Watch Trailer

Cruella (2021) Sinhala Subtitles | කෘඑලා ඩි විල්‍’ගේ අතීත කතාව… [සිංහල උපසිරසි]

– දැක්කද අද පත්තරේ? පැහැරගැනීමක් සිද්ධ වෙලා!!! – මොකක්? කාව කිඩ්නැප් කරලද? – මේක කිඩ්නැප් නෙමෙයි. මේක ඩෝග්නැප් එකක්. 101ක්ම ඩැල්මේෂන් බලු පැටවුන්ව ඩෝග්නැප් කරලා! – ඩෝග්නැප්? මොන එහෙකටද බල්ලො පැහැරගන්නෙ? කවුද ඒ වගේ දෙයක් කරන්නෙ? – කවුද දන්නෙ? හැබැයි පහුගිය ටිකේ සිද්ධ වුණු සත්ව පැහැරගැනීම් කරපු කෙනා…

– දැක්කද අද පත්තරේ? පැහැරගැනීමක් සිද්ධ වෙලා!!!
– මොකක්? කාව කිඩ්නැප් කරලද?
– මේක කිඩ්නැප් නෙමෙයි. මේක ඩෝග්නැප් එකක්. 101ක්ම ඩැල්මේෂන් බලු පැටවුන්ව ඩෝග්නැප් කරලා!
– ඩෝග්නැප්? මොන එහෙකටද බල්ලො පැහැරගන්නෙ? කවුද ඒ වගේ දෙයක් කරන්නෙ?
– කවුද දන්නෙ? හැබැයි පහුගිය ටිකේ සිද්ධ වුණු සත්ව පැහැරගැනීම් කරපු කෙනා අනිවා ඕක සම්බන්ධ ඇති…
– වෙන්න ඇති. මට හිතෙන්නේ මේක ඒ සත්තුන්ගෙ හම ගන්න කරපු දෙයක්…
– කොහොමවුණත් ඔන්න රට පුරා පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයිලු, හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළි පිටනෙ!

2021 අවුරුද්දෙ මම වැඩියෙන්ම එනකල් බලාගෙන හිටිය චිත්‍රපටය තමයි මේ ගෙනාවෙ. සැකයක් නෑ ඔයාලගෙන් වැඩි දෙනෙකුත් මම වගේම මේක නිකුත් වෙනකල් ඇඟිලි ගනිමින් ඉන්න ඇති.

කට්ටියට මතකද කෘඑලා ඩි විල් නෝනාව‍? මෙයා විලාසිතා නිර්මාණ ශිල්පිනියක්. සත්ව හමට පුදුම පිස්සුවක් තියෙන කෙනෙක්. විශේෂෙන්ම ඩැල්මේෂන්ලාගෙ හමට‍. ඔය පහළින් තියෙන්නේ එයාගේ පින්තූරයක්.

ඇනිමේෂන් චිත්‍රපටයේ සහ ලයිව්-ඇක්ෂන් චිත්‍රපටයේ (Glenn Close) කෘඑලා ඩි විල්

මෙයාගෙ ඉතිහාසය ගැන පොඩ්ඩක් අපි විමසුවොත්, මෙයා මුලින්ම අපි අතරට එන්නේ ඩැල්මේෂන් සුනඛයින් 101ක් එක්ක‍ 1956දි. ඔව්, ඒ Dodie Smith රචනා කරන ලද The Hundred and One Dalmatians කියන ළමා නවකතාව තුළින්. මේ නවකතාවයි කෘඑලායි මෙතැනින් නවතින්නෙ නෑ. 1961 දි මේ නවකතාව අනුසාරයෙන් 101 Dalmatians කියන ඇනිමේෂන් චිත්‍රපටිය එනවා වගේම 1967දි පළමු නවකතාවෙම දිගුවක් විදිහට තවත් නවකතාවක් එනවා The Starlight Barking නමින්.

101 Dalmatians නවකතා ද්විත්වය 

එතැනින් නවතිනවද? නෑ, මේක කොයි තරම් ජනප්‍රිය වුණාද කියනවනම් 1996දි නැවතත් 101 Dalmatians නමින්ම ලයිව්-ඇක්ෂන් චිත්‍රපටයක් නිකුත් වෙනවා එයත් සාර්ථක වෙනවා. එහි කෘඑලා ලෙසින් අනගිභවනීය රංගනයෙන් නිරත වන Glenn Close‘ව අමතක කරන්නම බෑ. කෘඑලා කියන චරිතය හොඳින්ම ජීවමාන කරන්න ඇයට හැකි වුණා. 1997 සහ 1998 අවුරුදුවලදි 101 Dalmatians: The Series කියලා කෙටි ඇනිමේෂන් කතාංග සහිත රූපවාහිනී කතා මාලාවක් විකාශය වෙනවා. ලයිව්-ඇක්ෂන් චිත්‍රපටයට දිගුවක් විදිහට 2000 වසරෙදි 102 Dalmatians චිත්‍රපටය නිකුත් වෙනවා. මෙහිද Glenn Close නැවතත් කෘඑලා ලෙස රංගනයෙන් දායක වී තිබුණා. ආපහු 2003 වසරෙදි ඇනිමේෂන් චිත්‍රපටයේ දෙවෙනි දිගුව ලෙසින් 101 Dalmatians 2: Patch’s London Adventure පැමිණෙනවා. අවසානයේ 2018 සිට 2020 පහුගිය වසර දක්වා 101 Dalmatian Street කතා මාලාව විකාශය වෙනවා. ඔය අතරේ 101 Dalmatians පාදක කරගත් වීඩියෝ ගේම්ස් කිහිපයකුත් නිකුත් වෙලා තියෙනවා. දැන් පේනව ඇතිනෙ කෘඑලා අපිත් එක්ක 1956 ඉඳලා මේ වෙනකල්ම දිගටම ඉඳලා තියෙනවා කියලා? ඔන්න ඉතින් මේ වසරේදිත් කෘඑලා අපිව හමු වෙන්න එනවා Cruella චිත්‍රප‍ටයෙන්.

මේ කෘඑලාගේ තරුණ කාලය ගැන කියවෙන කතාවක්. අපි හොඳින්ම දැනගෙන හිටිය පරණ කෘඑලා Glenn Close විසින් තමයි මේ චිත්‍රපටයේ විධායක නිශ්පාදිකාව‍. මෙවර කෘඑලා විදිහට රංගනයෙන් දායක වෙන්නේ Emma Stone කියන ඔස්කාර් ඇතුළු සම්මාන 70 ගණනකින් සම්මානනීය රංගන ශිල්පිනියයි. ඔස්කාර් සම්මානලාභී I, Tonya (2017) චිත්‍රපටය මෙන්ම සම්මානලාභී The Finest Hours (2016) හා Million Dollar Arm (2014) වැනි චිත්‍රපට අධ්‍යයක්ෂණය කරනු ලැබූ Craig Gillespie තමයි මේ චිත්‍රපටයේ අධ්‍යයක්ෂකතුමන්. මේ වෙනකොට IMDb 7.4/10 අගයක් ලබාගෙන තිබෙන අතර Rotten Tomatoes අගය 73% විදිහට සටහන් වෙලා තියෙනවා. 

Cruella චිත්‍රපටයේ කතාව ගැන ටිකක් බැලුවොත් එස්ටෙලා ඉපදෙන තැනින් තමයි කතාව පටන්ගන්නේ. එස්ටෙලා අම්මා එක්ක තමයි ජීවත් වෙන්නේ. හැබැයි එයා පොඩි කාලෙ ඉඳලා නපුරුකමට ටිකක් බරයි. එයාගේ කොණ්ඩේ එක පැත්තක් සුදුයි, අනිත් පැත්ත කලුයි. පුද්ගලිකත්වයත් ඒ වගේ. එක වෙලාවකට නපුරුයි. අනිත් වෙලාවට හොඳයි. එස්ටෙලාට එයාගේම අම්මාව පවා සමහරවෙලාවට රුස්සන්නේ නෑ. පාසලට ගියාම එතනත් වලි දාගන්නවා. ඉතින් බැරිම තැන එස්ටෙලාව පාසලෙන් අස් කරනවා. අස් කරන්න කලින් එස්ටෙලාගේ අම්මා එයාව අස් කරගන්නවා. (ඒක වෙන විදිහ චිත්‍රපටයෙන් බලන්නකෝ.) එයාලා හදන්නේ ලන්ඩන්වල රීජන්ට්ස් පාක්වල පදිංචියට යන්නයි. යන අතරතුරේ උදව්වක් ඉල්ලන්න එස්ටෙලාගේ අම්මා යාළුවෙක් හොයාගෙන යනවා. එතනදි තමයි එස්ටෙලාගේ ජීවිතය කණපිට පෙරළෙන්නේ…

ඉතින් ‍කවුද එස්ටෙලාගේ අම්මගේ යාළුවා? එස්ටෙලාට හොඳ කෙනෙක් වෙන්න පුලුවන් වෙයිද? එතකොට කෘඑලාගේ බිහි වීම සිද්ධ වෙන්නෙ කොහොමද? මේ ප්‍රශ්ණවලට උත්තර ෆිල්ම් එකේ පැහැදිලි කරලා තියෙනවා. පවුල එක්ක එකතු වෙලා බලන්න පුලුවන්, පැය දෙකයි, විනාඩි 14ක් ධාවනය වෙන අපූරු කම්මැලි නැති කතාවක් තමයි මේක. 

හිතුවට වඩා දෙබස් පොඩ්ඩක් වැඩි වුණු එකත්, නොනැසෙන කම්මැලිකමත්, තියෙන අනිත් වැඩත් නිසා වගේම තවත් මේක ප්‍රමාද කරන්න බැරි නිසා සොහාන් අයියාව කැමති කරගත්තා මේකේ බාගයක් කරවගන්න. බොහොම ස්තුතිවන්ත වෙනවා මේක කරන්න එක පයින් කැමති වුණාට සොහාන් අයියාට. 

ලිපිය අවසන් කරන්න කලින් මෙතෙක් ඇවිත් තියෙන සියලුම 101 Dalmatians සිනමාපට ටික පෙලගස්වන්නම්.

තවත් උපසිරසකින් හමුවෙමු…

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

24,351 downloadsDownload Cruella-2021-Blu-Ray.zip109 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට සහ “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය

 

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

Subtitles

24,351 downloadsDownload Subtitles109 KB

43 comments

  1. Sandun Gunawardana

    Thank You Very Much, I was Waiting for This

  2. Sohan Jayasooriya

    සුපිරි ලිපියක් මලේ..

  3. Pasindu Madumal

    දෙන්නටම ස්තුතියි උපසිරැසියට ❤️

  4. sashika

    too late

    1. එල්. සී. ‎දමැල්

      Olla Kalla!
      Thanks!
      T.C.! :)

  5. Anonymous

    තැන්කු තැන්කු

  6. Shaggy

    Thank you very much..Enakan hitapu ekak

  7. Gihan

    Sub ekta thanks saho

  8. ශලිනි මල්ෂා

    Thank you....

  9. Supun Kaushalya

    තෑන්ක්ස් දෙන්නටම

  10. Gayan Chathuranga

    උපසිරසියට බොහොම ස්තූතියි!

  11. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝලා.

  12. N bhathila

    ගොඩක් ස්තුතිය් දෙන්නටම ,️

    1. Dilum

      බොහොම ස්තූතියි සහෝදරයා.තවත් හොද චිත්‍රපට වලට උපසිරැසි කිරීමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා

  13. malith madhushan

    දෙන්නට බොහොම ස්තුතියි එනකන් හිටියේ බලන්න

  14. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  15. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට.. බුදුසරණයි.. ජය වේවා..!

  16. Lakshansilva18

    thanks for subtitles

  17. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  18. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  19. Sahan

    thanks a lot saho

  20. Pramukmili

    Thanxxxxxxxxxx bros........

  21. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  22. Anonymous

    Thank you!

  23. Sandeep

    Sub Akata Thanks...

  24. Ruchira

    Thanks for the sub!!!!!!!!

  25. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  26. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  27. Dulan

    බොහොම ස්තූතියි සබ් එකට...❤️

  28. Sandeep

    Supiri film eka.. thanx for sub.. ✌️✌️

  29. Bruce

    thanx saho sub ekaataa. jayawewa...

  30. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  31. thusal indeera

    thanks sub ekta jaya wewa!!!

  32. MAALNATH

    Thanks. ........good luck. .............

  33. sasanka sathyajith

    Thanks for the sub

  34. Manohari

    Godak sthuthi.. Jaya wewa!

  35. Nishan S. Ariyarathna

    thanks bro

  36. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    දෙන්නටම. 🤪

  37. Anonymous

    bluray Sub Naththe .......?? Api Otuwoda...?? Plezzzzzz...

  38. indika75

    thanks..

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. Dewadithya

    Thanks for Sub!

  41. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.