Watch Trailer

Saathi (1968) with Sinhala subtitles |පැරණි හින්දි සිනමාවේ, ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරැසි සමඟ]

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, තුන්කොන් ප්‍රේමයක් ගැටෙන, සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙයට සිංහල උපසිරසි ලබාදෙනමෙන් “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළින් රසික රසිකාවියන් ඉල්ලීම් කර තිබෙනවා මා දුටුවා. මෙතෙක් බිහි වූ හින්දි සිනමාව තුළ මා පෞද්ගලික…

Saathi-(1968)

මෙය හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, තුන්කොන් ප්‍රේමයක් ගැටෙන, සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙයට සිංහල උපසිරසි ලබාදෙනමෙන් “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළින් රසික රසිකාවියන් ඉල්ලීම් කර තිබෙනවා මා දුටුවා. මෙතෙක් බිහි වූ හින්දි සිනමාව තුළ මා පෞද්ගලිකව ඉතාමත්ම ප්‍රිය කරන චිත්‍රපටයක්. එම නිසා ඉතාමත් ආශාවෙන් උපසිරසි කළේ. ඉතාමත් මියුරු ගීත සහ කූතුහලය පිරි කතාවක් රැගත් මෙම ලස්සන හින්දි චිත්‍රපටය ද, ඔබ ඉතා කැමැත්තෙන් නරඹනු ඇතයි මා සිතන්නෙමි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී.

මෙහි ප්‍රධාන චරිත වන්නේ රවී, ශාන්ති, සහ රජ්නි ය. අනාථ දරුවෙකු වූ රවීට හොඳ අධ්‍යාපනයක් ලබා දී වෛද්‍යවරයෙකු කරන රජ්නිගේ පියා, තම දියණියව රවීට යෝජනා කරයි. ඒ වනවිට රවී තමා සේවය කරන රෝහලේ හෙදියක් වූ ශාන්ති සමඟ ප්‍රේමයෙන් වෙලී සිටියි. පසුව ඒ දෙදෙනා විවාහවේ. ටික කලකින් බලාපොරොත්තු නොවූ ලෙස ශාන්තිට පිළිකාවක් සෑදී රෝගී තත්වයට පත්වේ. ඇයට නිතර සාත්තු කරමින් තම නිවසේ සිටින රවීගේ අතින්, වෛද්‍යවරයෙකු ලෙස රෝහලට කළ යුතු සේවය ක්‍රමයෙන් මඟ හැරේ. රවීට තමා නිසා පත් වී තිබෙන තත්ත්වය වටහාගත් ශාන්ති රහසින් නිවසින් පිට වී යයි. මෙහි දී ඇය ගමන්ගත් දුම්රිය ගඟට වැටී විශාල පිරිසක් මරණයට පත්වීම සහ අතුරුදහන්වීම සිදුවේ. දුම්රිය පෙට්ටියක් තුළින් ඇයගේ ගමන් බෑගය හමුවීම නිසා ඇයත් මරණයට පත් වූ අයෙකු ලෙස සැලකේ. තනිව ජීවත් වන රවීට, රජ්නිව විවාහකර ගැනීමට සිදුවේ. එහෙත් එය සාර්ථක විවාහයක් බවට පත් නොවේ. මරණයට පත්වූවායයි සිතූ ශාන්ති ද ආපසු පැමිණේ. එතැන් සිට පටන් ගන්නා ආදර ගැටළුව කෙසේ විසඳේ ද? මෙහි දී එක් අයෙකුට කුමක් සිදුවේ ද? එය නරඹලාම දැනගන්නට සුහදව ආරාධනා කරන්නෙමි!

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති”, “ආයි මිලන් කී බේලා”, ඇන් ඊවිනින් ඉන් පැරිස්”, බූට් පොලිෂ්”, “සංගම්” යන පැරණි හින්දි චිත්‍රපට පහ සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබූණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන හත්වන සිංහල උප සිරසිකරණයයි. මේ චිත්‍රපටය පිළිබඳව ද ඔයාලාගේ අදහස් දක්වන්න. ස්තූතියි!

 

Saathi (1968) on IMDb

 

 

1.47 GB (DVDRip) කොපිය මෙතනින් බාගන්න

69156B10561B78F08F00830279599D5BBCE7058E ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

663 downloadsDownload Saathi-1968.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PriyanthaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

663 downloadsDownload Subtitles45 KB

17 comments

  1. Kulanjana Maduranga

    niayamai…me wge 1kata sub dunna 1ka sahenna watinawa.thanks VITHANAGE saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Nishadi Wickrama

    tnx

  3. Kunkuma Geeth

    නියමයි .... මේ වගේ නිර්මාණ දැන් හොයාගන්න හරි අමාරුයි.මේ කරන සේවයට ගොඩාක් පින්. පුංචි ඉල්ලීමක් තියෙනවා....මේ වගේම පුලුවන්නම් 90,2000, දශක වල ලස්සන හින්දි චිත්‍රපටිත් පුළුවන් විදිහට දෙන්න.අපි හරි ආදරෙන් රසවිඳපු ඒ චිත්‍රපටි යේ බලන්න අවස්තාවක් තියෙනවනම් කොච්චර දෙයක්ද....බයිස්කෝප් එකට ජයෙන් ජය .

    1. Withanage Priyantha Dayakeerthi

      ඔබේ යෝජනාවට ස්තුතියි!

      මෙම වෙබ් එකට දැනට 60 දශකයේ හින්දි චිත්‍රපට උපසිරසි කරන්නේ මා පමණයි.

      "දහරා මතු අමා සොයුරිය" 90 දශකයේ හින්දි චිත්‍රපට සඳහා දැනට උපසිරසි කර තිබෙනවා.

      එම නිසා පැරණි රසිකයින්ටත් සාධාරණයක් ඉටු කරන්නට ඕන නේද?

  4. kamal

    නියමයි සහෝ.. පුලුවන්නම් දිලිප් කුමාර්ගේ ‍ෆිල්ම් එකකට හරි සිංහල සබ් දෙන්න..
    Mughal-E-Azam(1960
    Madhumati(1958
    Gunga Jumna(1961)
    Naya Daur(1957)

    1. Withanage Priyantha Dayakeerthi

      Madhumati(1958
      Gunga Jumna(1961)
      Naya Daur(1957) වෙනත් කෙනෙක් විසින් මෙම චිත්‍රපට තුනේම මීට පෙර සිංහල උපසිරසි කරලා දැනට වෙළඳපොලේ තිබෙනවා. හැකිනම් 0714510793 කතා කර ඒවා ලබා ගන්න. ඔහු ළඟ තිබෙන්නේ පැරණි ඒවා පමණයි.

    2. Charitha

      අභිමාන්,
      අාරාධනා
      එ්ක් පූල් දෝ මාලි
      සලරූ ටිකටත් පුළුවන් නම් සබ් දෙන්න. හැබැයි මේවට සීඩ්ස් අඩුයි. අැත්තෙම නැති තරම්

    3. kamal

      බොහොම ස්තුතියි සහෝ..

    4. kamal

      මේ කරන වැඩේ දිගටම කරගන යන්න....
      ජයවේවා.....!!!

    5. Withanage Priyantha Dayakeerthi

      ඔබේ ඉල්ලීමට පිළිතුරු:-

      DVD Shop වලින් මිල දී ගත් සිංහල උපසිරසි සහිත පැරණි හින්දි චිත්‍රපට එකතුවක් මා සතුව තිබෙනවා.
      ඒවායේ නාමාවලිය පහත දක්වලා ඇති :-

      හාති මෙරේ සාති, මධුමතී, ටජ් මහල්, අභිමාන්,ඒක් පුල් දෝ මාලි, ආවාරා, කති පතන්, ආරාධනා, ලව් ඉන් ටෝකියෝ, මදර් ඉන්දියා, රාජ් කුමාර්, බොබී, මිස් මේරි, ගංගා ජමුනා, කොහිනූර්, අම්රපාලි, අංගුලිමාල, ජබ් ෆෙයාර් කිසිසේ හෝතා හේ, සී අයි ඩී, ටැක්සි ඩුයිවර්, බෝයි ෆෙුන්ඩ්, කාජල්, පරදේශි, ජුලී. අල්බේලා, මෙරා නාම් ජෝකර්. සංගම්.

      වැඩිදුර උපදෙස් සඳහා 071822697/ 0779785608 අමතන්න. ඔබට අවශ්‍ය නම් ඒවා ලබා දෙන්න පුළුවන්. ස්තුතියි!

  5. kavinda

    ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි

  6. රොයිලි

    බොහොම ස්තූතියි විතානගේ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. ras

    බොහොම ස්තුතියි

  8. pramoda

    ඉතාමත් සුන්දර සිනමාපටයක්. හැකිනම් Shree 420, Mera nam joker, උපසිරසි දෙන්න. ස්තූතියි!

  9. Withanage Priyantha Dayakeerthi

    Face Book එකේ Priyantha Dayakeerthi ගිණුමට යන්න. එහි Old Hindi Movies With Sinhala Subtitals නාමයෙන් ඇති Group එකේ මෙහි වීඩියෝ ලින්ක් එක ඇත. එමඟින් මෙයට අදාළ නිවැරදි වීඩියෝව පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැකිය.

  10. Priyantha Dayakeerthi

    ෆේස් බුක් එකේ පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.

  11. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි දයා සහෝට... පැරණි චිත්‍රපට සෑහෙන ප්‍රමාණයක් නැරඹුවා ඔබට පිං සිද්ධ වෙන්න..ජයවේවා !!"

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.