtitles

415 downloadsDownload Subtitles32 KB

18 comments

  1. wayantha

    ගොඩක් ස්තූතියි සහෝ sub එකට,
    මේ වගේ පරණ නිර්මාණ වලට sub දාන එක ගොඩක් වටින දෙයක්,
    හින්දි ෆිල්ම් බලන අයට තමන්ට මගඇරුණු චිත්‍රපටි බලන්ඩ හොඳ අවස්ථාවක් මේක,
    ඒ නිසාම ඔයා ඒ අය වෙනුවෙන් කරන්නෙ ලොකු සේවයක්,
    ජය වේවා! දිගටම sub දෙන්න මේ වගේ නිර්මාණ වලට,
    තෙරුවන් සරණයි!

    1. සමන් ප්‍රසාද්

      සිනමාපටය සඳහා අදාළ නිවැරදි උපසිරැසිය යාවත්කාලීන කර ඇත...

  2. Tharaka

    පැරණි සිනමා නිර්මාණ කවදත් වටිනවා. Mera Naam Joker (1970) මම ආසම ෆිල්ම් එකක්. ඒකෙ තියෙන jeena yahan marna yahan කියන සිංදුවට මම හරිම ආසයි. ඉතින් කලාතුරකින් කෙනෙක් තමයි මේ වගේ පැරණි චිත්‍රපට වලට උපසිරැසි දෙන්නේ. ඔයා කරන මේ මෙහෙවරේ වටිනාකම කියා නිම කරන්න බෑ. මේ ෆිල්ම් එකට සබ් දුන්න එකට බොහෝ පින්. ඔයාට පුළුවන්නම් වෙලාවක Mahal (1949), Tower House (1962), Neel Kamal (1968), Aa Gale Lag Jaa (1973) වැනි චිත්‍රපටි වලටත් සබ් දෙන්න. ජය වේවා!

  3. Udara Damith B\K

    බොහොම ස්තුතියි

  4. Withanage Priyantha Dayakeerthi

    ගූගල් හරහා Torrentz search engine යටතේ ඉදිරියට ගොස් Mera Naam Joker 1970 - search කර එයින් ලැබෙන Mera.Naam.Joker.1970.HindiDvDRip.XviD subs Men (1422 MB වීඩියෝව ඩවුන්ලෝඩ් කරගන්න) මෙය සබ් එකට ගැළපෙන වීඩියෝවයි.

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  6. Kulanjana Maduranga

    niayamai…thanks VITHANAGE saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Thisara Neo

    උපසිරැසියට තුති…
    ඔබට ජය

    #Hail_Hydra

  9. Pamath Praveena Wijewardhana

    obata bohoma sthuhi... geeth/ madhumathi / Abhiman wage films walatath subs denna mea wage honda films dgatama denna shakthiya labewa !!!

    1. Withanage Priyantha Dayakeerthi

      "ගීත්" (1970) පැරණි හින්දි චිත්‍රපටය මම දැනට සබ් කරලා ඉවරයි, ළඟදීම දෙන්නම්. ම්ධුමතී, අභිමාන් මීට පෙර වෙන කෙනෙක් සබ් කරලා තියෙන්නේ. වෙළඳපොලේ තියෙනවා. කොළඹ කොටුව MV Dvd ෂොප් එකෙන් ගන්න පුළුවන්. මේ වෙබ් එකේ නැති, උපසිරසි සහිත ගොඩක් පරණ හින්දි ෆිල්ම් 25 ක් විතර එතැන තියෙනවා, මමත් ගත්තා. කැමති නම් 0714510793 ට කතා කරලා DVD තැපෑලෙන් ගෙන්න ගන්නත් පුළුවන්.

  10. Wijewardhana

    තවත් 1960, 1970 දශකවල හොඳ එකකට උපසිරසි දෙන්න, ස්තුතියි!

  11. navod shehan

    thnx! haki nm ek phool do mali film 1 sub denvd?

  12. navod shehan

    thnx!

  13. Withanage Priyantha Dayakeerthi

    Face Book එකේ Priyantha Dayakeerthi ගිණුමට යන්න. එහි Old Hindi Movies With Sinhala Subtitals නාමයෙන් ඇති Group එකේ මෙහි වීඩියෝ ලින්ක් එක ඇත. එමඟින් මෙයට අදාළ නිවැරදි වීඩියෝව පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැකිය.

  14. jessybmlt

    boma sthuthii iii

  15. Priyantha Dayakeerthi

    ෆේස් බුක් එකේ පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.

  16. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි දයා සහෝ..ජයෙන් ජයම වේවා..!!