අවුරුදු දෙකක් වගේ දිගු නිහැඬියාවකින් පස්සෙ අරන් එන මුල්ම සිනමා පටය තමයි මේ. තාවකාලිකව හරි මේ වැඩෙන් ඈත්වෙලා හිටපු කාලෙදි ආපහු මේ ගැන හිත යොමන්න කියල ඉඳහිට මුණ ගැහුණු වෙලාවල්වල දි (මුහුණු පොතෙන්) මතක් කරපු රොයිලි සහ විමා මේ වෙලාවෙදි මතක් කරන්න ම ඕනෙ. ඒ අතරිනුත් මේ වැඩේ කරගෙන යද්දි විමා දුන්නු හයියත්…
අවුරුදු දෙකක් වගේ දිගු නිහැඬියාවකින් පස්සෙ අරන් එන මුල්ම සිනමා පටය තමයි මේ. තාවකාලිකව හරි මේ වැඩෙන් ඈත්වෙලා හිටපු කාලෙදි ආපහු මේ ගැන හිත යොමන්න කියල ඉඳහිට මුණ ගැහුණු වෙලාවල්වල දි (මුහුණු පොතෙන්) මතක් කරපු රොයිලි සහ විමා මේ වෙලාවෙදි මතක් කරන්න ම ඕනෙ. ඒ අතරිනුත් මේ වැඩේ කරගෙන යද්දි විමා දුන්නු හයියත් මේ තරම් ඉක්මනට මේක කරල ඉවර කරන්න දාන්න තවත් හේතුවක් වුණා.
මීට කාලෙකට කලින් මම ම දුන්න අමීර්ගේ Dhobi Ghat (2010) සමහර විට ඔයාලට මතක ඇති. ඒක විශිෂ්ට සිනමා සලරුවක් බව විචාරකයින්ගේ වගේම ෆිල්ම් එක බලපු අපේ හුඟ දෙනෙකුගෙත් අදහස වුණා. අහම්බෙන් හඳුනගත්ත මේ චිත්‍රපටයෙත් පූර්ව ප්‍රචාරක පටය බලද්දි මගේ හිත ගියෙත් අන්න ඒ අතීතයට යි. ඒ කියන්නේ මේ දෙක අතර මොකක්දෝ අමුතු සබැඳියාවක සලකුණු මට දැනෙන්න තේරෙන්න ගත්තා. මේක සිංහලෙන් හැඩ කරන්න ඕනෙයි කියන පළමු සිතුවිල්ල මං තුළ ඇති කළෙත් අන්න ඒ හැඟීමම යි.
දැන් එහෙම නම් අපි චිත්‍රපටයේ එන කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු. ප්‍රධාන චරිත හතරක් මූලික කරගෙන තමයි මේ කතාව ගොඩනැගෙන්නෙ. දේවි, පාඨක්, දීපාක් සහ ශාලු මේ චරිත හතරයි. පාඨක්ගේ දියණිය වන දේවි තමන් සේවය කරන ආයතනයේ දී හමුවන පිරිමි ළමයෙකු එක්ක පවත්වන අනිසි ඇසුරක ප්‍රතිඵලයක් විදිහට ලොකු අවුලකට මුහුණ දෙනවා. පහත් පෙළේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ ක්‍රියා කලාපය තමයි මීට හේතුවෙන්නෙ. අහිංසකයින් බිල්ලට ගන්න බලාගෙන ඉන්න මොහු තමන් ලද අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් දේවි සහ ඇයගේ පියා පාඨක් තමන්ගේ ගොදුරක් බවට පත් කර ගන්නවා. කතාව පුරාවට මේ දෙපළගේ අසරණභාවය වරින් වර අප හමුවේ දිග හැරෙනව.
දීපාක් සහ ශාලු කියන්නෙ අහසට පොළොව වගේ සමාජීය දුරස්ථභාවයක් උරුම කරගත් පෙම්වතුන් යුවළක්. ඒත් ඒ හැම පසෙකලා ඔවුන් එකිනෙකා සමඟින් බැඳෙන්නෙ බොහෝ දුර යන සිතින්. ඒත් ඔවුන් හීනෙකින්වත් නොසිතූ සිදුවීමකින් මේ සියල්ල සුළඟට පෑ බොල් වී අහුරක් සේ ඉවතට ගසාගෙන යන්නේ ප්‍රේක්ෂක සැමගේ නෙතඟට කඳුළක් උනමිනු යි. කොහොමවුණත් මේ සියල්ල හමුවේ වුව කාලය විසින් අප සැමගේ ජීවිත තුළ බලාපොරොත්තු යලි යලිත් පුබුදුවාලන බව ද මේ කතාව අපට මතක් කර දෙනවා.
හින්දි සිනමාව තුළ අපට බහුල වශයෙන් මුණ ගැහෙන සුපුරුදු හීන ලෝක වෙනුවට මේ තුළින් ඉදිරිපත් වෙන්නේ සැබෑ මහ පොළොවේ කතාවයි. ප්‍රේක්ෂකයාගේ ජීවිතාවබෝධය වඩා පුළුල් කරන නිර්මාණයක් ලෙසට මෙය අරුත් ගැන්විය හැක්කේ ද එබැවිනුයි. කොහොමවුණත් මේ හැම තහවුරු වන්නට නම් ඔබ මෙය නැරඹිය යුතුම වෙනවා. එසේ නම් ඊට ඉඩ හසර වෙන් කරමින් මෙයින් මා සටහන නිම කරමි. ඔබ සැමට ජයෙන් ජය….
මෙය නැරඹීම වැඩිහිටියන්ට පමණක් වඩාත් සුදුසු වේ….
2D574C9B35D960FE5925CF460A186A95776C4FFE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,371 downloadsDownload Masaan-2015.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/udara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කේ.යූ.ජී.උදාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කේ.යූ.ජී.උදාර
Subtitles
47 comments
Mayura
නිරෝෂ්
බොහොමත්ම ස්තුතියි උදාර සහෝ! මේක දෙනකන් බලන් හිටියෙ.ජයවේවා!
tiron
thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
යශෝධ
සහෝගේ උපසිරැසියකට ප්‍රතිචාරයක් එක් කරන්නේ පළමු වතාවට වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම නරඹන්න ඕනේ කියලා කාලයක් තිස්සේ හිතන් උන්නු චිත්‍රපටයක්. සිංහලෙන්ම අරගෙන ආපු එක ගැන බොහොම ස්තූතියි..! ජයම වේවා..!
විමා
සුපුරුදු නවාතැනට සාදරයෙන් පිලිගන්නවා උදාර අයියේ
ඒ වගේම බොහොම ස්තුතියි මෙ ෆිල්ම් එකට සැගවිලා යන්න නොදී මතුකරලා ගත්තට
ඊයේ රෑ බැලුවා
කිව්වත් වගේ ජිවිතේ ගැන ආයේ ටිකක් හැරිලා බලන්නම හිතුන කතාවක්
අනිවාර්යෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක්
බොහොම ස්තුතියි නැවතත්
දිගටම හෙමිහිට හරි මෙ වගේ වටිනා කියන දේවල් අරන් එන්න අවකාශය ලැබේවා
ජයkanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!dedunu
බොහොමත්ම ස්තුතියි උදාර සහෝ!
Kulanjana Maduranga
hithata wadina pattama movie 1k...mekata sub dunna 1ka watinawa....mmth UDARA sahoge sub 1kata comment krn 1st time wenna ona mta mathaka widiyata...thanks UDARA saho..sub ekata..digatama sub denn haki wewa......jayen jaya.....
prasha
tnx
rajitha
Thank You machan ....jayawewa.....!
ආසිරි ප්‍රියන්ත
නියමයි උදාර සහෝ, ඔයා දුන්නු ඩොබි ඝාට් ඒකත් බැලුවා ඒ දවස් වලම...
ඒකත් සුපිරි, ආයේ ඉතින්මෙකත් ඒ වගේම ඇති, අනිවා බලනවා, මේ බාන්න දාලා කමෙන්ට් එක දාන්නේ.
අනික පොඩි දුකක් තියේ..
ඔයා මගේ රෙකොර්ඩ් එක කැඩුවා එහෙනම් නේ..
අවුරුදු 2 +පස්සේ..
දැන් ඉදලවත් ඉක්මනට ඉක්මනට ටිකක් ගේමු නේද?
ෆිල්ම් එක බලලා ආයේ කතා කරමු ඒ ගැන.
ජය වේවා!vikum
onna sahoo banna damma..balala tama kiyanna wenne..et.comment diha baluwama hitaganna puluwan..
niyamata ati kiyala..thankzzz..jaya wewa..natara karanna epa.digatama sub denna..achi
ගොඩක් ස්තූතියි අයියෙ උපසිරැසියට...
ආයෙත් පටන්ගත්ත වැඩේ දිගටම කරමු...
ජය!!!Dilshan Kainga
ඔන්න එහෙනම් සබ ගත්තා... ෆිල්ම් එකත් බාන්න දැම්මා.
කාලෙකින් කමෙන්ට් එකක් ලියන්නේ.
කාලෙකින් නැවත පටන් ගත්ත කෙනෙක්ට කාලෙකින් කමෙන්ට් එකක් දාන්න ඕනෙමයි කියල හිතුනා.
ඔහොමම වැඩේ කරගෙන යමු නේද???මම අහිංසකයි
Thanks for the sub . Keep it up your great work , Cheers !!
thisal
තැන්ක්ස් සබට බාලම බලමු
කේ.යූ.ජී. උදාර
ප්‍රතිචාරයක් දක්වලා හයියක් දුන්නු හැමෝටම බොහොම ස්තූතියි..........
මේ තරම් කාලයක් ගන්නෙ නැතුව ඊළඟ එකත් ඉක්මනට ම ගේන්න බලන්නම්.තිසර නියෝ
අයියගේ සබක් එක්ක ෆිල්ම් එකක් බලලා ලොකු කාලයක් උනා...
සුපුරුදු නවාතැනට සුපුරුදු ලෙන්ගතුකමින් පිලිගන්නවා..
උපසිරැසියට තුති…
හින්දි වැඩිය බලන්නේ නැති උනත් මේක අනිවාර්යෙන්ම බලන ලිස්ට් එකට දාගන්නවා...
ඉක්මනටම ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
nalinda
thanks
indika
ස්තුතියි
Samith
ගොඩක් ස්තූතියි උපසිරැසියට…
මේකේ torrent file එක ඩවුන් ලෝඩ් කරන්න තියෙන ටැබ් එක එබුවම රටේ නැති සයිට් ගනනාවකටම යනවා. ඒත් හරියාකාරව torrent file එක ඩවුන්ලෝඩ් කරගන්න අපහසුයි. වෙනදා නම් torrent file එක ඩවුන් ලෝඩ් කරන්න තියෙන ටැබ් එක එබුවම කෙලින්ම torrent file එක ඩවුන්ලෝඩ්. ඇයි මේ විදියට වෙන්නේ..
කරුණාකරලා බයිස්කොප් එකේ ඇඩ්මින්ලා මේ ගැන හිතුවොත් හොදයි...Mayura
වදයක් තමා. ඒත් එක අතකට හොදයි කියලත් හිතෙනවා. කාලයක් යද්දි සමගර ටොරන්ට් රිමූව් කරනවානෙ. එතකොට ප්‍රෙක්ශකයා අතරමන් වෙනවා. එහෙම බලඩ්ඩි මෙහෙම හොඩා නේඩ
“චූටී මල්ලි”
ptta tnx
Jack
නියමයි මචෝ....
අනිවා බෑමක් තමයි..
බොහෝම ස්තුතියි සබ් එකට..
ජය..CHAMARA
THANKS UDARA MALLI AMARU DEYAK GREAT WORK..
Chami
Thank you very much........
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි අයියේ
වටින ෆිලුමක් වගේ
වෙල්කම් බැක්
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි අයියේ
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!!Buddhika_RDN
බොහොම ස්තුතියි උපසිරසියට...
රොයිලි
බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tishan
මචන මේකනම් පටටමයි පුලුවන්නම් good luck chuck කියලා ශෝ එකක් තියෙනවා එකෙ සබ් එක දාන්න බලන්න ඒකත් පට්ටම ෆිල්ම් එකක් තමා .........
chacha
timming wala podi awul thiyanawa...aya edit karala dhammanam hari nedha...apinam hadhagena baeluwa...thanks...
chacha
timing wala podi awul thiyanawa...aya edit karala dhammanam hari nedha...apinam hadhagena baeluwa...thanks...
CD
මාරම ෆිල්ම් එකක්...
Jayaz
Good work brother... nice film and enjoyed it....
sadeesh
Jaya wewa digatama sub karagena yan na jaya labewa
sadeesh
Jaya wewa digatama sub karagena yan na jaya labewa........
sadeesh
digatama sub karagena yan na jaya labewa........
Isuru Dimantha
thankz for the sub
nidi
Udara, udara filmswalata witharak subs denawada manda. hebei hari ma lassanai, me film ekath. mehema kiwwata mama oyage subs ekka balala thiyenne The Colour of Paradise withrai. Rashoman ganna one. Dobhi Ghat ganna widiyak nehe, iwath karala wagei. Masaan baladdi denunu hangim wachanawalata peralanna behe. Udarata wagema baiscope site ekatath, adminlatath godak pin me wage films apata denawata. godak thanks! thawa me wage films miss nokara apata denna.
කේ.යූ.ජී. උදාර
මං උපසිරැසි හදපු ඕනෑම ෆිල්ම් එකක උපසිරැසි හෝ ටොරන්ට් එක සයිට් එකෙන් ගන්න විදිහක් නැත්නම් මට මේල් එකක් දාල ඉල්ලන්න. [email protected]
kanchana
sub ganna awith comment karala than u kiyana ekey film eka balala than u kiyana ekey wenasak thiyenawa.........
thank u .... me sthuthiya film eka balala iwara wela,
godakma denena film ekak,
athatama ....
sub dunnata godak pin,
nethnam me kathawa me tharam hithata denena ekak ne
Sanjaya
Thnkzz bro
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Dewadithya
Thanks for sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Manu
Godak sthuthi..Jaya wewa!
Advertisement
![Masaan (2015) with sinhala subtitles | බිඳුණු පැතුම් මැද යන ගමනේ….. [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/Masaan-2015.jpg)

මේ චිත්‍රපටිය තමා මං මේ අවුරුද්දේ බලපු හොදම චිත්‍රපටිය, වගකීමෙන් කියන්නේ. හිතට වැදුනේ මාරම මාර විදිහට. සිංහල උපසිරසි එක්ක ආයෙත් බලනවා බලනවාමයි. උදාර සහෝ මේකට උපසිරසි කරපු එක ගැන පුද්ගලිකවම ගොඩක් සතුටු වෙනවා. චිත්‍රපටියට ආදරේ කරන කෙනෙක් අත ගහනවා කියන්නේ උපසිරසත් ලස්සනට එනවා...