නිපුන උදයංග සොහොයුරා විසින් ලියන ලද ලිපිය ඔන්න එහෙනම් මගේ තුන් වැනි උපසිරස ගැන්වීම විදියට ආදර කතාවක් ගැන තියන ලස්සන චිත්‍රපටියක් අරගෙන ආවා. මීට කලින් My Dog Skip සහ Savior කියන චිත්‍රපටිවලට මම උපසිරැස දුන්න මතකයි නේ. ඉතින් මේ සැරේ තවත් වෙනස් තේමාවකට යන්න හිතුවා. චිත්‍රපටියෙ නම තමයි Wicker Park. මේක…

නිපුන උදයංග සොහොයුරා විසින් ලියන ලද ලිපිය
ඔන්න එහෙනම් මගේ තුන් වැනි උපසිරස ගැන්වීම විදියට ආදර කතාවක් ගැන තියන ලස්සන චිත්‍රපටියක් අරගෙන ආවා. මීට කලින් My Dog Skip සහ Savior කියන චිත්‍රපටිවලට මම උපසිරැස දුන්න මතකයි නේ. ඉතින් මේ සැරේ තවත් වෙනස් තේමාවකට යන්න හිතුවා. චිත්‍රපටියෙ නම තමයි Wicker Park. මේක තිරගතවීම ආරම්භකලේ 2004 සැප්තැම්බර් 3 වෙනිදා ඇමරිකාවෙදී. ඒවගෙම දැනට IMDb Ratings 7/10 ක ඉහල අගයක් අරගන්න සමත්වෙලා තියනවා. මේක පැය 1යි මිනිත්තු 54ක් පුරා දිවයන Drama | Mystery | Romance | Thriller කියන කාණ්ඩවලට අයත් චිත්‍රපටියක්. අධ්‍යක්ෂනය කලේ Paul McGuigan.
ආදර කතාවලට කැමති අයටනම් ගොඩක්ම හිතට අල්ලාවි කියල හිතනවා. ඒත් හැමෝටම ආසවෙන් බලන්න පුලුවන් චිත්‍රපටියක් තමයි මේක… අතීත සිදුවීමකුත් , වර්තමානයෙ සිදුවීම්නුත් ගලපමින් ගලා යන චිත්‍රපටියක් නිසා මුල් ටිකේ ටිකක් වෙන්නෙ මොකක්ද කියලා හිතා ගන්න අමාරු වෙන්නත් පුලුවන්. ඒත් ඒ නිසාම එක දිගට කුතුහලයෙන් බලන්න පුලුවන්. කොහොමහරි අන්තිමේදී ඒ සේරටම උත්තර හොයා ගන්න පුලුවන් වේවි…
ප්‍රධාන චරිතවලට Josh Hartnett සහ Matthew Lillard කියන කඩවසම් නලුවො දෙන්නයි, Diane Kruger සහ Rose Byrne කියන සුන්දර නිලියන් දෙන්නයි රඟ පානවා. මේ කියල තියන චිත්‍රපටි බලපු අයටනම් ඔවුන්ව මතක ඇති. Josh Hartnett Pearl Harbor (2001) චිත්‍රපටියෙත්, Matthew Lillard Scooby-Doo චිත්‍රපට මාලාවේත් [එහි Shaggyගෙ චරිතයට රඟපාන්නෙත් හඬකවන්නෙත් ඔහු තමයි ] , Diane Kruger National Treasure: Book of Secrets (2007) චිත්‍රපටියෙත්, Rose Byrne X-Men: Apocalypse (2016) චිත්‍රපටියෙත් රංගනයෙන් දායකවෙලා තියනවා.
චිත්‍රපටිය ගැන තව විස්තර ටිකක් මීට පෙර පළකරල තියන ලිපියෙන් ඔයගොල්ලන්ට බලා ගන්න පුලුවන්. ඒවගේම චිත්‍රපටිය බලපු අය ඒ ගැන පහලින් දාල තියන comment වලිනුත් චිත්‍රපටිය ගැන අදහසක් ගන්න පුලුවන් වේවි. ඉතින්, උපසිරස ලබාදෙද්දී, වෙනදා වගේම මම විමසීම් කරන සමන් ප්‍රසාද් සොහොයුරා ඇතුලු බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමේ සියලුම දෙනාව මේ වෙලාවෙ මතක් කරනව. අවසානවශයෙන්, මේ ගැන ඔයාලගෙ අදහස් පළකරල යන්න අමතක කරන්න එපා කියන ගමන් තවත් චිත්‍රපටියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නම්.
ඔයාල කාටත් ජය වේවා. බුදු සරණයි !
” ආදරය වෙනුවෙන් ඔබ උමතු දේවල් කරන්න උනත් පෙළඹෙන්න පුලුවන්…
ඒ හොඳ සිහියෙන් නොකරන දේවල්…
ඒවගෙම අවුරුදු මිලියනයක් ගියත් ඔයා කරාවි කියලා කවදාවත් නොහිතපු දෙවල්…”
# Wicker Park (2004)
ෆා ද බ්ලොගී ස්යුරිය විසින් ලියා තිබූ ලිපිය
ඔන්න නමෝවිත්තියෙන් කියලා මමත් ලිපියක් දෙන්නයි යන්නේ. කට්ටිය කැමති ජාතියේ එකක්ද නම් දන්නේ නෑ. මටනම් නියම බයිස්කෝප් එකක් මේක. ටිකක් මොළේ කොලොප්පම් වෙන කතාවක් (මට එහෙම උනා… 😀 ). එහෙම කිව්වට නොබලා ඉන්න එපා ඔන්න. මේක ආදර කතාවක්. අමුතු ආදර කතාවක්. කතාව ටිකක් කියන්නම්කෝ.
ඔහු මැතිව්. වීදුරු කවුළුව තුළින් ප්‍රථම වතාවට ලීසා දකින මැතිව්ගේ හිත ඇය කෙරෙහි ආදරයෙන් වෙලී යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස නොබෝ දිනකින් ඔවුන් එකිනෙකාට ගොඩාක් ආදරය කරන පෙම්වතුන් බවට පත්වෙනවා. මේ අතර මැතිව්ට නිව්යෝක් නගරයේ රැකියාවක් ලැබෙනවා. මැතිව් ලීසා හමුවී තමන් සමඟ නිව්යෝක් හි පදිංචියට යෑමට යෝජනා කරන නමුත් ලීසා ඊට පිළිතුරු දීම හෙටට කල් දමා හදිසියේම අතුරුදහන් වෙනවා.
ඉන් වසර දෙකකට පසු එක්තරා අවන්හලකදී මැතිව් හට ලීසාගේම හැඩරුව ඇති තරුණියක් දක්නට ලැබෙන අතර ඇය පිළිබඳ ලැබෙන හෝඩුවාවන් පසුපස යමින් ලීසාව සොයන මැතිව්ට හමු වන්නේ ලීසාගේ නමම ඇති වෙනත් තරුණියක්.
ලීසා අතුරුදහන් උනේ කොහොමද? ලීසා නමින් සිටින අනික් තරුණිය කවුද? මැතිව්ට ලීසා හමුවෙයිද? උත්තර හම්බවෙයි මේ අමුතු පහේ ආදර කතාව බැලුවම. මුල් පැය භාගෙදි කතාව නොතේරෙන අපබ්‍රන්සයක් කියලා බලන එක අතහැරලා දාන්න එපා..හොඳ අවධානෙන් අන්තිම වෙනකල් බලන්න…
Due to copyright issues, we do not provide any torrent links.
Wicker Park 2004 H264 DVDRip AAC-SecretMyth
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,159 downloadsDownload Wicker.Park_.2004.Baiscopelk.com_.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/NipunaUdayanga1-e1477442191493.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිපුන උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිපුන උදයංග
Subtitles
39 comments
සයිL3න්ටි[කිL3ර්]
chamila
ෆා ද බ්ලොගී ආ... :(
chamath
ela math kamathi godakhithanna puluwan film walata thamai onna mat bawo thk u weva sahoooooooooooooooooo.
උදය
බොහෝම ස්තුතියි.
සෑම්
එල එල..
Bhagya රාජපක්ෂ
ඩවුන් වෙන්න දාලා යනවා....
පන්ති ගිහින් ආවම බලන්න ඕනේ ...ඇපල් මල්ලි
pena widiatanm katawa ela wage ^_^
පොඩි මෑන්
තැන්කූ... :)
mewi
adara kathawak nam aniwaryen balanna epai.. thank you
Asitha
අනිවා බානවා මචො......
එල මූවියක් වගේ
ස්තූතියි ෆා ද බ්ලොගී සහෝ.....kathu
එළ එළ..ෆා ද බ්ලොගී සහෝදරීත් දැන් films අරන් එන්නෙ..!! අනිවා download කලා.. ස්තුති වෙවා..!!
Toරෙන්ටි යකා
girls lath inna nisa site eka dan godak lassana waweeeee waga
ashan kandy
na ba.. nathgiwa onna math damma... :D
රොයිලි
ඔන්න ලංකාවට ඇවිල්ලා දාන පළවෙනි කමෙන්ට් එක. මේකට කමෙන්ට් නොදා කොහොමද? බාමි බාමි. ස්තූතියි බ්ලොගී සහෝ :P
nishantha
mmm onna mamath bannai yanne
nilanthaherath
එල එල මමත් බාමී. බ්ලෝගී සහෝදරියට තෑන්ක්ස්ම වේවා.තවත් හොද හොද මූවි ඉදිරියටත් අප හට ලබා දෙන්නට ශක්තිය හා ධෛර්යද පතමි.
bada pissa
onna ithin mamath banna patan gaththa thanq kiuwa :D
අනුරාධ
සහෝදරීට ස්තුතියි බ්යිස්කෝප් එකට....ඔන්න අපි බානවා
Randi
මොලේ කොලොප්පන් ෆිල්ම් තෙරුම් ගන්න සින්හල සබ් තිබ්බනම් මරු. එත් ස්තුතියි බලල බලමු
ෆා ද බ්ලොගී
අනේ හැමෝටම තනි තනියෙන් ප්‍රතිචාර දක්වුයේ නැති එකට සමා වෙන්න ඕන හැමෝම... ! ඔයාලාගේ හැම වචනයක්ම උරහිසට දෙන තට්ටුවක් වගේ මාව දිරිමත් කරනවා, බොහොම ස්තූතියි.. මේ මූවි එක බලලම කට්ටිය කමෙන්ට් කරනවා නම් තවත් නියමයි..මොකද ඔයාලා ෆිල්ම් එක බලන්න ගත්ත මුල් විනාඩි කිහිපයකදි මගේ නහය දනන්න ගනී. හිහී..!
ඒ අතරම මව් බිමට පැමිණි රොයිල් සහෝවත් ඉතා ආදරයෙන් පිළිගන්නවා ...!
ඉතිං මින් ඉදිරියට හොඳ ෆිල්ම් එකක් බලපු සැනින් බයිස්කෝප් අඩවිය හරහා ඒක ඔයාලාත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා..!
මේ විශේෂ ස්තූතිය වාසල අයියට, මේ ලිපිය ලියලා දෙනකල් මාව ඒ සඳහා උනන්දු කරාට සහ දිරිමත් කිරීමට..!විදුර ඉමේෂ්
ඔන්න ඔන්න අපි බානවා!!!,බලල ලුණු ගම්මිරිස් ඈතුව කියන්නන්. :D
විශ්වජිත්
දැන් තමා බලල ඉවර උනේ... මරු... මට නම් සිරා...
දවාලියෙන් කියපු නිසා හොඳට ගියා.. ඇත්තටම මුලටික බැලුවම
කරකෝල අත ඇරිය වගේ තමා... හි හී...
ෆා ද බ්ලොගීට ස්තූති වේවා...Nilanka
Hondai hondai me site eken gatta okkoma films ela mekath ela athi
AL1717
Thanks Machan Me Dawas Wala Lovestory Tikak Balanna Onea Kiyala Hithuwa...
Onna Eka Nisa mama Meka Ba gannawa.....
Thanks Machan
Comment Ekak Danna Late Unata Sorry Wenna One Yaluwane....
kathu
පට්ට movie එකක්.. අන්තිම වෙනකම් හිතාගන්න බෑ...!!!
මාලන්
නියම ෆිල්ම් 1 කතා.... කරල වැඩක් නෑ....
Ramraj
එළ ෆිල්ම් එකක්. ඔන්න බලලාම සහතිකයක් දුන්නා.
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |:) තුති……. :)
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dulanga
Thanks
madusara
අලුත් ටිවි සීරීස් 1කක් ඇවිල්ලා තියෙනවා MACGYVER 2016 කියලා.මෙක 1983 වගේ කාලෙක ගිය maCgyver කියන ටිවි සිරීස් එකේ අලුත් එකක් විදිහට ඇවිල්ලා තියෙන්නේ...පරන එක නම් පහර ..
අලුත් එක කොහොමද දන්නේ නැ..මම දන්නේ නැ අයියා ටිවි සිරිස් කරනවද කියලා,කරදර කරනවා නෙවෙයි!ටිවි සිරිස් වලටත් සුබ් දෙන බයිස්කොප් එකේ අපේ ආදරනීය සමාජිකයන්ට කියනවද ඒ ගැන පොඩ්ඩක් බලන්න කියලා...
ඔබට ජය වේවා!අයුබොවන්!!!!!අසංක ප්‍රදීප් රණතුංග
ස්තුතියි
අසිත
elama saho thanks
jaya wewa!!!!!චමී
බොහොම ස්තුතියි සහෝදරී...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
wiki
බොහොම ස්තූතියි
nimal dissanayake
කුතුහලය සපිරි,
ආදරය වෑහෙන, හදට දැනෙන,
නොයිවසිල්ලෙන් බලා හිඳින්නට පොළඹවන
ලස්සන ෆිල්ම් එකක් තෝරාගෙන
බොහෝම නිපුණ විලසින්
සබ්ස් දීලා රසික අප පිනවීම ගැන
නිපුණට ගොඩක්, ගොඩාක් ස්තුතියි!Rukshan37
Ela
Advertisement

මෙන්න බානවෝ.........
තැන්කූ මාචෝ
:-)