Watch Trailer

Breakthrough (2019) Sinhala Subtitles | ජීවිතයත් මරණයත් අතර සටන [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවො හැමදෙනාටම. ඔන්න එහෙනම් අවුරුදු 3ක විතර නිහැඬියාවක පස්සේ මගේ 5වැනි උපසිරසත් අරගෙන ආයෙමත් ඔයාල හමුවෙන්න අවස්තාවක් ලැබුනා. මතකනේ මම මීට කලින් My dog Skip (2000), Savior (1998), Wicker Park (2004) සහ Gran Torino (2008) කියන චිත්‍රපටිවලට උපසිරස ලබා දුන්නා. බලන්න උනේ නැත්නම් දැන් අරගෙන බල…

ආයුබෝවන් යාලුවො හැමදෙනාටම. ඔන්න එහෙනම් අවුරුදු 3ක විතර නිහැඬියාවක පස්සේ මගේ 5වැනි උපසිරසත් අරගෙන ආයෙමත් ඔයාල හමුවෙන්න අවස්තාවක් ලැබුනා. මතකනේ මම මීට කලින් My dog Skip (2000), Savior (1998), Wicker Park (2004) සහ Gran Torino (2008) කියන චිත්‍රපටිවලට උපසිරස ලබා දුන්නා. බලන්න උනේ නැත්නම් දැන් අරගෙන බලන්න පුලුවන්. ඉතින් කාලෙකට පස්සෙ හිතට දැනෙන චිත්‍රපටියකට ආයෙත් උපසිරසක් දෙන්න ඕන කියල හිතුන නිසාම හසන්ත සොහොයුරාට කියල මේකට සබ් එක කරන්න බාර ගත්තා. චිත්‍රපටිය ගැන කියන්න කලින් පොඩි තොරතුරු කීපයක් ඔයාල එක්ක බෙදා ගන්න හිතුවා. ඒමොකද ඒක චිත්‍රපටියටත් සම්බන්ධයක් ඇති නිසා.

මනුස්සයෙකුට හුස්ම නොගෙන සිටිය හැකි උපරිම කාලය කොපමණද ?

  • සාමාන්‍ය මනුස්සයෙකුට තත්පර 30 පමණත් හොදින් පුහුණු වූ කෙනෙකුට විනාඩි 2ක් පමණ කාලයක් දක්වාත් හුස්ම රඳවාගෙන සිටිය හැකි වෙනවා.

නුස්සයෙක් දියේ ගිලුනම ඔහුට සිද්ධ වෙන්නෙ මොකක්ද ?

  • මුලින්ම හුස්මගැනීමේදී, පෙනහලුවලට වතුර ගමන් කිරීම නිසා හුස්ම ගැනීමට නොහැකිවීමෙන් ශරීරයට අවශ්‍ය ඔක්සිජන් සැපයුම නතර වෙනවා.
  • ඉන්පස්සෙ ඒ හේතුවෙන් ඔහුට සිහිය නැතිවී යනවා.
  • පසුව පෙනහලුවලට සම්පූර්ණයෙන් වතුර පිරීම නිසා පෙනහලුවලට හානි වෙනවා.
  • රුධිරයේ අවශ්‍ය තරම් ඔක්සිජන් නොමති වීමෙන් මොලයට අවශ්‍ය ඔක්සිජන් සැපයුම අඩාලවී මොලයේ සෛල මිය යන්න පටන් ගන්නවා. මේ හේතුවෙන්ම අනෙකුත් අවයව වලටත් හානි වීමට පටන් ගන්නවා.
  • දියේ ගිලී මිනිත්තු 4-6ක් පමණ ගත වූවිට මොලයේ සෛල හානිවෙන්න පටන් ගන්නවා.
  • මෙසේ තවදුරටත් මොලයට අවශ්‍ය ඔක්සිජන් සැපයුම අඩාලවීම නිසා මොලයේ සෛල මිය යෑම නිසා මිනිත්තු 10ත් -12ත් අතර කාලයකට පසුව ඔහුගේ මරණය සිදුවෙනවා.

හරි, අපි හැරෙමු චිත්‍රපටිය දිහාවට.

සත්‍ය සිදුවීමක් පාදක කරගත් පැය 1යි මිනිත්තු 56ක් පුරා දිග හැරෙන Breakthrough [2019] චිත්‍රපටිය මුලින්ම තිරගත වෙන්න පටන් ගත්තෙ 2019 අප්‍රේල් 17 වෙනිදා ඇමරිකාවේදි . ඇමරිකානු ඩොලර් මිලියන 14ක් වියදම් කරල නිෂ්පාදනය කරලා, ආදායම විදියට ලොවපුරා ඇමරිකානු ඩොලර් මිලියන 50ක් හොයන්න සමත් උන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කලේ Roxann Dawson විසින්. මේ චිත්‍රපටිය අද වනවිට IMDb දර්ශකයේ 6.1 ක අගයකුත් අගයකුත් අරගන්නට සමත්වෙලා තියනවා. මෙහි ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් Marcel Ruiz , Chrissy Metz , Josh Lucas , Topher Grace යන නලු නිලියන් දායක වෙනව. මෙයින් Topher Grace Spider-Man 3 (2007) චිත්‍රපටියෙත් Josh Lucas Ford v Ferrari (2019]) , A Beautiful Mind (2001) යන චිත්‍රපටිවලත් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම, මේ චිත්‍රපටියෙ එන “ I’m standing with you ” කියන ගීතය 2020 වසරේ Oscar සම්මාන උළෙලේදී Best Achievement in Music Written for Motion Pictures (Original Song) කාණ්ඩය යටතේ නිර්දේශ නාමයන් අතරට පවා සුදුසුකම් ලැබුවා. 

John Smith කියන අවුරුදු 14ක් වන පිරිමි ළමයගෙ ජීවිත කතාව වටා මේ චිත්‍රපටිය ගෙතිල තියනවා. ඒ 2015 වසරේ ජනවාරි මාසයේ දිනයක්. John එයාගෙ හොඳම යාලුවො දෙන්නවන Josh සහ Rieger එක්ක St. Louis විලට යන්නෙ හිම ක්‍රීඩා කරන්න කියල හිතාගෙන. ඒත් නොසිතුව මොහොතක මේ තුන්දෙනා දරුණු අනතුරකට මුහුණ පානවා. වාසනාවකට යාලුවන් දෙදෙනා බේරුණත් John ඉදිරියේ ඇත්තෙ ජීවිතයත් මරණයත් අතර සටනක්. මෙතනින් එහාට සිද්ධවෙනදේ මම නොකියා ඉන්නම්. ඒක චිත්‍රපටිය නරඹන ඔයාලටම බාර කරනවා.

ඇත්තටම ජීවිතය ගැන, යහලුවන් ගැන, දුක වේදනාව ගැන, අම්මගෙ තාත්තගෙ සමහරවිටක අපට නොපෙනුන ආදරය ගැන බොහොම ලස්සනට මේ හදවත සංවේදී කරවන චිත්‍රපටියෙන් පෙන්නල දෙනවා. සමහර විටක කෙනෙක්ගේ වටිනාකම අපිට වැඩියෙන්ම දැනෙන්නෙ එයාට නැවත අපි අතරට එන්නවෙන්නෙ නැතිබව හිතට දැනුනම වෙන්න පුලුවන්.

ඉතින් වෙනදා වගේම මතක් කරන්න තියෙන්නෙ සබ් එක ගන්න ගමන් ඔයාලට හිතෙන දේ comment එකක් දාන්න කියලයි, ඒවගේම තවත් සබ් අවශ්‍ය චිත්‍රපටි ගැනත් සඳහන්කරගෙනම යන්න කියලයි. එහෙනම් නැවත ඔයාලව මුණ ගැහෙන බලාපොරොත්තුවෙන් මම සමු ගන්නවා. අවසාන වශයෙන් මතක් කරන්න ඕනෙ කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිරෙමින් තියන මේ දවස් ටිකේ ගෙදර අයත් එක්ක පුලුවන් තරම් ගෙදරටම වෙලා ඉන්න කියන එකත්.

හැමදෙනාටම තෙරුවන් සරණයි !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

4,313 downloadsDownload Breakthrough.2019.Baiscopelk.com_.zip170 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිපුන උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නිපුන උදයංග

Subtitles

4,313 downloadsDownload Subtitles170 KB

23 comments

  1. Anonymous

    thanks sub ekata sahoo

  2. DILSHAN KALINGA

    මම බලපු ලස්සන චිත්‍රපටියක්. දැන් කට්ටියට පුලුවන් සබ් එක්ක බලන්න.

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)

  4. malithmadhushan45

    බොහොම ස්තුතියි සහෝ සබ එකට

  5. Prabodha20

    Sthuthi ....

  6. vishwakelum

    Thanks bro sub ekata

  7. viradaka

    thanks brother GOD BLESS !!

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  9. Hiranhiru

    කාලෙකට පස්සෙ උපසිරැසියක් දුන්නාට ගොඩක් ස්තුතියි..
    තෙරුවන් සරණයි...!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. සචින්ත කල්හාර බෙනට්

    බොහෝම ස්තූතියි සබ් එකට.

  12. indika75

    thanks..

  13. shanedesilva

    Thanks for the subtitle. Keep it up the good work.

  14. Jayasanka

    ගොඩක් ස්තුතියි

  15. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..

  16. ruchiralakmal

    Thanks for the sub!!!!!!

  17. D.Chamara

    bohoma sthuthi ..

  18. Sajithlakshan

    thanks .....................

  19. Dewadithya

    Thanks for sub!

  20. Bandaramudiyansi

    කියන්න වචන නැ ලස්සන ෆිල්ම් එකක්. God bls you

  21. Nipuna Udayanga

    Thank you very much all for the feedback !

  22. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජයම වේවා!
    නිදුක් නිරෝගී සුවපත්භාවයම ලැබේවා!

  23. Anonymous

    Thanks for sinhala sub