ලිපිය ලියන මොහොතේදීත් කතාවට සිංහල මාතෘකාවක් පට බදින්න බැරිවයි මේ ලතැවෙන්නේ. මොකද කිව්වොත් පෞද්ගලිකවම මම බොහෝම ආදරය කරන්න පෙලඹුනු චිත්‍රපට මාලාවක් තමයි Pitch Perfect කියන්නේ. කතාව තුනම දහ දොලොස් වතාවක් බලලා ආයෙමත් මීට පස්සේ Pitch Perfect චිත්‍රපටයක් අනාගතයේ බලන්න නොහැකි වෙනවා කියලා මතක් වෙද්දී, හිතට…

ලිපිය ලියන මොහොතේදීත් කතාවට සිංහල මාතෘකාවක් පට බදින්න බැරිවයි මේ ලතැවෙන්නේ. මොකද කිව්වොත් පෞද්ගලිකවම මම බොහෝම ආදරය කරන්න පෙලඹුනු චිත්‍රපට මාලාවක් තමයි Pitch Perfect කියන්නේ. කතාව තුනම දහ දොලොස් වතාවක් බලලා ආයෙමත් මීට පස්සේ Pitch Perfect චිත්‍රපටයක් අනාගතයේ බලන්න නොහැකි වෙනවා කියලා මතක් වෙද්දී, හිතට පොඩි කණගාටුවකුත් තියෙනවා. ඒ වුනත් කවදාවත් ලොකු ප්‍රසිද්ධියක් ලබා නොගනීවි කියලා සිනමාවේ කොනක මුලු ගැන්විලා තිබුනු පලමු චිත්‍රපටය රසික රසිකාවියන් අතරේ ගොඩක් කතා වෙන්නට ගත්තා. මේ නිසාම තමයි දෙවනි වශයෙනුත් 2015 වර්ශයේදී තවත් කතාවක් පලමු කතාවට ඈදන්නේ. ඉතිං පලමු චිත්‍රපටයට ලැබුණු අවධානයම දෙවනි චිත්‍රපටයටත් බලාපොරොත්තු සහගත විදියටම ලැබුණු නිසා ගොඩනැගුනු තෙවනි චිත්‍රපටයට අද උපසිරැසි දෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඉතිං ආයෙමත් වතාවක් පැහැදිලි වෙන්න කියන්නම්. මේ තමයි Pitch Perfect චිත්‍රපට මාලාවේ අවසාන චිත්‍රපටය. දැනට නම් තවත් ඉදිරියට චිත්‍රපට එන බවක් නම් සදහන් කරලා නෑ. චිත්‍රපටය අවසාන වෙන විදියට ඉදිරියට එන්න පුළුවන් කමකුත් නෑ.
ඉතිං ලිපිය ලියන අතරේ කල්පනා කලා මේක අවසාන චිත්‍රපටය නිසාම 2012 ඉදන්ම ලිපිය පටන් ගන්න.
Mickey Rapkin කියන කතුවරයා විසින් 2008 වර්ශයේදී “Pitch Perfect: The Quest for Collegiate A Cappella Glory” නමින් කතා පොතක් නිර්මාණය කරනවා. ඉතිං මේ කතා පොත මූලික කරගෙන තමයි මේ චිත්‍රපටය ආරම්භ වෙන්නේ. ඒ විදියට ආරම්භ වුනු නවකතාවේ සාරය චිත්‍රපට පිටපතකට මුලින්ම පෙරලන්නේ Kay Cannon සහ Mickey Rapkin විසින්. මින් පසුව තමයි Jason Moore ගේ අධ්‍යක්ශණය සමග කතාව මුලින්ම රිදී තිරයට නැගෙන්නේ. කතාවේ පොතේ ගුරාලා වශයෙන් දෙන්නෙක් ඉන්නවා නිවේදකයින් විදියට. ගේල් සහ ජෝන්. මෙතන කතාව තුලදී ගේල් නිවේදිකාවගේ චරිතය නිරූපණය කරන එලිසබෙත් බෑන්ක්ස් කියන හොලිවුඩ් නිලියට කතාව ගැන ලොකු පැහැදීමක් වගේම ආසාවක් ඇති වෙනවා. මෙන්න මේ හිතේ ඇතිවුනු ආසාවත්, චිත්‍රපටයේ සාර්ථකත්වයත් තමයි දෙවනි කතාව කරලියට එන්න ලොකු හේතුවක් බවට පත් වුනේ. පලමු චිත්‍රපටය විදියට මෙය IMDB 7.2 ක අගයක් ලබාගෙන තියෙනවා.
මම කිව්වනේ පලවෙනි කතාවේදී නිලියක් වුනු එලිසබෙත් බෑන්ක්ස්ට මේ කතාවට ලොකු ආසාවක් ඇතිවුනා කියලා. ඉතිං දෙවනි කතාවත් පලවෙනි කතාව විදියටම ආරම්භ කලත්, දෙවැනි කතාවේ අධ්‍යක්ශණය සම්පූර්ණයයෙන්ම වගේ එලිසබෙත් බෑන්ක්ස් විසින්ම තමයි සිද්ධ කරන්නේ. බොහෝම දක්ශ වගේම අත්දැකීම් සපිරි රංගන ශිල්පිනියක් වන ඇයට පලමු කතාවෙන් හමුවුනු කතාවට ගැලපෙනම සිංදු කියන්න,රඟපාන්න දෙකටම දක්ශ නලු නිලියෝ මුණගැහෙනවා. මේ නිසාම චිත්‍රපටය අනෙක් චිත්‍රපට වලට වඩා ගොඩක් පහසුවෙන් කරන්න හැකියාවක් මෙයාලට ලැබෙනවා. මේ චිත්‍රපටයේත් තිර පිටපත ලිව්වේ Kay Cannon, Mickey Rapkin යන දෙදෙනා විසින්ම යි. ඒ වගේම හැම මතක හිටින චිත්‍රපටයක වගේම සිනමාවට මෙන්ම සංගීත ලෝකටත් ලස්සන සිංදුවක් එකතු කරමින් තමයි චිත්‍රපටය අවසන් වුනේ. පලමු චිත්‍රපටය වගේ නැති වුනත් IMDB 6.4 ක අගයක් ලබා ගන්නවා.
Last Call Pithes!
චිත්‍රපටයේ බැනර් එකේ ඉදන්ම කියන්නේ මේ අවසාන චිත්‍රපටයයි කියලා. අධ්‍යක්ශනයේ ප්‍රශ්ණයක් නිසාද නැතිනම් මේ කාලේ හැටිද දන්නේ නම් නෑ තුන්වෙනි චිත්‍රපටයේදී මුල් චිත්‍රපට දෙකටම වඩා අඩු අගයක් වුනු IMDB 6.1 ක අගයක් ලබා ගත්තත්, මගේ අදහස අනුව නම්, තෙවැනි චිත්‍රපටය විදියට මෙම චිත්‍රපටිය ගොඩක් සාර්ථක වුනා. තෙවනි චිත්‍රපටය අධ්‍යක්ශනය කලේත් දෙවනි චිත්‍රපටය අධ්‍යක්ශණය කලා වගේම ගැහැණු කෙනෙක්. ඒ තමයි Step Up: All In (2014) අධ්‍යක්ශණය කරන්න යෙදුනු Trish Sie. ඇය ඇත්තටම චිත්‍රපට අධ්‍යක්ශිකාවක්ම නෙමෙයි. ඇය මියුසික් වීඩියෝ අධ්‍යක්ශණය ගැන හොද දැනුමක් තියෙන තැනැත්තියක්. මේ පලපුරුද්ද නිසා තමයි කතාවත් සංගීතමය ආකාරයෙන් නිපදවන හේතුවත් එක්ක ඇයව තෝරගන්න ඇත්තේ. හැබැයි කලින් චිත්‍රපට දෙකටම වඩා මේ කතාව ගොඩක්ම පොතෙන් ඈතට යන කතාවක් කියලා තමයි හදුන්වන්නේ. මොකද කිව්වොත් කතාවට පාදක වුනු චරිත වල ගමන් මග කතුවරයා පොතේ සදහනක් කරලා නැති වුනත් Mike White, Kay Cannon දෙන්නා තමයි තිර රචනය Mickey Rapkin යම් පමණකට දායක කරගනිමින් සිද්ධ කරන්නේ. මෙතනදී තෙවනි කතාව ලියැවෙන්නේ සම්පූර්ණයෙන්ම Kay Cannon අතින්.
බාර්ඩ්න් බෙලා වරියන්ගේ ගමන් මග අතීතයේ ලොකු අභිමානවත් එකක් වුනත් කතාව ආරම්භයේදී බෙලා වරියන් ලොකු අරගලයක යෙදෙනවා තමුන්ගේ සම්ප්‍රධායත් රැකගෙන පාසල් අතරින් අංක එකේ අකපෙල්ලා කණ්ඩායම බවට පත් වෙන්න. නමුත් සමීප අතීතයේත්, නුදුරු අනාගතයේදීත් ඔවුනට ඒ උත්සාහයන් සිහිනයක රැදි මතකයක් බවට පත් වෙන්නට අකමැත්තෙන් වුවත් ඉඩහරින්නට සිදු වෙනවා. නව සාමාජිකාවන් වුනු ඕබ්රි සහ ක්ලොයී යන බෙලා වරියන් දෙදෙනාට අලුතෙන් පාසලට ඇතුලත් වන ගායනයේ සහ රංගනයේ හැකියාවන් ඇති නව ශිෂ්‍යයාවන් බෙලා වරියන් ලෙස බදවාගැනීමට යද්දී තමයි අකමැත්තෙන් වුනත් ක්ලොයීගේ පෙරැත්ත මත බෙකා නම් නව ශිෂ්‍යයාවත් අකපෙල්ලා කණ්ඩායම් වල කුසලතා පරීක්ශණයට සහභාගී වෙනවා. මෙහිදී ඇයව නව බෙලා වරියක් ලෙස බදවා ගනු ලබනවා. බෙකා මිචෙල් නම් ප්‍රධාන චරිතයේ විනෝදාංශය වනුයේ සංගීතයයි. ඇය පරිගණකය විසින් සිංදු සංස්කරණය, Mashups, DJ, වගේම සංගීත නිශ්පාදනයත් යම් මට්ටමකින් තනියම හදාරනවා. ඇයගේ ජීවිතේ ලොකු කොටසක් පුරවන්නේ සංගීතයයි. නමුත් මෙහිදී හැමදාමත් සම්ප්‍රදායානුකූලව ඉදිරියට යන්න උත්සාහා කරන බෙලා වරියන්ගේ නායිකාව වුනු ඕබ්රි සමග හිත් අමනාප වුනත්, පසුව නැවත මිත්‍රත්වයට පත්වී, ඇයගේ සංගීත නිශ්පාදන සහ සංස්කරණ හැකියාව මුලුමනින්ම පාහේ බෙලා වරියන්ගේ කණ්ඩායම නවමු ආකාරයෙන් හැඩගස්වන්නට යොදනවා. මෙම හේතුව නිසාම මොවුන් පාසල් අතරින් නැවතත් අංක එකේ අකපෙල්ලා කණ්ඩායම බවට පත් වෙනවා. මෙහිදී සම්ප්‍රදාය යනු කරපින්නාගෙන නොයා යුත්තක් බවත්, එය කාලානුරූපව බුද්ධිගෝචරව බිදගෙන යා යුත්තක් බවත් පෙන්වා දෙනවා.
දෙවැනි කතාවේදී පාසල් අතරින් පලමු ස්ථානයට පත්වුනු බාර්ඩ්න් බෙලා වරියන් ඇමරිකානු ජනපති වුනු බැරැක් ඔබාමාගේ ජන්ම දිනය වෙනුවෙන් සංදර්ශණයක් පවත්වන්නට අවස්ථාවක් ලැබෙනවා. මෙහිදී මොවුන්ට සිදුවෙන අවමාන සහගත අනතුර හේතුවෙන් බාර්ඩ්න් බෙලා වරියන්ට පාසලෙන් දඬුවම් පවා ලැබෙනවා. නමුත් අන්තර් පාඨශාලීය අකපෙල්ලා සංගමයත් සමග මොවුන් ගිවිසුමකට එනවා, ලෝක අකපෙල්ලා ශූරතාවය දිනා ගතහොත් ඔවුන්ට නැවතත් බෙලා වරියන්ගේ උරුමය බාර්ඩ්න් විශ්ව විද්‍යාලය තුල පිහිටුවන්නට දෙන වගට. මේ නිසාම මොවුන් ලෝක කුසලානයත් ජයග්‍රහණය කරන්නේ ඔවුන්ගේ උරුමය සහ අභිමානය බේරාගැනීම හුදෙක්ම අරමුණු කොටගෙනයි.
මේ ආකාරයෙන් ආ ගමන් මග අවසාන වන්නේ, පාසලෙන් ඉවත් වුනු ගැහැණු ළමුන් කණ්ඩායම බාහිර ලෝකය තුල තමුන්ට හිමි තැන් සොයමින් සිටින අතරතුර, නැවතත් වරක් බෙලා වරියන් ලෙස එකට එකමුතුව එක වේදිකාවක ගායනා කරන්නට හැමදෙනාටම ආසාවක් ඇතිවුනු නිසාවෙන්. මෙහිදී ඕබ්රිගේ තාත්තා හමුදාවේ වැඩ කරන අයෙක් නිසාවෙන් ඒ මාර්ගයෙන් හමුදාව විසින් පවත්වන තරඟයකට අන්තිම අවස්ථාවටත් බෙලා වරියන් ලෙස ගායනා කරන්නට එකතු වෙනවා. මේ ගමන අතරතුර බෙලා වරියන් සෑම කෙනෙකුටම පාහේ තමුන්ගේ ජීවිතයේ ඉරණම තීරණය කරන්නා වූ සිදුවීම් වලට මුහුණ පාන්නට සිදු වෙනවා…
ඉතිං අපි බලමු කතාවේ අවසානය අපි බලාපොරොත්තු වෙන විදියට සතුටුදායක විදියකට අවසන් වේවිද කියලා. එහෙනං අදින් Pitch Perfect චිත්‍රපට මාලාවෙන් සමුගන්න ඔබෙන් අවසරයි. අවසාන වශයෙන් අවසාන සිංදුවේ කොටසකුත් සනිටුහන් කරගෙන මම සමුගන්නම්.
Heaven knows I was just a young boy
Didn’t know what I wanted to be (Didn’t know what I wanted to be)
I was every little hungry schoolgirl’s pride and joy
And I guess it was enough for me (said I guess it was enough for me)
To win the race? A prettier face!
Brand new clothes and a big fat place
On your rock and roll T.V.
But today the way I play the game is not the same, no way
Think I’m gonna get myself happyI think there’s something you should know
I think it’s time I told you so
There’s something deep inside of me
There’s someone else I’ve got to be
Take back your picture in a frame
Take back your singing in the rain
I just hope you understand
Sometimes the clothes do not make the manAll we have to do now
Is take these lies and make them true somehow
All we have to see
Is that I don’t belong to you
And you don’t belong to me yeah yeahFreedom! (I won’t let you down)
Freedom! (I will not give you up)
Freedom! (Have some faith in the sound)
You’ve gotta give for what you take (It’s the one good thing that I’ve got)
Freedom! (I won’t let you down)
Freedom! (So please don’t give me up)
Freedom! (‘Cause I would really, really love to stick around)
You’ve gotta give for what you takeI think there’s something you should know
I think it’s time I stopped the show
There’s something deep inside of me
There’s someone I forgot to be
Take back your picture in a frame
Don’t think that I’ll be back again
I just hope you understand
Sometimes the clothes do not make the man
All we have to do now
Is take these lies and make them true somehow
All we have to see
Is that I don’t belong to you
And you don’t belong to me, yeah yeah
Freedom! (I won’t let you down)
Freedom! (I will not give you up)
Freedom! (Have some faith in the sound)
You’ve gotta give for what you take (It’s the one good thing that I’ve got)
Freedom! (I won’t let you down)
Freedom! (So please don’t give me up)
Freedom! (‘Cause I would really, really love to stick around)
You’ve gotta give for what you takeI won’t let you down
I will not give you up
Gotta have some faith in the sound
It’s the one good thing that I’ve gotGoodbye Pithes!
ආයු -බෝ -වේවා !!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම BR පිටපත් සඳහා වලංගු වේ.
5,899 downloadsDownload Pitch-Perfect-3-2017.zip109 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
28 comments
Chämàrá Sâmpáth
Panther
Thanz brother sub akta godak mahansi wela lipiya liyndama
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....
Krishan NiShalya
බොහොම ස්තුතියි
දැන් ඉතින් BR එනකන් ඉන්නයි තියෙන්නේ
☺☺☺☺☺රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
praveen123321
niyamai digatama me wage sub denna
AsithaDilruwan
elama saho thanks
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!ranga11112
උපසිරැසියට ස්තුතියි සහෝ,
බුදු සරණයිanunethu
Superb ...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
නියම ලිපියක් සහෝ.
ජයෙන් ජය.gayan215
bohoma sthuthi saho..
Mannalintha
ගොඩක් පින්... br එක ඇවිත්. ඒකටත් දෙන්නකෝ අනේ
Sandun Jayathilaka
බ්ලූ රේ අප්ඩේට් එක දෙන්ඩකෝ
GTRZ
BR update karando...
MAALnath
Thanks ........................good luck ........................................
Arkam
THANKS
Charitha Abeynayaka
Thank you niyamai, br ekata update kalanam thawath niyamai
nirodha uthpala
Guyz yts 720p brrip eakata me sub eaka elakiriyatama vada time line elatama thiyenava poddakvath eahemehe gihilla na meka down karala balanna
zeda
Thx Bn
sgdm
Thanks lotttttttt...... Music lovers lata elaa
TharakaWAS
Subata Thanks ....!!!
Jaya wewa...!!!sasala
thanks
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
sihaswelihinda
Saho,2022 di pitch perfect 4 enawa kiyala imdb eke dala tiyenw
Advertisement
හම්මේ මේක එනකම් තමයි බලං උන්නේ .
ඒත් ඉතින් අවුල් මේ මූවී සීරිස් එකත් නවතින එකට නම්.
බ්ලුරේ ආව හැටියෙම අරං බලනවා.
සබට තුති ඈ!!