ආයුබෝවන් යාළුවෝ හැමෝටම. උත්සව සමයත් එක්ක ලැබුන විවේකය නිසා ඉක්මනටම තවත් උපසිරසියක් කරන්න අවස්ථාව ලැබුනා. මම අද ගෙනාපු සලරුව මේ වසරේ අප්‍රේල් 08 වෙනිදා Amazon Studios හරහා ලොව පුරා නිකුත් කරනු ලැබුවා. Spy/Thriller කාණ්ඩයන් යටතේ තමයි මේ නිර්මාණයක් වර්ග කරලා තියෙන්නේ. චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ Ole…

ආයුබෝවන් යාළුවෝ හැමෝටම. උත්සව සමයත් එක්ක ලැබුන විවේකය නිසා ඉක්මනටම තවත් උපසිරසියක් කරන්න අවස්ථාව ලැබුනා. මම අද ගෙනාපු සලරුව මේ වසරේ අප්‍රේල් 08 වෙනිදා Amazon Studios හරහා ලොව පුරා නිකුත් කරනු ලැබුවා. Spy/Thriller කාණ්ඩයන් යටතේ තමයි මේ නිර්මාණයක් වර්ග කරලා තියෙන්නේ. චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ Olen Steinhauer විසින් රචිත All the Old Knives නම් නවකතාවක් තමයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Janus Metz Pedersen විසින්. නවකතාව රචනා කල Olen Steinhauer තිර රචනයෙන්ද දායක වෙලා තිඑනවා. මේ වනවිට IMDb 6.1ක අගයක් සහ 55%ක ගූගල් මනාප මේ නිර්මාණයට ලැබිලා තියෙනවා. රංගනයෙන් හුරු පුරුදු මූණවල් කීපයක් අපිට දැක ගන්න ලැබෙනවා. ප්‍රධාන චරිතය ලෙස Wonder Woman (2017), Unstoppable (2010), This Means War (2012) මෙන්ම Star Trek චිත්‍රපට මාලාවේ “ජේම්ස් කර්ක්” ලෙස රංගනයෙන් දායක උන Chris Pine “හෙන්රි පැල්හැම්” ලෙසත්, Norbit (2007), 2012 (2009), Good Deeds (2012) වැනි චිත්‍රපටවලින් හමුවූ Thandiwe Newton “සීලීයා හැරිසන්” ලෙසත්, The Matrix (1999), Hannibal, The Colony (2013) වැනි නිර්මාණ තුලින් හමුවුන හොලිවුඩයේ ප්‍රකට චරිතයක් වන Laurence Fishburne “වික් වැලින්ජර්” ලෙසත් දායක වෙනවා.
2012 වසරේදී ඉස්ලාම් ත්‍රස්තවාදීන් පිරිසක් තුර්කි ගුවන් යානයක් පැහැරගෙන ජර්මනියෙන් සහ ඔස්ට්‍රියාවෙන් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරනවා. මේ සිද්ධියට වියානා නගරයේ ඉන්න CIA සංවිධානය මැදිහත් වෙලා විසඳන්න උත්සහ කලත් අන්තිමේදී ඛේදවාචකයකින් මේ සිදුවීම අවසන් වෙනවා. ඊට අවුර්දු 8කට පස්සේ මේ සිද්දියට අදාල ත්‍රස්තවාදී නායකයෙක් අල්ලගන්න CIA සංවිධානයට පුළුවන් වෙනවා. මේ ත්‍රස්තවාදියාගෙන් ප්‍රශ්න කරද්දි ඔවුන්ව මවිත කරවන තොරතුරක් දැනගන්න පුළුවන් වෙනවා. ඒ තමයි මීට වසර 8කට කලින් උන ගුවන් යානා කොල්ලයට CIA සංවිධානය ඇතුලෙ කෙනෙක් ත්‍රස්තවාදීන්ට උදව් කරලා තියෙනවා කියලයි. ඉතිං මේ වගේ තොරතුරක් CIA වගේ ලෝකේ ඉහලින්ම ඉන්න සංවිධානයක් එහෙම ලේසියෙන් ඉවත දායි කියලා හිතන්න බෑනේ. ඒ නිසා මේ සිද්ධිය ගැන නැවත විමර්ශනය කරන්න බොහොම දක්ෂ නිළධාරියෙකු වෙන හෙන්රි පැල්හැම්ට පවරනවා. හෙන්රිට කරන්න තියෙන්නේ මීට අවුරුදු 8කට කලින් CIA සංවිධානයේ හිටපු අයව විමර්ශනය කරලා ත්‍රස්තවාදීන්ට ඔත්තු සපයපු ද්‍රෝහියව හොයාගන්නයි. ඒක ඒ තරම්ම ලේසි නෑ කියලා ඔයාලටත් පැහැදිලිනේ, වසර ගාණකට කලින් කළු පැල්ලමක් උන සිද්ධියක වගකිව යුත්තා හොයාගන්න හෙන්රිට පුළුවන් වෙයිද ? ඔයාලත් හරිම පරිස්සමින් මේක බලන්නකෝ අන්තිම මොහොතේ ඔක්කොම උඩුයටිකුරු වෙන, හිතපු දේවල් සම්පූර්ණයෙනම වරදින දෙයක් තමයි වෙන්නෙ. එහෙනම් විස්තර කිව්වා ඇති මට මේ චිත්‍රපටය නිර්දේශ කරපු චාමර සම්පත් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. තවත් උපසිරසියකින් නැවත හමුවෙමු.
ලැබුවාවු සිංහල හින්දු අළුත් අවුරුද්ද ඔබ සැමට ප්‍රීතිමත්, ජනතා අරගලය ජය ගන්නා සුබ නව වසරක් වේවා !!!
Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
6,456 downloadsDownload All-the-Old-Knives-2022.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
24 comments
Bimsara Yashan(ඔලිව)
Ravi
Machan ubatawath peaky blinders eke anthima sub eka danta puluwanda
Anonymous
Thanks for sub
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
The last kingdom finel session eketa sub dennko kuruhari
Kantha_DLA
..............සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!.............
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Anonymous
thanks
aragalayata jaya wewaGayan
Thanks
indika 75
thanks..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Rumesh
thanks saho
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Udaya Fdo
Thank you
Udaya Fdo
Thank you.
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Roshan
Tnx bro...Great job...
Malith samarawickrama
Thanks saho sub ekata
Dewadithya
Thanks for Sub!
Nishan
Thanx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
Thanks brother
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!